"ඔන්න මෙහෙමයි පුතේ... ඒ දවස්වල ඉන්දියාවේ බ්‍රාහ්මණයෙක් ජෝතීර්ෂ වැඩක් කර කර ඉන්නකොට ශනී ගුරු කියන ග්‍රහ දෙයියෝ අතර යුද්ධයක් ඇති වෙනවයි කියලා හොයා ගත්තාලූ.ඒ යුද්දෙදි ශනීගේ කුණ්ඩලාභරණයකින් කෑල්ලක් කැඩිලා පොලවට වැටෙන බවත් දැනගත්තලු.
ඉතින් මේ බමුණා හිතුවලු කොහොමහරි මේ කුණ්ඩලාභරණය හොයා ගන්නවමයි කියලා. එහෙම හිතපු මේ බමුණා නැවු නැගලා ලංකාවට එනවලූ. ඇවිදින් මහනුවර කිට්ටුව ගුරුදෙනිය ගමේ පන්සලේ නවාතැන් ගත්තලු."
"ඉතින් අම්මේ මොකෝ ගුරුදෙනියෙම නැවතුනේ ?"
"ඔය බමුණා ගණනය කිරීම් කරලා බලපුවාම ඒ කුණ්ඩලාභරණය වැටෙන්නේ ගුරුදෙණිය කිට්ටුව පැත්තකට කියලා හොයාගත්තා ලු. ඒ නිසයි ගුරුදෙනිය කිට්ටුව පන්සලේ නැවතුනේ !
ඉතින් මේ බමුණා රෑ දවල් මහන්සිවෙලා ගණනය කිරීම් කරනවලු හරියටම කොහේටද මේ කුණ්ඩලාභරණය වැටෙන්නේ කියලා හොයන්ඩ. මෙහෙම දවස පුරාම ගණන් හදන බමුණාව දැක්ක පන්සලේ හාමුදුරුවෝ මේ මනුස්සයාගෙන් අහනවලු මොනවද ඔය තරම් ගණන් හදලා හොයන්නේ කියලා.
මේ බමුණත් හාමුදුරුවන්ට සම්පූර්ණ විස්තරේ කිව්වාලු. නමුත් මේ බමුණා දන්නේ නෑලු හාමුදුරුවොත් දක්ශ නක්ෂත්‍රකාරයෙක් කියලා. බමුණා හාමුදුරුවන්ට විස්තරේ කිව්වට පස්සේ හාමුදුරුවොත් බමුණට හොරෙන් හිටු කියලා ගණන් හදනවලු."
"හාමුදුරුවෝ ගනන් හදන්නේ මොහොකටද ?"
"හාමුදුරුවෝ ගනන් හදන්නේ අර කිව්ව කුණ්ඩලාභරණය වැටිලා එතනම හිටිනවද එහෙම නැත්තං කොහාට්ට හරි විසික්කා වෙනවද කියලා හොයන්ඩ ! හාමුදුරුවෝ ඔහොම ගණන් හදාගෙන යනකොට තේරුනාලු කුණ්ඩලාභරණය ගල් තලාවේ වැදිලා ගඟෙන් එහා පැත්තට විසික්කා වෙනවයි කියලා.
ඔන්න ග්‍රහ යුද්දේ තිබ්බ දවස ආවයි කියමුකෝ. එදා කුණ්ඩලාභරණය වැටෙනකන් බමුණා ගල් තලාවේ කූඩරම් ගහගෙන හිටියලූ. නමුත් බමුණා දන්නේ නෑ ගඟෙන් එහාපැත්තේ හාමුදුරුවෝ කූඩාරම් ගහගෙන ඉන්නවයි කියලා !
දෙන්නගෙම ගණනය කිරීම් වලට අනුව කුණ්ඩලාභරණය ගුරුදෙනිය කන්දට වැටුනලු. ඒ වැටිච්ච හැටියෙම ගලේ හැප්පිලා ගඟෙන් එහා පැත්තට විසික්කා උනාලු. මේ බමුණා කුණ්ඩලාභරණය වැටිලා විසික්කා වෙච්ච තැන හොයාගෙන ගඟෙනුත් එගොඩහට යනකොට දැක්කලු එතනත් කූඩාරමක් ගහගෙන කෙනෙක් ඉදලා තියෙනවයි කියලා.තමන් කුණ්ඩලාභරණය වැටිච්ච තැන හොයාගත්තට වැටිලා විසික්කා වෙන තැන හොයාගන්න බැරි වෙච්ච ලැජ්ජාවටයි තමන්ගේ උත්සහය වතුරේ ගිය දුකටයි මුන්දෑ ගඟට පැනලා දිවි නහ ගත්තලු.
හාමුදුරුවෝ කුණ්ඩලාභරණයත් අරගෙන ගියාලු."
"ඊට පස්සේ ඒ කුණ්ඩලාභරණයට මොකද උනේ අම්මේ ?"
"හාමුදුරුවෝ ඒ කුණ්ඩලාභරණය රජතුමාට භාර දුන්නාලු. රජතුමා ඒ කුණ්ඩලාභරණයේ රත්තරන් ටික උනු කරලා දලදා වහන්සේ තැන්පත් කරන්න නෙළුම් පෙත්තක් හැදුවලු. තාමත් ඒ නෙළුම් පෙත්ත උඩලු දලදා වහන්සේ තැන්පත් කරලා තියෙන්නේ !
