අවුරුදුත් ගෙවිලා දවස් හතරකුත් ගෙවුනා. දැං ඉතින් ආයෙම පරණ විදිහට නවත්තපු වැඩේ පටං ගන්ඩ ඕන. නවත්තපු වැඩේ කියන්නේ ඉඩං හෙවිල්ල. අවුරුද්ද මුලදි නං හිතුවේ රෝද හතරකට ගොඩ වෙනවයි කියලා. ඒත් අපේ උන්දෑ කියනවා වාහනේකට කලින් ගේ පොඩ්ඩක් හදාගම්මුයි කියලා.
ඒ නිසා වාහන ගැනිල්ලට කොමාවක් දාලා ඉඩං කෑල්ලක් පස්සේ දුවන්ඩ තියාගත්තා... !
ඔය ඉඩං හෙවිල්ල නිසා මමයි අපේ සුදු නෝනයි පහුගිය දවස් ටිකේම එහේ මෙහේ දිව්වා. ඒත් තාම හිතට සැට් වෙච්ච ඉඩං කෑල්ලක් හම්බ උනේ නෑ. කොච්චරවත් ඉඩං තිබ්බට අපි හොයන පහසුකමුත් තියෙන්ඩ එපෑ..
මම නං මුලින්ම බලන්නේ අපේ එක්කෙනාට ඉස්කෝලෙට යාගන්ඩයි මට රස්සාවට කොළඹ එන්ඩයි ලේසි පාසු තැනක්.. ඊට පස්සේ බලන්නේ වතුර, ලයිට් වගේ පහසුකම් තියෙනවද කියලා. ඔය අතරේ ඉන්ටර්නෙට් සිග්නල් එහෙමත් තියෙනවද කියලා හීනියට හොයා බලනවා. ඒක පස්සේ නං ඒ හැටි දුවන්නේ නෑ..
ඔය මූලික දේවල් ටික බැලුවට පස්සේ මං බලන්නේ වටේ පිටේ ඉන්න කට්ටිය කොයි වගේද කියලා. මොකද කචල් කාරයෝ ඉන්න වලි දාගන්න පැත්තක ඉන්ඩ බෑ නෙහ්.
තව ඉතිං ඉඩම ගන්ඩ කලිං හොයනවා නං හොයන්ඩ ඕන දේවල් අටෝරාසියක් තියෙනවා. ඔප්පු තිරප්පු පිරිසිදු ද, මායිම් එහෙම ගානට තියෙනවද, කියලත් බලන්ඩ ඕන කාරණා.
ඔය සේරම දේවල් හිතේ තියාගෙන ඉඩං කීපයක්ම බැලුවා.
මුලින්ම බලපු ඉඩම කොස්ගම තියෙන්නේ. කොළඹට කිලෝමීටර් 45ක් තියෙනවා. ඒත් එක බස් එකයි. ඈතින් කඳු පේන හරියක්. ඒ වගේම රබර් වත්තක් මැදින් තමා ඉඩමට යන පාර තියෙන්නේ. ලස්සනයි. ඒක ඉඩමක් විතරක් නෙමේ ගෙයකුත් තියෙනවා.
අපේ එක්කෙනාව එහේ එක්ක ගියාම ගත් කටටම කිව්වේ නැතෑ අපෝ බස් එකෙන් බැහැලා සෑහෙන දුරක් යන්ඩ ඕනෙ නෙහ් අනික මං කොහොමද දවල් දවසේ ගෙදර තනියෙං ඉන්නේ කියලා. ඇත්ත ඉතිං කිලෝමීටරයක් විතර පයින් යන්ඩ ඕන. අනික ඒ හරියේ ගෙවල් ටිකක් අඩුයි. ටිකක් විතර පාළුයි.
ඔය සීන් එක නිසා ඒ ඉඩම අයින් කලා !
