මීට මාස කිහිපයකට විතර උඩදි අපේ කන්තෝරුවේ වැඩ කරන කමල් අයියා ලැප්ටොප් එකෙන් සර්කීට් එකක රූපයක් බලාගෙන ඉන්නවා. මාත් ටික වෙලාවක් ඒ සර්කීට් එක දිහා බලාගෙන ඉදලා "මොකද්ද කමල් අයියා ඔය සර්කිට් එක ?" කියලා ඇහැව්වා.
කමල් අයියා ගැන කියනවා නං අවුරුදු 54ක් වයස අවුරුදු තිහක විතර පරිගණක ක්ෂේත්‍රයේ පලපුරුද්ද තියෙන ප්‍රවීනයෙක්. ඒ වගේම විවිධ විවිධ දේ අත්හදා බැලීම් කරලා බලන්න ආස කරන ගතින් වයස උනත් හිතින් තරුණ මනුස්සයෙක්.
ඉතින් මුන්දෑ මට ඒ සර්කීට් එක ටිකක් විස්තර කලා.
ඒක මෝස් ගණකයේ සර්කීට් එකලු.මෝස් ගණකය කියන්නේ මීට සෑහෙන අවුරුදු ගාණකට කලින් ටෙලිග්‍රාප් පණිවිඩ යවන්ඩ භාවිතා කරපු උපකරණයකට. මේ වෙනකොට දුරකතන හොයාගෙන තිබිලා නෑ.. මේ ගණකයේ තියෙන්නේ එක බොත්තමයි.ඒක තද කිරීමෙනුයි විවිධ විවිධ සංඥා නිකුත් කරන්නේ.
පහලින් තියෙන්නේ මෝස් ගණකයේ රූපයක්.
මේ උපකරණයෙන් පණිවිඩ යවන්නේ මෙහෙමයි.අපි උදාහරණයකට ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් A අකුර යවන්න ඕන කියලා හිතමු. A අකුර යවන්න ඕන නං අදාල උපකරණයේ බොත්තම එක පාරක් ඔබලා තව පාරක් දීර්ඝ එබීමක් සිදු කරන්ඩ ඕන. තවත් සරලව කියනවා නම් ඉංග්‍රීසි හෝඩියේ A අකුරට අදාල මෝස් කෝඩ් එක බීප් බීඊඊඊඊඊප්ප්ප්ප්ප් !
ඔය වාගේ ඉංග්‍රීසි හෝඩියේ අකුරු ගානට මෝස් කෝඩ් ගොඩක් තියෙනවා. පහලින් තියෙන්නේ ඒ එක් එක් අකුරට අදාල මෝඩ් කෝඩ් ටික.
ඉංග්‍රීසි හෝඩියේ B අකුර ටයිප් කරනවා නම් කෙටි එබීම් තුනයි දීර්ඝ එබීම් එකයි. ඒ කියන්නේ බීඊඊඊඊඊඊඊප්ප්ප්ප්ප් එකයි බීප් තුනයි. බීඊඊඊඊඊප්ප්ප් බීප් බීප් බීප්
පොඩ්ඩක් හිතලා බලන්ඩකෝ එක වචනයක් යවන්න කොච්චර වාර ගණනක් මෝස් ගණකයේ බොත්තම ඔබන්ඩ ඕනද කියලා. ඒ කාලෙට අනුව ටෙලිග්‍රාප් පණිවිඩයක් යවන එකත් ලේසි නෑ. මේ මෝස් කෝඩ් ක්‍රමය ලෝකයට හඳුන්වලා දුන්නේ සැමුවෙල් මෝස් කියන ඇමරිකන් ජාතික විද්‍යාඥයා. මේ මෝස් ගණකයේ තියෙන අවාසිය තමයි මේකෙන් පණිවිඩ යවන්න පුලුවන් ස්ථාන දෙකක් අතරේ විතරයි.
මීට මාස ගණනාවකට කලින් කමල් අයියා පහදලා දීපු මෝස් ගණකයේ සර්කීට් එක ආයෙම මගේ මතකයට ආවේ පහේ පංතියේ ඉංග්‍රීසි පොතේ තිබ්බ පාඩමක් නිසා. මට මතක විදිහට පහේ ඉංග්‍රීසි අච්චු පොතේ තොරතුරු සන්නිවේදනය ගැන පාඩමක් තියෙනවා. ඒකේ සදහන් වෙනවා ඔය මෝස් කෝඩ් ක්‍රමය ගැන. මම ඒ පාඩම උගන්නනකොට මේ මෝස් කෝඩ් කතාවත් සරලව පැහැදිලි කලා.
