06 January 2011

ඔටුවෙක්ගේ අඳෝනාව


අදත් වෙනදා වගේම ලෙක්චර්ස් ඉවරවෙලා අපි වගේ එවුන්ටම හදපු අපේ ඔටු බංකුවට වෙලා පාර දිහා බලාගෙන ඉන්න ආවා. වැඩ ඉවරවෙලා ගෑනු ළමයි එක පෙලට හොස්ටල් වලට යනවා. ඒත් එකෙක්වත් මං දිහා හැරිලා බලන් නෑනේ. එක පැත්තකින් හන්තාන කන්ද අනිත් පැත්තෙන් නුවර ගම්පොල පාර ඒ දෙකටම මැදිවෙලා පාර දිහා බලාගෙන, මම මෙතන හූල්ල හූල්ල ඉන්නවා.

කැම්පස් එන්න කලින් නම් කට්ටිය කිව්වේ, කැම්පස් නම් පේරාදෙණි තමයි යන්න ඕනේ. එහෙ පරිසරයත් ලස්සනයි නුවර මැණිකේලත් ගොඩක් ඉන්නවා අහන්න විතරයි ඕනේ පටස් ගාලා යාලු වෙන්න පුලුවන් කියලා. මොන පිස්සුද !!! මම කාගෙවත් බොරු බහකට රැවටිලාද කොහෙද?

නැත්නම් මම ගෑනු ළමයින්ගෙන් අහපු විදිහට කැම්පස් එකෙන් භාගයක් ම කෙල්ලෝ මාත් එක්ක යාලු වෙලා ඉන්න එපැයි. අහන අහන එකා එක්කො කැම්පස් එකෙන් ගොඩ ගිහින් එක්කො පිටින් ගොඩ ගිහින් එන්නේ. ඉතින් එහෙව් එකේ මං කොහොමද ගොඩ නොගියපු කෙල්ලෙක්ව හොයන්නේ.

ගොඩ නොගියපු එවුන්ට කියලා ඉතුරු වෙලා ඉන්නේ යක්කු ටික විතරයි. එවුන්ගෙන් ඇහුවොත් නම් කෙලින්ම හා කියයි. එහෙම එවුන්ව බැන්දට පස්සේ ගමේ එවුන් අහයි '' උඹ බැන්දේ ගමේ එකාලව බය කරන්නද" කියලා.

'' උඹ අදත් පාර දිහා බලාගෙන ඉන්නේ. තාම වැඩක් සෙට් උනේ නැද්ද? ''

මොකෙද්ද මන්දා එකෙක් නක්කලේට වගේ අහගෙන ගියා. අනේ අම්මාපල්ල !!! ඕකාට දෙකක් අනින්න ඇත්නම්. ඇයි යකෝ වැඩක් හරි ගියානම් ඔටු බංකුවේ ඉන්නවැයි. මූට ඒක තෙරෙන්නෙත් නැද්ද . මදැයි ෆස්ට් ඉයර් එකේ හොදට වැඩ කරලා රිසල්ට් දාලා දෙවනි අවුරුද්දේ කෑල්ලක් ගොඩ දාන්න හිටියා. මට තිබ්බේ ෆස්ට් ඉයර් එකේම කෙල්ලෙක්ගෙන් අහන්න එතකොට වැඩේ හරි යන්නත් තිබ්බා. දැන් මොනා කරන්නද ගිය නුවණ ආයෙ ගන්න කියලා යෑ.

වැඩක් නෑ ලවර්ස් ලේන් කියන්නේ හීනයක් විතරයි. මේ කපේදි යන්න ලැබෙන් නෑ. ගියෙත් එකම එක වතාවයි ඒකත් සාහිත්‍ය උලෙලට ස්ටේජ් එක ගහන්න බට ගහක් කපන්න. හොද වෙලාවට බට ගහ උස්සන් මුලු ලේන් එක පුරාම ගියේ නැත්නම් ලවර්ස් ලේන් එක රවුම් ද හතරැස් ද කියලවත් දන්නෙ නෑ නේ.

අවුරුදු හතරම නිකන් ඔහේ ගෙවුනා. කරපු දේකුත් නෑ වෙච්ච වැඩකුත් නෑ . ඔලුවෙ තිබ්බ කෙස් ගස් ටිකත් පොත් වලටම ගිහින් ද කොහෙද. අවුලක් නෑ අවුලක් නෑ ඉදලා ඉදලා වහින්නේ හද්ද වැහි කියලා කතාවක් තියෙනවනේ. ඒවගේ මටත් කවදහරි හොද කලක් යයිනේ. එදාට ජොලි කරන්න බැරුව යෑ.

