සීමිත ද්‍රව්‍ය ප්‍රමාණයක් එකතු කර විනාඩි කිහිපයක් තුළදී සාද ගත හැකි ක්ෂණික ආහාරයකි, කොත්තු රොටිය. මෙයට කොත්තු රොටිය යැයි කීවාට එය ගෝදම්බ රොටි කිහිපයක සංකලනයකි. ගෝදම්බ රොටි එකතු කර සාදන කොත්තුවට කෙටියෙන් රොටි කොත්තුව යැයි ව්‍යවහාර කරන අතර ගෝදම්බ රොටි වෙනුවට ඉදි ආප්ප හෝ බත් ද භාවිතා කළ හැකිය.එවිට එය බත් කොත්තුව හෝ ඉදිආප්ප කොත්තුව නම් වේ.
මා රොටි කොත්තුවට එතරම් ප්‍රියතාවයක් නොදක්වයි. එයට මූලිකම හේතුව වන්නේ රොටි කොත්තු කෑ විට විටින් විට වතුර බීමට සිදු වීමයි. වතුර ගැලුමක් බීවද මේ පිපාසය නම් සංසිදෙන්නේ නැත. රාත්‍රිය මැදින් මැද නැගිට නැගිට වතුර බීමට ද සිදුවේ. මෙය ඉතාම කරදරකාරි තත්වයකි. පිටි කෑම කෝයි එක කෑවත් ඔහොම්මම ය. මේ නිසාම රොටි කොත්තුවට වඩා බත් කොත්තුව ඉස්තරම් ය. වතුර ගැලුම් ගණන් බීමට සිදු වන්නේ ද නැත.
අප පේරාදෙණිය තිප්පොලෙහි සිටි දිනවල මසකට වරක් පිට කඩේකින් ආහාර ගැනීමට යන්නෙමු. ඒ ගිය විට අපේ ජනප්‍රියම කෑම වන්නේ කොත්තු රොටි ය. මසක් පුරාම කැන්ටින් හොද්දත් මෙලෝ රහක් නැති මැල්ලුමත් සමග බත් කෑ අපට මේ කොත්තුව දිව්‍ය භෝජනයට වඩා අගනා කෑමක් විය. මේ නිසාම අප කොත්තුවට ඉතාමත් ඇලුම් කළෙමු.
කොත්තු රොටිය රාත්‍රී කෑමකි.මේ නිසාම රාත්‍රි කෑම කඩවල නොවරදින කෑම අතර කොත්තුවට සුවිශේෂි තැනක් හිමිවේ. කොත්තු රොටි සාදන්නන්ට කොත්තු බාස්වරු යැයි ව්‍යවහාර කරන අතර කොත්තු සෑදීම සඳහා මාත්‍රා හයේ අටේ වේග රිද්ම තාලයක් භාවිතා කළ යුතු ය. එසේ නොවුනහොත් කොත්තුව හරියාකාරව හැදිය නොහැකි වේ.
ටකට ටකට ටකට ටකට !
මෙය කොත්තු රොටි සෑදීමේ ජනප්‍රියතම වේග රිද්ම තාලය වේ. කනට අමිහිරි තාලයකි. මේ තාලය හැරෙන්නට කොත්තු බාස්වරු දන්නා වෙන තාලයන් නොමැති නිසා කොත්තු පරිභෝජකයෝ ඉතාමත් අසීරුවෙන් හෝ මේ තාල වාදනය අසා සිටී.
කෑම හා සම්බන්ධ ගීත එකතු කලහොත් ඒ ගීත වලින් වැඩිහරියක් ඇත්තේ කොත්තු රොටි ගැන කියැවී ඇති ගීත වේ. අයෙක් මට කොත්තුත් ඕනේ ලයිමුත් ඕනේ යැයි පවසන අතර තවත් අයෙක් මේ ඔක්කොම රොටි හබක් වෙලා රජ කරන්නේ කොත්තු රොටියලූ යැයි පවසයි.
කාර්යබහුල ජීවන රටාවකට හුරුවූ ජනතාවක් සිටීමත් හැම හෝටලයකින්ම වාගේ ඉතාමත් පහසුවෙන් ලබාගැනීමට හැකි වීම නිසාත් යන කාරණා හේතු කොටගෙන අපේ රට තුල කොත්තු රොටියට පවතින ඉල්ලුම දිනෙන් දින වැඩිවන බව මගේ අදහසයි.
