17 April 2011

ගොක් ඉරිදා

කලින් පෝස්ට් එකක කිතුනු බැතිමතුන්ට විෂේශ දවසක් වෙච්ච අළු බදාදා දිනයේ තිබ්බ විෂේශත්වය කිව්වා මතක ඇති. ඒ ලිපිය කියවන්න බැරි උනා නම් කැමති කට්ටිය මෙතන ක්ලික් කරලා කියවන්න. අළු බදාදයින් පස්සේ එන සුවිශේශි දිනය තමයි ගොක් ඉරිදා කියන්නේ.අළු බදාදායින් පටන් ගන්න කාලය හදුන්වන්නේ චතාරික කාළය කියලා එහෙමත් නැත්නම් දුක්ප්‍රාප්ති කාළය කියලා. ජේසුතුමාගේ දුක් විදීම කුරුස ගතවීම හා කුරුසයේ උකුත් වීම සිහි කරනනේ මේ කාල සීමාවෙයි.

ගොඩක් කතෝලික අය වගේම කතෝලික නොවන අයත් හිතාගෙන ඉන්නේ නත්තල් මංගල්ල්‍යය එහෙමත් නැත්නම් ජේසු තුමාගේ උපත සිහි කරන එක තමයි කිතු බැතිමතුන්ගේ සුවිෂේශි ම දිනය කියලා.ඒ කතාව වැරදියි. දරුවෙක් ගේ උපතක් සුවිෂේශි වෙන්නේ ඒ දරුවගේ දෙමව්පියන්ටයි එයාගේ නෑදෑ අසල්වැසියන්ට විතරයි. එහෙම නම් ඒ දරු උපත ලෝක වාසින් සිහිපත් කරන්න මොකක්හරි සුවිෂේශි හේතුවක් තියෙන්න ඕනේ.

එහෙම යම් කෙනෙක්ගේ උපතක් ලෝ වැසි ජනතාව ඉමහත් ගෞරවයෙන් භක්තියෙන් සිහි කරන්න ප්‍රධානම හේතුව වෙන්නේ ඒ කෙනා ජීවත්ව ඉන්න කාලේ කරපු කියපු දේවල් නිසයි. කෙනෙක් ජීවත් වෙලා ඉන්නකන් ලෝ වැසියන්ට හොදක් කලා නම් ඒ මිනිස්සු ඒ අදාල කෙනාගේ උපත සිහි කරනවා. ඒ කෙනා උපන් දවසට ජනතාව ඒ ගෞරවය ඒ කෙනාට ලබා දෙනවා.මේ කතාව ජේසුස් වහන්සේටත් පොදුයි. අපි කාටත් එක වගේ පොදු කාරණාවක්. බුදු දහමෙත් එහෙම්මමයි වෙනසක් නෑ.

ජේසුස් වහන්සේ තම ආගමික කාර්යය ආරම්භ කරමින් තැනින් තැන ගිහින් කිතු දහම දේශනා කරලා ලෝක වාසි ජනතාවට ප්‍රේමයේ දහම කියා දීපු කාලය පටන්ගෙන අන්තිමේ නොකළ වරදකට කුරුස ගත වීම හා කුරුසියේ උකුත් වීම දක්වා දිවෙන සිද්ධි දාමය සිහි කරන කාලය තමයි මේ චතාරික කාළය කියලා කියන්නේ. ඒ කිතු දහම ලොවට හදුන්වා දිම නිසයි කිතු උපත ඉමහත් භක්තියෙන් සමරන්නේ.

අන්න ඒ කිතු දහම දේශනා කරන්න, ජේසු තුමාට ගමින් ගම යන්න සිද්ධ උනා. ඒ විදිහට කිතු දහම දේශනා කිරීමට කොටලුවෙක් ගේ පිට ජේසු තුමාගේ උතුරු සලුව අතුරලා ඒ මත හිදගෙන ජෙරුසරමට ගිය අවස්ථාවේ ජෙරුසලම් වැසියෝ, පාර දෙපස රැස්වෙලා ඔලිව් අතු වනමින් "හෝසන්නා (සැරදේවා)!!!! " කිය කියා ජේසු තුමාව පිලි ගත්ත එක තමයි ගොක් ඉරිදා දවසේ තියෙන විශේශත්වය විදිහට කිතුනු භක්තිකයෝ සමරන්නේ.

