27 October 2010

වටින කියන කෝඩ් කෑල්ලක් !!!!


සමහර වෙලාවට අපි Flash නිර්මාන කරනකොට Mouse එක Follow කරන Mouse එකත් එක්කම ගමන් කරන Text එකක් හදන්න ඕන කරන කෝඩ් කෑල්ලක් තමයි මන් අද කියන්න යන්නේ. ඔය වර්ගයේText , සමහර වෙබ් අඩවි වලත් තියෙනවනේ.

අන්න ඒ වගේ දෙයක් තමයි මන් කියන්න යන්නේ. වෙබ් අඩවි වලට ඔය විදිහේText දාන්නේ JavaScript කියන පරිගනක ක්‍රමලේඛ භාෂාවෙන්. මං දැන් කියන්න යන කෝඩ් කෑල්ල ActionScript වලින් ලියන කෝඩ් එකක්.

මෙන්න Code එක !!!

Text = "Type Your Text Here";

letters = Text.split("");

letterformat = new TextFormat();

letterformat.font = "Verdana";

letterformat.align = "center";

letterformat.size = "10";

spacing = 8;

speed = 3;

for (var LTR = 0; LTR

mc = _root.createEmptyMovieClip(LTR+"l", LTR);

mc.createTextField(letters[LTR]+"t", LTR, LTR*spacing, 10, 20, 20);

with (mc[letters[LTR]+"t"]) {

text = letters[LTR];

setTextFormat(letterformat);

selectable = false;

}

if (LTR) {

mc.prevClip = _root[(LTR-1)+"l"];

mc.onEnterFrame = function() {

this._x += (this.prevClip._x-this._x+5)/speed;

this._y += (this.prevClip._y-this._y)/speed;

};

} else {

mc.onEnterFrame = function() {

this._x += (_root._xmouse-this._x+10)/speed;

this._y += (_root._ymouse-this._y)/speed;

};

}

}


කරන්න තියෙන්නේ Type Your Text Here කියන එකට ඔබ කැමති Text එකක් දාන එකයි. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔබේ Flash නිර්මානයේ ActionScript කෝඩ් ලියන තැන Paste කරන එක විතරයි .

26 October 2010

කට හින්දා නැසුනු දස්කොන්

අද චුට්ටක් විතර වැඩ අඩු දවසක්. ඒ හින්දා අදත් බ්ලොග් එකක් දාන්න හිතුවා. මට ඉන්න ගමන් පොඩි කතාවක් මතක් උනා. ඒ නිසා ඒක බ්ලොග් එකේ දාන්න කියලා හිතුවා. මේ කතාව මට කියලා දුන්නේ අපේ ෆැකල්ටියේ ජූනියර් බැච් එකේ මල්ලි කෙනෙක්.

ඒ මල්ලි ආපුම දවස්වල අපේ බැච් එකේ කොල්ලෝ දස්කොන් කිය කිය විහිලු කර කර ඉන්නවා. ඕනම දේකට හොට දාන සිංහලයන්ගේ පුරුද්ද තියෙන හින්දා මමත් ඒ මල්ලි ලගට කිට්ටු කරලා '' ඇයි මල්ලි , මල්ලිට දස්කොන් කියන්නේ ?? '' කියලා ඇහුවා.


ඊට පස්සේ ඒ මල්ලි කියනවා. '' අයියා , මම ආපු දවස්වල අර දස්කොන් ගේ කතා කියන හින්දයි සමහර අයියලා මට දස්කොන් කියලා කියන්නේ. '' කියලා ඒ මල්ලි කිවුවා. දස්කොන් කියලා කිවුවට මට නම් ටිකක් විතර කොයිල් (coil) උනා. මොකද මං දස්කොන් ගැන මීට කලින් අහලම තිබ්බේ නැහැ නේ.

මං ආයෙත් මල්ලි ගෙන් ඇහුවා . '' මල්ලී දස්කොන් කවුද කියන්නේ ?? '' කියලා.

''ආහ්... අයියා දන්නෙ නැද්ද දස්කොන් කියන්නේ කවුද කියලා ??
'' ඒ මල්ලි එක පාරම අහපි. මට ටිකක් ලැජ්ජාවේ බෑ. මොනා කරන්නද අහපු මෝඩ කමට මමත් නෑ කියල කිවුවා.

ඊට පස්සේ ඒ මල්ලි කතාව පටන් ගත්තා. '' අයියා, දස්කොන් කියන්නේ ඉස්සර හිටපු රජ කෙනෙක් ගේ ඇමති කෙනෙක් නේ. ඒ ඇමතිට රජ බිසව එහෙමත් නැත්නම් පේරමිලා බිසවත් එක්ක අනියම් සම්බන්ධයක් තිබුනලු. ඒක රජ තුමාට අහුවෙන්නේ නැතිව බොහොම පරිස්සමට කරගෙන ගියාලු. දවසක් අර රජතුමා , තමන්ගේ බිසවට තියෙන ආදරේ පෙන්වන්න බිසවගේ පිලිරුවක් කිරි ගරුඩෙන් තැනෙව්ව ලු. මේ පිලිරුව නිරුවත් එකක් ලු. "

ඔන්න ඔයාල එහෙම කියන්න එපා මං අසභ්ය කතා කියනවා කියලා. මේක මේ සිරි ලක්දිව සිදුවෙච්ච ඇත්තම කතාවක්. ලංකාවේ මේ දෙවල් සිදුවෙන්න හොදයි නම් ඇයි අපට කියන්න හොද නැත්තේ ??? ඕන කෙහෙල් ඇවරියක් වෙන්න කියලා මං මේ කතාව කියනවා.

ඒ මල්ලි ආයෙත් කටහඩ අවදි කලා. '' ඉතින් මේ රජතුමා තමන්ගේ බිසවගේ පිලිරුව තනවලා ඒක බිසවට පෙන්වන්න කලින් තමන්ගේ හොදම විස්වාශවන්තම ඇමති වෙලා හිටපු දස්කොන් ට පෙන්නලා ඇහුවලු. දස්කොන් මේ පිලිමයේ මොකක් හරි අඩු පාඩුවක් තියෙනවද කියලා ???. දස්කොනුත් හොදටම බලලා. එක පාරම කියපි. රජතුමනි, බිසවගේ යටි බඩේ තියෙන උපන් ලපය මේ පිලිමයේ නැහැනේ කියලා. රජතුමා බැලුවලු මූ කොහොමද ඒක දන්නේ කියලා. රජතුමා හිතුවා මූ දෙවියත් එක්ක සම්බන්දයක් තියෙනවා කියලා. එහෙම හිතලා දස්කොන් ගේ හිස ගසා දැම්මලු. ''

'' ඔන්න ඕකයි අයියා දස්කොන් ගේ කතාව.දස්කොන් නැහුනේ කට හින්දා. '' කියලා ඒ මල්ලි කතාව නැවැත්තුවා. අපේ සමහරුන්ටත් තියෙන්නේ කට පරිස්සම් කරගෙන ඉන්න බැරි කමනේ.

ඊට පස්සේ ඒ මල්ලිට සමු දෙන ගමන් මං හොස්ටල් එකට ආවා.

පුර හඳයි පසලොස්වකයි.

මේක මං පුංචිම කාලේ අහපු කතාවක්. සමහරවිට ඔයාලත් අහලා ඇති. නමුත් අහපු නැති කොටසකුත් ඇති කියලා හිතලයි මං මේ කතාව ලියන්නේ.ලියනවා කියලා කිවුවට ලියන්නේ නෑ. ටයිප් කරන එකයි කරන්නේ.

ඔන්න දවසක් එක පන්සලක දායක මහත්තයෙක් පන්සලට කෙහෙල් ඇවරි දෙක තුනකුයි කිරි හට්ටි දෙකකුයි පූජා කලාලු. ඔන්න දැන් කට්ටියම සාදු සාදු කියන්න එහෙම හදන්න එපා හොදද ??? ඉතින් මේ පන්සලේ හිටපු මහ නායක හාමුදුරුවොත් මේ දානය සාංගික කරලා බාර ගත්තලු.


නමුත් මේ හාමුදුරුවන්ට හිතුනලු එහා ගමේ පන්සලටත් මේකෙන් කොටසක් යැවුවොත් හොදා කියලා. එහෙම හිතපු හාමුදුරුවෝ කෙහෙල් ගොඩි පහලොවක් තියෙන ඇවරියකුයි කිරිහට්ටියකුයි යවන්න තීරනය කලාලු. නමුත් මේ පන්සලේ ඇබිත්තයා ඒ තරම් විස්වාසවන්ත එකෙක් නෙමෙයි ලු. ඒ කියන්නේ ඇබිත්තයා මේ දානය මගදි වලඳයි කියලා හිතුවලු. එහෙම හිතපු හාමුදුරුවෝ පොඩි කොල කෑල්ලක ඇබිත්තයාට නොතේරෙන විදිහකට පනිවිඩයක් ලියලා යවන්න ඕනෙ කියලා හිතුවලු.

එහෙම හිතපු හාමුදුරුවෝ කොලේ ලියුවලු '' පුරහඳයි පසලොස්වකයි භාර ගන්න '' කියලා.

හාමුදුරුවෝ හිතපු පරිදි මගදි ඇබිත්තයා කෙහෙල් ගෙඩි හතකුයි හිරි හට්ටියෙන් භාගයකටයි වග කිව්වලු. නමුත් හාමුදුරුවන්ගේ කීම අහක දාන්න බෑ කියලා හිතපු ඇබිත්තයා ඉතුරු ටික ගිහින් භාර දුන්නලු. ඒ පන්සලේ හාමුදුරුවෝ කොලේ අනිත් පැත්තේ ලියලා යැ වුවලු '' අඩ හඳයි අටවකයි. භාර ගත්තා. බොහොම පින් '' කියලා

25 October 2010

අප්පච්චි .....

අර බලාපන් නංගියේ
ඈත දිලිසෙන තරුව
ඒ තමයි අපේ අප්පච්චි
අපිට අත වනනවා

ඇහුනද නංගියේ
අම්මගේ කෙදිරිලි හඩ
අප රකින්නන ඇයත්
මහත් දුක් විඳිනවා

වැරහැලි කඩමලු
ඇගලුවත් නංගියේ
දුකක් හෙම කිසි දිනක
නොසිතපන් ඇහුනාද ?

දුක් කරදර මැදින්
උගත මුත් සිප් සතර
ජය ගතොත් හෙට දිනක
නුඹටමයි එය ඔන්න

ඉතින් මගේ නංගියේ
ජිවිතේ ජය ගන්න
අප්පච්චි දුර ඉඳන්
ආදරෙන් හිනහේවී


ඒත් පොඩි නංගියේ
කොතන සිටියත් නුඹ
අමතක නොකරපන්
අපේ සුදු අම්මාව....




බර වැඩිම දොඩම් ගෙඩිය තෝරමුද ???


මේක මං Interview එකකට ගියපු වෙලාවක ඒකෙ හිටපු අය අහපු ප්රශ්නයක් .එයාලා මේක අහන්න පටන් ගත්තේ ප්රශ්න විසදීමේ හැකියාව සොයා බැලීම පරික්ෂා කිරීමක් හැටියටයි. බ්ලොග් එකේ දාන්නේ මොනවද කියලා කල්පනා කරගෙන යනකොට තමයි මට මේ කතාව මතක් උනේ.


මේකයි කතාව. දොඩම් ගෙඩි නවයක් තියෙනවා. පාටින් , හැඩයෙන් , රසයෙන් ඔය හැම එකකින්ම එක හා සමානයි. නමුත් එක ගෙඩියක් බරින් වැඩියි. ඒ බරින් වැඩි ගෙඩිය අපට අල්ලලා බර වැඩියි කියලා තීරණය කරන්න බෑ. අපිට තැටි දෙකක් තියෙන තරාදියක් දෙනවා. හැබැයි බර කිරන්න දෙන්නේ අවස්ථා දෙකයි. කොහොමද අපි අවස්ථා දෙකෙන් අර බර වැඩි ගෙඩිය තෝරලා ගන්නේ ???

චුට්ටක් කල්පනා කලොත් වැඩේ අහුවෙයි. නැත්නම් මේ බ්ලොග් පෝස් ට් එකේ පහල බලන්නකෝ. මමත් ගත්තා කොලයකුයි පෑනකුයි. අරගෙන තරාදියක් ඇන්ඳා. දොඩම් ගෙඩි නවයකුත් ඇන්ඳා ඊට පස්සේ අහස පොලව ගැටලන්න කල්පනා කෙරුවත් වැඩේ හරි ගියේ නෑ.

විසදුම මේකයි. දොඩම් ගෙඩි ටික තුනේ සෙට් වලට වෙන් කරනවා. ඉන් පස්සේ තුනේ සෙට් දෙකක් අරගෙන තැටි තරාදියේ තැටි දෙකට දානවා. තරාදිය සමාන උනොත් අර ඉතුරු සෙට් එකේ තමයි බරින් වැඩි ගෙඩිය තියෙන්නේ. තරාදිය අසමාන උනොත් අර බරින් වැඩි පැත්තේ තමයි අදාල දොඩම තියෙන්නේ. මේ බර කිරුමෙන් දොඩම් ගෙඩි හයක්ම අයින් කරන්න පුලුවන්. දැන් ඉතුරු ගෙඩි තුනෙන් දෙකක් අරන් තරාදියට දානවා. බරින් අසමාන උනොත් බර වැඩි පැත්තේ තමයි ගෙඩිය තියෙන්නේ. සමාන උනොත් අර ඒ සෙට් එකෙ වෙනම තියෙන ගෙඩිය තමයි බරින් වැඩිම ගෙඩිය.