11 May 2011

අඩුවියදම් ගුවන් ගමනකට

මම් තුන්වෙනි වසරේ ඉන්න දවස්වල අපේ බැච් එකේ යාලුවෙක් ගේ මලගමකට ගියා. නැති උනේ ආච්චිද සීයාද කියලා මතක නෑ. කොහොමහරි මලගෙදර ගියා. යාලුවාගේ ගෙවල් තිබ්බේ ගලේවෙල පැත්තේ. අපි සේරම බස් එකක තමයි මලගෙදර ගියේ. මල ගෙදරින් රෑට කෑමත් ලැබුනා. මම දැකපු දෙයක් තමයි ගම් වල මල ගෙයක් උනාම මලගෙදරට එන අයට කන්න බොන්න දෙනවා. අපේ පැත්තේ එහෙම දෙන්නේ නෑ. කොටින්ම මල ගෙදරට එන අයට බීම එකක් බිස්කට් එකක් වගේ තමා දෙන්නේ. ඒ හොද පුරුද්ද ගම්වල තාම තියෙන එක නම් වටිනවා.

කොහොමහරි අපිත් මලගෙදරින් එහෙම කාලා, කාපු ගමන් එන එක හරි නැති හන්දා ටික වෙලාවක් හිටියා. එහෙම ඉදිද්දි කට්ටිය පොඩි පොඩි සෙට් හැදිලා තැන් තැන් වල එක එක කතා කියනවා. තවත් සමහරු කාඩ් ගහනවා. තවත් කට්ටිය කැරම් දාම් වගේ සෙල්ලම් කරනවා. මමත් නිකන් ඉන්න එකේ කතාවක් අහන්න කියලා එක සෙට් එකකට කිට්ටු උනා. එතන හෙනම තර්කයක් ගිහින් කට්ටිය උඩ බිම බල බල ඉන්නවා. මොකෙක්වත් කතා නෑ.

කතාව මේකයි. ෆ්ලේන් එකක් උදේම ගුවන් ගත කරලා අහසේ එකම තැන නවත්වලා තියනවා.හවස් වෙද්දි ආයෙම පොලවට බානකොට පෘථුවිය කරකැවෙන නිසා වෙන රටකට ගොඩ බානවාලු. මෙහෙම හිතමුකෝ ෆ්ලේන් එකක් උදෙන්ම කටුනායක ගුවන් තොටුපොලෙන් ගුවන්ගත කරලා අහසේ එකම තැන නවත්වලා තියාගෙන ඉන්නවා.පෘතුවිය කැරකෙන හින්දා හවස් වෙද්දි ඒ ෆ්ලේන් එක තියෙන්නේ ඇමරිකාව වගේ වෙන රටකට උඩින්ලු. ඊට පස්සේ ෆ්ලේන් එක ඇමරිකාවට ගොඩ බානවා ලු. මෙහෙම කරද්දි ඉන්ධන වැයවීම ගොඩක් අඩුයි ලු. කොටින්ම ෆ්ලේන් එක උඩ නවත්වගෙන ඉන්න එකට විතරයි නේ තෙල් පිච්චෙන්නේ. කොහොමද ඒකගේ ටිකිරි මොලේ !!!!!

ඔන්න ඕකයි කතාව. එක කට්ටියක් ඔය තර්කේ වැරදියි කියනවා. තව කට්ටියක් හරියි කියලා කියනවා.ඔය කතාව කියපු එකාගේ බාප්පා කෙනෙක් අපේ ෆැකල්ටියේ අචාර්යවරයෙක්. ඌ ටක්ගාලා බාප්පට කෝල් එකක් අරන් මේ කතාව ඇහුවා. බාප්පා දන්නවානේ මිනිහගේ හැටි. ඒ නිසා උත්තරයක් නොදී මග ඇරියා.

