10 January 2011

මේ මාසයේ අවසන් ලිපිය


මේ මාසයට මම ලිපි හයක් (මේකත් එක්ක නම් හතක් ) ලියලා තියෙනවා. මේ ලිපිය තමයි ජනවාරි මාසයටම මම ලියන අන්තිම බ්ලොග් ලිපිය. ඒකත් ලියන්නේ පාන්දර දෙකට විතර පඩුවන් බස්සා ඇඩලුවාටත් පස්සේ. මට මේ දවස් වල අවසන් වසරේ ව්‍යාපෘතිය ඉවර කරන්න යන්න වෙනවා.

මම ව්‍යාපෘතිය කරන්නේ නැතුව බ්ලොග් ලිය ලිය ඉන්නවා කියලා මගේ ගෘප් එකේ එවුන් මට මරණීය තර්ජන එල්ල කරනවා. කියන්න ලැජ්ජ වෙන්න ඕනේ නෑ මේ දැනුත් එකෙක් මං නිදාගෙන ඉන්නැද්දි බෙල්ල පාගලා ගියා. ඉතින් තව දුරටත් මුන්ගේ මේ කරදරය ඉවසන්න බැරි හන්දා මම බ්ලොග්කරණයට තාවකාලිකව සමු දෙන්න තීරණය කලා.

ඒ වගේම තමයි මම විභාග මානසිකත්වයෙන් ලියපු බ්ලොග් ලිපි ලස්සනයි කියලා සමහරු මට '' උඹට හැමදාම විභාග තියෙන්න ඕනේ !!!'' කියලා සාප කරලත් යනවා. ඉතින් මේ දුක් ගැහැට විඳ විඳ මට මේ බ්ලොග් ලිපි ලියන්න අමාරුයි.

ඒ විතරක් නම් මදෑ. මේ දවස්වල මට රෑට රෑට නිර්නාමික දුරකතන ඇමතුම් එක දිගට එනවා. එක ඇමතුමක තිබ්බා '' උඹ මේ මාසයට ආයේ බ්ලොග් ලිව්වොත් උඹවයි උඹේ ඩොංගල් එකයි හොස්ටල් එකේ හතරවෙනි තට්ටුවෙන් එලියට දානවා '' කියලා.

මම එලියට ගිහිනුත් බැලුවා. මාව හතරවෙනි තට්ටුවෙන් බිමට තල්ලු කලොත් වැටෙන්නේ කොහේටද කියලා. කිරි අම්මේ ....!!!! පල්ලෙහා තියෙන්නේ කොංක්‍රීට් තට්ටුවක් !!!
උඩ ඉදන් වැටුනොත් අනිවා යටියන්තොටින් කරවනැල්ලටම එන්න වෙන්නේ නෑ. එතනම සෙම හලාගෙන මැරෙන්නයි වෙන්නේ.

ඒ වගේම මේ සිද්ධිය පිටිපස්සේ අධිරාජ්‍යයවාදී කුමන්ත්‍රණත් තියෙනවා. මොකද මම එහෙම කියන්නේ මගේ කම්පියුටර් එකේ පවර් කේබල් වෙලාවකට අතුරුදහන් වෙනවා. ආයෙත් තිබ්බ තැනින් මතු වෙනවා. ඉතින් පවර් කේබල් නැතුව මට මගේ කොම්පියුටර් එක ඔන් කරගන්න වෙන්නෙත් නෑ.

එහෙනම් මම මෙතනින් නවතිනවා. මගේ සාර්ථකත්වයට ඔයාලා මට ආශිර්වාද කරනවා කියලා මං දන්නවා.ඒ උනාට සහෝදර/සහෝදරියෝ ලියන බ්ලොග් සටහන් කියවන්න මම අනිවා කොහොමහරි එනවා.
බ්ලොග් කියවන සියලු දෙනාට කන්ද උඩරට මුදුන් මල්කඩ බදු සිරි දලදා හමුදුරුවන්ගේ පිහිටයි !!!

යන්න කලින් මගේ ව්‍යාපෘතිය ගැන පොඩි සදහනක් දාලම යන්නම්. මේක සුනාමි , ගංවතුර , නාය යෑම් වැනි ආපදා SMS මාර්ගයෙන් කල් තියාම දැනුම් දෙන්න පුලුවන් සිස්ටම් එකක්. දැනට තියෙන සිස්ටම් එකෙන් කෙරෙන්නේ සුනාමි විපතක් ඇති උනාම මුලු රටටම ඒ වර්නින් එක SMS කරන එක නේ. නමුත් අපේ සිස්ටම් එකෙන් වෙරලා සන්නයේ ඉන්න අයව ටාර්ගට් කරලා තමයි මැසේජ් එවන්නේ.

