මහේෂ් නම් සැරිසරන්නාගේ බ්ලොග් එකේ තිබ්බ ෆෝන් ගැන පෝස්ට් එක කියෙව්වට පස්සේ මටත් ෆෝන් ගැන මොන මොනවා හරි ලියන්න ඕන කියලා හිතුනා.
ෆෝන් කිව්වහම අද නානාප්රකාර ෆෝන් තියෙනවා. දැන් ෆෝන් පාවිච්චි කරන අයගෙන් ගොඩක් දෙනෙක් ගාව තියෙන්නේ බොත්තම් නැති ෆෝන්.ඒ කිව්වේ ටච් ඉස්කිරිං ෆෝන් !
ඉස්සරෝම ආවේ දිග ඒරියල් එහෙකුත් තියෙන ගඩොලක් ඉතර සයිස් ෆෝන්. ඒවනං සාක්කුවේ දාන්ඩත් බැරි තරම් ලොකුයි.ඒ වගේම ඒරියල් එක අකුලන්ඩත් බෑ. මිලෙනුත් වැඩියි. පාවිච්චි කලෙත් අතලොස්සක් ඉතරයි. කැම්පස් එකේ ඉන්න දවස්වල අපේ රත්නපුරේ යාළුවෙක් කිව්වා මේ ජාතියේ ෆෝන් ආපුම කාලේ උන්දැලා පැත්තේ මැණික් මුදලාලි කෙනෙක් තමන්ගේ වත්කම පේන්ඩත්තෙක්ක ෆෝන් එකක් ගත්තා කියලා.
ෆෝන් එක විතරක් නං මදෑ. ඒ මැණික් මුදලාලි යන යන තැන ෆෝන් එක ගෙනියන්ඩ වෙනම සේවකයෙකුත් ගත්තාලු. උන්දැට තිබුනේ කෝල් එකක් ආවහම බොත්තමක් ඔබලා ෆෝන් එක මැණික් මුදලාලිගේ කනේ තියන්ඩ ඊට පස්සේ කතා කරලා ඉවර උනහම කෝල් එක කට් කරන්ඩ විතරලු. කොහොමහරි ෆෝන් එකක් නිසා තව මනුස්සයෙක්ට රස්සාවක් ලැබුන එකම මදෑ. :)
ඊට පස්සේ සයිස් එකෙං පොඩ්ඩක් ඉතර පොඩි ෆෝන් ආවා. ඒකේ ඒරියල් එක අකුලන්ඩ කරන්ඩ එහෙමත් පුලුවං. ඒ ජාතියේ ෆෝන් නං සාක්කුවේ දාගෙන ගියෑකි.හැබැයි සාක්කුව ටොම්බා සයිස් එකට පිම්බිලා පේනවා.
මුලින් මුලින් ආපු ෆෝන් වල කෝල් ගන්නවා ඇරෙන්න ඒ හැටි දෙයක් නං කරන්ඩ බෑ..නමුත් පස්සේ පස්සේ ආපු ෆෝන් වල එක එක පහසුකම් එකතු කරලා විවිධ මාදිලියේ ෆෝන් ආවා. ඒත් වර්ණ තිර තිබ්බ ෆෝන් නම් තිබ්බේ නැද්ද කොහෙද. කළු තිරයක ෆෝන් තමා ගොඩක් තිබුනේ.
ඒ දවස්වල නොකියා 1100 ෆෝන් දේවත්වයෙන් වගේ සලකපු කාලයක් !!
කාලෙන් කාලෙට අළුත් අළුත් වැඩ කෑලි එකතු වෙලා එක එක ජාතියේ ෆෝන් ආවා. මුලින්ම ඉන්ටර්නෙට් යන්ඩ පුලුවං ෆෝන් අතපත ගාන්ඩ ලැබුනේ මං උසස් පෙළ කරන දවස්වල. ඒ දවස්වල යාළුවෝ ටික එකතු වෙලා ඒ ෆෝන් එක අරං කරපු එකම දේ තමා ඉන්ටර්නෙට් ගිහින් වැල බලපු එක !