ඔයවගේ තව කතාවක් මතක් උනා. ඒකත් මලගෙදරකදි කවුරුහරි කියපු හෙනම බොරුවක්. මේ කතාව කියපු එකා ඉන්නේ ටිකක් කලෑ බද පැත්තක. දවසක් මේකාගේ ගෙවල් ලග කැලෑවට හෙලිකොප්ටර් එකක් කඩාගෙන වැටිලා. මාරම සද්දයක් එනවාලු. මූත් ගිහින් බලලා මොකෙන්ද මේ සද්දේ එන්නේ කියලා. බලද්දි හෙලිකොප්ටර් එක කැලෑවකට කඩාගෙන වැටිලා හෙලිකොප්ටරේ ෆෑන් එක ගස්වල හිරවෙලා ලු.හෙලිකොප්ටර් එකේ එන්ජිම ඒත් වැඩ කරනවලු. හෙලිකොප්ටර් එකේ ෆෑන් පෙති ගස්වල හිරවෙලා තියෙන හන්දා හෙලිකොප්ටර් එක, පෙති කැරකෙන පැත්තට විරුද්ධ පැත්තට කැරකැවෙනවලු. ඒකෙන්ලු අර සද්දේ ආවේ.පට්ට පල් බොරුවක් නේ !!!!!!

කොහොමහරි එදා රෑ වෙලා අපි ආයෙම හොස්ටල් එකට ආවා. මොකද ඒ දවස්වල විභාග තිබුන හන්දා.නැත්නම් උදේ වෙලා තමයි එන්න හිතාගෙන හිටියේ. හොස්ටල් එකට ඇවිල්ලත් කට්ටිය කතා කරේ අරූගේ ගුවන් ගමන ගැනයි. ඇත්තටම ඒකා කියන විදිහට කරන්න පුලුවන් නම් හොදයි.
මේකා පාඩම් කරද්දි කරපු කෙමක් තියෙනවා. ඒක ඊලග පෝස්ට් එකේ දාන්නම්.

37 comments:

  1. දාර ප්ලෙන් කතාව වෙන්න බැනෙ අප්පා..මොකක්හරි කක්ශයක දෙයක් නවත්තල තියන්න ඒකට ප්‍රවෙගයක් තියෙන්නෙ ඒපැ??...අනික ඕක නිකන් අහසෙ නවත්තල තිබුනත් ගුරුත්වයට විරුද්දව කාර්ය කරන්න ඕනිනෙ?? අලෙ බල් ලල් ලැ.. :P :P

    ReplyDelete
  2. මළගෙදරට එන අයට කෑම දෙන එක අපේ පැත්තෙනම් තාම සිද්ද වෙනව,බොහෝ විට,අල්ලපු ගෙදර තමයි එකට සකස් කරන්නෙ.
    මාර කතානේ හැබෑට.සෑහෙන මුදල් ඉතිරියක් කරගන්න පුලුවන් :)

    ReplyDelete
  3. ඔය ප්ලේන් තර්කෙ දාපු එකෙක් අපෙ ඔ‍ෆිස් එකෙත් ඉන්නව. බොහොම අමාරුවෙන් රූපසටහන් ඇඳල පැයක් විතර මහන්සි වෙලා ඌට තේරුම් කරල දෙන්න හැදුව. බැරිම තැන ඌට දිනුම දීල මං නිකං උන්න. ඌ තාමත් හිතාන ඉන්නෙ ඌ හරි කියල.

    ReplyDelete
  4. හෙලිකොප්ටරයක් වගේ නම් උඩ නවත්තල තියන්න පුලුවන්නේ..... මටත් නිකන් කතාව ඇහුවම එකපාරටම හිතුනේ පුලුවන් කියලා. :)

    ReplyDelete
  5. අපේ පැත්තෙනං තාම මල ගෙයක් උනහම කෑම ගමේ වෙන ගෙදරකින් දෙනවා ...... ඒ සිරිත් තාම නැති වෙලා නැහැ .......... නියමෙට තියෙයි ප්ලේන් එකක් එක තැන නවත්තලා තියන්න පුලුවන් නම් .....

    ReplyDelete
  6. හෙලිකොප්ටර් එකකින් උනත් මේක කරන්න බෑ.
    හෙලිකොප්ටර් එක උඩ නවත්තන් ඉන්නකොට ඒක තියෙන්නෙ පෘතුවි වායුගෝලය තුලයි.මේ වායුගෝලයත් පෘතුවියත් එක්ක භ්‍රමනය වෙනවා.ඒ නිසා හෙලිකොප්ටර් එකත් පෘතුවියත් එක්ක භ්‍රමනය වෙනවා.

    ReplyDelete
  7. ගමේ මළ ගෙයක් උනාම අපේ පැතිවලත් තාම කෑම දෙනවා. අවසන් කටයුතු කරන දවස වෙනකල්ම මළගෙදර බතක් ඉදෙන්නෙ නෑ. ඒ දවස් ටිකම වටපිට ගෙවල් බෙදාගෙන කෑම ගෙනිහින් දෙනවා.