ඊට පස්සේ බැලුවේ පනාගොඩ හරියේ ඉඩමක්. ඒකත් මරු. පනාගොඩ ඇඹුල්ගම පාරේ කිලෝමීටර් 3ක් විතර ගියහම ඉඩමට යාගන්ඩ පුලුවන්. ඒත් ඒකේ තියෙන අඩුපාඩුව තමා වතුර නෑ.. කළු ගලක් තියෙන නිසා ලිදක් කපාගන්ඩත් බෑ..
ප්‍රජා ජල යෝජනා ක්‍රමයකින් ලූ වතුර ලැබෙන්නේ. ඒ නිසා ඒකටත් තිත තිබ්බා.
ඕං ඔහොම මේ වෙනකොට ඉඩං කීපයකටම ගියා.
දෙයියනේ කියලා හිතට අල්ලන ඉඩමක් ලැබුනොත්....... එතන මගේම කියලා පැලක් අටෝනවා... :)
ගෑන් ලමයි එක්ක ඉඩං හොයන්න නං අමාරුයි ගොයියෝ..
ReplyDeleteඉක්මනටම ඉඩං කෑල්ලක් හම්බෙන්න කිහලා පතංනං ඉතිං...
ජය වේවා!!!
මම මැසේජ් එකක් එව්වා බලපාන්.
ReplyDeleteඉඩම් ඉඩම්.. හරියන එකක් හොයා ගන්න හරි අමාරුයි. ඒත් අවම අවශ්‍යතා ටික වත් තියෙන්න එපැයි නේද.
ReplyDeleteලංකාවෙ හිටිය නං සපෝට් එකක් දෙනව.
ReplyDeleteඋඩ හැලප මාමා කියපු ටික තමා මටත් කියන්න තියෙන්නේ.....දෙන්නටම ඉක්මනින් ඉඩන් කෑල්ලක් හොයා ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....ඒ විතරක් නෙවේ ලස්සන ගේ කෑල්ලකුත් හදාගෙන....සුදු නෝනවත් ගෙදර කැන්දන් ඇවිත් ඉක්මනින් බොලා මට අවුරුද්දට කිව්ව දේත් බොලාලා දෙන්නට වෙන්න කියලා එක හිතින් ප්‍රාර්ථනා කරනවා....
ReplyDeleteඉක්කමනට හොයාගන්න ලැබෙවා
ReplyDeleteගෙයක් එක්ක ඉඩමක් ගන්නවාට වඩා ඉඩමක් අරන් ගෙයක් හදන එක හොඳයි. එතකොට තමන්ට ඕන විදියට ගේ තියෙන නිසා ඉන්නත් ආසා හිතෙනවා.
ReplyDeleteනවවසරේ මුලින්ම මධුගේ මේ උත්සාහය සාර්ථක වේවා කියලා පතන්නම් ..අනික්වා ඊට පස්සේ බැරියැයි ... ඊට පස්සේ ගෙයක් ..ඊට පස්සේ කසාදෙ ...ඊට පස්සේ වාහනේ ...ඊට පස්සේ ළමයි ..ඊට පස්සේ ළමයින්ට ඉස්කෝලේ ...ඊට පස්සසේ ළමයින්ට ටියුෂන් ...ඊට පස්සේ ළමයින්ගේ උසස් අධ්‍යාපනේ ....ඊට පස්සේ ළමයින්ගේ විවාහේ ....ඊට් පස්සේ ළමයින්ගේ ළමයි බලාගනිල්ල ...ඊට පස්සේ .................
ReplyDelete+++++++
Deleteමැරිලා යනවා ... සාර්ථක ජිවිතයක් ...
හනෙ හප්පේ ඉඩම් හෙවිල්ල නම් ලේසි නෑ තමා. හ්ම්ම් හොද ඉඩමක් ඉක්මනින් ලැබේවා කියලා පතනවා. කොහෙන්හරි හොද ඉඩමක් ගැන ආරංචි උනොත් මැසේජ් එකක් දාන්නම්.