28 November 2013
27 November 2013
ගුවන් විදුලි නාට්ටි
ගුවන් විදුලි නාට්ටි ගැන අපේ පරම්පරාවට වඩා හොඳින්ම දන්නේ අපේ අම්මලා අප්පච්චිලෑ පරම්පරාව. ඒ කාලේ රූපවාහිනියට වඩා ජනතාවට සමීප මාධ්‍යය වෙලා තිබුනේ ගුවන් විදුලිය.. සරලව කියනවා නං රේඩියෝ එක !
ප්‍රවෘත්ති දැන ගැනීම වගේම සිංහල ගීත හින්දි ගීත රසවිඳින්න ඒ දවස්වල තිබ්බ එකම මාධ්‍යය වෙලා තිබුනේ රේඩියෝව.. ! මේ හන්දම රේඩියෝ නාලිකා එක්ක අත්වැල් බැඳගත්ත ශ්‍රාවක පිරිසක් බිහිවෙලා තියෙනවා.. ඔය අතරින් ගම්පහ පත්මාවෝ මහේශ්වරී, ගාමා ගාමිණී සුබසිංහ වගේ නම් කිහිපයක් අපේ අප්පච්චි අදටත් මතක් කරනවා...
මං පොඩිම කාලෙදිත් අපේ ගෙදර තිබ්බා රේඩියෝවක්.. ඕකෙන් අපි උදේ දවල් ප්‍රවෘත්ති ඇහැව්වා.. එතනින් ගියහම උදේට උදේට දේශාභිමානි ගීතත් ඇහුවා... ඒ ඇරෙන්න සිංදු ඇහැව්වයි කියලා මතකයක් නං නෑ.. ඇයි ඉතිං බැටරිය ඉතුරු කරගන්ඩ එපෑ... !
ටිකක් හරි තේරෙන වයසට එනකොට සඳුදා හවසට (මතක විදිහට 8.30ට) මුවන්පැලැස්ස නාට්ටිය ඇහැව්වා. සෙනසුරාදා හවස "සිපෙට්කෝ මහත්තයා" කියලා නාට්ටියක් ඇහැව්වා. ඔය නාට්ටි දෙකම ගියේ ලක්හඬ නාලිකාවේ !
දැන් නම් රූපවාහිනිය ජනප්‍රිය වෙලා හන්දා මිනිස්සු රේඩියෝ අහනවා අඩුයි.... ඒ හන්දමද මන්දා රේඩියෝ නාට්ටිත් අඩුයි !
ඉදලා හිටලා මල් නාට්ටියක් දෙකක් නම් තියෙනවා. ඒවා අහනවට වඩා හොඳා නිකා ඉන්න එක ! ඔන්න එක කොටසක් යනවා ඊට පස්සේ සිංදු තුන හතරක් යනවා... ආයෙම තව කොටසක් යනවා... සිංදු තුන හතරක් යනවා.... ඔහොම ගියහම නාට්ටිය කොතනින් ද නැවැත්තුවේ කියලා හිතාගන්ඩ බෑ.. !
තව නාට්ටි ජාතියක් තියෙනවා ඒවා පටන් ගන්නේ හවස හතේ ඉදන්. එකක් කියලා නෑ හැම නාලිකාවකම මේ ජාතියේ නාට්ටි යනවා. ඒකෙන් නං කරන්නේ කෙනෙක්ගේ දුකක් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන එක... මං නං ඒවට කොහෙත්ම මනාප නෑ...
ඔන්න තව පොඩ්ඩෙං කියන්ඩ ආපු කාරණාවත් අමතක වෙනවා... මේ දවස් ටිකේ ෂර්ලොක් හෝම්ස් කතා ටික නාට්ටි විදිහට සිරස එෆ්. එම්. නාළිකාවේ යනවා. හැම ඉරිදාම රෑ 9ට !
ඕක හන්දම තමා මේ පෝස්ට් එකත් ලියන්ඩ හිතුනේ..!
පුළුවං කෙනෙක් ඉන්නවා නං අහලා බලන්ඩ... !
අහන්ඩ මිස් වෙච්ච කතාවක් තියෙනවා නං සිරසේ යූ ටියුබ් පිටුවට මෙතනින් ගිහින් අහන්ඩ...
කලින් වතාවකුත් මේ නාට්ටි සෙට් එකම ගියා... ඒවයින් ටිකක් මට ඩවුන්ලෝඩ් කරගන්න ලැබුනා. ඒ ටික මෙතනින් බාගන්න !