    ReplyDelete
  8. හෙලිකොප්ටර් එකකින් උනත් මේක කරන්න බෑ.
    හෙලිකොප්ටර් එක උඩ නවත්තන් ඉන්නකොට ඒක තියෙන්නෙ පෘතුවි වායුගෝලය තුලයි.මේ වායුගෝලයත් පෘතුවියත් එක්ක භ්‍රමනය වෙනවා.ඒ නිසා හෙලිකොප්ටර් එකත් පෘතුවියත් එක්ක භ්‍රමනය වෙනවා.

    ReplyDelete
  9. ඔන්න ඔය වගේ මිනිස්සු තමා මල ගෙවල්වල නයිටක් ගහන්න එක්කන් යන්න ඕනා..අපේ පැත්තෙත් ඉන්නවා ඔය වගේ සයල් එකක් (මම නම් නෙමේ)
    ඌ යන යන මල ගෙදරට සෙනග අදිනවා නයිට් එක ගහන්න...කොහොම හරි ඌ ඉදියොත් නයිටකට සෙනග 60ක් විතර එනවා..ඌ නැත්නම් 10ක් වත් හොයා ගන්න නෑ... :)) ආයේත් කිව්ව ඒ මම නෙමේ/./

    ReplyDelete
  10. ප්ලේන් එකක් එක තැන නවත්තගන ඉන්න නම් හොඳ හයිය කඹයක් දාල අහසෙ එල්ලල තියන්න වෙයි

    ReplyDelete
  11. @ පිණිබිඳු: කෑම ගැන නෙවෙයි කියන්නෙ plain එක ගැන....

    ReplyDelete
  12. එතකොට තව එකක් තියෙන්නෙ, මැස්සෙක් යන වාහනේක ජනේලෙ ගාව එකතැන කැරකි කැරකි ඉන්නව. ජනේලෙං එලියට ගියපු ගමන්ම මැස්ස පහු වෙනව!

    [මටත් ඔය ප්‍රස්නෙ තිබුන කාලයක්. ඕක බස් එකක කරන්න බැරිද කියල බලන්න? යන බස් එකේ ඉස්සරහ ඉඳන් පොඩ්ඩක් උඩ පැනල බලපුවාම ආපහු වැටෙන්නෙ පිටිපස්සෙන්ද කියල බලන්න හෙන අමාරුවක් තමයි තිබුනෙ :D]

    ReplyDelete
  13. @මදුශාන් :
    ඔහොම නවත්වලා තියලා රටවල් පාස් කරන්න බෑ. වායුගෝලයත් එක්කම ෆ්ලේන් එක කරැකැවෙනවා.

    @නදී... :
    ඒක හරි අක්කා. මම ගිහින් තියෙන හැම මල ගෙදරකම වගේ එහෙම කෑම දෙනවා. අපේ පැත්තේ එහෙම දුන්නොත් දන්සලක් කියලා හිතලා මුලු ගමම එයි කන්න.

    @nawammawatha :
    අයියා කරපු වැඩේ හරි. ඒවගේ වෙලවට කරබාගෙන ඉන්න එක තමා නුවණට හුරු.

    ReplyDelete
  14. @හරී :
    හරී හරි. හෙලිකොප්ටර් එකක් වගේ නවත්වලා තියන්න පුලුවන් නේ.

    @කල්හාර දිසානායක :
    ප්ලේන් එක නම් නවත්වලා තියන්න බෑ. හෙලිකොප්ටර් එකක් නම් නවත්වලා තියන්න පුලුවන්. එහෙම උනත් ඔය වැඩේ ප්‍රායෝගිකව කරන්න බෑ කියලා ඒ යාලුවාට තේරුනේ නෑ.

    @ThilanP :
    ඒක හරි ඒ උනාට ඒක කරන්න බෑ කියලා මූට හිතුනෙම නෑනේ. කොච්චරවත් ඒ කතාව හරියි කියලා හිතාගෙන ඉන්නවා.

    ReplyDelete
  15. @රත්ගමයා :
    ඔව් ඔව් මම දන්නවා ඒ රත්ගමයා නෙමෙයි කියලා. නමුත් මිස්ටර් රත්ගම ඉන්න තැන උනත් පාලුවක් නැතුව ඇතිනේ.

