05 May 2019

නන්පේරියල් හරහා ලෝකාන්තය පාමුලට

මේකත් මේ සෑහෙන කාළයක් යන්න හිතේ තියාගෙන ඉදලා ගියපු ගමනක්. මේ ගමනත් ටිකක් විතර දුශ්කර ගමනක්. දුශ්කරයි කිව්වේ මේ ගමන පුරාවට කිලෝමීටර් 25කට වඩා පයින් යන්න තියෙන ගමනක්.

කට්ට කගෙන පයින් ගියාට සෑහෙන සුන්දර ගමනක්. හරි ඒවයින් කාරි නෑ. වැල්වටාරම් ඕන නෑ. අපි ගියේ නන්පේරියල් හරහා ලෝකාන්තය පාමුල තියෙන නැග්රක් බංගලාව බලන්න.

සුපුරුදු විදිහට අපි සිකුරාදාවක රෑ කොළඹින් බදුල්ල බලා යන බස් එකකට ගොඩ වෙන්න පිටකොටුව පුද්ගලික බස් නැවතුම් පොළට ආවා. කලින් පාර වගේ මෙදා සැරෙත් අපි ටිකට් බුක් කරලා තිබ්බේ නෑ. ඒකට හේතුව තමයි ගමන යන සෙට් එක කවුද කියලා අන්තිම මොහොත වෙනකන් ෂුවර් කරගන්න බැරි වෙන එක.

මුලදි හා කියලා කියන කට්ටිය පස්සේ පස්සේ එන්නේ නැති වෙන නිසා ස්ථිර ගානක් කියලා බස් වල ටිකට් බුක් කරගන්න බෑ.

28 April 2019

පහන්තුඩාව ඇල්ල

අපි දියළුම ඇල්ලේ ඉදලා බෙරගල පැත්තට බස් එකක නැගලා බෙරගලට ඇවිත් එතැන ඉදලා කොළඹ බස් එකකින් බෙලිහුල් ඔයට ආවා කියලා මතකනේ. බෙලිහුල් ඔය තානායම ලඟින් බැහැලා අපි පහන්තුඩාව ඇල්ල තියෙන පාර දිගේ ආවා. බෙලිහුල් ඔය හන්දියේ ඉදලා පහන්තුඩාවට කිලෝමීටර් 2ක් විතර යන්න ඕන. ත්‍රීවිල් එකක නම් යන්න පුලුවන්. ඒ නැතත් පරිසරය ලස්සන නිසා පයින් යන්නත් පුලුවන්.

බෙලිහුල් ඔය හන්දියේ බෝඩ් එකක් ගහලා තියෙනවා පහන්තුඩාවට යන පාර සදහන් කරලා. ඒ නිසා පාර වරදින්නේ නම් නෑ.


27 April 2019

උඩ දියළුම ඇල්ල

එදා සිකුරාදා දිනයක්. අපේ බදුල්ල ගමන් ගොඩක් වෙලවාට අපි යන්නේ සිකුරාදා දවසේ රෑ. මොකද බදුල්ල පැත්තට යන්නම පෑ හයක් විතර ගත වෙනවා. එතකොට උදේක ගියත් ගමනෙන් බාගයක්ම ඉන්න වෙන්නේ බස් එකේ. එහෙම ගිහිල්ලත් උදේ කෑම කාලා බලන්න යන තැනට සෙට් එනකොට දවස ගත වෙලා ඉවරයි.

මෙන්න මේ කරදරයෙන් මිදෙන්න තමා අපි බදුල්ලේ යනවා නම් සිකුරාදා රෑ යන්න තීරණය කරන්නේ. සිකුරදා රෑ බස් එහෙක නැගලා බදුල්ල කිට්ටු වෙනක්කොට උදේ පහ හය වගේ වෙලාවට බහින්න පුලුවන්. එතකොට මුළු දවසම වගේ ඉතුරුයි.

මෙදාපාර අපි යන්න හිතාගෙන හිටියේ උඩ දියළුමයි පහන්තුඩාව ඇල්ලයි ඇඩිසම් බංගලාවයි. එකිනෙකට වෙනස්ම පැති තුනක්.

මේ ගමන යන්න අපේ ඔපිස් එකෙන් මමයි තව එක්කෙනෙකුයි වෙනම අපේ තව යාළුවෝ දෙන්නෙකුයි එකතු උනා. ඊට අමතරව මගේ ආදරණීය බිරින්දෑත් එකතු උනා. ඔක්කොම කට්ටිය පහයි.

අපේ උන්දෑ මේ වාගේ ගමන් වලට ආසයි. ඒත් එයාට වැඩිය කටු කන්න බෑ. කොටින්ම ටිකක් වැඩියෙන් දුරක් ඇවිදින්න අමාරුයි. ටික වෙලාවක් යද්දි කුණු කුණු ගානවා. ඒ වගේම කඳු වල ඇවිදින්න එහෙම අමාරුයි.

මේ ගමන කොහොමහරි යනවමයි කියලා හිතලා තමා අපි එක්ක ආවේ.

23 April 2019

රෙමූණ වැව හා ආඳ දොළ

පහුගිය කාලේ ලංකාවටම පෑවිල්ල ඇල්ලුවා  මතක ඇතිනේ. අන්න ඒ කාලේ සෙනසුරදා දවසක හවස් වරුවේ තමයි මේ ගමන ගිහින් ආවේ. මේත් වැඩි ඈතකට ගියපු ගමනක් නෙමෙයි.

හොරණ ඉදලා කිලෝමීටර් 12ක් වගේ දුරකින් තියෙන රෙමුණ වැව බලන්න ගියපු ගමනක්.

මම සුපුරුදු පරිදි ගියේ,

අළුබෝමුල්ල > බණ්ඩාරගම > හොරණ > බැල්ලපිටිය > රෙමුණ

කියන ගමන් මාර්ගය හරහා. රෙමුණ කියන ගමට කිට්ටු වෙනකොටම රෙමුණ වැව පාර කියලා පාරක් හම්බ වෙනවා. එතැනින් දාලා කිලෝමීටරයක් විතර යනකොට රෙමුණ වැව ළඟට එන්න පුලුවන්.

20 April 2019

බොල්ගොඩ ගඟේ හිරණ තොටුපොළ

හිරණ තොටුපළ යැයි කීවද අද වන විට මෙය තොටුපොළකට වඩා පාළමක් සහිත මං සංධියක් බවට පත්වී ඇත. එහෙත් අපේ ගමේ මැදිවිය ඉක්මවූ ගැමියන් පවසන්නේ එකල බොල්ගොඩ ගඟ හරහා හිරණේද පාළම් පාරුවක් තිබූ බවයි.

එහෙත් අද ඒ පාළම් පාරුවට නැවතීමේ තිත තබා මේ වනවිට බොල්ගොඩ ගඟේ ඉවුරු දෙක යාකර හිරණේදී යකඩ පාළමක් ඉදිකර ඇත.


අළුබෝමුල්ලේ සිට කැස්බෑව දෙසට යාමට ඇති කෙටිම මාර්ගය වැටි ඇත්තේ හිරණ පාළම හරහා බැවින් මසකට දෙතුන් වතාවක් මා හිරණ පාළම පසු කර යමි. ඒ යන හැම මොහොතකම හිරණ පාළම මත කෙටි වේලාවක් ගත කර එහි සුන්දරත්වය විඳීමට අමතක නොකරමි.