ReplyDeleteහපොයි වාහනයක් අරගෙන අමාරුවෙ වැටෙනවට වඩා ගෙයක් දොරක් හදාගන්න එක හොඳයි.
ReplyDeleteඅර රොෂාන් කියල තියෙනව වගේ ගෙයක් එක්ක ගන්නවට වඩා ඉඩමක් අරගෙන ගෙයක් හදාගන්න එක හැම අතින්ම ඉදිරියට වටිනව.
මේ අවුරුද්ද ඇතුළත බලාපොරොත්තු ඉෂ්ට වේවා කියල පතනව.
කොලුවාගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වේවා...!
ReplyDeleteතව පුංචි කෑල්ලකුත් දෙන්නං නිකං ඉන්නවට ෂලකා බලන්න.. මල්ලි පොඩ්ඩක් බලහං කොළඹින් කිලෝමීටර් බර ගනන් දුරින් ගෙවල් හොයන වෙලේ ටිකක් විතර කොළඹ ඇතුලෙම.. ඒ කිව්වේ දෙමටගොඩ,රාජගිරිය, කොලොන්නාව, පැතිවල තියෙන නිවාස සංකීර්ණ වල ගෙවල් ගැන. සමහර වෙලාවල්වලට ඔය පැති වලින් සියළු පහසුකම් සහිත ගෙවල් හම්බ වෙනවා සාධාරණ ගණන්වලට. මේ ලගකදී බොරැල්ලට කිට්ටු රජයේ පැරණි නිවාස සංකීරණයක ගෙයක් විකුණන්න තිබුනා ලක්ෂ 40කට.. තැනේ හැටියටයි පහසුකම්වල හැටියටයි උඩින්ම ලාබයි. ලක්ෂ 40ක් කියන්නේ අද කාලේ අළුතින් ගෙයක් හදන්න ගත්තත් නිකං දියවෙලා යන සල්ලි. දෙන්නම රස්සාවල් කරනවනං ගහන්න පුළුවන් උපරිම ලෝන් දෙකක් ගහලා එක්කෙනෙකුගේ පඩිය ඒකටම කැපෙන්න හදාගෙන අනිත් කෙනාගේ පඩිය බැලන්ස් කරගත්තොත් ලොකු අමාරුවක් වෙන්නෙත් නැහැ. කොහොමටත් දැනටත් අතේ ගානක් තියං වෙන්න ඇතිනේ වැඩේට බහින්නේ.. ටිකක් කල්පනා කරලා බලහං මොකද කොස්ගම පැත්තේ ඉඳන් තනි බස් එක උනාට යන වෙලාවත් එක්ක බැළුවම මුළු ජීවිත කාලයක් පාරට වියදං කරනවට වඩා දාහෙං සම්පතයි මෙහෙම දෙයක් ගැන හිතන එක.. හැබැයි ඉතිං කොළඹ ඇතුලේ කූඩු වෙච්ච ජීවිත කියලා වැඩිහිටියන්ගෙන්නං බර බරේ වැටෙයි. ඒත් මාස තුන යද්දි කොළඹ ජීවිතේට හැඩ ගැහෙනවා... අතේ තියෙන සල්ලි යට කරන්න කලින් හැම දේම ගැන හොයලා බලලා තියෙන වාසි අවාසි ගැන සාකච්ඡා කරලා ගන්න පුළුවන් හොඳම තීරණේ ගනින්...
ඉඩම් හොයන එක ලේසි නෑ නේ... ඉක්මනටම හොඳ ඉඩමක් හොයාගන්න පුලුවන් වෙන්න කියලා සුබ පතනවා ...
ReplyDeleteඔන්න අපේ හරියට කැමති නං ඔය කියපු විදියෙ ඉඩමක් සෙට් කොරල දෙන්න තිබ්බ... ඒත් ඉතිං කොලම්බු යන එක ටිකක් දුර නෙව
ReplyDeleteඉඩම් මේ දවස් වල විකුණගන්න බැරිව නේද තියෙන්නේ? මගේ යාළුවෝ හෙම කියන්නේ නම් ඉඩම් විකුණගන්න බෑ කියලා.