එහෙනං මං ගියාවේ !

සංකල්පනා වර්ගය :
අනං මනං
23 November 2013
සති අන්තයේ දිගාමඩුල්ලේ ආශ්චර්යය
අද දවසට මට තියෙන ප්‍රධානම වැඩේ තමා උදේ තියෙන සාමාන්‍ය පෙළ පංතිය කරන එක. ඒ නිසා ඒකට සූදානම් උනා. අද ඉගැන්නුවේ භාග සංඛ්‍යා සුළු කිරීම !
ඒක මරු පාඩමක් ! මං අපේ අම්මගෙන් ටොකු කාපු තරමක් කෑවේ ඔය පාඩම ඉගෙන ගන්න ගිහිං. අපේ අම්මා ඒ දවස්වල ඉගෙන ගෙන තියෙන්නේ අංක ගණිතය හන්දා භාග සංඛ්‍යා සුළු කිරීම, කොටස් නාමික අගය, ලාභාංශ, පොලී වැල් පොලී වගේ පාඩම් සෑහෙන හොඳින් දන්නවා.
ජ්‍යාමිතිය වගේ පාඩම් නම් අපේ අම්මා දන්නේ නෑ.
පංතිය ඉවර වෙලා අම්මත් එක්ක මට උගන්නවපු ඒ අතීතය මතක් කර කර උන්නා. බලන්ඩ එපෑ ඒ වෙලාවේ අපේ අම්මෑ මූනේ තිබ්බ හිනාව. උන්දෑ ඇස් වලිනුත් හිනාවෙවී ඒ අතීතයත් මතක් කලා.
ඔහොම කතා කර කර ඉදලා දවල් වෙච්ච නිසා නා ගත්තා. දවාලකට නාගන්නවනම් ඉතින් සති අන්තයක්ම වෙන්ඩ එපෑ. නෑවට පස්සේ බඩගින්නකුත් ආවා. දවාලට යහමින් කාලා පොඩි නින්දක් දැම්මා. ඇහැරෙනකොට හතරයි !
ඇහැරිලා බලනකොට මේං හතරවටිං කළුකරගෙන.. වහින්ඩ වාගේ !
කිව්වත් වාගේ ඊට ටික වෙලාවකට පස්සේ ධරාණිපාත වැස්සක් පටන් ගත්තේ නැතෑ.. සීතලයි ! ඒ වගේම කම්මැලියි ! කරන්ඩ දේකුත් නෑ.නිදාගෙන නැගිට්ට හන්දා ආයේ නිදියන්ඩත් හිත නෑ.වහින හන්දා මල් කැඩිලි මැසේජ් කෙටිලිත් නෑ.. පස්සේ තමා මතක් උනේ මං මීට මාසෙකට කලිං ගෙනාපු පොතක් තියෙනවයි කියලා.
පොතේ නම තමා "දිගාමඩුල්ලේ ආශ්චර්යය". ලියලා තියෙන්නේ අපි කවුරුත් දන්න මායාරංජන් මහත්තයා ! කම්මැලිකම යන්ඩත් එක්ක කියලා ඒ පොත කියවන්ඩ පටන් ගත්තා. රස්සාවට ගිහිං අවුරුදු දෙකක් සම්පූර්ණ වෙච්ච හන්දා මතක් වෙන්ඩ කියලා මං මේ පොත ගත්තේ.
මේ තියෙන්නේ පොතේ පිටකවරය
දිගාමඩුල්ලේ ආශ්චර්යය පොත ගැන කියනවා නම් ඒක අගේ ඇති පොතක්.. ! දිගා මඩුල්ලේ ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ ජන ජීවිතය ගැන හරි අපූරුවට විග්‍රහ කරලා තියෙනවා. මේ පොත ගොඩක් පරණ එකක්. පළමු මුද්‍රණය 1957 අවුරුද්දේ කරලා තියෙන්නේ. ඒ නිසාම භාෂා භාවිතයත් ටිකක් ඉතර අමුතුයි. වෙනසක් තියෙනවා.
ඒ වෙනසත් එක්ක හරි අපූරුවට කියවගෙන යන්න පුලුවං පොතක්. මට මතකයි අපේ හතේ පංතියේ සිංහල අච්චු පොතටත් මේ පොතෙන් කොටසක් දාලා තිඋනා.