ඒ දවස්වල ඉන්ටර්නෙට් සෑහෙන ස්පීඩ්. ඒ නිසා ඕන කරන දේ ටයිප් කොරලා කට්ටිය වෙන කතාවක් දාගෙන ඉදලා පින්තූරේ ලෝඩ් උන හැටියේ "වරෙං වරෙං පින්තූරේ ලෝඩ් උනා !!" කියලා ෆෝන් එක එක එකාගේ අතින් අත යවනවා. ඔක්කොම බලලා ඉවර උනහම තමා ඊලඟ පින්තූරේ ලෝඩ් වෙන්ඩ දාන්නේ !
සාමාන්ය පෙළ වෙනකන්ම නං එක කොල්ලෙක් ගාවවත් ආස්ස්..සාවකට කියලා ෆෝන් කට්ටක් තිබුනේ නෑ... මල් කඩන්ඩත් එකම පිහිට ලියුං කරදහි ! උසස් පෙළ කරපු කාලෙත් අර වැල ෆෝන් එක ඇරෙන්ඩ වෙන ෆෝන් එකක් අපේ පංති වල තිබුනේ නෑ..
ඒ දවස්වල ෆෝන් අරන් දෙන්න පහසුකම් තිබ්බ පවුල් වල කට්ටියත් ළමයි නරක් වෙයි කියලා හිතලා ෆෝන් අරන් දෙන්නේ නෑ... :) හැබැයි ඒකටත්තෙක්ක දැන් හැම ඉස්කෝලේ යන ළමයා ගාවම ෆෝන් එකක් තියෙනවා. ඒවත් නිකන් ෆෝන් නෙමේ ටච් ඉස්කිරිං එවුවා !!
ඉස්සර වගේ නෙමේ දැං නොකියා 1100 වගේ කලු ඉස්කිරිං ෆෝන් පාවිච්චි කරන කට්ටිය අඩුයි..... ඒ තරමටම තාක්ෂණෙන් දියුණු ෆෝන් හැම කෙනා අතේම තියෙනවා !
හැබැයි ඒ ජාතියේ ෆෝන් එකකට ගහන්ඩ වෙන කිසිම ෆෝන් එහෙකට බෑ.....හ්!
අදට මේ ඇති වගේ !!!! :)
25 October 2013
23 October 2013
ඩෙංගු සතියේ උදලු ගෑවීම
අද ටිකක් වේලපහ වැඩ ඉවර වෙච්ච දවසක්. හවස තේ එකත් හදාගෙන එනකොට ඉස්කෝලේ කාලේ පොඩි සිද්ධියක් මතක් උනා.
දවසක් ඉස්කෝලේ ඩෙංගු මර්ධන සතියක අපිට ( අපි කිව්වේ 11A පංතියට ) භාර උනා පාර අයිනේ තණකොල සුද්ද කරලා දාන්න. ඉතින් අපි උදලුත් අරන් වැඩෙට යන්න පිටත් උනා. ඒ යන ගමන් අපේ කොල්ලෙක් කිව්වා '' ඔන්න බලපන් මං ජයා සර් ට කියලා මේ ඔක්කොම තණකොල ටික උදලු ගාව ගන්නවා '' කියලා.
ජයා කියන්නේ අපේ ඉස්කෝලෙට අලුතින් ආපු සෞඛ්යය සර්. මනුස්සයාට ඔය විශය ගැන කිසිම දැනීමක් නෑ. ඒ සර් ට ගුරු පත්වීම ලැබිලා තියෙන්නේ මොකද්ද මංදා ධාවන තරගයකින් සමස්ත ලංකා ගිය නිසා. ඉස්සර සමස්ත ලංකා තරඟ වලට ගිය කට්ටියට ගුරු පත්වීම් දෙන සිරිතක් තිබුනා. එහෙම ආපු සර් කෙනෙක් !
ඒ වගේම තමා කලාප තරඟ වලදි සුදුසුකම් තිබ්බ සිංහල ළමයින්ව කපලා එතනට කොහොමහරි හම්බයෙක්ව රිංගව ගත්ත ජාතියේ අලුගුත්තේරු වැඩත් කරපු සර් කෙනෙක් !
ඔන්න ජයා සර් ගැන හොද නිර්වචනයක් ලැබුනනේ. දැන් කතාවට එමුකෝ.