    ආයෙමත් කියන්නේ ඒ රත්ගම මල්ලි නෙමේ.


    @Anonymous :
    නැව් කබයක් වගේ වැඩේට හරියන එකක් නැද්ද ?

    @පිණිබිඳු... :
    ඒකත් මාරම උදව්වක් පිණිබිදු. ඒ අය අසරණ වෙලා ඉන්නැද්දි එහෙම උදව් කරන එකත් ලොකු පිනක්. ගම්වල තාම ඔය වගේ හොද දේවල් තියෙනවා. නගර වල හොයන්නත් නෑ.

    අනිත් එක තමයි නගරවල මලගෙයක් උනාම රෑක් නිදිමරන්න එන්නේ බොහොම අතලොස්සක් නේ.

    ReplyDelete
  16. @හරී :
    කෑම කිව්වම පිණිබිදුට අනිත් සේරම අමතක වෙලා. දන්නවද හරියෝ අපේ පිණිබිදුවට රහට කෑම උයන්න පුලුවන්. පිණිබිදුගේ බ්ලොග් එක පැත්තේ ගිහින් බැලුවොත් ඇත්තද බොරුද කියලා දැනගන්න පුලුවන්.

    @සසීන්ද්‍ර වීරසිංහ :
    ඒකත් මාරම ප්‍රශ්නේ තමා. මේවා කොහොම තේරුම් කරන්න පුලුවන් ඒවද දන්නේ නෑ.

    ReplyDelete
  17. @මදුරංග ඔව් ඉතින් වායු ගෝලය තියෙන්නෙ ගුරුත්වය හන්දනෙ..ඒකට විරුද්දව කර්යය කරනවා කියන්නෙ යනවා කියන එකටම තමයි..හැබැයි අඩු වියදම් නම් වෙන එකක් නැ :P :P

    ReplyDelete
  18. මරු කථාව

    මාර විද්‍යාඥ් ඤ ඥ ඤ යෙක්නෙ මලේ. මෑන්ට විද්‍යාව වෙනුවෙන් දෙන ඔස්කාර් සම්මානය දෙන්න විටිනව. :D

    ReplyDelete
  19. හපෝ, ඔය කියන කතා ඇහුවම උඹ කියන එවත් විස්වාස කරන්න බය හිතෙනව. හැබැයි ඉතින් ඔය වගෙ උන් නැත්තන් නයිටක් ගහන්නත් අමාරුයි.

    ReplyDelete
  20. හා හා හා.නියමයි.උබත් කට ඇරගෙන බලාගෙන හිටියද අරූ ඒක කියනකං?

    ReplyDelete
  21. @මදුශාන් :
    ඔව් ඒක හරි වියදම නම් අඩු වෙන එකක් නෑ. තවත් වැඩි වෙනවා මිසක්. නමුත් වැඩේ කියන්නේ මෙහෙම හරි කමක් නෑ වැඩේ කරන්න පුලුවන් නම්. මේ සීන් එක කරන්න බෑනේ.

    @සංකල්පනා - රුවන් :
    අනිවාර්යෙන්ම රුවන් අයියා. එකක් නම් මදී දෙක තුනක්වත් දෙන්න වටිනවා.

    @සීතල අයියා :
    ඔව් ඉතින් මොනා කරන්නද කට ඇරන් බලාගෙන ඉන්නවා මිසක්.සීතල අයියටත් තියෙන්නේ පුදුම ප්‍රශ්නනේ. :)

    @Kasun :
    අනිවාර්යෙන්ම උන් නැත්නම් රැක් ඇහැරන් ඉන්න මාරම අමාරුයි.

    ReplyDelete
  22. This was a same problem I had like 4 years ago.I did search it.Helicopter and air plane different.They use different phenomina to fly through air.k.,Truth is that incident (plane) never happens.Because you have to use all the forces acting on airplane, for a specific configaration.that you people havent done it.just thought what you see.but some forces you cant see or feel, like rotation of the earth.basically,an air plane has to go horizontally , and wings will create the lift to be that maas up in the air.any way lets think we any how kept a plne stationary, still it will be at the same ponit after passing time.thats because of this mainly, the earth crust, rotating at an speed, with THE AIR. that means earth + air(Usually I think likt up to 60k-70k Feet) will rotate at the same time.so if air also moving with ground the position will nt change.Think like this ,if thath incident happen, if you keep on jumping up for an Hour, you should be at a different place, thatn where u started.of think like this(which I saw practically). a train moovein at a speed 0f 40KMPH, and fly(insect) inside the train just stay(while flying) without touching anything.what do you think,the fly , fly = or more than speed of 40KMPH to be remain without hting the other side of the train.its same theory.train box+ inside air moving same speed. so it will be same ponit after some time. by the way currently I have CPL srilanka(commercial Pilot).so this might helpfull to u guys.sry dnt knw type in sinhala.