පොත කියවගෙන යනකොට මට හිතුන දෙයක් තමා මායාරංජන් මහත්මයා හරි වාසනාවන්ත මනුස්සයෙක් කියලා. එහෙම හිතුනේ ඒ වගේ සරල ජීවිත ගත කරපු මිනිස්සුත් එක්ක ජීවත් වෙන්ඩ ලැබුන හන්දා. ඒ මිනිස්සුන්ගේ ජීවිත වල අවශ්‍යතා හරි සීමිතයි. සරල ජීවිත. මහ ලොකු බලාපොරොත්තු නෑ..
අන්න ඒ වගේ ජීවත් වෙන්ඩ තියෙනවා නම්........කොච්චර ශෝක් ද
විවේකයක් තියෙනවා නම් කියවලා බලන්න දිගාමඩුල්ලේ ආශ්චර්යය. ලස්සන කතාවක්.ගොඩගේ පොත් සාප්පුවෙන් පොත ගන්ඩ පුලුවං !

පොත්
21 November 2013
මැල්ලුම් ගැන
නිරෝගී ජීවිතයකට වතුර බීම අත්‍යවශ්‍යයි, දවසකට ප්‍රමාණවත් වතුර ශරීරයට ලැබෙන්ඩ ඕනේ, ඒ නැත්නම් ලෙඩ රෝග වලට ගොදුරු වෙන්ඩ සිදුවෙනවා කියන කරුණු කාරණා ඇස්පනාපිටම ඔප්පු වෙලා පෙනුන කාළයක් මේක. ඒ අපේ කාර්යාලයේ වැඩ කරපු අයියා කෙනෙක්ට මුත්‍රා ගල් වලට බේත් ගන්ඩ වෙලා.
ඉතින් උන්දෑ අපට කියනවා හොඳට වතුර බීපල්ලා කියලා.
මුත්‍රා ගල් තියෙන කෙනෙකුට කියාපුම සිංහල බේත තමා අක්කපාන කොළ මැල්ලුම. ඒ උනාට අක්කපාන කොළ මැල්ලුමක් එක වතාවක් හරි ආසාවට කාපු එකෙක් නං දන්නවා මැල්ලුම කොච්චර රහද කියලා. දවසක් මාත් අපේ අම්මට කියලා ආසාවට මැල්ලුම හදෝ ගත්තා. හදාගත්ත නිසා කෑවා මිසක්කා ඊට පස්සෙං පහු කනවා තියා මැල්ලුමක් දිහා බලන්ඩවත් හිත නෑ..... තිත්තම තිත්තයි !
අඟුණකොළ මැල්ලුමට වඩා තිත්තයි. ඒ අතින් බලාගෙන ගියහම අඟුණකොළ මැල්ලුම කිසි ගින්නක් නැතුව කෑ හැකියි. අඟුණකොලවලත් කිරි අඟුණකොළ මැල්ලුම් හැදුවහම තිත්ත ගතියක් නෑ.. කිරි අඟුණ තනිකරම මැල්ලුම් හදනවට වඩා හොඳයි කලවං මැල්ලුමක් හදනවා නං.
කිරි අඟුණ කලවං මැල්ලුමයි පරිප්පු හොද්දකුයි සාළයෝ මාළුයි සම්බා හාලේ බතුයි කියන්නේ මගේ ප්‍රියතම කෑම. කොච්චර කෑවත් ඇති වීමක් නෑ...අපේ අම්මත් ඒක දන්න හන්දම මැල්ලුම් හදපු දාට සෑහෙන මැල්ලුම් තොගයක් මගේ පිඟානට බෙදනවා. :)
ගොටුකොළ මැල්ලුම් කන එක පීනසටත් හොඳා ලූ. ඒ නිසා කාළයක් අපේ අම්මා මට හීනිවට ලියාගත්තු රතුලූණු ගොඩකුත් දාලා අනපු ගොටුකොළ මැල්ලුම් දුන්නා.
මේ මැල්ලුම් ජාති ඇරුනහම මම ආසම කලවං පලා මැල්ලුමට. කෝප්ප කොළ, පැශන් දළු, මඥ්ඥොක්කා දළු, ජපන් බටු දළු එකතු කරලා මැල්ලුමක් හැදුවම මාර රසයි. ඒ මැල්ලුමට හරියන්ඩ පරිප්පු ටිකක් උයලා, කීරමින් සාළයෝ කරවල ටිකක් අල කෑල්ලකුයි තක්කාලි කෑල්ලකුයි දාලා උයලා ගත්තහම පංකාදු පහයි ! තව බැදපු මිරිස් කරලක් තිබ්බා නම් තවත් ගති !