පස්සේ දවසක අපේ කමල් අයියා මෝස් කෝඩ් ගණකයක් හැදුවයි කියලා කිව්වා. ඒ ගණකය මට ගෙනත් පෙන්නනවා කියලත් කිව්වා. ඒත් මේ වෙනකන් තාම ඒ මෝස් කෝඩ් ගණකය ගෙනාවේ නෑ... :)
අන්තර්ජාලය චුට්ටක් පීරලා බැලුවා නං මෝස් කෝඩ් (Morse Code) ගැන ලිපි ගොඩාක් හොයා ගත්තෑකි. එහෙනං අදට මං නවතිනවා. ෂා.... හෙට පෝය නිවාඩුවකුත් තියෙනවා නෙව.. :)
05 November 2014
04 November 2014
ලක්ෂ දෙකක හිට්ස්
ඊයේ සම්මුඛ පරීක්ෂණය ගැන පෝස්ටුව දාලා අද උදෙම්ම බ්ලොගයට ගොඩ උනේ කමෙන්ට් ටික කියවන්ඩ. එතකොටම තමයි දැක්කේ මගේ බ්ලොගයේ හිට්ස් ගාන ලක්ෂ 2කට පොඩ්ඩක් වැඩි වෙලයි කියලා.
මේ හිට් ලක්ශ දෙක ගන්න මට අවුරුදු හතරාමාරක් විතර බ්ලොග් එක කරගෙන යන්න සිද්ධ උනා. මේ වෙනකොට එක එක වර්ගයේ ලිපි 388ක් විතර ලියන්ඩ සිද්ධ උනා.
කොහොම උනත් බ්ලොග් අඩවියේ හිට්ස් ගාන වැඩි වෙලා නෙව. ඒක සෑහෙන සතුටක්. ඒ හිට් ගාන වැඩි කරගන්ඩ මම ලියන එවුවා අමාරුවෙන් හරි කියවන පාඨකයින්ට නොසෑහෙන්ඩ ස්තූතියි.
මොකෝ ඉතින් ඒ අය නැත්නම් මේ තරම් හිට් ගානක් ලේසියකට ගන්ඩ පුලුවන් කියලා යෑ.. ඒ වගේම තමා මගේ බ්ලොගය පස්සෙන් පන්නන අය 551ක් වෙලා තියෙනවා.
ඒ වගේම තම පුලු පුලුවන් විදිහට අහන්න දකින්න කියවන්න ලැබෙන දේවල් දිගටම ලියන්ඩ තමා මගේ බලාපොරොත්තුව.
එහෙනං සියලුම දෙනාට අනේක වාරයක් ස්තූතියි.
කවදාහරි මතක් වෙන්ඩ කියලා ලක්ශ දෙකේ හිට් කවුන්ටරේ පොඩි පින්තූර කෑල්ලකුත් පහලින් එල්ලනවා.
එහෙනං මං ගියාවේ... අද පල කරන්ඩ කියලා හිතාගෙන ලිය ලියා හිටපු ලිපිය හෙට හරි අනිද්දා හරි දාන්නම්.
සියලු දෙනාට ජය වේවා !

සංකල්පනා වර්ගය :
සැමරුම්
03 November 2014
දත් බුරුසුව සහ සම්මුඛ පරීක්ෂණය
හුඟ දවසකින් ලිපියක් ලියන්න බැරි උන නිසා අද බ්ලොග් අඩවිය පැත්තේ ආවා. පහුගිය ටිකේ වැඩ කටයුතු නිසා ලිපි ලිවීම අතපසු වෙලා තිබුනේ. ඒකටත්තෙක්ක අද ලියන්ඩ බැරි යෑ.. :)
මීට සති කීපයකට කලින් සෙනසුරාදා දවසක මායි අපේ උන්දැයි නුගේගොඩ ටවුමට ආවා. ඒ ආවේ අපේ උන්දැට ඉස්කෝලෙක ගුරු පත්වීමකට තිබ්බ සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වෙන්ඩ.