අන්න එහෙම ඔල්වරසන් දීලා පිලිගත්ත ජනතාවම තමයි අන්තිමේදි ජේසු තුමාට බොරු චෝදනා එල්ල කරලා කුරුසියේ මරණය දක්වාම අරගෙන යන්නේ.

ගොක් ඉරිදා දවසට කිතුනු දේවස්ථානවල දිව්‍ය පූජාවක් තියනවා. එදා ජෙරුසලමේ වැසියෝ පාවිච්චි කරපු ඔලිව් අතු වෙනුවට ගොක් කොළ පාවිච්චි කරන නිසයි මේ ඉරිදට කිතුනු බැතිමතුන් ගොක් ඉරිදා කියලා කියන්නේ. එදාට පූජාවට අරන් එන ගොක් කොළ ආශිර්වාද කරනවා. ඒ ගොක් කොළ අරන් ගිහින් කුරුස හදලා ගෙවල්වල උළුවස්සේ එල්ලන්නත් කිතුනුවන් අමතක කරන්නේ නෑ.අන්න එහෙම එල්ලන ගොක් කුරුස අලු තමයි අළු බදාදා දවසේ නලලේ තවරන්නේ.
අන්න ඒ ගොක් ඉරිදා දවස තමයි මේ ඉරිදා ඔවුන් සමරන්නේ.

ප.ලි. - අපි බෞද්ධයෝ වශයෙන් අනිත් ආගම් ගැනත් යම්කිසි හරි දැනුවත් වීමක් තියෙන එක හොදයි කියලා හිතුන නිසයි කිතුනු බැතිමතුන්ගේ මේ වගේ සුවිෂේශි දින වල විෂේශත්වයන් බ්ලොග් ලිපිවල ලියන්නේ. මං අනිත් ආගම් ගැන නම් දන්නේ නෑ. මේ දේවල් ටිකක් හරි දන්න නිසයි ලියන්නේ.

31 comments:

  1. ඔව් යාළුවා.. මත් ඊයේ ඉදන් පාරේ හැමතැනම ගොක් වලින් හදපු දේවල් දැක්කා.. ලංකාවේ හොද වැඩ කාරයෙක් ගෙනල්ලා ගොක් වලින් හොද නිර්මාණ කරන්න තිබුන නම් කියලා මට ඒ වෙලේ හිතුනා... මම එහෙම කිවුවේ ඒ දේට අගෞරව කරන්න නෙමෙයි...

    ReplyDelete
  2. ගොක් ඉරිදාවක් ගෑන මේ ඇහුවමයි.ස්තූතියි ලිපියට.

    ReplyDelete
  3. මධුරංග
    ස්තූතියි ඔයාට අපව දැනුවත් කිරීම ගැන.

    ReplyDelete
  4. හැමෝටම වෙන වෙන ආගම් ගැන දැනගන්න මේ වගේ ලිපි ලියන එක ගොඩක් වටිනවා.......
    අය්යට සුභ පතනවා...ජය

    ReplyDelete
  5. එල එල කොල්ලා. ඒක හොඳ වැඩක්. ඕව දැනගෙන ඉන්න එක ඇත්තටම හොඳයි.

    ReplyDelete
  6. අළු සිකුරාදා ගැන දැනගත්තෙත් මධුරංග අයියගෙන් , එතකොට ගොක් සිකුරාදා ගැන දැනගත්තෙත් මධුරංග අයියගෙන් . ඇත්තටම මම මේ දේවල් අහන්නෙත් අද !

    ReplyDelete
  7. ගොබ් ඉරිදා

    ReplyDelete
  8. මං වගේ පොඩි ළමයින්ගෙ සාමාන්ය දැනුම වර්ධනය කරගන්න මධුරංග සහෝදරයා මේ ලියන එව්ව හරි ප්ර්යෝජනවත්....... තැන්කූ අපිව දැනුවත් කලාට :)

    ReplyDelete
  9. ඔව් මෙහෙත් හැම තැනම ඔලිව් අතු දෙනවා..අද පල්ලියේත් දිලා තිබ්බා.... වැදගත් ලිපියක් මධු අයියා..