හැමදාම කන ජාතියක් හන්දා මුකුණුවැන්න මැල්ලුම ගැන නං කියන්න යන්නේ නෑ...
තව ජාතියක් තමා ගොනිකා කොළ මැල්ලුම. ඒ මැල්ලුම ගොඩක්ම හොඳ කැඩුම් බිඳුම් වලට බේත් කරන අයට. කැඩුම් බිඳුම් වලට ගුණදෙන ගතියක් ඒ මැල්ලුමේ තියෙනවා.
ඕක ගොනිකා කොළ කිව්වට හරිම නම ගොනු කෑ කොළ වෙන්ඩ ඕන !
ඒකට නම හැදිලා තියෙන විදිහට අපූරු කතාවක් තියෙනවා.
ඉස්සර හරක් අයිතිකාර මනුස්සයෙක් තමන්ගේ ගොන් බාන දක්කගෙන කැලෙට යනවා. ගිහින් එහේ ගාල් කරලා එනවා. ආයේ උන්ව එක්කන් යන්නේ හවස. ඔන්න දවසක් මේ මනුස්සයා හරක් ටික දක්කගෙන එන්න කියලා කැලෑවට ආවා.එනකොට එක ගොනෙක් පොඩි කඳු ගැටේකින් වැටිලා කකුලක් කොර ගහනවා.
පොඩ්ඩක් හොයලා බලනකොට උගේ කකුලක් ඇමට්ටිවෙලා. (හෝ කැඩිලා) මූව දැං අරන් යන්න බැරි නිසා තව දෙතුන් දෙනෙක් එක්ක හෙට ඇවිල්ලා මූව අරං යනවා කියලා හිතලා උන්දෑ ඉතුරු හරක් ටිකත් දක්කාගෙන ගෙදර යනවා.
කොහොමින් කොහොමහරි මේ මනුස්සයාට පහුවෙනිදා උදේ එන්න අමතක උනා. මේ මනුස්සයා ආපහු ආවේ දවස් දෙක තුනකට විතර පස්සේ. මේ මනුස්සයා ඇවිදින් ගොනාව හොයනකොට මෙන්න මූ යස අගේට ඇවිදිනවා. ඇමට්ටි වෙච්ච ගතියක්වත් නෑ ලූ.
මේ මනුස්සයාට හරි පුදුමයි ලූ !
මූගේ කකුල හොඳ උනේ කොහොමද කියලා පොඩ්ඩක් විපරම් කරලා බලනකොට මේ මනුස්සයා දැක්කලු මේ ගොනා ලඟපාත තිබ්බ වැලකින් කොළජාතියක් කාලා තියෙනවා කියලා. ඒ කොළ ජාතිය කාපු නිසා හොඳ උනා කියලා හිතපු මේ මනුස්සයා ඒ වැල් වර්ගයට ගොනු කෑ වැල් කියලා නම් කලා ලූ.
පස්සේ කාලෙදි ගොනු කෑ වැල්, ගොනුකා වැල් වෙලා ගොනිකා වැල් උනා ලූ. අන්න ඒ ජාතිය තමා මිනිස්සුත් ගොනිකා කොළ කියලා හඳුනා ගන්නේ !
බලාගෙන ගියහම සත්තුන්ටත් මිනිස්සුන්ට වඩා හොඳට මොළේ තියෙනවා නෙව !
මුත්‍රා ගල් වලිං පටන් අරං ලියාගෙන ආපු ලිපිය මැල්ලුම් ගැන ලියවිලා.. හිහ් :)
එහෙනං මං ගියා වේ !

19 November 2013
ලිලිපුට් -බ්ලෙෆුස්කු යුද්ධය
ඈත අතීතයේ ඉදලා ලිලිපුට්ටන්ගේ ආගමික නීතියක් තියෙනවා එයාලා බිත්තරයක් කඩන්නේ ලොකු පැත්තෙන් කියලා. තමන්ගේ ආගමෙන්ම ආපු නීතියක් නිසා ලිලිපුට්ටෝ ඒ නීතිය ඉස්මුදුනෙන්ම පිලිගත්තා.ඒ විතරක් නෙමේ අකුරටම පිලිපැද්දා.