අපි කිව්වා "උබ කෝමද එහෙම කරන්නේ ඔට්ටුයි බෑ ?? " කියලා. මිනිහත් ෆුල් ගට්ස් අරං වැඩේට බැස්සා. වැඩේ කිව්වේ උදලු ගාන එක නෙමෙයි සර්ව කඩේ යවන එක.
දැන් අපේ එකා උදැල්ලක් අරං ඕනෑවට එපාවට බොරලු පොලවට උදැල්ලෙන් ගගහා ඉන්නවා.
සර්රුත් මේක දැක්කා. දැකලා " පුතා ඔය උදැල්ල පොඩ්ඩක් මෙහාට දෙන්න. ඔහොම නෙමෙයි උදලු ගාන්නේ. මෙන්න මෙහෙමයි. ඔන්න බලා ගන්න. අපි තරුණ කාලේ ඔයිට වඩා කැත්තේ උදැල්ලේ වැඩ කලා. කොල්ලෙක් උනහම ඔයිට වඩා පනෑතුව වැඩ කරන්ඩ ඕන. " කියලා සර් අරූගෙන් උදැල්ල ඉල්ලං උදලු ගානවා.
උදලු ගාන ගමන් "පේනවා නේ ? මෙහෙමයි උදලු ගාන්නේ ?" කියලා පොර ටෝකුත් දෙනවා. සර් ටික වෙලාවක් උදලු ගාලා අරූගෙන් අහනවා කොල්ලගෙන් අහනවා "පුතා දැන් දන්නවනේ උදලු ගාන හැටි..." කියලා.
මූත් ගත් කටටම කියපි "අනේ සර් මං දැක්කේ නෑ... " කියලා.
සර් ආයෙත් උදැල්ල අරන් "ඔන්න එහෙනම් හොදට බලාගන්න.." කියලා උදලු ගානවලු.
දැන් සර් ආයෙත් ඇහුවලු " දැන් දන්නවෑ උදලු ගාන හැටි " කියලා.
මූ ආයෙත් " දැක්කේ නෑ " කියපි. සර්ට දැන් යස්සයා ආරූඩ වෙලා වගේ ආයෙමත් උදැල්ල ගත්තා.
දැන් හයියෙන් හයියෙන් පොලවට උදැල්ලෙන් ගහන ගමන් '' දැන් දන්නවා නේ උදලු ගාන හැටි '' කියලා ඇහුවා.
අරූ ආයෙමත් "නැහ්ඃ" කියන්න හදනකොටම '' උබට උදලු ගාන හැටි කියලා දෙනකොට මං මේ ඔක්කොම උදලු ගාලා තියෙයි ! හරකා ! '' කියලා උදැල්ලත් කැලේට විසික්කා කරලා ආයෙමත් පංති කාමරයට ගියා. ඊට පස්සේ උදලු ගාන විදිහ කියලා දෙන්න ආවේ නෑ.

සංකල්පනා වර්ගය :
අනං මනං
17 October 2013
චුයිංගම්
අද මට අන්තර්ජාලයේ කරක් ගහනකොට අපූරු ලිපියක් කියවන්ඩ ලැබුනා. ලිපිය තිබ්බේ චුයිංගම් හොයාගත්ත විදිහ ගැන. චුයිංගමුත් හොයාගෙන තියෙන්නේ පෙන්සිලින් හොයා ගත්තා වගේ පැරෂුට් ක්රමේකින්. හොයා ගත්තා කිව්වට නැතිවෙලා තිබිලා නෙමේ. :)
චුයිංගම් එකක් මුල්වරට හදලා තියෙන්නේ තෝමස් ඇඩම් කියන මනුස්සයා. ඒකත් අහම්බෙං..ඒ 1870 අවුරුද්දේ..... ඒකයි මං කිව්වේ පැරෂුට් ක්රමේකින් කියලා. මුන්දෑ වැඩ කරලා තියෙන්නේ සැන්ටා ඇනා කියන සමාගමේ. ඒක රබර් සෙල්ලම් බඩු, රබර් බූට්ස්, මාස්ක් හදන සමාගමක්.