ඒ ඉස්කෝලේ පුද්ගලික අංශයට අයිති ඉස්කෝලයක්. අපේ උන්දෑ ඉල්ලලා තිබුනේ ඉංග්‍රීසි ගුරු තනතුර. ඒකේ සම්මුඛ පරීක්ෂණය තමා එදා තිබුනේ.
මායි අපේ උන්දැයි එන්ඩ කියලා තිබුන වෙලාවටම ඉස්කෝලේ ගාවට ගියා. අපි දෙන්නා ඉස්කෝලේ පිලිගැනීමේ අංශයේ තිබුනු පුටුවල වාඩි වෙලා අපේ වෙලාව එනකන් උන්නා.
අපේ එක්කෙනාගේ වාරේ ආවහම එයා නැගිටලා ගිහින් සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන්නා.පිලිගැනීමේ අංශයේ පුටුවල වාඩි වෙලා ඉන්න කෙනෙක්ට සම්මුඛ පරීක්ෂණයේ අහන ප්‍රශ්න සේරම ලාවට ලාවට වාගේ ඇහෙනවා. ඒ තරමටම පිලිගැනීමේ අංශයට ලඟ තැනකයි සම්මුඛ පරීක්ෂණය සිදු කෙරුනේ. මමත් කන ටියුන් කරගෙන උන්නා මොනවද ඒ සම්මුඛ පරීක්ෂණයේ අහන්නේ කියලා දැනගන්ඩ.
ඉංග්‍රීසි භාෂාවට සම්බන්ධ එක එක ප්‍රශ්න ඇහුවා. ඒ අතරේ මගේ හිතේ රැදිච්ච එක ප්‍රශ්නයක් තිබ්බා. ඒ ප්‍රශ්නේ තමා,
ඉංග්‍රීසි භාෂාවෙන් දතට කියන්නේ 'ටූත්' (tooth) කියලා.දත් වලට කියන්නේ 'ටීත්' (teeth) කියලා. නමුත් දත් ගොඩක් මදින දත් බුරුසුවට ඉංග්‍රීසියෙන් කියන්නේ 'ටූත්බ්‍රෂ්' (tooth brush) කියලා. ඉංග්‍රීසියෙන් දත් බුරුසුවට ටීත් බ්‍රශ් නොකියා ටූත් බ්‍රශ් කියන එකට හේතුව මොකද්ද කියලයි සම්මුඛ පරීක්ෂණය මෙහෙයවපු කෙනා ඇහුවේ.
අපේ උන්දැට මේ ප්‍රශ්නයට හරි උත්තරයක් ගැට ගහගන්ඩ බැරි වෙලා තිබුනා. බොරු කියන්ඩ ඕන යෑ මම නම් මේ ප්‍රශ්නෙට හරි උත්තරයක් දන්නේ නෑ.. අපි දෙන්නම සම්මුඛ පරීක්ෂණය මෙහෙයවපු එකාට බැන බැන බස් එකේ ගෙදර ආවා.
පස්සේ ගෙදර ඇවිත් අන්තර්ජාලය පීරනකොට යාන්තන් සරල උත්තරයක් හම්බ උනා. මේ සංසිද්ධියට හේතු වෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ එන සංයුක්ත නාම පද ලූ (Compound Noun). සංයුක්ත නාම පද කියන්නේ නාම පද දෙකක් එකතුවෙලා හැදෙන තනි නාම පදේකට.
එහෙම නාම පද දෙකක් එකතු වෙලා හැදෙන තනි නාම පදයක මුල් නාම පදය ඒක වචනයෙන් (singular) තියන්න ඕන ලූ. ඒ තනි වචනයෙන් තියන නාම පදය නාම විශේෂණයක් බවට පත් වෙනවාලූ.
උදාහරණෙකට
tooth brush යන සංයුක්ත නාම පදයේ tooth කියන්නේ නාම විශේෂණයලූ. ඒ නිසා ඒ පදය ඒක වචන වෙන්න ඕන ලූ. ඔය වගේමයි බිත්තර ගොඩක් අසුරන බිත්තර පෙට්ටියකට ඉංග්‍රීසියෙන් කියන්නේ egg carton කියලා. මේ වචනයේ egg කියන්නේ නාම විශේෂණය ලූ. ඒ නිසා ඒක වචන වෙන්ඩ ඕන ලූ.