දන්නෙම නැතුව රෑත් උනා. දැන් ඉතින් මෙතන ඉදලා මෙලෝ වැඩක් නෑ. නිකන් පින්නට අහුවෙලා ලෙඩ වෙන්න වෙන්නේ. කොණ්ඩෙත් නැති හන්දා පින්නේ ඉදලා පීනසේ හැදෙන්නත් බැරි නෑ.

අදට වැඩිය හෙට හොද වෙයි කියලා කතාවක් තියෙනවනේ. මටත් එහෙම උනොත් හොදයි. හැබැයි ඉතින් ඔය කතාව ගැන මගේ ලොකු විස්වාසෙකුත් නෑ. නැත්නම් හරියන්න අවුරුදු හතරක් ඉන්න ඕන යෑ.

සිරි යහනේ ලනු ඉහිරි... සුසුම් හෙලන රෑ...
මකුලු දැලෙන් සිරි සිරියේ වියන් බදින රෑ..
යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ ..
යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ ..

අවුරුදු හතරක්ම ඔය සිංදුව කිව්වා නම් මේ මාස දෙක තුන ඕක කියන එක මහ ලොකු දෙයක් යෑ.

32 comments:

  1. ඔබේ අඩවිය ඇතුල් කරන්න
    සින්ඩි ලංකා, දිගු කලක් තිස්සේ කරන ලද පරීක්ෂනවල ප්‍රතිපලයක් ලෙස එලි දක්වන බ්ලොග් අඩවියකි. දින 7 ක් ඇතුලත ඔබගේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" වෙත ඇතුලත් කිරීමට කටයුතු කරමු.

    අවශ්‍ය තොරතුරු
    ඔබේ නම :
    වෙබ්/බ්ලොග් ලිපිනය
    ඔබව සම්බන්ද කරගතහැකි e -mail ලිපිනය

    ඉහත තොරතුරු sindilanka@yahoo.com එවීමෙන් "සින්ඩි ලංකා" හි සාමාජිකත්වය ලබා ගත හැක.

    ReplyDelete
  2. දිනමිණ ඉටුපිටේ දැම්ම නම් හිටු කියලා ප්‍රතිඵල............ :D

    ජය වේවා...!!

    ReplyDelete
  3. සිලුමිණ පත්තරේටවත් දාල බලන්න වෙයිද මන්ද?නරකද කේන්දරේවත් බලාගත්තොත් :ඩි

    ReplyDelete
  4. ලංකාදීපේ ලහිපිටේ දැම්මත් හරි...

    ReplyDelete
  5. ලහිපිටේ දැම්මනං බඩුම තමා. පස්සෙන් එලවං ඇවිල්ල දෙන්නෙ. මං මෙ කියන්නෙ අත්දැකීමෙන් ඕං.

    ReplyDelete
  6. බඩු ඉන්න එක මහ වදයක් බන් අපේ බෝඩිමේ මට විතරයි ඉස්තිර කෑල්ලක් නැත්තෙ...අඩියක් ගහන්න නෑ..කෑම ටිකක් කන්න නෑ..කොටින්ම මුන්ට ෆිල්ම් එකක් බලන්න,,,,බොරු නයෙක් ඇරල කයියක් ගහන්නත් නෑ මොකද ඕයි ෆෝන් වලින් ලව් නඩත්තු කරන්න තියෙනවනෙ..මම දැන් ඕම්බියක් බලන්නවත් 4ක් සෙට් කොරගන්නෙ බැඳපු උන්,,, නැතනම් මඟ දාල යනව දවසෙ නැඟිට්ට වෙලේ ඉඳල චූ කරල නිදා ගන්න එක දක්කවා කෙල්ලට කියල ඩයරිය මාරු කරගන්න...ශික්..

    ReplyDelete
  7. මචං කිව්වට අප්සෙට් ගන්න එපා.,තාවකාලිකව යකෙක්වත් බැදගෙන වැඩ ගනින්.නැත්තන් පස්සට දුක හිතෙයි.

    ReplyDelete
  8. @ සින්ඩි ලංකා :
    මාව මරන්න එලවනවද කොහෙද ? හරි හරි සහෝ මේල් එකක් එවන්නම් එවන්නම්.

    @ සෝරෝ :
    ඉටු පිටේ තියෙන්නේ ඉඩකඩම් යාන වාහන ගැන දැන්විම නේ. කෙල්ලෙක් කොහෙන් දෑ. හැබැයි ඉතින් කෙල්ලෙක් කියන්නෙත් වාහනයක් වගේ තමා. ගොඩක් වෙලාවට ලෙඩ දෙනවනේ. අන්න ට්‍රයල් එකක් ගිහින්ම බඳින්න පුලුවන් නම් ගොඩ.

    @නදී :
    ඒක නම් කියන්න බෑ. හතර කේන්දරේ පාලු වෙලාද දන්නෙත් නෑ.