ඇඩම් මහත්තයාට ඒ සමාගමේ බාර වෙලා තිබ්බේ රබර් වෙනුවට පාවිච්චි කරන්ඩ පුලුවං ලාබදායි ආදේශකයක් හොයන්ඩ.මුන්දෑ මැක්සිකානු සැපදිල්ලා යුෂ අරගෙන පරික්ෂණ කලා ලු. ඒත් මේකාගේ අවාසනාවට (හෝ වාසනාවට) ඒ හැම පරික්ෂණයක්ම අසාර්ථක උනාලු.
මුන්දැට කේන්ති ගිය පාර හදපු මිශ්රණයෙන් ටිකක් අරගෙන හපන්ඩ ගත්තලු. ටික වෙලාවක් හප හප ඉන්නකොට මේ මනුස්සයා ඒ මිශ්රණයට ආස හිතුනලු. ආස හිතුනා විතරක් නෙමේ උන්දෑ ඒකට වැල්මී රස කවලං කරලා චුංයිගම් එකක් හැදුවලු.
ඊට පස්සේ උන්දෑ ඇමරිකා එක්සත් ජනපදයේ හිටිය අංක එකේ චුයිංගම් වෙලෙන්දා බවට පත් උනා.
පල්ලෙහා පින්තූරේ තියෙන්නේ ඇඩම් මහත්තයගේ පින්තූරෙයි උන්දෑ ඉස් ඉස්සෙල්ලම හදපු චුයිංගම් එකේ දැන්විමයි. ඉස්සෙල්ලම හදපු චුයිංගම් එකේ නම තමා "බ්ලැක් ජැක් ගම්" !
ඔන්න ඔය ටික තමා ඒ ලිපියේ තිඋනේ...
ඇඩම් මහත්තයා චුයිංගම් හොයා ගත්තා වගේ නෙමේ. අපේ එකාලා චුයිංගම් කාලා ඉන්න තැන අලවලා යනවා. එක්කෝ පාරවල් අයින් වල දාලා යනවා. ඉස්සර මං ගිය පංතියකත් මේසේ යට පැත්තේ සෑහෙන චුයිංගම් තොගයක් තිබ්බා. :)
චුයිංගම් කන එවුන් කරන මේ වගේ වැඩ ඇරෙන්න චුයිංගම් වලින් වෙන කිසිම කරදරයක් නෑ මං හිතන්නේ....

වෙනත් කතා
15 October 2013
සත පනහේ හුටපටයක්
කොළඹ තියෙන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙන රථ වාහන සැලැස්මක් ! මේ නිසා තියෙන ට්රැෆික් වලට අමතරව අළුතෙන් ට්රැෆික් ඇති වෙනවා. දැං පංචිකාවත්තේ සංගරාජ වටරවුමේ ඉදලා ටෙක්නිකල් හන්දියට යන පාර වන් වේ කරලා නිසා එතන අළුතෙන් ට්රැෆික් එකක් ! හවසට ගෙදර යන්ඩ ගියහම එපා වෙනවා !
අදත් වෙනදා වගේ වැඩ ඇරිලා කම්මැලිකමේ සීට් එකේ නිදිකිරා වැටි වැටි එනකොට ඊට ටිකක් එහායින් කොන්දොස්තරයි බස් එකට නැග්ග වයසක පහේ මනුස්සයෙකුයි බහින්බස් වීමක් ! පොඩ්ඩක් කන හරවලා බැලින්නං මාරු සල්ලි කේස් එකක්.
බස් වල මාරු සල්ලි කේස් නං එමටයි ! අවම බස් ගාස්තුව රුපියල් 9ක් උනාට කවදාවත් මාරු රුපියලක් ඉතුරු ලැබිලා නං නෑ. ඉල්ලුවට දෙන්නෙත් නෑ.දවසක් අපේ කන්තෝරුවේ හිටපු වයසකම උන්දෑ බස් එකේ කොන්දොස්තරගෙන් ඉතුරු රුපියල ඉල්ලලා. කොන්දා ගත් කටටම කියලා මාරු රුපියලට චෙක් එකක් ලියලා දෙන්ඩද කියලා !