    ReplyDelete
  10. මෙහේ ජෝජියාවේ ඔතෝඩොx ක්‍රිස්තියානි ආගම නේ තියෙන්නේ.. ඒ අයගේත් පාම් සන්ඩේ අද තමා!!! මෙහේ පල්ලි වල ගොක් කොල දෙන්නේ නෑ... ඔලිව් වහේ අතු තමා දෙන්නේ.... මේහේ කොල වලින් සන්කේත කරන්නේ ස්පිරින්ග් එකයි අස්වෑන්න නෙලා ගෑනීම.... (ජේසු ට හෝසන්නා කියපු එක තමා මූලික කතාව ) ඊට අමතරව තමා අරවා සන්කේත කරන්නේ.....

    ප.ලි.. ඔතඩොx අයගේ නත්තල් දවස ජනවාරි 7....

    ReplyDelete
  11. මන් ඔය ගැන දැනම් හිටියෙම නෑ..

    මට මේ ලිපිය කියවද්දි දෙපැත්තෙන් බොදවෙච්ච template එක පෙනවා.. එතකොට ඇස්වලට හරිම අමාරුයි තව අයට මේ අවුල තියනවද දන්නෙ නෑ

    ReplyDelete
  12. හ්ම්,හොදයි.හැබැයි මට එදා පල්ලි යන්න බැරි උනා. :-)

    ReplyDelete
  13. වැදගත් ලිපියක්...

    ගොක් ඉරිදා කියන්නේ ජේසුතුමා ජෙරුසලමට පැමිණීම සිහිකරන දිනය තමයි..බයිබලයේ තියන විදිහට ජනතාව ජේසුතුමාව පිලිඅරගෙන තියෙන්නෙ රජෙක් වගේ... ඒකට බය වෙච්ච පාලකයෝ සතියක් ඇතුලතම එතුමාව මරලා දානවා...

    ඉංග්‍රීසියෙන් ගොක් ඉරිදට කියන්නෙ Palm Sunday කියලා... ඒ වගේම අපේ රටේ රෝමානු කතෝලික ජනතාව ගොක් ඉරිදා කිව්වත් ක්‍රිස්තියානි(රෙප්‍රමාදු ) අය කියන්නේ තල් අතු ඉරිදා කියලා ඒත් ඒගොල්ලෝ පාවිච්චි කරන්නෙත් ගොක්ම තමා...

    හැබැයි කතෝලික අය ගොක් කුරුස හදන විදිහෙත් ඒ අය ගොක් කුරුස හදන විදිහෙත් වෙනසක් තියනවා....

    ඊලඟට ගොක් ඉරිදා කියන්නේ ශුද්ධවූ සතිය පටන් ගන්න දවස... ශුද්ධවූ සතිය කියන්නේ චතාරික කාලයේ අවසාන හා වැදගත්ම සතිය..

    මේ සතියේ වැදගත් දින ගණනාවක්ම තියෙනවා....

    *ගොක් ඉරිදා -ආයෙ කියන්න ඕනෙ නෑනෙ

    *මහා බ්‍රහස්පතින්දා- ජේසුතුමාගෙ අන්තිම රාත්‍රී භෝජනය හා පාවාදීම

    *මහා සිකුරාදා- ජේසුතුමාගෙ උකුත්වීම

    *ආලේලුයියා සෙනසුරාදා- රාත්‍රියෙන් පටන්ගන්නවා ජේසුතුමාගෙ උත්ථානය සැමරීම

    ඊට පස්සේ පාස්කු ඉරිදා


    @හිස් අහස :අළු සිකුරාදා නෙමෙයි අළු බදාදා කියලත් ගොක් සිකුරාදා නෙමෙයි ගොක් ඉරිදා කියලත් නිවැරදි වෙන්න ඕනා.. (තරහා වෙන්න එපා මෙහෙම කිව්වට )

    ReplyDelete
  14. නියම ලිපියක් මචෝ

    ReplyDelete
  15. @Dinesh :
    අනේ මන්දා. මල්ලි දේවාලෙක උත්සවයක්වත් දැකලද මන්දා. ඔහොම ගොක් කොළ සැරසිලි කරන දෙයක් නෑ මං දන්න විදිහට. නිකන් පූජාවට එද්දි ගොක් කොළ අරන් ඇවිත් ඒවා ආශිර්වාද කරලා දෙනවා.

    @නදී... :
    ඔයවගේ දින දෙක තුනක් තියෙනවා අක්කා.

