27 October 2010

ගම්පහ දිස්ත්‍රික්කයේ සංචාරය කරනවනම්.....

හැමදාම කතා ලියන එකේ මට හිතුනා සංචාරක සටහන් ගැන බ්ලොග් එකක් ලියන්න. ඉස්සර මං අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගේ ලියලා ගෙදර ඉන්න ටිකේ කොහෙහරි ඇවිදින්න කියලා හිතුනා. ඇවිදින්න කිවුවේ රස්තියාදුවේ යන එක ගැන නෙමෙයි. කොහේ හරි ට්‍රිප් එකක් වගේ යන්න කියලා. ගෙදර ඉන්නත් කම්මැලියි.

මං සාමාන්‍ය පෙළ කරපු ඉස්කෝලේ හිටියා ඔය සංචාර වලට කියාපුම සර් කෙනෙක් ජනක මල්ලවාරච්චි කියලා. මමත් ගෙදර ඉන්න ටිකේ සර් ව හමු වෙලා යන්න හොද තැන් මොනවද කියලා ඇහුවා. සර් නම් තැන් ගොඩාක් කිව්වා. නමුත් යන්න තමයි අමාරු. මොකද දුර වැඩියි එක දවසින් ගිහින් එන්න අපහසුයි.


ඒ හින්දා මං සර්ට කිවුවා '' සර් ගම්පහ දිස්ත්‍රික්කයේ යන්න හොද තැන් තියෙනවද කියලා ?? ''
සර්රුත් ගත් කටටම කිව්වේ නැතෑ '' අපොයි යන්න තැන් ද නැත්තේ ? '' කියලා. මගේ ඉහේ මලක් පිපුනා වගේ ඒ කතාව අහලා. මං සර්ට කිවුවා එහෙනම් යන්න හොද තැන් ටිකකුයි යන හැටියි කියන්න කියලා. සර් ස්ථාන ලැයිස්තුවක්ම දුන්නා.

මෙන්න එහෙනම් ඒ ලැයිස්තුවෙන් කිහිපයක්.

(1) ගම්පහ අස්ගිරිය පන්සල - ගම්පහ නගරය ආසන්නවම තියෙන ලස්සන පන්සලක් තමයි අස්ගිරිය පන්සල කියන්නේ. අස්ගිරිය කියල නම හැදුනේ අශ්ව + ගිරිය අස්ගිරිය වීමෙන් කියලයි ජනප්‍රවාදයේ තියෙන්නේ. අස්ගිරිය පන්සලට යනවා නම් ගම්පහ - ජා ඇල බස් නැවතුම්පොලෙන් මිනුවන්ගොඩ (මාර්ග අංක 270 ) හෝ දිවුලපිටිය (මාර්ග අංක 211 ) බසයකට ගොඩ වී බුලත් කඩේ හංදියෙන් බහින්න. ඊට පස්සේ දකුණතට ඇති පාරේ ටික දුරක් ගියහම පස්නලට යන්න පුලුවන්

(2) මාලිගාතැන්න රජමහ විහාරය - මාලිගා තැන්න විහාරය ප්‍රසිද්ධ වන්නේ ආර සේනාසනයක් හැටියටයි. ගම්පහ දිස්ත්‍රික්කයේ මුල් ඓතිහාසික ගුහා විහාර 19 න් එකකි. නිසංසල වනගත පරිසරයක පිහිටා ඇති මෙ විහාරය සංචාරයකට නම් කියාපු තැනක්. ගමන් මාර්ගය කියනවා නම්, කොළඹ - නිට්ටඹුව (මාර්ග අංක 180) හෝ කොළඹ - ගම්පහ (මාර්ග අංක 200) බස් එකක ඇවිත් මිරිස්වත්ත හංදියෙන් බසින්න. ඉන්පසු මාර්ග අංක 205 ගම්පහ - කිරිඳිවැල බස් එකෙන් මාලිගාතැන්න හංදියෙන් බසින්න.

(3) අත්තනගල්ල රජමහ විහාරය - සිරිසගබෝ රජතුමා හිස දන් දුන් තැන ලෙස ප්‍රසිද්ධියක් උසුලයි.විහාරයට යනවානම් , නිට්ටඹුවෙන් මාර්ග අංක 182 හංවැල්ල බසයෙන් විහාරය අසලටම පැමිණිය හැක. පස්යලෙන් යන්න පුලුවන් විදිහකුත් තියෙනවා නමුත් බස් රථ එතරම් ම නැත.

(4)වාරණ රජමහ විහාරය - මෙයත් ගම්පහ දිස්ත්‍රික්කයේ තිබෙන ලෙන් විහරස්ථාන වලින් එකකි. ගමන් මාර්ගය කියනවා නම් , කොළඹ නුවර පාරේ තිහාරිය පැට්‍රොල් ෂෙඩ් එක ලගින් බහින්න. දකුණු පැත්තේ ඇති පාරේ ගමන් කරන්න. බස් ඇත. නමුත් එතරම් ම නැත.