එතකොට එයාලට එවයින් ආරක්ෂා වෙන්න කල් තියාම පුලුවන් නේ. ඔය වගේ අනිත් විපත් වලටත් ඒ අවට ඉන්න අයට දැනුවත් කිරීම් යවන්න සිස්ටම් එකක් හදන එක තමයි අපේ ව්‍යාපෘතිය.

ප. ලි. - පඩුවන් බස්සා කියන්නේ ලංකාවේ බොහෝම දුර්ලබ කුරුල්ලෙක්. උෟ කෑ ගහනවා කියන්නේ පට්ට පාන්දර. මූව දැකපු අය ඉන්නේ බොහොම අඩුයි.

17 comments:

  1. පඩුවන් බස්සා කියන සතානම් මම දෑකල නෑ.කොහොමත් තමුන්ගෙ අධ‍‍ය්‍යාපන වෑඩ ටික එකලාසයක් කරගනම විවේක තියන වෙලාවට මේ පෑත්තෙ ඈවිත් ගියාට වරදක් නෑ කියලයි මම නම් හිතන්නෙ.

    අහ්...ඔයාලගෙ ෆයිනල් ඉයර් ප්‍රොජේක්ට් එක ගෲප් එකක්ද? අපේ නම් 1 අවුරුදු,තනියම කරන්න ඕනේ එකක් විදියට තිබ්බෙ.ඉන්ඩ්‍රස්ට්‍රියල් ට්‍රේනින් එකත් එක්ක පෑරලල් කරන්න වුනා. පුදුම වදයක් වින්දෙ:(

    ගෲප් එකේ අයට වෙන වෙනම අසයින් කරල ඈති නේද වෑඩ.නෑත්තම් ඉතින් කට්ටි පනිනවනෙ:ඩී

    ReplyDelete
  2. ව්‍යාපෘතිය අතිශ සාර්ථක එකක් වේවා කියලයි මගේ ප්‍රාර්ථනාව.

    ReplyDelete
  3. අවුලක් නෑ මධුරංග, ප්‍රොජෙක්ට් එක එලටම කරල නිවාඩුපාඩුවෙ ආයෙම ලියමු. අපි ඉනවනෙ කියවන්න

    ReplyDelete
  4. පලකල සැනින් ඔබේ ලිපිය සින්ඩියේ පෙලගස්වාගන්න, අදම ඔබත් ඔබේ බ්ලොග් අඩවිය "සින්ඩි ලංකා" හි ලියාපදිංචි කරගන්න.
    ලාංකීය බ්ලොග් කරුවන්ගේ බ්ලොග් සින්ඩිය "සින්ඩි ලංකා"

    ReplyDelete
  5. විභාග කටයුතු හොඳින් කරගන්න සුභ පැතුවා එහෙනම්.

    ReplyDelete
  6. කමක් නෑ මචෝ . ඔටු දිවියට සමුදෙන්නත් එපැයි නේද . ඒක නිසා ඉගනීමට මුල් තැන දීලා . වැඩේ කරගෙන යන්න . බ්ලොග් එක මම බලා ගන්නම් .ඔයා කියනවනම් මම මේ පැත්ත පලාතේ කාටවත් එන්න දෙන්නේ නෑ හොඳට ආරක්‍ෂා කරන්නම්

    කොහොම වෙතත් අර කොන්ක්‍රීට් තට්ටුවට යන්න වැඩ කරන්න එපා . එක්කෝ දැන්මම පැරචුට් එකක් රෙඩි කරලා තියාගන්න .

    පොරොජෙට් එක සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!

    අයියට තිංතුං කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි ..

    ReplyDelete
  7. @නදී :
    ඔයා කිව්වට මමවත් දැකලා නෑ. බොහොම දුර්ලබ සතෙක් ලු.

    සුබ පැතුවට ගොඩක් ස්තුතියි. අපට ටේ්‍රනින් ගිහින් ඇවිත් ඊට පස්සේ තමයි පේ‍රාජෙක් ට් කරන්න තියෙන්නේ.

    @raala :
    ගොඩක් ස්තුතියි සුබ පැතුම් වලට

    @nawammawatha :
    අනිවාර්යෙන්ම ඔයාලා මගෙත් එක්ක ඉන්න බව හොදාකාරවම දන්නවා. ගොඩක් ස්තුතියි සුබ පැතුම් වලට.

