පහුගිය පෙබරවාරි මාසේ අන්තිම සතියේ මගේ හිතේ තිබ්බ අදහසක් තමයි බතලේගලයි උතුවන්කන්දෙයි නගින එක. ඒ නිසා මායි තව දෙතුන් දෙනෙකුයි සූදානම් උනා මේ ගමන යන්ඩ.. කොයිකටත් කමන් නෑ කියලා අපේ කන්තෝරුවේ කීපදෙනෙක්ගෙන්ම අහලා බැලුවා මේ ගමන එනවද කියලා.
වෙනදා වගේම අහන අහන එකා හා කිව්වා.
ගමන යන්න කිට්ටු වෙනකොට ගොඩ දෙනෙක් හැලිලා අපේ කන්තෝරුවෙන් මාත් ඇතුලුව හතරදෙනෙක් ඉතුරු උනා. ඉතින් අපි හතරදෙනාවත් මේ ගමන යන්ඩ ඕන කියලා කතා උනා. අපි මුලදි හිතුවේ බස් එකේ ගිහින් එන්ඩ.. ඒත් අපේ කණ්ඩායමේ පරා ගේ වෑන් එක ගේන්ඩ පුලුවන් වෙයි කියලා කිව්ව නිසා ගමන තවත් පහසු උනා..
පරා කිව්වේ අපේ කන්තෝරුවේම වැඩ කරන පරාක්‍රමට... පරාක්‍රම අලව්වේ කොල්ලෙක් !
පරා වෑන් එක ගේන හන්දා අපි කට්ටිය පොල්හගවෙල ස්ටේශමට එන්නං කියලයි කතා උනේ. පොල්ගහවෙල ඉදලා පරාගේ වෑන් එකේ බතලේගල ඉසව්වට යන්ඩ තමා අපේ මූලිකම සැලැස්ම වෙලා තිබ්බේ... !
තව පොඩ්ඩෙන් කියන්ඩ අමතක වෙනවා.. අපේ ගෙදරින් අපේ මලයයි තාත්තයි පුංචිඅම්මලෑ පුතත් මේ ගමනට එකතු උනා.
එදා මාර්තු දෙවෙනිදා... අපි එදා තමයි ගමනට දින දාගෙන තිබ්බේ. එදා උදෙන්ම අපි කට්ටිය රාගම ස්ටේශමට ආවා. ඒ උදේ හයයි විස්සට රාගමින් පිටත් වෙන පොඩි මැණිකේ සීඝ්‍රගාමි කෝච්චිය අල්ලන්ඩ... !
කෝච්චිය හරි වෙලාවටම වාගේ රාගමට ආවා. අපි කට්ටිය කෝච්චිය ගොඩවෙලා අපේ අනිත් කට්ටිය හොයාගෙන ගියා. සෙනග මැද්දෙන් තෙරපිලා තෙරපිලා කොහොමහරි අපේ අනිත් අය ඉන්න තැනට යාගත්තා.
එතැන ඉදන් පොල්ගහවෙලට යනකංම වාගේ එක එක රස කතා කියව කියවා ආවා. කතාවෙන් කතාවෙන් පොල්ගහවෙල ස්ටේශමටත් ආවයි කියමුකෝ... !
පොල්ගහවෙලින් බැහැලා අපි ඒ කිට්ටුව තිබ්බ කඩේකිං පාං ගෙඩි හතරක් ගත්තා.. අපේ අම්මා කට්ටියත්තෙක්ක උදේට කන්න ලොකු සීනි සම්බෝලයක් හදා දුන්නා. පාං ටික අරගෙන පොල්ගහවෙල ඔර්ලෝසු කණුව ගාවට කට්ටියම එකතුවෙලා බලං උන්නේ පරාලෑ වෑන් එක එනකන්.. පෑ කාලක් යනකොට පරා ලෑ වෑන් එක ආවා. අපි වෑන් එකට ගොඩවෙලා ටික දුරක් යනකොට තමා මුන්දැට කැමරාව ගෙදර දාලා ඇවිත් කියලා මතක් උනේ..
අපි කෑගල්ල-පොල්ගහවෙල පාරේ කෝන්ගස් හන්දියෙන් හැරෙව්වා අලව්ව පැත්තට... ඒ යනගමන් පරාලෑ අම්මට කිව්වා පරිප්පුවකුත් හදන්ඩෙයි කියලා. අපි පෑ බාගයක් යනකොට පරාලෑ ගෙදර ආවා. ඇවිත් ටික වෙලාවකින් පරිප්පුයි සීනි සම්බෝලයි එක්ක පාං කෑවා. තව හිටියොත් පරක්කු වෙන නිසා කෑම ගත්තු හැටියෙම අපි ආයෙම වෑන් එකට නැග්ගා බතලේගල යන්ඩ..