ReplyDeleteමධුට ඉකමණින් ඉඩමක් ලැබෙයි. ඒත් කිලෝමීටර් භාගයක්වත් මේන් රෝඩ් එකට තියලා ගන්නවා නම් තමයි හොඳ.
සී.ජේ. විදානේ. :
ReplyDeleteඒක නං ඇත්ත තමා. උන්දැව එක්කං ගිහිනුත් බෑ.. නොගිහිනුත් බෑ..
හරී :
බොහොම ස්තූතියි මැසේජ් එකට.. ඒත් ඒ හරිය දුර වැඩියි කියලා තමා කිව්වේ.
Chandana :
අනිවාර්යෙන්.. ඒ අවශ්‍යතා ටිකවත් සම්පූර්ණ වෙලා තියෙන්ඩ ඕන..
Helapa kade :
ReplyDeleteඒකනේ.. :(
ශානු :
අනිවාර්යෙන්ම.. ඊට කලින් ශානුලාගේ ගෙදරින් තමා... නේද ශානු ? :)
Damith Gunawaredane :
බොහොම ස්තූතියි !
Roshan Herath :
ReplyDeleteඒක තමයි මාත් කරන්න හදන්නේ. මම ඉඩම අරගෙන ගේ හදාගන්ඩ ඉන්නේ...
ඉවාන් පවුලූශා :
ඊට පස්සේ ඉතිං වලට තමා... ඉපදෙනවා මැරෙනවා.. ආයෙම ඉපදෙනවා ආයෙම මැරෙනවා.. සංසාරේ ! සංසාරේ !
චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
එහෙම තියෙනවා නම් දාන්න හොඳේ.. ලොකු උදව්වක්. !
Praසන්ன :
ReplyDeleteඔවු.. ඒ හන්දා තමා මම ගේ කෑල්ලක් හදාගන්ඩ හිතුවේ..
මාරයාගේ හෝරාව :
ඔවු.. අතේ ගානක් තියාගෙන තමා වැඩේට බහින්ඩ ඉන්නේ. කොස්ගම තරම් දුරට යන්න හිතුවේ නෑ.. කොළඹ අවට තමා ඉන්ඩ හිතන් ඉන්නේ. ඒත් ඉඩම් වල ගනන් ඇහුවහම ගොඩක් දුරට යන්න වෙනවා. ඒක තමයි අවුල..
මේ ටිකේ පානදුර පැත්තට ඇහැ දාගෙන ඉන්නවා. ඒක නම් හරි යයි වගේ.. උපදෙස් වලට ගොඩක් ස්තූතියි අයියා.
තුශානි :
සුබ පැතුම් වලට බොහොම ස්තූතියි !
Mahesh Rathnayaka :
ReplyDeleteඅලව්ව නං දුරයි තමා. ඒත් ස්ටේශන් එක කිට්ටුව නං අවුලක් නෑ..
Il mondo di una povera pazza :
අන්න ඒක තමයි බලන්නේ. ප්‍රධාන පාරට ගොඩක්ම ලඟින් තමා ඉඩම බලන්නේ.
ඔයිට වඩා ලේසියි කඩවත ඉඳලා පොඩ්ඩක් ඇතුලට හරි මම ඉන්න ගනේමුල්ල පැත්තට වෙන්න. කොටුවේ ඉදලා හරියටම කිලෝමීටර් 23 යි. පර්ච් එකක් 50-75 අතර.... හැම පැත්තටම යන්න ලේසියි. ගම්පහට, රාගමට කිලෝමීටර් 5, ජා ඇලට, කදානට, කඩවතට, මම හිතන්නේ 7 විතර. වාහනයක කොළඹ එනවනම් කොටහේන පාරේ ආවොත් ගියොත් වැඩිම පැයයි යන්නේ. නැත්නම් කෝච්චියෝ විනාඩි 45. ලේසිම වැඩේ මම වගේ පොඩි වාහනයක යන එක. මාසෙකට පෙට්‍රල් වලට වැඩිම වුනොත් 15000 විතර යයි.