පස්සෙං පහු උන්දෑ ලැජ්ජාවටත්තෙක්ක මාරු රුපියල ඉල්ලන්නේ නෑලු.
මං අද බස් එකේ දැක්ක බහින්බස්වීමත් මාරු සල්ලි හුටපටයක් නිසා ඇති වෙච්ච එකක්. ඒත් වයසක මනුස්සයෙක්. උන්දෑට ඉතුරු රුපියල් 3ක් දෙන්ඩ තියෙනවලු. ඒක බහිද්දි ඉල්ලගන්ඩ කියලා කොන්දා කියලා තියෙනවා. ඒක අහන්නේ නැතුව මේ මනුස්සයත් දෙතුන් විඩක් ඉල්ලලා. බැරිම තැන සත පනහේ කාසි වලිංම ඉතුරු සල්ලි දීලා.
එන්න ඒක බාර ගන්ඩ බැරුව තමා ප්රශ්නේ !
මාරු සල්ලි ඉල්ලුවහම සත පනහේ ඒවා වලිං දීලා අපහාසයක් කලාය ටිකට් එකක්වත් දුන්නේ නෑය. කිය කියා ඒ මනුස්සයා කෑ ගහනවා. ඔය සත පනහේ කතාව කිව්වම මට අපේ වාණිජ පංතියේ ඉගෙන ගත්ත පොඩි සිද්ධියක් මතක් උනා.
ඒ තමා,
අපට කවුරුහරි ණයක් දෙන්ඩ තියෙනවයි කියලා හිතමු. ඒ ණය මුදල සතේ, සත දෙකේ , සත දහයේ වගේ නානාප්රකාර කාසි වලිං උනත් ගෙවන්ඩ පුලුවං නේ.
නමුත් නීතියේ හැටියට සතය ,සත දෙක ,සත පහ,සත දහය වගේ කාසි වලිං ගෙවන්ඩ පුලුවන් උපරිම ගාන රුපියලයි. ඊට වැඩිය ගෙවීමක් කලොත් ඒක ප්රතික්ශේප කිරීමේ අයිතිය අදාල මුදල ලබන්නාට තියෙනවා !!
සත විසි පහ, සත පනහා වගේ කාසි වලිං ගෙවන්ඩ පුලුවං උපරිම ගාන රුපියල් පහයි. ඊට වඩා වැඩි ගානක් ගෙවන්ඩ ගියොත් අර වගේම ප්රතික්ෂේප කරන්ඩ පුලුවං !
ඒ වගේම රුපියලේ කාසියේ ඉදලා ඉහලට තියෙන ඕනම කාසියක් නෝට්ටුවකින් ඕනෑම ගානක් ගෙවන්ඩ පුලුවන්... ඒක ප්රතික්ශේප කරන්ඩ බෑ !
එහෙම බලාගෙන ගියහම අර මනුස්සයාට සත පනහේ වලින් ගෙවපු රුපියල් තුන අකමැත්තෙං උනත් බාරගන්ඩ වෙනවා.... ඔන්න ඔහොමයි නීතිය !
හැබැයි ඉතිං ඒ නීතිය කොන්දා දන්නෙත් නෑ අර මනුස්සයා දන්නෙත් නෑ... ආමර් වීදියෙන් මං බහිනකන්ම ඒ දෙන්නගේ බහින්බස් වීම තිඋනා.... !!!!

14 October 2013
ආහාරය
අද ටිකක් වැඩ අඩු දවසක්. පොඩි කම්මැලිකමකුත් එක්ක වැඩ කරගෙන යනකොට අපේ එවුං තේ බොන්ඩ යන් කියලා කතාකලා. මාත් මග් එකත් අරං තේ බොන්ඩ ආවා. දන්නවානේ අපේ හැම වාද විවාදයක්ම යන්නේ තේ වෙලාවටයි කියලා. අද අපි කතා උනේ ආහාර ගැන !
කෑම ගැන කතා වෙන්ඩ මූලික හේතුව උනේ අපේ කන්තෝරුවේ එකෙක්ව ගෙදර බල්ලා දෙවතාවක්ම කාලා. උදේ බේත් දාගන්ඩ ගිහින්. කලින් වතාවේ බල්ලා කාලා මූව ඉස්පිරිතාලෙත් නැවැත්තුවා. මේ වතාවේ එච්චර දරුණු නැති නිසා බේත් දාගෙන ගෙදර ඇවිදින්ලූ.
