පහුගිය මාස හතරෙම මගේ ජීවිතය ගෙවුනේ වැඩපොලයි ගෙදරයි අතරේ. උදෙම්ම වැඩට යනවා හවස් වෙලා ගෙදර එනවා ! පහුවෙනිදා උදේට ආයෙමත් වැඩට යනවා ගෙදර එනවා ! ඕක නිකන් චක්‍රයක් වගේ එක දිගටම මාස හතරක් කැරකුනා !!!
සති අන්තයේ ගෙදර ඉන්නවා තමා. ඒත් මං ගෙදර ඉන්ඩ වැඩිය ආස නෑ. මට එහෙම හිතෙන්නේ පොඩි කාලේ ඉදන් ගෙදරින් පිට ආච්චි
අම්මා ගාව හැදුන නිසා වෙන්ඩෑ. ඒ නිසාම මට ඕන උනේ ගෙදරින් පිට කොහේ හරි ගිහින් දවසක් දෙකක් නතර වෙලා ඉන්ඩ !
ට්‍රිප් එකක්වත් සෙට් උනේ නැති නිසා අපේ මලයට අදහසක් දැම්මා කොහේ හරි ඇවිදින්ඩ යං කියලා. දවස් දෙක තුනක් ගෙදරින් පිට ඉදලා ඇවිදින්න යනවා කියලා කිව්වම මූ ගත් කටටම බෑහ් කිව්වා. මගේ අදහස ලත් තැන ම ලොප් උනා. !
යාළුවෝ කට්ටියක් උනත් සෙට් කරගෙන ට්‍රිප් එකක් යනවනම් සෙට් අඩුම තරමේ මාසෙකටවත් කලින් කියන්ඩ ඕනා. එක එකාට එක එක වැඩ. ඒ නිසා ගෙදර එකාත් එක්ක යන එක ගොඩක්ම ලේසියි. කොහොමින් කොහොමහරි දවස් දෙක තුනේ වැඩේ එක දවසකට අඩු කරලා ට්‍රිප් එක සෙට් කරගත්තා.
යන්ඩ සෙට් උනේ උතුරට !!!
උතුරට කිව්වේ යාල්දේවියෙන් ඕමන්තේ වෙනකන්. වෙන විදිහකට කියනවනම් යාල්දේවි ගමන් කරන අන්තිම සිල්පර කොටය වෙනකන් ගමන් කරන්න. (එතනින් එහාට බස් එකේ යාපනේ දිහාවේ යන වැඩේ හරි ගියේ නෑ.)
උදෙම්ම කොළඹින් යාල්දේවියට ගොඩ උනා.ගමනට අවශ්‍ය කරන කෑම බීම සේරමත් එහෙම බෑග් වලට දාගෙනම කෝච්චියට නැග්ගා. වැදගත්ම දේ තමා ගමනේ සියළු වියහියදම් සේරම මං ගානේ ! අපේ මලයගෙන් සහභාගිත්වය විතරයි ලැබුනේ !
යාල්දේවිය උදේ 10 විතර වෙනකොට අනුරාධපුරේ ස්ටේෂමට ආවා. අපෝ එතන සෑහෙන වෙලාවක් නවත්තන් හිටියා. එතකොටම වගේ අපේ බ්ලොග් ලියන අක්කා කෙනෙකුත් මට මතක් උනා. එයාලෑ ගෙදර යන්ඩත් හිතුනට වෙලාව මදි නිසා යන්ඩ උනේ නෑ. උන්දෑ මට කෝල් කලත් එක්ක !!!
කොහොමින් කොහොමහරි දවල් දොලහාමාර වෙනකොට ඕමන්තේ ස්ටේශමට ආවා. වටේ පිටේ ඇවිද ඇවිද ෆොටෝ ටිකක් එහෙමත් ගත්තා.
පහලින් තියෙන්නේ ඒ පින්තූරු වලින් ටිකක් !!!
ඔය පහලින් තියෙන්නේ යාල්දේවිය අන්තීමට නැවතිච්ච තැන !
අර ඉහලින් පේන රතුපාට වැට ගාවට ගියහම එතනින් එහාට රේල් පාර නෑ. ඔන්න ඔහොම තමා රේල් පාර දිස් වෙන්නේ.ඉක්මනින්ම රේල් පාර ඉදිවෙලා යාල් දේවිය යාපනේටම යන්ඩ වරම් ලැබෙන්න කියලා පතමු !
රේල් පාරේ කෙලවරේ ඉදලා ඕමන්තේ දුම්රිය ස්ථානය දිස් වෙන විදිහ තමා පහල පින්තූරේ තියෙන්නේ !
ඊට පස්සේ ස්ටේශන් එකෙන් ටිකක් එළියට ඇවිදින් දන්න දෙමල ටික ඔක්කොම කියලා කඩේකින් බත් පැකට් දෙකක් ගත්තා !!! ඒක අරගෙන එනකොට යාල්දේවි ආයෙම කොළඹ යන්ඩ හදනවා. බත් දෙක අරගෙන ආයෙමත් ස්ටේශන් එකට දුවන් ඇවිදින් කෝච්චියේ එල්ලුනා.
ඊට පස්සේ කෝච්චියේ ඉදන්ම බත් දෙක කාලා දැම්මා !!! ආයෙමත් පුරුදු විදිහට කෝච්චියේ කවුළුවෙන් එලිය බලාගෙන ආවා. ඒ එන ගමන්...
"මෙහෙම ගමන් ගිහින් වැඩක් නෑ බං ! පේනවනේ උදෙම්ම ගියා අනෙක් අතට ආවා !අනිත් පාර දවස් දෙකක්වත් ඉන්ඩ ඕනා ! " මං අපේ මලයට කිව්වා.
ඌත් තේරුං ගත්තා මෙහෙම ට්‍රිප් යන්ඩ බෑ ය කියලා. ඊලඟ මාසේ ත්‍රිකුණාමලේ යන්ඩ ඌව සෙට් කරගන්ඩත් පුලුවන් උනා !!!
මොනා උනත් ගමන නම් මරු !
ඊටත් වැඩියෙන් දවසක් ගෙදරින් පිට ඉන්ඩ පුලුවන් උන එක නම් මරු !!!! මරේ මරු !!!
30 June 2012
දවසින් ට්‍රිප් යන්ඩ බෑ බං !
සංකල්පනා වර්ගය :
අනං මනං
26 June 2012
අම්මා කියපු කතාව - අන්තිම කොටස
කතාවේ පළවෙනි කොටස කියෙව්වේ නැත්නම් මෙතන කොටලා කතාව කියවන්න.
මෙහෙම ගර්භනී කාලය ගත කරන දේවියට දොළදුකක් ඇති වෙනවා. ඒ තමයි රියන් සියයක් දිග මීවදයක් හොයලා ඒ මීවදේ දොලොස් දහසක් භික්ෂුන් වහන්සේලාට දන් දීලා ඉතුරු ටික දේවියට වලඳන්න !
මේ රජතුමාත් දේවියගේ දොළදුක සංසිඳවන්න රියන් සියයක් දිග මීවදයක් ගේනවා. ඒ මීවදය හොයාගන්නේ මීගමුව ප්‍රදේශයෙන් ලූ. (ඒකලූ ඒ ගමට මීගමුව කියලා නම වැටුනේ !)
ඊට පස්සේ දේවිය කැමති විදිහට හාමුදුරුවරු දොලොස් දහසකට දන් දීලා ඉතුරු ටික දේවියත් අනුභව කරලා දේවියගේ දොළ දුක සංසිඳවනවා.
(දොළදුක් කිව්වම මතක් උනේ. ඔය ගෑනු කට්ටියට දොළදුක් ඇති උනාම ඒවා අනිවාර්යෙන්ම සංසිඳවන්න ඕන ලූ. නැත්නම් උපදින ළමයගේ කන් පෙති වණ වෙනවයි කියලා අපේ ගම්වල ගොඩක් කට්ටිය කියනවා මම් අහලා තියෙනවා.)
ඔහොම ටික කාළයක් ගතවෙනකොට විහාරමහා දේවියට තව දොළදුකක් උපන්නාලූ. ඒක කලින් එකට වඩා සංසිඳවන්න ටිකක් අමාරු දොළක් ලූ. කලින් එකත් ලේසි නෑ තමා. මේක ඊට වඩා අමාරු දොළදුකක් !!
මේකයි දොළදුක !!
ඒ කාලේ ද්‍රවිඩ පාලකයෙක් වෙලා හිටපු එළාර රජතුමාගේ ප්‍රධාන යෝධයා වෙච්ච සාරතීගේ හිස සිඳපු කඩුව උඩ වාඩිවෙලා තිසාවැවෙන් ගෙනාපු නෙළුම් මල් පැළදගෙන තිසා වැවෙන් ස්නානය කරන්ඩ ආසාවක් උපන්නා ලූ.
කොහොමද වැඩේ ??? ලේසි නෑ නේ? රජතුමාත් දහ අතේ කල්පනා කලාලු දේවියගේ මේ දොළ සංසිඳවන්නේ කොහොමෙයි කියලා.
එතකොටම වේළුසුමන යෝධයා මේ වැඩේ බාර ගත්තා ලූ.
බාරගත් විදිහට සාරතීගේ හිස කඩුපාරකින් බිම දාලා ඒ කඩුව ගෙනත් රජතුමාට දුන්නා ලු.ඊට පස්සේ දේවිය කමති වෙච්ච විදිහට දොළදුක සංසිඳෙව්වාලූ. මේ දොළදුක් ගැන නැකැත් කරුවන්ට ආරංචි වෙලා ඒ අය කිව්වාලු මේ දේවියට උපදින්න ඉන්නේ බලසම්පන්න පින්වත් පුත් කුමාරයෙක් ය කියලා.
එතකොටම විහාරමහාදේවියට මීට කාලෙකට ඉහද අපවත් වෙච්ච සාමණේර නමව සිහිපත් උනා ලූ.ඒත් එක්කම දේවියට හිතුනා ලූ "මේ උපදින්න ඉන්නේ අර සාමණේර නමම තමයි" කියලා.
දසමාසයකට විතර පස්සේ විහාරමහා දේවිය, පසුකාලීනව සොලීන්ගෙන් රට මුදාගෙන ලංකාව එක්සේසත් කරපු දුටුගැමුණු කියන පුත් කුමාරයාව බිහි කළාලූ !!!
ඔන්න ඕකයි කතාව !!!
-----ඉවරයි-----
ප.ලි. - කතාව දිග වැඩියි කියලා හිතුන නිසා කෑලි කඩලා මම අහගත්ත තරමක් !!! අම්බෝ ආයේ නම් පත හෑල්ලක් හරි ඔහේ ලියලා දානවා. කෑලි නම් කඩන්නේ නෑ.

ජන කතා
25 June 2012
අම්මා කියපු කතාව - පළවෙනි කොටස
අදත් මොනවහරි ලියන්ඩ ඕනේ කියලා හිතුනා. ලියන්නේ මොනවද කියලා කල්පනා කරගෙන යනකොට අපේ අම්මා අපට පොඩි කාලේ කියපු කතාවක් මතක් උනා.
කතාව මේකයි !!
දන්නවනේ විහාරමහා දේවිය. ඔවු ඔවු දුටුගැමුණු රජතුමාගේ අම්මා තමා.මේ කියන්න යන කතාවත් විහාර මහා දේවිය ගැනම තමයි. ඉතින් කාවන්තිස්ස රජතුමා විහාරමහාදේවියව සරණපාවාගෙන ගොඩක් කල් ගත උනත් දේවියට දරුවෝ හිටියේ නෑ ලූ.
ඒ හන්දම මේ දේවිය ගොඩක් දුකෙන්ලු හිටියේ.දවසක් විහාරමහා දේවිය විහාරයට ගියාලු මල් පූජ කරන්ඩ. මල් පූජ කරලා එනකොට මේ දේවියට හාමුදුරු නමක් මුන ගැහුනා ලු. හාමුදුරුවන්ට දන ගහලා වැන්දලු. වැඳලා ඉවර වෙලා මේ හාමුදුරුවොත් එක්ක කතාවට වැටුනාලූ.
"දේවිය ගොඩක් කනගාටුවෙන් වගේ පේනවා. ඒ මොකද ?" කියලා හාමුදුරුවෝ, දේවියගෙන් අහනවා.
"මට රජ සැප ලැබුනත් වැඩක් නෑ හාමුදුරුවනේ. මට තාම දරුවෝ නැති එක ගැන කනගාටුවෙන් ජීවත් වෙන්නේ." මේ දේවියත් උත්තර දුන්නා.
ඉතින් මේ හාමුදුරු නම ජෝතිෂ්‍යය ගැන පරතෙරටම ගිය හාමුදුරු නමක් ලූ. මේ හාමුදුරු නම දේවිය දිහා බලලා කියනවා දේවියට දරු පල තියෙනවැයි සතුටින් ජීවත් වෙන්ඩ කියලා. විහාරමහා දේවියත් මේ කාරණාව අහලා ගොඩක් සතුටු වෙනවා.
ඊට පස්සේ මේ විහාරමහා දේවිය විහාර ගෙයට ගොඩවෙනකොටම දැක්කාලූ ගොඩාක් අසාධ්‍ය තත්වයේ හිටපු සාමනේර නමක් ! ඉතින් මේ දේවිය සාමනේර නම ලඟට කිට්ටු වෙලා දන නමලා වැදලා එහෙම,
"ඔබ වහන්සේට ගොඩක් අසාධ්‍ය බව පේනවා !" කියලා කිව්වා.
"මම මගේ සංසාර ගමනේ එක ආත්මයක් අවසාන කරන්ඩ යනවා !" කියලා ඒ සාමනේර නමත් උත්තර දුන්නාලු. මෙන්න මේ වෙලාවේ දේවියට නුවණක් පහල වෙනවා. මේ දේවිය සාමනේර නමගෙන් ඉල්ලීමක් කරනවා තමන්ගේ කුසයේ ඉපදෙන්ඩ කියලා.
දන්නවනේ ජීවයක් හට ගන්ඩ ගන්ධබ්බයෙකුත් ඕනෙයි කියලා.
දේවිය මෙහෙම ඉල්ලුවාට සාමනේර නම එක පාරට කැමති වෙන්නේ නෑ. දේවියත් සෑහෙන වෙලා පෙරැත්ත කරලා අන්තිමේදි සාමනේර නමව කැමති කරව ගන්නවා. ඊට ටික වෙලාවකට පස්සේ මේ සාමනේර නම අපවත් උනා ලූ.
ඊට පස්සේ දේවියත් සතුටින් මාලිගාවට එනවා.කොහොමහරි කාළයක් ගත උනාට පස්සේ දේවිය ගර්භණී වෙනවා. (සතුටුයි නේ )
රජතුමාටත් මේ කාරණාව ඇහුවම ගොඩක් සතුටු හිතෙනවා.
ඊට පස්සේ මොකද උනේ ?? ඒක දැනගන්න නම් ඊලඟ පෝස්ට් එක වෙනකන් ඉන්ඩ වෙනවා.
ප.ලි. - අදත් කතාව සෑහෙන්ඩ දිග උනා. ඉතුරු ටික ඊලඟ ලිපියෙන් ලියන්නම්. එතකන් රැඳී ඉන්න. කතාව මීට කලින් අහලා තියෙන අය ඉන්නවනම් සද්ද නොකර ඉන්ඩ !!! නැත්නම් ඊළඟ කොටස ලියලත් වැඩක් නැති වෙයි. :)

21 June 2012
කැමති අකමැති
තමන් කැමති දේවල් කරන්නට ඕනෑම කෙනෙක් කැමති ය. එහෙත් හැමවිටම කැමති දේ කරන්නට ලැබෙන්නේ නැත. කැමති දේවල් කිරීමට ලැබීම සතුටක් වන අතර අකමැති දේ කිරීම අකමැති දේ අහන්නට ලැබීම දුකකි.
එසේම,
අපි කැමති දේවල් කිරීමට සිද්ධ වෙන කාල සීමාවට වඩා අපි අකමැති දෙයක නිරත වීමට ලැබෙන කාළය වැඩි ය. දැන් කැමති දෙයක් කරන්නට ලැබුනොත් වැඩි කල් නොගොස් අකමැති දේක නිරත වීමට ලැබේ....
අපි කැමති දේ ලැබෙන්නේ නැත්නම් ලැබෙන දේට කැමති වීම මගේ න්‍යාය වන අතර ඊට හිත හදා ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ. අකමැත්තෙන් උවද හිත හදාගන්නට සිදුවී ඇත.
මා කළ රස්සාවද එසේම ය. ආසාවෙන් වැඩ කළ අළුත් අළුත් දේ ඉගෙන ගැනීමට තිබූ කාළය නිම වී ඇත. දැන් ඇත්තේ අකමැතිම දේවල් කිරීමේ කාළයයි. එක රාමුවක කොටු වී වැඩ කිරීමට සිදුවී තිබෙන කාළයයි !!!
සරලව කියනවනම්, මේ දවස්වල රස්සාවට යනවා කියන්නේ මරන්න ගෙනියනවා වගේ. එකම දේ හැමදාම කරන්ඩ වෙලා.ඉගෙන ගන්න දේකුත් නෑ. ආසාවෙන් කරපු කිසිම දෙයක් ආයේ කරන්ඩ ලැබෙන්නේ නෑ. කොටින්ම ඔර්ලෝසුවේ පොඩි කට්ට පහගාවට එනකන් විනාඩි ගැන ගැන ඉන්නේ.
ප.ලි. - ඕක කියන්ඩ තමා මෙච්චර වෙලා වටේ තැලුවේ !!!

17 June 2012
ශබ්දය
පහුගිය දවසක ගුවන් විදුලි නාලිකා වැඩසටහනක 'ශබ්දය' ගැන කරුණු ටිකක් කිව්වා. ඉතින් මට හිතුනා ඒ ටික පෝස්ට් කරන්න !!
අපට දිවයි තොල් දෙකයි හොලවන්නේ නැතුව මොන භාෂාවකින් කතා කලත් පිටවෙන්නේ එකම ශබ්දයක් ලු. පොඩ්ඩක් උත්සහා කරලා බලන්න !
සුළං හමන දිසාවේ බාධකයක් නැත් නම් සුළඟෙන් කිසිම ශබ්දයක් පිට වෙන්නේ නෑ ලූ. සුළං හමන ශබ්දයක් ඇහෙනවා නම් අනිවාර්යෙන්ම සුළඟ, බාධකයක ගැටෙන්ඩ ඕන ලූ. (ඇත්ත නේ.)
පූසෙක්ට පුලුවන් ලූ හුස්ම ඉහල පහල දාන ගමන් 'ඥාව් ඥාව්' ගාන්ඩ !!!
(පූසෙක්ගෙන්ම අහලා බලන්ඩ ඕනා)
ඩොල්පීන්ට පුලුවන් ලූ වතුර යටදි කිලෝමීටර් 27ක් දුර තියෙන ශබ්දයක් උනත් අහන්න !!
මට මතක විදිහට ඔය ටික තමා කිව්වේ !

වෙනත් කතා
සංකල්පනා RSS සබැඳිය :
Posts (Atom)