ReplyDeleteකොළඹ රස්සාවට යන්ඩ ලේසි වෙන්ඩ වෙන්ඩෑ 45km ක් දුරින් තියන ඉඩමක් බැලුවේ... කොලුවෝ ටිකක් කොළඹට ළඟ තැනකින් බලාහන්.. මාලඹේ වත්.... ඔච්චර දුර යන්ඩ හදන්ඩ එපා.. උදේ හවස බස් වල හැමදාම ට්‍රැවල් කරන්ඩ වුණාම තේරේ රඟේ! පාරටම දිය වෙයි අහෝ තාරුණ්්‍යය!!!!
ReplyDeleteඊලඟට වෙඩිම, ඊලඟට ලොකු පුතා, ඊලඟට පොඩි දුව, පස්සේ චූටි පුතා වගේ දේවලුත් අපිට මෙතනින්ම බලා ගත්තු හැකිවෙයි. කොහොමටත් වැඩිපුර කාමරයක් එක්ක ගෙයක් හදන්ට. යාලුවෝ එහෙම ආවම නවතින්ට දෙන්ටත් වෙයිනේ. :D
ReplyDeleteමධුරංගගෙත් පැතුම් ඉෂ්ඨවේවා... කොළඹ අවටම ට්‍රයි කරන්න . දුරට ගියහම හරි කරදරයි.
ReplyDeleteඅපේ එක්කෙනාට ඉස්කෝලෙට යන්න කිව්වෙ බං ඉස්කෝලෙ යන කෙල්ලෙක්වද උඹ බදින්න යන්නෙ...(සැබෑ කාරණය මම දනිමි) රෝද හතරට සල්ලි නාස්ති කරන්න එපා කොලුවො...බොට ගොඩනගාගන්න බොහෝ දේ තියෙනකොට...මොකද රෝද හතරක් කියන්නෙ තනිකරම වියදමක්...ආදායම ක්ෂය කරන දෙයක්...
ReplyDeleteමමත් මෙහෙ එන්න කලින් ඔය ඉඩම් වැඩේට කට්ට කෑව. හැබැයි එන්න කලින් එකක් අරන් දාල ආවේ.. මමත් හිතන්නේ කොළඹ අවටින් ගන්න. පස්සේ අපරාදේ කියල හිතෙයි.. අපි හැමදාම එකම විදියට ඉන්නේ නෑ නේ.. කාලයත් එක්ක රස්සාවේ ඉහලට යනකොට ගොඩක් දුර ඉඳන් එදිනෙදා වැඩ කරගන්න හරි අමාරුයි.. මමත් හැමදේම කරන්නේ ලෝන් දාල.. ටිකක් කට්ට කාල ලෝන් සෙට්ල් කරන්න පුළුවන්.. ඔය මාලබේ, හෝකන්දර, කඩුවෙල, කැලණිය,බියගම වගේ පැති බලන්න.. කඩවත,රාගම හරියත් හොඳයි.. ඉඩම ගනිද්දී අර අවුරදු 40-50ක් ඉතිහාසේ හොයල ගන්න.. හොඳ ලෝයර් කෙනෙක් ව සෙට් කරගෙන හරියට කරගන්න..
ReplyDeleteමම හිතන්නේ ඔය වෙන්දේසි ඉඩම් ගන්න එක හොදයි මොකද ගොඩක් ඒව නිරවුල්.. පුදගලිකව විකුණන ඉඩම් වල මොන මොන අවුල් තියෙනවද කියන එක ෂුවර් කරන්න බැ..
Biyagama Siyambalape perches 17 ka idamak samaga geyak tel :0112847433
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete