මීට අවුරුදු දෙකකට ඉහත මම රෝද හතරකට ගොඩ උනා. ඒ ගොඩක් හොඳ වාහනේකට නම් නෙමෙයි. ඒක පැන්ඩා ක්‍රොස් එකක්. චීනයේ හදලා ලංකාවේ මයික්‍රෝ සමාගමෙන් එකලස් කරපු වාහනයක්. මේකේ මැනුවල් සහා ඔටෝ වාහන දෙවර්ගයම ලංකාවේ දකින්න තියෙනවා.
ඒ දෙවර්ගයෙන්ම මගේ බජට් එකට සෙට් උනේ මැනුවල් එකක්. මම වාහනයක් ගන්න යනවයි කියලා කියපුවහම මගේ යාළුවෝ සෙට් එක මට එක එක සිලෙක්ශන් එවුවා.
ඒ හැම දේකින්ම මම හොඳම ඔප්ශන් එක විදිහට දැක්කේ පැන්ඩා වාහනයකට යන එක හොඳයි කියන එක. ඇල්ටෝ ව්ලට වඩා හ්ඳ ඔප්ශන් ටිකක් එහෙම පැන්ඩා වාහනේ තියෙනවා.
ගන්න පළවෙනිම වාහනේ හන්දා ළඟ අවුරුද්දක එකකට යන එක නුවණට හුරුයි කියලා තමා කට්ටිය වැඩිමනක්ම කිව්වේ. ඒක නම් ඇත්තා තමයි. මොකද මම පාවිච්චි කරපු අවුරුදු දෙකටම එංජින් ලෙඩ එහෙම ආවේ නෑ. රෙපයාර් ආවත් පොඩි පොඩි ඒවා තමයි සෙට් උනේ.