"මචං ! උබලා දන්නවද සමහර දෙවිවරු ඉන්නවා සතුට ආහාර කරගෙන ජීවත් වෙන. මේ අපි බත් කනවා වාගේ ඒ දෙවිවරු කන්නේ සතුටලූ..." එකෙක් කතාවට එන්ටර් උනා.
"ඔවු මං බණකට අහලා තියෙනවා. ඇයි සමහර දෙවිවරු ඉන්නේ විඥානය ආහාරය කරගෙන..." තවේකෙක් උත්තර බැන්දා..
"ඔය දෙවිවරුනේ... ! ප්රේතයෝ ඉන්නේ අපේ අසූචි සෙම් හොටු එහෙම කන...! ඒ වගේම වමනේ කන ප්රේතයොත් ඉන්නේ...! " මං මේ ටිකේ කියෝන පොතක තිබ්බ කරුණක් මතක්කලා.
වතුර රත් වෙනකං ඔහොම කතාවෙවී ඉන්නකොට අපේ පරණම සී ඩිවෙලොපර් තේ බොන්ඩ ආවා. උන්දෑ කෙස්ස පැහිච්ච විශ්රාම යන්ඩ ලං වෙච්ච කෙනෙක්. උන්දැත් ටික වෙලාවක් රත්වෙන කේතලේ දිහා බලාගෙන ඉදලා අපේ කතාවට එකතු උනා.
"ඇයි මං එක වතාවක් බණකට ඇහුවා.ඕවගේ යකෙක් ගැන ! " උන්දෑ කතාවට ආරම්භයක් ගත්තා. උන්දෑ ආරම්භ කරපු කතාව අහගන්ඩ අපි ඒ දිහෑවට හැරුනා. උන්දෑ ආයෙමත් හඬ අවදි කලා.
"මේ යකා ප්රමාණයෙන් කුඩා එකෙක්ලු. ඒ යකා දවසක් දෙවිවරු එක්ක ප්රශ්නයක් ඇතිකරගෙන. දෙවිවරු මේ යකාට බණින්ඩ ගත්තලු. දෙවිවරු බණින බණින සැරයක් ගානේ මූ ලොකු වෙනවාලු. ආයේ ආයේ බනිනවා. ආයේ ආයේ ලොකු වෙනවලු. දැං යකා දෙවියන්ටත් වඩා උස එකෙක්ලූ. දෙවිවරුන්ට මාර ප්රශ්ණයලූ මූ මෙච්චර ලොකු වෙන්නේ ඇයි කියලා.
මේක දුක දිවැසින් දැක්ක ශක්රයා ඇවිත් මේ යකා දිහෑට හැරිලා 'පින්වත ඔබ ඇයි මේ දෙවිවරුන්ට කරදර කරන්නේ' වගේ කරුණාවෙන් කතා කලා ලු. එතකොට මේ යකා ටිකක් පොඩි උනාලු. ශක්රයාත් දිගින් දිගටම හොඳින් කතා කරනකොට මේ යකා එන්ඩ එන්ඩ පොඩි වෙලා අතුරුදහන් උනාලූ.
ඉතිං දෙයියන්ටත් හරි ප්රශ්නෙලු එහෙම උනේ ඇයි කියලා. ශක්රයා කිව්වලු ඒ යකා ක්රෝධය ආහාරය කරගෙන ජීවත් වෙන එකෙක්. උට බනින්ඩ බනින්ඩ ඌ තව තවත් ලොකු වෙන එක විතරයි වෙන්නේ හොඳින් කතා කලොත් තමයි ඌ ප්රමාණයෙන් කුඩා වෙන්නේ කියලා පැහැදිලි කලාලු. "
අපිත් උන්දෑ කතාව මීක් නැතුව සාවදානව අහගෙන හිටියා. කතාව ඉවර උනාට පස්සේ තේකත් අරගෙන ආපහු සීට් එකට ආවා.

සංකල්පනා RSS සබැඳිය :
Posts (Atom)