(5) පිලිකුත්තුව රජමහ විහාරය - මෙයත් ලෙන් විහරයකි. ලංකාවේ ඇති ඓතිහාසික දැව පාලම් දෙකෙන් එකක් පිහිටි ස්ථානයකි. ගවේශනය කිරීමට සුදුසු වන සම්පතකට හිමිකම් දක්වන විහාර භූමියක් සතුවෙයි. බස් එකකින් යනවා නම් , කොළඹ නුවර පාරේ යක්කල හංදියෙන් ගම්පහ - කිරිඳිවැල ( මාර්ග අංක 231) බසයකින් ගොස් බටගොල්ල හංදියෙන් බැස දකුණට ඇති පාරේ යන්න. ටික දුරක් පයින් යෑමට සිදුවේ. නැත්නම් 205 කිරිඳිවැල පාරේ පිලිකුත්තුව හංදියෙන් වමට හැරී සැතපුම් තුන්කාලක් පමණ පයින් යන්න.





(6) උරුවෙල රජමහ විහාරය - මිරිස්වත්ත හංදියෙන් මාර්ග අංක 205 බසයෙන් යා හැකිය.

ඉහත සදහන් කර ඇත්තේ අදාල ඓතිහාසික ස්ථානවලට යාහැකි ගමන් මාර්ග පමනි. මෙම ස්ථාන වල ඓතිහාසිහ වැදගත්කම පසුවට ලියන්නම්. තවත් මෙවැනිම ස්ථානත් ගොඩක් තියෙනවා ඒවැත් පසුවට ලියන පොරොන්දුව දෙන්නම්.

සියලු දෙනාට ජය වේවා !!!

11 comments:

  1. බොහොම වටිනවා. දන්න - දකින දේ සටහන් කිරීමෙන් රටට යහපතක් වෙනවානම් සතුටු වෙන්න පුලුවන්.

    ReplyDelete
  2. @hithuwakkaraya > : තැන්කු සහෝ.. තව තැන ටිකක් තියෙනවා. ඒවත් තව බ්ලොග් එකකින් ලියන්න ඉන්නේ.

    ReplyDelete
  3. බොහෝම ස්තුතයි මධුරංග මාර ලස්සන තැනක් නේද ?මේ වගේ තැන හොයල තව ලියන්ඩ මේවා ගැන හුගක් ය දන්නේ නැතුව ඇති

    ReplyDelete
  4. @Tharanga : තැන්ක්ස් තරංග !!! මං අයෙත් එහෙම තැන් ටිකක් හොයලා ලියන්නම් :-)

    ReplyDelete
  5. මාලිගාතැන්න රජමහ විහාරය,වාරණ රජමහ විහාරය,පිලිකුත්තුව රජමහ විහාරය තුනම කවර් කරලා තියෙනවා... නියම තැන් තමයි...කඳු නගින්නත් පුලුවනි.......

    ඉතිරිවාටත් වෙලා තියෙන හැටියට යන්න ඕනෙ....

    ළඟ ඉඳලත් ගියෙ නැත්නම් වස ලැජ්ජාව....

    ReplyDelete
  6. @හරී :
    අඩඩා හරියා ගම්පහ පැත්තේ කොල්ලෙක් ද ? නියමයි නේ !!!! යමු යමු. නැත්නම් වස ලැජ්ජාව තමයි.

    ReplyDelete
  7. @මධුරංග :ගම්පහ කිට්ටුව තමයි...මගෙ identyයෙත් තියෙන්නෙ උපන් ස්ථානය ගම්පහ කියලා....
    හැබැයි වැඩේ කියන්නෙ මම ගම්පහ ඉපදෙනව තියා ඉස්සෙල්ලම ගම්පහ ටවුම දැක්කෙත් A/L class යද්දි....

    ඔන්න අපේ රටේ identy card හැදිල්ලෙ තරම...

    ReplyDelete
  8. බලාගෙන ගියාම කොළඹ ආසන්නයේම අපි නොදන්න තැන් බොහෝමයිනේ. ඔය විහාර වලින් මම දෙක තුනකට විතර ගිහින් තියෙනවා. අනෙක්වාටත් ලගදීම යන්න බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  9. ඉතාම වැදගත් තොරතුරු රැසක් තියනව තවත් මෙවන්ම යම් දේ ඇත් නම් මේ අයුරින් පල කිරිම වැදගත් ඔබට ස්තුතියි පලක් නැති වල්පල් ලියන කාලය මෙවන් දෙයකට යොමු කිරිම ගැන තෙරුවන් සරණයි

    ReplyDelete
  10. මට මාලිගාතැන්න ගැන english වලින් තියෙන page එකක් හොයල දෙන්න ඉක්මනටම ඕනේ

    ReplyDelete
  11. නියමයි ඉතිහාසයට අදාල තැන් තව ොයන්න

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.