අපි මාවනැල්ල ගඩොල් පාලම ගාවට එනකොට උදේ නමයට කිට්ටු කරලා.. මාවනැල්ල පාලම ගාවින් අරණායක පාර පැත්තට වෑන් එක හැරෙව්වා. බතලේගලට යනවා නං මාවනැල්ල- අරණායක පාරේ ගැවිලිපිටිය හන්දියට එන්ඩ ඕන..
මාවනැල්ල > උස්සාපිටිය හන්දිය > ගැවිලිපිටිය හන්දිය
ගැවිලිපිටිය හන්දියෙන් දෙබත්ගම පාරේ කිලෝමීටර් 2ක් විතර එන්ඩ ඕන...එතකොට හම්බ වෙනවා හත්ගම්පොල හන්දිය.. හත්ගම්පොල හන්දියෙන් හත්ගම්පොල පන්සල පාරේ ගියහම කරදරයක් නැතුව බතලේගලට යාගත්තෑකි.
පාරේ බස් එහෙක එනවා නං.... නුවර කොළඹ බස් එහෙකින් මාවනැල්ල ටවුමට එන්ඩ ඕන.. මාවනැල්ල ටවුමේ ඉදන් මාර්ග අංක 659 මාවනැල්ල-අරණායක බස් එකෙන් ගැවිලිපිටිය හන්දියෙන් බැහැගන්ඩ.එතැන ඉදන් හත්ගම්පොලට ත්‍රීවිල් එහෙකින් ආවෑකි.
එහෙම නැත්නම් මාවනැල්ලේ ටවුමෙන්ම තියෙනවා මාර්ග අංක 690 මාවනැල්ල-දෙබත්ගම බස්. ඒවා නං පැයෙන් පැයට වාගේ තියෙන්නේ..ඒ බස් එකේ ආවා නං කරදරයක් නැතුව හත්ගම්පොල හන්දියෙන්ම බැහැගත්තෑකී.. !
හත්ගම්පොල හන්දියේ මේං මේ වාගේ බෝඩ් එකක් හම්බ වෙනවා. අපි ඒ බෝඩ් එකේ පෙන්නපු දිහෑවට ගියා.
මේ පාරේ ටික දුරක් ගියහම හත්ගම්පල පන්සල හම්බු වෙනවා. අපි පන්සලත් පහුකරගෙන ඉදිරියට ගියා. එතකොට පාර බෙදෙන තැනක් හම්බ වෙනවා. ඒ හරියෙත් මේ වාගේ බෝඩ් ලෑල්ලක් තිබුනා.
ඕං ඔතැන ඉදන් සීග්‍ර නැග්මක් තියෙන පාරක් තියෙන්නේ.මගක් නගිනකොට සෑහෙන්ඩ හති වැටෙනවා.ඒ පාර දිගේ කිරෝමීටර් දෙකකට කිට්ටු දුරක් ආවහම බතලේගල කඳු පාමුලට ආවෑකි.
අපි කට්ටිය බතලේගල කඳු පාමුල තිබ්බ ගේකින් වතුරත් පුරෝගෙන කන්ද නගින්ඩ සූදානම් උනා. කඳු පාමුල ආච්චි අම්මා කෙනෙක් වතුර බෝතල්, මුරුක්කු වර්ග, ටොපි චොකලට් එහෙම විකුණ විකුණා උන්නා. අපි උන්දැවත් පහු කරගෙන එනකොට වල්ල පට්ට ගහ දැක්කේ..වල්ලපට්ට ගහත් පහු කරගෙන පඩිපේලි දිගේ අපි ඉහලටම නැග්ගා...
බතලේගල කන්ද ගැන කියනවා නං ඒක මීටර් 798ක් උස කන්දක්. නුවර කොළඹ පාරේ කඩුගන්නාව හරියට එනකොට සීගිරිය වාගේ පේන කන්ද තමා බතලේගල කියන්නේ.
මුලදි මුලදි අවු රශ්මියට අහු වෙලා "කර" උනාට පස්සේ අපි හෙවන හරියකට ආවා. මේ සේරම පඩිපෙල් කලින් දා හදලා තිබුනා. ඒකට හේතුව වෙලා තිබ්බේ බතලේගල කන්ද මුදුනේ සිරිපතුලක් පිහිටුවන්ඩ යන නිසා.