    @පීවර් :
    දන්න දෙයක් කියලා දෙන එකත් ලොකු පිනක්. ඒකයි මෙහෙම දේවල් ලිව්වේ.

    ReplyDelete
  16. @බීටා :
    ඔව් ඔව් සමහරවිට වෙන ආගමක කෑල්ලක් සෙට් උනොත් කාට කියන්නද ? නේද
    එතකොට ඒවා දැනගෙන ඉන්න එක හොදයි නේ :)

    @Kasun :
    ඔව් ඔව් කසුනෝ. උබටයි මටයි කවදාහරි ගොක් කොළ තමා.

    @හිස් අහස :
    අඩේ මේකා ඔක්කොම ටපලවගෙන. දැන් ඉතින් මොනා කරන්නද.

    ReplyDelete
  17. @DP :
    ගොඩක් ස්තූතියි. මට හරි වචනේ කියලා දුන්නට.

    @කුක්කු පැටියා :
    පොඩි ළමයින්ට කියලා දුන්නම නේ අනාගතේ බුද්ධිමත් ජාතියක් බිහි වෙන්නේ. පැටියට දැන් තේරුනැයි ?

    @නිම්ශා :
    ඔලිව් අතු දෙන්නේ කොහොමෙයි. ලංකාවේ ඔලිව් ගස් නැහැ නේද ? මම නම් ඔය ගැන වැඩිය දන්නේ නෑ. දන්න කෙනෙක්ගෙන් අහාලා බලන්නම්.

    ReplyDelete
  18. @සරදියෙල් :
    තැන්කූ මල්ලි ඔයා ඉන්න රටේ මේ දවසේ කෙරෙන දේවල් ටික පහදලා දුන්නට.

    @රත්නේ :
    මම ඒක හදන්නම්.

    @සීතල අයියා :
    අයියා කතෝලික ද ?

    ReplyDelete
  19. @ මධුරංග : නැහැ යාළුවා.. මම ලිවුවේ ගොක් ඉරිදාට ඉතාලියේ වෙන දේ.. පාරේ හැම තැනම අපි පොල් අතු වියනවා වගේ රටා දාලා හදපුවා තියෙනවා.. ඉතාලියේ මිනිස්සු එව අරගන්නවා...

    ReplyDelete
  20. @හරී :
    බොහොම ස්තූතියි කරුනු එකතු කලාට. මම නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා මේ ලිපියෙන්.

    @Prasanna :
    තැන්කූ තැන්කූ.

    @Dinesh :
    සමා වෙන්න සහෝදරයා. මම හිතන් හිටියේ ලංකාවේ කොහේදි හරි දැකපු දෙයක් ගැන කිව්වා කියලා. සමහර දේවාල වල වේල් උත්සව වලදිත් ගොක් කොළ පාවිච්චි කරනවා. ඒකයි මම අරෙහෙම කිව්වේ.

    ReplyDelete
  21. අන්න උඹට හරියටම සීන් එක තේරුනා.

    ReplyDelete
  22. රුසියන් කාරයෝන් ගෙයි ජෝජියන් කාරයොන්ගෙයි මූලික් ආගම තමා ඔතෝඩොx ක්‍රිස්තියානි ආගම..
    The word orthodox, from Greek orthos ("right", "true", "straight") + doxa ("opinion" or "belief", related to dokein, "to think")

    ල0කාවේ තියන රෝමානු කතෝලික ආගමෙයි ඔතොඩෝx වලයි වෙනස දෑනගත්තාම මම අයියාට කියන්නම්... මරිය තුමී ට කියන්නේ මරියම් කියලා .. තව එකක් ඒ කට්ටිය පල්ලියේ දන ගහන්නේ නෑ...

    ReplyDelete
  23. @මධුරංග නැතුව මලයා.
    ඔලිව් ගස් ලංකාවෙ නෑ හලෝ.ඔය නිම්ශා කියන්නෙ ඉතාලිය ගැන.ඉතාලියෙ ඔලීව් ගස් තියෙනවා ඕන තරම් :-)

    ReplyDelete
  24. @Kasun :
    හික්ස් ..... ඊට කළින්කොහොමහරි ගැණු ළමයෙක් යාලු කරගන්න බලමු.

    @සූර සරදියල් :
    විස්තර වලට ගොඩක් ස්තුතියි මල්ලි.