ඔය නීතිය නිසා දත් බුරුසුවට ටීත්බ්‍රශ් (teeth brush) කියලාත් බිත්තර පෙට්ටියට එග්ස් කාර්ටන් (Eggs carton) කියලාත් උච්ඡාරණය කරන්ඩ බෑ....
අපේ උන්දැගේ සම්මුඛ පරීක්ෂණයෙන් මාත් නොදන්න දෙයක් ඉගෙන ගත්තා. පුලුවන් කෙනෙක් ඉන්නවා නම් තව දුරටත් මේ ප්‍රශ්නය බේරුමක් කරලා දෙන්ඩ..
එහෙනං මං ගියාවේ.... !!!

අනං මනං
18 October 2014
ජීවන ගමනේ තවත් එක් සංධිස්ථානයක්
අද දවස මගේ ජීවිතයේ වෙනසක් ඇති කරපු දවසක්. ඒකට මූලිකම හේතුව වෙන්නේ මගේ විවාහය සිද්ධ වෙන්නේ අද වීමයි. මගේ විවාහය සිදු වෙන්නේ මොරටුව විල්ලෝරාවත්ත කාර්ලෝ බ්‍රෝමියෝ දේවස්ථානයේදි.
උදේ 8ට තමයි දේව මෙහෙය පැවැත්වෙන්නේ.
උදේ 8ට තමයි දේව මෙහෙය පැවැත්වෙන්නේ.
03 October 2014
පුංචි කාලේ අහපු ගීයක්
පහුගිය මාසේටම ලියන්න උනේ එකම එක ලිපියක් විතරයි. ඒ තරමටම අපේ ඔපීසියේ වැඩ තිබුනා. අලුත් පරිගණක භාෂාවක් ඉගෙන ගන්න සිද්ධ වෙච්ච නිසා ඒ කාලය ඉගෙනීමේ කටයුතු වලට වැය කරන්න සිද්ධ උනා.
දැන් ආයෙම පොඩි විවේකයක් ලැබුනා. ඒ නිසා මොනවා හරි බ්ලොග් එකේ කුරුටු ගාන්න ඕන කියලා මේ පැත්තට ගොඩ උනා.
ඒති ඉතිං ලියනවයි කිව්වට ලියන්නත් මොනවහරි දෙයක් තියෙන්න එපා ය. ඔහොම හිත හිත ඉන්නකොට තමයි ගොසිප් අඩවියක තිබා මෙන්න මේ ලිපිය දැක්කේ.
මතකද අපි පොඩි දවස්වල ගායනා කරපු මොනවද මුත්තේ මොකද අරන්නේ ගීය.... ? මුලින්ම ඒ ගීයේ පද ටික මතක් කරගෙන ඉමුකෝ.. මෙන්න එහෙනම් මේ ගීයේ පද මාලාව.
ළමයා - මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
ඒ දවස්වල අපි හරි ආසාවෙන් ගායනා කලා මතක ඇති නේ. ඒ ගීයේ පද මාලාව හරිම සරලයි. ඒ වගේම ගායනා කරන්න්නත් ලේසිම තාලයක් තියෙන්නේ. ඒ වගේම මේ ගීය ටිබෙට් ජාතික ඇස් මහින්ද හාමුදුරුවන්ගේ ගේය පද රචනයක්.
පොලොව හාරමින් ඉන්න මුත්තව දකින්න මුනුපුරා මුත්තා ඉන්න දිහාවට යනවා. ගිහින් අහන්නේ මොනවද මුත්තේ මොකද කරන්නේ කියලා. ඊට පස්සේ ඒ දෙන්නා අතරේ ගලා යන සංවාදය තම මේ ගීයෙන් ඉදිරිපත් කෙරෙන්නේ.
මේ ගීය සරල උනාට ඒ ගීය තුලින් ඉදිරිපත් කරන අදහස සුලුපටු නෑ..
තමන්ට කවදාවත් මේ අඹ පැලයෙන් අඹ කන්න ලැබෙන්නේ නෑ කියලා හිතලා අඹ පැලය නොහිටවා උන්නා නම් කවදාවත් අනාගත පරපුරට අඹ ගහක් ලැබෙන්නේ නෑ.. නමුත් මුත්තා තමන්ට නොලැබුනත් අනාගතය බාර ගන්න එන කවුරු හරි මේ ගහෙන් ප්‍රයෝජන ගනියි කියලා හිතලා තමන්ගේ යුතුකම ඉටු කරනවා. මේ ගීයෙන් ඉදිරිපත් කරන අදහසත් මේකමයි.. තමන්ට නොලැබුනත් තමන්ගෙන් රටට විය යුතු යුතුකම් ඉටු කරන්න කියන පුංචි ඉල්ලීම මේ ගීය පුරාම තියෙනවා.