    ReplyDelete
  8. @සින්ඩි ලංකා :
    ඔන්න අයියා කියපු විදිහට මේල් කොලා. දැන් ඔයැයිගේ අතේ වැඩේ තියෙන්නේ.

    @පිණිබිඳු... :
    සුබ පැතුම් වලට ගොඩක් තුති !!!!

    @හිස් අහස :
    වැඩි කාලයක් ඉන්න නම් බෑ. මොකද මම පොඩි කාලේ ඉදන් ලියන්න ආසයි. ඉස්සරත් මොකක් හරි කොල කෑල්ලක් ලැබුනම කියන එකමයි වැඩේ !!!

    පැරචුට් එකක් ගත්තා නම් වැඩේ ගොඩ දාගන්න තිබ්බා කිව්වත් වගේ.
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි මලේ !!!!

    ReplyDelete
  9. ඒකට කමක් නෑ හොරෙන් හොරෙන් ලිය ලිය අහුවෙන්න ඕනායෑඍ. අලූතෙන් ආපු කොලුවෙකුට රැග් එක විදියට මාතෘකාව කියලා බ්ලොග් ලිපි ලියාගන්න බැරියෑ ඔය  Notes ලියා ගන්නවා වගේ. හික්ස්.....

    දැක්කනේ සිම්පල් ප්ලෑනක්....

    ව්‍යාපෘතිය යි විභාගය යි දෙකම හොඳට කරගන්න පුලුවන් වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි!

    ReplyDelete
  10. @සංකල්පනා - රුවන් :
    එහෙම දෙයක් තමයි දැන් කර ගන්න වෙලා තියෙන්නේ. ලියන්න ලැබෙන්නෙ නෑ කිව්වම මාරම දුකක් තියෙන්නේ.

    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි

    ReplyDelete
  11. අයියට හොදට කරන්න සුභ පතනව ඔන්න.....
    ටික කාලයක් නොලීවට මොකද ඉගනගන්න හින්දනේ... අපි තරහ වෙන්නෙ නෑ

    ReplyDelete
  12. ඔයා ලියන ලිපි හොඳ ගලා යාමක් තියන ලස්සන ලිපි තමා :)
    ඉතින් අර වගේ සාප කරලා යන එක අහන්න දෙයක් නෙවෙයි :)
    කොහොම නමුත් ව්‍යාපෘතිය හොඳින් නිම කිරීමට ශක්තිය, ධෛර්යය, වාසනාව නොඅඩුව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා !! :)

    ReplyDelete
  13. @MaRlaN :
    ගොඩක් ස්තුතියි මල්ලී සුබ පැතුම් වලට.

    @ස්වප්නා :
    අම්මෝ මම එහෙම ලියන්න කියලා දන්නේ නෑ. ඔහේ හිතට එන දේවල් ටයිප් කරලා දානවා. මොකද ඉතින් බ්ලොග් එකේ නමත් සිතක සංකල්පනා නේ. මගේ හිතේ තියෙන සංකල්පනා තමයි මම ලියන්නේ.

    පේ‍රාජෙක්ට් එකටයි විභාගයටයි සුබ පැතුවට ගොඩක් තුති !!!

    ReplyDelete
  14. හොදයි සහෝ ! වැඩ ටික ඔක්කොම ඉවර උනාම මේ පැත්තට එන්න කෝ

    ReplyDelete
  15. @සූර සරදියල් :
    තැන්කූ මචං තැන්කූ. දැන් නම් වැඩේ ගොඩක් දුරට ඉවරයි. ලගදිම ලියන්න එනවා.

    ReplyDelete
  16. ඕක ජීවිථය පිළිබඳ ප්‍රශ්ණයක් බවට පත් කර ගන්න එපා අයියෙ . . මොකද මම දන්නවනෙ ඔයාගෙ ගෘපලගෙ හැටි . . ඒක නිසා ප්‍රොජෙක්ට් එක ඉවර කරලම ආයෙත් මේ පැත්තෙ ආවොත් හොඳයි කියල මම නම් කියන්නෙ . .
    ඔයාගෙ ප්‍රොජෙක්ටුව හොඳට කරන්න මගෙන් සුභ පැතුම් !!!

    ReplyDelete
  17. @-VinZ- :
    අපොයි ඔව්. මල්ලි දන්නවනේ ඕනම බැච් එකක ඉන්න ජිලා කියන එකාගේ හැටි. මන් ප්‍රොජෙක්ට් එක කරන්නේ ඒකත් එක්ක. පුදුම අමාරුවක් තියෙන්නේ මිනිහත් එක්ක වැඩ කරනකොට

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.