    @සීතල අයියා :
    බලාගෙන ගියාම ගොඩක් කට්ටිය ඉන්නේ ලංකාවෙන් පිටනේ.

    ReplyDelete
  25. ඇත්තටම මධුරන්ග අයියා මම මෙහෙම දෙයක් ගැන දන්නෙත් නැ..අපිට මේවා ගැන කීවට බොහොම ස්තුති..

    ReplyDelete
  26. නොදන්න ගොඩාක් දේවල් දැන කියා ගත්තා,බොහොම පින් මේ වගේ අනෙක් ආගම් ගැන කියලා දෙන එක වැදගත්.මොකද අපි හැම ආගමටම ගරු කරන්න ඕන,

    ReplyDelete
  27. @කැටියා :
    මම දන්න දෙයක් කියලා දුන්න එක ගැන සතුටුයි. ඒ වගේම මගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගනිමි.

    @ප්‍රාර්ථනා :
    අනිවාර්යෙන්ම තමන්ගේ ආගමට වගේම අනිත් අයගේ ආගම් වලටත් ගරු කරන්න ඕනේ.

    ReplyDelete
  28. රෝමානු කතෝලික හා ඕර්තොඩොක්ස් අතර මූලික වෙනස තමයි ඒ අය පාප්තුමා යටතේ පාලනය නොවීම.

    කතෝලික සභාවෙන් මුලින්ම බෙදිලා ගිහින් තියෙන්නෙ ඕර්තොඩොක්ස් සභාව තමයි.

    මට කාලය හරියට මතක නෑ.

    කොහොමහරි ඒ දවස්වල කතෝලික සභාව කොටස් කොටස් විදිහට තිබිලා තියෙන්නේ. ඒ කිව්වේ මධ්‍යගත් පාලනයක් තිබිලා නෑ. එක එක නගර ආශ්‍රිතව වෙනම වෙනම පාලනයක් තිබිලා තියෙන්නෙ. ඉතින් රෝමය පැත්තට වෙන්න හිටපු නායකයන්ට හිතුනලු ඔය සේරම ටික එකතු කරලා රෝමය ප්‍රමුඛ මධ්‍යගත පාලනයකට යන්න.

    ඒත් ග්‍රීසිය අවට සභා ඒකට විරුද්ධ වෙලා රෝමානු කතෝලික සභාවෙන් අයින්වෙලා තියෙනවා.

    වැඩි විස්තර ඕනෙනම් පහල පොත කියවන්න. කිතුනු නොකිතුනු හැමෝටම තේරෙන විදිහට ලියලා තියෙන්නේ.

    නූතන ක්‍රිස්තියානියේ විවිධ ශාඛා හා මූලධර්ම,
    ඇන්තනි ප්‍රනාන්දු
    ISBN :9559036092

    ReplyDelete
  29. @හරී :
    ගොඩක් වටිනවා මේ කියපු දේවල්. මේදේවල් කියලා දුන්නට ගොඩක් ස්තූතියි. ඒ වගේම සහෝඉදරයත් කතෝලිකද කියලා දැනගන්නත් කැමතියි.

    ReplyDelete
  30. මට කෙනෙක් කිව්වා ඕක ට කියන්නෙ ගොබ් ඉරිදා කියලා. අනිත් අතට පාම් ගස් නැති රට වල ඒ තියන අත්තක් අරන් යන නිසා Branch Sunday කියලත් කියනවලු. ඒ හින්දා මේක ගොක් ඉරිදා වෙන්න ඇති කියලා මටත් හිතෙනවා. ඒත් මම බුද්ධාගමේ නිසා හරියට කියන්න දන්නෙ නෑ.
    මොකක්ද හරි "ගොක් ඉරිදද? " , "ගොබ් ඉරිදද?"

    ඒ මොනවා වුනත් ජේසු තුමා ගෙ කතාව හරිම සංවේදී එකක්. ඒකෙ නාමයෙන් මිනී මැරුනේ කොහොමද කියලා නම් හිතාගන්නවත් බෑ. මොන හොඳ දෙයක් වුනත් මිනිස්සු අතට පත් වුනාම ඒක වන කරගන්නවා.

    ReplyDelete
  31. @ ඇනො:

    කටවහරෙන් ගොක් ඉරිදා.. ලියන බාසාවෙන් ගොබ් ඉරිදා

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.