    @අකීකරු හිත :
    ඔව් දාලා බලන්නම් කෝ. අකීකරු හිත මගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලි ගන්නවා.

    ReplyDelete
  9. @nawammawatha :
    එහෙනම් දාලා බලමු. අත්දැකීම තියෙන අයත් ඉන්නවනේ එහෙනම්. ඇයි මංගල කිංකිණි හොද නැද්ද ?

    @ indi :
    ඒක නම් ඇත්ත. ගොඩ ගියපු එවුන් මහ රෑ නිදි මරාගෙන මල කපනවා. මට ඉතින් එහෙම අවුලකුත් නෑනේ. මගේ ෆෝන් බිලත් ඉතුරුයි. අනික මට ඉතින් එකෙක් කියලා යෑ ආශ්රය කරන්න කරන්න ලැබෙන්නේ.

    @dinesh :
    යකෙක් බැද ගත්තා වගේ නෙමෙයි අයියා. දොල පිදේනි දෙන්න ගියාම. තරහා වෙන්නේ ඇයි අයියා, මෙවා ඉතින් විහිලුවට කියන එව්වනේ.

    ReplyDelete
  10. අඩේ සැලෙන්ඩ එපා මචෝ. මං දන්න එකෙක් ඉන්නවා. අවුරුදු දෙකක් එකම කෙල්ලෙක්ගෙ පස්සෙන් ගියා යාලුවෙන්න අහගන. ඔය දැං ඒකිව බැඳලා ලඟදි බබෙකුත් හම්බ වෙන්න ඉන්නෙ කෙල්ලට. උත්සහවන්තයා ජයගන්නවා. එහෙමනං ජයවේවා කිවුවා!!!!

    ReplyDelete
  11. @..ChAnDiKa.. :
    අපි නම් සැලෙයි මචං !!!! රා පොවලා නාලාගිරි ඇතා එවන්න කියන්න අපි නෙමෙයි දුවන්නේ. හැබැයි ඇතා ලගට එද්දි බයට පන යයි. ඒක වෙනම කතාවක්. නමුත් දුවන්නෙ නැතුව ඉන්නවනේ. ඒක තැනම ඉන්න එකත් ලොකු දෙයක් නේ.

    ReplyDelete
  12. හිහ් හිහ්.. ඔහොම තමයි අනේ...
    කැම්පස් ගියාට ඔක්කොම ගොඩ යන්නෑ..
    අර කිව්වත් වගේ අපේ කැම්පස් එකේ කොල්ලන්ටත් මාව යකින්නක් වගේ පෙනුණද දන්නෑ :D
    හී හී

    ReplyDelete
  13. @ස්වප්නා :
    ඔයාගේ කටේ සීනි දෙසිය පනහක් දාන්න වටිනවා. ඒක දැනටමත් තේරිලා තියෙන්නේ.
    ඒ කියන්නේ සිහින දකින්නියත් අර ගොඩේම කෙනෙක් ද ? අපොයි එහෙම වෙන්න එපෝ......

    ReplyDelete
  14. සල්ලී කොතනද අයියා කෙල්ලෝ එතන . බලය කොතනද අයියා කෙල්ලෝ එතන .

    ඔයා කැම්පස් එකෙන් අවුට් වෙලා ජොබක් අරගෙන . යාන වාහන , ඉඩ කඩං , හරකාබාන , වතු පිටි , ගේ දොර , වලං පිගං , හට්ටි මුට්ටි , අරගෙන රජෙක් වගේ ඉන්නකොට කෙල්ලෝ එයි අනේ අපෙනුත් ගන්නකෝ කියාගෙන

    ඒක නිසා කොහොම හරි ඩිග්‍රිය ගහගෙන එලියට පයින්න . පස්සේ බැරියැ . ඔටු ජීවිතේට සමු දෙන්න . අනික කෙල්ලෝ 3 ට කොල්ලෝ 1 අනුපාතය .මේ දිනවල පිරිමියාගේ අගය ලෝක වෙලඳපලේ ඉහල අගයක පවතින්නේ

    ජය වේවා !!

    ReplyDelete
  15. @හිස් අහස :
    මල්ලිගේ කතාව නම් පට්ට. ඔව් ලංකාවේ කොල්ලන්ට වැඩිය ඉන්නේ කෙල්ලො නේ.
    කාර් එකක් ලග හිටගෙන හිටියොත් කෙල්ලෝ ගෝනියක් පුරවලා දාගන්න පුලුවන්.

    ReplyDelete
  16. "කාර් එකක් ලග හිටගෙන හිටියොත් කෙල්ලෝ ගෝනියක් පුරවලා දාගන්න පුලුවන්. "

    අන්න කතාව !

    ReplyDelete
  17. හැන්ඩියට බඩු නැත, හැන්ඩියෙක් කියලා හිත හදා ගනින් !!!!