    ReplyDelete
  23. ටිකක් කල්පනා කරලා බලන්න ඕන මම ඉතාලි ආවෙත් ඔහොමද කියලා..:)

    ReplyDelete
  24. පට්ට කතාව බං මලේ.හික්......හික්......අනිත් එකත් දාපන් ඉක්මනට.

    ReplyDelete
  25. @Dinesh :
    අන්න හොද වැඩේ.ඒ ක්‍රමයෙන් ආවද කියලා බලන එක වටිනවා.

    @dinesh :
    කොහෙද අප්පේ මෙච්චර කල් ගිහින් උන්නේ. මොකෝ අයියා මේ දවස්වල වැඩ වැඩියි ද ??

    ReplyDelete
  26. ඔන්න නිදිමරන්ඩ කියාපු පොරවල්... පච දෙයියෝ... හැබැයි සිරාවට ප්ලේන් එක නවත්තන්ඩ පුලුවන්නං පට්ට නේහ්!!!!

    ReplyDelete
  27. @සනා :
    සිරාම පොරවල් ටිකක් තමා. මුන් එක්ක ඉදිද්දි නින්ද යන්නේ නෑ. ඒත් කොහොමෙයි නවත්වන්නේ

    ReplyDelete
  28. මල ගෙවල්වල කෑම දෙන්නේ අහල පහල ගෙවල් එක්ක යාළු නං විතරයි!

    ReplyDelete
  29. ඔය ප්ලේන් කතාව හොඳයි ඉතිං මල ගෙදරක පාළු කපන්න.
    යන්න කියන්න අභ්‍යාවකාශයට, එතන ඉඳලා බහින්න කියන්න.

    ReplyDelete
  30. @Kathandara :
    ඒක හරි අහලපහල ගෙදරත් එක්ක තරහා නම් කෑම තියා වතුර ටිකක්වත් ලැබෙන්නේ නෑ. මේ වගේ උන් එක්ක තමා මලගෙවල් වල යන්න ඕනේ.

    ReplyDelete
  31. උන්ඩුකපුච්ඡ්චෙත් උලුක් උනාද කොහෙද තර්කෙ දැකල !

    ReplyDelete
  32. Dial එකක් ඉන්නවනම් කියපන් උන්ඩුකපුච්ඡ්චෙ කාර්යය මොකක්ද කියලා?

    ReplyDelete
  33. @කුක්කු පැටියා :
    මලා..... එහෙනම් ඉතින් ඇපල් ඩිසයින් තමයි හැදෙන්නේ.

    @හරී :
    මම නම් හිතන්නේ අපි කන කෑම වල වී පොතු, ඒ වගේම දිරවන්නේ නැති එක එක ජාති දාගන්න මල්ලට තමයි ඔය උන්ඩුකපුච්ඡ්ය කියලා කියන්නේ. හරියටම දන්නේ නෑ හරී.........

    ReplyDelete
  34. මේ කතා එච්චර ප්‍රසිද්ධ කරන්න එපා නොබෙල් තෑග්ග හම්බවෙයි යාළුවට :))

    කලින් කතාවට කියන්න තියෙන්නේ අපේ පැත්තෙත් මළ ගෙයක් වුණාම මිය ගිය කෙනාගේ අවසන් කෘතය කරනකම් ඒ ගෙදර කෑම උයන්නේ නැහැ. අහළ පහළ ගෙවල්වල තමා කෑම සූදානම් කරලා කන්න දෙන්නේ.......

    ReplyDelete
  35. @Hasitha :
    මේ වගේ එවුන්ට නොබෙල් තෑගි දෙක තුනක්ම දෙන්න වටිනවා. පච දෙයියෝ.

    ReplyDelete
  36. මැක්ස ඩයල් එකක්නේ.. :D

    ReplyDelete
  37. අඩේ මූ පටිට ආතල් එකක්නෙ දීල තියෙන්නෙ ඹයි......

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.