ඔහොම ටික කාලයක් ගත උනා කියමු. ලිලිපුට්ටන්ගේ අධිරාජ්‍යයා දවසක් බිත්තරයක් කඩනකොට බිත්තරේ කටුවට එයාගේ ඇඟිල්ල කැපෙනවා. ඔන්න එදා ඉදලා ඒ අධිරාජ්‍යයා නීතියක් ගේනවා මෙතැන් පටන් සියළුම ලිලිපුට්ටන් එයාලගේ බිත්තර කඩන්න ඕන ලොකු පැත්තෙ ඉදන් නෙමේ කුඩාම පැත්තේ ඉදන් කියලා.
ගොඩාක්ම ලිලිපුට්ටෝ තමන්ගේ අධිරාජ්‍යයාගේ අළුත් නීතියට එකඟ උනා. ඒ උනාට කැරළිකාරයෝ හය දෙනෙක් මේ නීතිය පිලිපැද්දේ නෑ. ඒ වගේම ලිලිපුට් රාජධානියට ලඟම රාජධානිය වෙච්ච බ්ලෙෆුස්කු (Blefuscu) රාජධානියේ අධිරාජ්‍යයා ලිලිපුට් අධිරාජ්‍යයාට චෝදනා කරනවා අතීතයේ ඉදලා ආපු ආගමික නීතියක් කැඩුවයි කියලා.
ඒත් ලිලිපුට් අධිරාජ්‍යයා ඒ චෝදනාව පිලිගන්න කැමති නෑ..
පිලිගන්න කැමති නෑ විතරක් නෙමේ, ලිලිපුට් අධිරාජ්‍යයා තර්ක කරනවා ඒ ආගමික නීතියේ තියෙන්නේ "තමන්ට ලේසිම පැත්තෙන් බිත්තරය කඩන්න" කියලා නියම කිරීමක්ලූ.අන්තිමේදි මේ වාදය දරුණු වෙලා යුද්ධයක් දක්වා දිග්ගැස්සෙනවා.
බ්ලෙෆුස්කු හමුදාවට කැරලිකාර හමුදාවේ සහයත් ලැබෙනවා.
මේ සටන දරුණු නිසා ලිලිපුට් හමුදාව ගලිවර්ගේ සහය පතනවා. ගලිවර් මුලින්ම හිතනවා මේ මොන විකාර යුද්ධයක්ද කියලා. නමුත් අන්තිමේදි ඔහුගේ සහය ලිලිපුට්ටන්ට ලැබෙනවා.
ඔන්න ඔහොම තමා ලිලිපුට් -බ්ලෙෆුස්කු ජාතින් අතර ඓතිහාසික යුද්ධයක් ඇති වෙන්නේ !
කොච්චර ලොකු ප්‍රශ්නයක්ද නෙහ් ?
ඔය යුද්දේ එතනින් නතර වෙන්නේ නෑ... ඒක කොම්පීතර් වලටත් එනවා. ඒ එන්නේ බිග් එන්ඩියන් (Big Endian) ලිට්ල් එන්ඩියන් (Little Endian) කියලා !
(බිත්තරේ ලොකු පැත්තට කියන්නේ බිග් එන්ඩියන් - Big Endian කියලා. පොඩි පැත්තට කියන්නේ ලිට්ල් එන්ඩියන් - Little Endian කියලා. )
කොම්පීතර් වල සංඛ්‍යාවක් ගබඩා කරනකොට බිග් එන්ඩියන් පද්ධතියක ලොකු කොටස ඉස්සෙල්ලාමත් පොඩි කොටස පසුවත් ගබඩා කරනවා.
ලිට්ල් එන්ඩියන් පද්ධතියක නම් කුඩා කොටස මුලින්මත් ලොකු කොටස පසුවත් ගබඩා කරනවා !
ඕං ඔය ප්‍රශ්නය හන්දා මේ දවස්වල මං හිර වෙලා ඉන්නේ ! :(
------------------------------------------------------------------
ප.ලි. - ඔය යුද්ධේ කෙසේ වෙතත් මට ආයෙම ජොනතන් ස්විෆ්ට්ගේ ගලිවර්ගේ චාරිකා පොත කියවන්න හිතුනා. ඒ දවස්වල ටීවී එකෙත් ගලිවර්ගේ සුවිසැරිය කියලා කාටුන් එක ගියපු අතීතයත් මතක් උනා.
ප.ප.ලි - බිග් එන්ඩියන් ලිට්ල් එන්ඩියන් ගැන දැනගන්න ඕන නම් මෙතනින් කියවන්න...

වෙනත් කතා
සංකල්පනා RSS සබැඳිය :
Posts (Atom)