    ReplyDelete
  18. @හිස් අහස :
    එක තමයි. ඔක්කෝටම කලින් ඩිග්‍රිය ඉවර කරගෙන ඉන්න ඕනේ.

    @Anonymous :
    එහෙමවත් කියලා හිත හදා ගන්න තමයි වෙන්නේ.

    ReplyDelete
  19. "හැන්ඩියාට කෙල්ලෝ නැත, බ්‍රයිටොන්ට ක්ලාස් නැත " කියනවානේ. අපි නම් බ්‍රයිටො... සහෝ හැන්ඩියා.... එහෙම හොඳයි නේද?

    ReplyDelete
  20. @Lahiru :
    ඒක ඇත්ත. මම නම් බ්‍රයිට් කේස් එකක් නෙමෙයි. හැබැයි ඉතින් මට ක්ලාසුත් නෑ.

    ReplyDelete
  21. ගින්දර...ලියනව කියන්නෙ මේකට තමයි..ඇගට දැනෙනව..හරියට නිකං අතින් පයින් කියෙව්ව වගේ...එළ එළ දිගටම ලියපන් ඒ වගේම අහපන් අරින්න එපා එන එන කෙල්ලගෙන් අහපන්..

    ReplyDelete
  22. @පැන්da :
    තැන්කු තැන්කූ.... අපි එහෙම සටන අතාරින්නේ නෑ. අන්තිම කෙල්ල තෙක්ම වටී කියලා කතාවක් තියෙනවනේ.

    ReplyDelete
  23. ඕක තමයි පැන්ඩා හැමෝටම කියන්නෙ.... හි හි හි...

    ReplyDelete
  24. @තාරා :
    අනේ මන්දා මම පැන්ඩා අයියා ඔහොම කමෙන්ට් එකක් දා නවා දැකලා නෑ. ආයේ පැන්ඩා අයියගේ කමෙන්ට් එකක් දැක්කොත් හොදට කියවලා බලන්න ඕනේ මේකමද කියලා.... හි හි හි

    ReplyDelete
  25. සහෝදරයා ඔවා ගනන් ගන්න එපා

    ReplyDelete
  26. @සූර සරදියල් :

    අපෝ නෑ සරා... ඕව අපි ගනන් ගන්නවනම් මෙලහකට මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා. හි...හි..

    මගේ බ්ලොග් අඩවියට සූර සරදියෙල්ව සාදරයෙන් පිලිගන්නවා.

    ReplyDelete
  27. අනේ මන්ද ඕවා ගැන කතා කරලත් වැඩක් නෑ අයිය . . පාඩුවෙ තියෙන වැඩක් කාරිය බලාගෙන ඉන්න එක තමා ඇඟට ගුණ . .

    ReplyDelete
  28. @-VinZ- :
    ඒකනම් ඇත්ත. අනේද කියන්නෙ අපේ කොල්ලන්ටත් නිකන් ඉන්න බැහැනේ.

    ReplyDelete
  29. මෙතෙන්ට ආවෙ එකෙක් කෙල්ලො නැතුව දෙයියන්ට ලියපු ලියුමකින්, දැන් බැලුවාම මොරටුව නොවන කැම්පස් ගිය උන් අතරත් වේලෙන උන් ඉන්නවනේ . මටත් එක එකා කියල තියෙන්නෙ පේරා ගියොත් නම් ගොඩම තමා කියලා, මම දන්න එකෙක් හිටිය බූට් කාල ඒ ලෙවල් කෙලෝගත්ත , හැබැයි ඔය පේරා මොරාල් එක ඔලුවට ගහල දෙවෙනි පාර ගේම දීල පේරා ම තේරුණා. හැබැයි ඉතින් ඌට මක් උනාද කියල නම් දන්නේ නැ , බලාපොරොත්තු සුංවෙලා මහවැලි ගඟට පැන්නවත්ද කියල මේ ලිපි දැක්කාම හිතෙනව

    ReplyDelete
  30. @buwa :
    නමක් ගමක් කිව්වනම් හොයන්නවත් තිබ්බා ඒකාට මොකද උනේ කියලා.කොල්ලා ගොඩ ගියාද දන්නේ නෑ. එහෙම උනොත් නම් හොදයි නැත්නම් කිව්වත් වගේ මහවැලි ගං පතුලේ නිදන් ඉන්නවද දන්නෙත් නෑ

    ReplyDelete
  31. මම මෙච්චර කල් හිත හදාගෙන හිටියෙ මොරටුවෙ උන් විතරයි වේලෙන්නෙ කියලා.... බලනකොට කොහෙත් එකයිනෙ........

    ReplyDelete
  32. කෙල්ලෙක් ඉන්නත් ඕනේ මදුරංග.. කෙල්ලෙක් ඉන්න්දියි හරි මාර්ගෙට එන්නේ අපි...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.