බතලේගල කඳු නැග්මෙදි අපි හෙවන හරියට එනකොට පුස් වැලකුත් දකින්ඩ ලැබුනා. පහලින් තියෙන්නේ ඒ පුස් වැලේ පින්තූරයක්..
අපි පුස් වැලත් පහු කරගෙන පඩි පෙලවල් දිගේ ඉහලටම ඇදුනා....
එතකොටම සෑතින් පෙනුනා අත්වැටකට කම්බියක් ගැටහලා තිබුනු පඩිපේලි වගයක්.. ඒ හරියේ පඩිපේලි ටිකක් ඈතයි. ඒ ටික පහු කරගෙන ආපුවහම තනි නැග්මක් තියෙන්නේ. ඒ නිසා පරිස්සමින් නගින්ඩ ඕන.
පේනවා නේ.. අපේ කට්ටිය ඉහලටම නැගලා ඉන්න අපූරුව...
ඔහොම කන්ද නැගලා ටික වෙලාවකට පස්සේ කඳු මුදුනට ලඟා උනා. කඳු මුදුනේදි කන්දක් නොතිබුනු ගානට තැන්නක් තිබ්බේ. මිනිස්සු ගිහින් ගිහින් හැදුනු පාරකුත් තිබුනා.
පහලින් තියෙන්නේ කඳු මුදුනේ තිබ්බ පන්සලේ පින්තූර ටිකක්..
පහලින් තියෙන්නේ පන්සලේ බෝධීන් වහන්සේ..
මේ සිරිපතුල පිහිටුවන්ඩ කලින් සර්වරාත්‍රික පිරිතකුත් තිබුනයි කියලා ගම්මු අපට කීවා. ඒ පිරිතට කනක හේරත් එහෙමත් ආවයි කිව්වා. ඒ අයට පිලිගන්න හදලා තිබුනු පොඩි තොරණ තමයි පහල පින්තූරේ තිබ්බේ.
අපි කට්ටිය කන්ද නැගලා පන්සලත් වැඳගෙන ටික වෙලාවක් ගිමන් හැරියා. ඊට පස්සේ අපි තකහනියෙම වාගේ කන්ද බැස්සා.. මොකද අපේ ඊලඟ ගමනාන්තය වෙලා තිබුනු උතුවන්කන්ද බලන්ඩ යන්ඩ වෙලාව ඉතුරු කරගන්ඩත් එපෑ..
උතුවන්කන්ද නැගපු හැටි ඊලඟ ලිපියෙන් කියන්නම්.. එහෙනම් මං ගියාවේ !
ජය වේවා ! හැමෝටම සුබ රාත්‍රියක් වේවා !
අඩේ කෝංගස්සංදියෙන් හැරිල අලව්ව පාරෙ ආව කීව... ඉලව්වයි මං ඒ පාරෙ නෙව ඉන්නෙ... සැක් ඉතරක්... මෙයා අපේ ගමේ ඇවිත් තියේ අපි දන්නෙත් නෑ...
ReplyDeleteචාරිකා විස්තරය නං අපූරුයි... පිංතූර ටිකත් පංකාදු පහයි...හ්ම් ඊ්ලග එකත් දාන්නකො...
ආයි අපේ අහ යනව නං කියන්න ඕනෙ
මේක කලින් දැම්ම එකක් නේද,මට එහෙම මතකයක් තියෙනව.
ReplyDeleteමට නම් ආසා හිතෙන්නේ යන ගමන් කාපු ඒවාට නේ...:)
ReplyDeleteකඩුගන්නාව හරියෙන් යනකොට ඔය කන්ද දිහා බලාගෙන ගියාට එතන පන්සලක් තියෙනව කියලා නම් හිතුවෙ නෑ... යන්න කැමති කෙනෙකුට සොයාගෙන යන්න පුළුවන් විදියට විස්තරය ලියලා තියෙනවා... බොහොම ස්තුතියි...
ReplyDeleteමරු ෆොටෝ ටික. මේ විහිළුවට නෙමේ සිරාවටම කොයි වෙලාවක හරි අපිත් සෙට් වෙලා යමුකො ත්‍රිපක්.
ReplyDeleteඅනේ මන්ද බන් උබල යන ඒවට හූල්ල හූල්ල ඉන්නව මිසක්ක කොයිද ඉතින් ඕව යන්න වෙලාවක් කලාවක්... ඒකනම් හදා ගත්තැහැකි... බට්... අපේ හැතිකරේට එන්න බෑලුනෙ...