කාලෙකට පස්සේ මේ ගීයේ වචන ටික ඇහුවත් ඒ දවස්වල විඳපු රසයම තාම මේ ගීයේ ඉතුරු වෙලා තියෙනවා. යුතුකම් ගැන කියවෙන මේ අපූරු ගීය ඔයාලත් පොඩි දවස්වල අහලා ඇති...
එහෙනම් මම ගියාවේ. වෙලාව තියෙන හැටියකට ලියන්න කියවන්න එන්නම්. ජය වේවා !!

සීයා - නුඹටත් ලමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි
ළමයා - දුකසේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද
එක අඹයක්වත් කන්න ලැබේවිද
සීයා - මම ලමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි
ළමයා - තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්න හැකිදේ නොම තේරෙයි මට
කරන්න හැකිදේ නොම තේරෙයි මට
සීයා - පුදුමයි ලමයෝ නුඹෙ ඔය අදහස
හැදුනොත් ඔහොමට නුඹටම වෙයි දොස
හැදුනොත් ඔහොමට නුඹටම වෙයි දොස
ළමයා - පෙර උන් අය සිටවූ අඹගස් වල
ඵලයෙන් අප කවුරුත් ලබනෙමි පල
ඵලයෙන් අප කවුරුත් ලබනෙමි පල
සීයා - අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්න සැලසුම අපගේ යුතුකම
ළමයා - ඒ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමිලැබෙන්න සැලසුම අපගේ යුතුකම
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
ඒ දවස්වල අපි හරි ආසාවෙන් ගායනා කලා මතක ඇති නේ. ඒ ගීයේ පද මාලාව හරිම සරලයි. ඒ වගේම ගායනා කරන්න්නත් ලේසිම තාලයක් තියෙන්නේ. ඒ වගේම මේ ගීය ටිබෙට් ජාතික ඇස් මහින්ද හාමුදුරුවන්ගේ ගේය පද රචනයක්.
පොලොව හාරමින් ඉන්න මුත්තව දකින්න මුනුපුරා මුත්තා ඉන්න දිහාවට යනවා. ගිහින් අහන්නේ මොනවද මුත්තේ මොකද කරන්නේ කියලා. ඊට පස්සේ ඒ දෙන්නා අතරේ ගලා යන සංවාදය තම මේ ගීයෙන් ඉදිරිපත් කෙරෙන්නේ.
මේ ගීය සරල උනාට ඒ ගීය තුලින් ඉදිරිපත් කරන අදහස සුලුපටු නෑ..
තමන්ට කවදාවත් මේ අඹ පැලයෙන් අඹ කන්න ලැබෙන්නේ නෑ කියලා හිතලා අඹ පැලය නොහිටවා උන්නා නම් කවදාවත් අනාගත පරපුරට අඹ ගහක් ලැබෙන්නේ නෑ.. නමුත් මුත්තා තමන්ට නොලැබුනත් අනාගතය බාර ගන්න එන කවුරු හරි මේ ගහෙන් ප්‍රයෝජන ගනියි කියලා හිතලා තමන්ගේ යුතුකම ඉටු කරනවා. මේ ගීයෙන් ඉදිරිපත් කරන අදහසත් මේකමයි.. තමන්ට නොලැබුනත් තමන්ගෙන් රටට විය යුතු යුතුකම් ඉටු කරන්න කියන පුංචි ඉල්ලීම මේ ගීය පුරාම තියෙනවා.
කාලෙකට පස්සේ මේ ගීයේ වචන ටික ඇහුවත් ඒ දවස්වල විඳපු රසයම තාම මේ ගීයේ ඉතුරු වෙලා තියෙනවා. යුතුකම් ගැන කියවෙන මේ අපූරු ගීය ඔයාලත් පොඩි දවස්වල අහලා ඇති...
එහෙනම් මම ගියාවේ. වෙලාව තියෙන හැටියකට ලියන්න කියවන්න එන්නම්. ජය වේවා !!
සංකල්පනා වර්ගය :
සිංදු
සංකල්පනා RSS සබැඳිය :
Posts (Atom)