ReplyDeleteනියමමෙට ගමන් මාර්ග ටික විස්තර කරල තියෙනව.
ReplyDeleteමටත් ඔය වගේ ගමන් යන්න ආසාවක් තිබුණත් හවුලට යන්න එකෙක් නැති කමිං ඔහෙ බලාගෙන ඉන්නව.
මධූ අයියා මේ දවස්වල හරි හරියට ගමන් බිමන් යනවා වගේ :)
ReplyDeleteඋඹ දේශ ගවේෂකයෙක් නේ මචං
ReplyDeleteසිරි පතුලක් පිහිටුවන්නේ කොහොමද? සිමෙන්තියෙන් හදල ද? ගමන ඉතින් එල... මාවනැල්ලේ කිව්වම මට සුන්දර අසුන්දර මතක එකතු වෙච්ච තැනක්.. හෙහ් හෙහ්
ReplyDeleteබතට කන්න බැරි බතලේගලටත් නැග්ගා එහෙනම් මධුත් දැන් මේ දිපංකරේ හැම ඉසවුවකම ඇවිදන්න පුරුදු වෙලා.
ReplyDeleteඅද තමයි ආවේ.. මරු ගමන් නේ
ReplyDeleteනියම ගමනක් නොවැ බොලා ගිහින් තියෙන්නෙ.
ReplyDeleteමම අවුරුදු දෙකක් විතර මාවනැල්ලේ නැවතිලාත් හිටිය. ඒත් ඕන කම තිබ්බට බතලේගල වත් උතුවන් කන්ද වත් නගින්න උනේ නැහැ.
ReplyDeleteපොල්ගහවෙලින් යනවට වඩා රඹුක්කන ස්ටේසමෙන් බැස්සනං ලඟයි මයේ හිතේ.
ලංකාව වෙටේම යනවා වගේ ... හරිම ශෝක් ගමනක්...
ReplyDeleteMahesh Rathnayaka :
ReplyDeleteඅනිවාර්යෙන්ම කියලා එන්නම්.. ඒ නැතත් අලව්වේ ආපු වෙලේක එන්න බැරුව යෑ..
Helapa kade :
කලින් ලියලා නෑ.. ඒ ලිව්වේ වල්ල පට්ට ගහ ගැන !
Podi Kumarihami :
අපේ අම්මට කියලා හදෝලා දෙන්න ද ඔයාට ?
Miyuru :
ReplyDeleteලංකාවට ආපු කාලෙක වෙනසකටත්තෙක්ක ඔය වගේ ගමනක් දෙකක් යමු.
චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
ඔන්න යනවා නං ගමනක් තියෙනවා.. යමුද ? අලුත් පෝස්ට් එක බලන්ඩ !
ගාලු කොල්ලා :
එනවා නං ආදර කන්දේ යමු ද ? කට්ටියත් ඉන්නවා වෑන් එකකුත් සෙට් !
Praසන්ன :
ReplyDeleteඅන්න ඒක තමයි මටත් තිබ්බ පුරස්නේ.. ඒකට තමා මම කට්ටිය එකතු කරගන්ඩ දත කන්නේ..
ධාරා :
නැතුව නැතුව... තව අවුරුද්දකින් ඔය කොහේවත් යන්න වෙන්නේ නෑ.. :(
ඉවාන් පවුලූශා :
හෙහ්... ඕක ඉතිං මගේ ආසාවක්නේ.. :)
Pathum Herath :
ReplyDeleteනෑ සිමෙන්තියෙන් නෙමේ.. ගලේ කොටනවාලු.
ඒ කියන්නේ මාවනැල්ල කියන්නේ පැතුම් අයියගේ ජීවිතේට සෑහෙන අත්දැකීම් එකතු කරපු නගරයක් !
දයානන්ද රත්නායක :
අනිවාර්යෙන්ම... ඇවිදින එක ආසාවක් වෙලා මගේ..
Shehara perera :
දිගටම එන්න.. මගේ අඩවියට සාදරයෙන් පිලිගන්නවා
රජ වීදියේ උමේෂ් :
ReplyDeleteඒකනේ... අපිත්තෙක්ක ගමනක් යමු ද ?
පොත් ගුල්ලා :
ඒ උනාට අරූගේ වෑන් එක පොල්ගහවෙලට එනවයි කියපු නිසා තමා එහාට්ට ආවේ අපි.
තුශානි :
ඔවු.. යන්න නම් ආසයි !
මේගොල්ලන්ට කන්දක් පේන්න බෑ නේ :D
ReplyDeleteNice post mchan!
ReplyDelete