එදා ඒ කුණ්ඩලාභරණය වැටිච්ච තැන පස්සේ කාලෙක කුණ්ඩසාලේ උනාලු !"
--------------------------------------------------------------
ප.ලි. - පොඩි කාලේ අම්මා කියා දුන් කතාවක් පොතක තිබිලා ආයෙම කියවන්න ලැබුනා. එදා අම්මා කියපු කතාවේ තිබ්බ අඩුපාඩු ටික පොතෙන් සම්පූර්ණ උනා. අපේ අම්මා කතාව කියලා දීපු ඉට්ටැයිල් එකටම ලියලා දැම්මා. ඒ දවස්වල නං මං අහපු ප්‍රශ්න මීට වඩා වෙනස්. ඒ වගේම සෑහෙන ප්‍රශ්න ගොඩක් ඇහුවා !
අම්මගේ කතාවේ නම් ඔය බමුණගේ නම බරණ ගණිතයා කියලා තමයි කිව්වේ !!!! නමුත් පොතේ නම් ඒ බමුණගේ නම තිවුන් නෑ !
ප.ප.ලි. - මම කියවපු පොතේ නම තමා ඩී.පී. වික්‍රමසිංහ මහත්මයා ලියපු මඟ දිගට ජන කතා පොත. මේ පොතේ මේ වගේ එකිනෙකට වෙනස් ජනකතා 50ක් තියෙනවා. පුලුවන් කමක් තිබ්බොත් හොයාගෙන කියවන්න. මොකද මම ඒ පොතේ තියෙන ඔක්කොම කතා පෝස්ට් කරන්න යන්නේ නෑ :)
මේ පොත සූරිය ප්‍රකාශනයක් ! ශා... මරු ! අගේ ඇති පොතක් !
05 October 2013
04 October 2013
මෙගා නම් අජූතයි
ඒ දවස්වල ප්‍රාසාංගික නාට්ටි කළාවක් වගේම ඒකාංගික නාට්ටි කළාවකුත් තිබ්බා. කාලයක් යනකොට ඒකාංගික නාට්ටි වලට සුවිප් එක ඇදිලා ප්‍රසාංගික නාට්ටි විතරක් ඉතුරු උනා. දැනුත් ඉදලා හිටලා ඒකාංගික නාට්ටියක් දෙකක් පෝයට දවසට යනවා. ඒ ඇරෙන්න මං දන්න තරමින් ඒකාංගික නාට්ටි නෑ.
ප්‍රසාංගික නාට්ටි ටික කාලයක් යනකොට මෙගා බවට පත්වෙලා. මට මතක විදිහට කෝපි කඩේ, දූ දරුවෝ, නෑදෑයෝ වගේ නාට්ටි ඇරුනහම මෙගා රැල්ලක් ආවේ ඉන්දියානු නාට්ටි වලින්.ඉන්දියන් නාට්ටි ගෙඩි පිටින් මෙහෙ ගෙනත් හඬ කවලා පෙන්වන්න ගත්තා. ඒකත් ටික කාලයක් කලැයි කියමුකෝ.
ඊටත් පස්සේ දේශිය කලාකරුවන් නගා හිටුවන්න කියලා පිටරටින් එන නාට්ටි, චිත්‍රපටි වලට බද්දක් ගහන්න ගත්තා. ඒ බද්ද නිසා රජයට අමතර ආදායමකුයි මහජනතාවට රජයට විරුද්ධව කතා කරන්න මාතෘකාවක් ලැබුනා. මේ බද්දෙන් දේශිය කලා නිර්මාණ වලට අත්වෙච්ච සෙතක් තියෙනවද කියලා නම් දන්නේ නෑ.
දැන් නම් මෙගා නාට්ටි ඇරෙන්න වෙන නාට්ටි සෑහෙන අඩුයි. බලන බලන හැම නාලිකාවෙම තියෙන්නේ මෙගා නාට්ටි ඒ විතරක් යෑ බලන බලන හැම නාට්ටියේම ඉන්නේ නෙහාරයි මේනකයි ! මට නම් මුන් දෙන්නගේ රංගනය දැක්කහම බඩ පෙරලි කරගෙන ඔක්කාරෙට වගේ එනවා. රංගනය අජූතයි !
මුන් දෙන්නා වගේම ඔහේ දෙබස් කියවන නළු නිළියෝ වැහි වැහැලා. ඒත් වගේමයි හැම නාට්ටියකම තියෙන්නේ එකම වගේ කතා තේමාවක්. මිනිස්සු කොහොම මේ නාට්ටි බලනවද මන්දා. නාට්ටියක් මෙගා උනාට කමන් නෑ, ඒක බලන මිනිස්සුන්ට අපුලක් නැතුව බලන්න පුලුවන් විදිහේ ගුණාත්මක නාට්ටියක් බිහි වෙනවා නම්.
ඒත් ඉතින් හතු පිපෙන්නා වාගේ බිහිවෙන නාට්ටි වලින් ගුණාත්මක බාවයක් පතන එක අතකට මෝඩකමක් ! ඒකෙන් මේකෙන් වෙන්නේ ප්‍රේක්ෂකයගේ රසවින්දන අවර ගණයේ නිර්මාණයකට කොටු වෙන එක.
අපොයි...මෙහෙමත් නාට්ටි කෙරුවාවක් !

සංකල්පනා වර්ගය :
අනං මනං
03 October 2013
එක එකාගේ බලාපොරොත්තු
නීතීඥයෙකුගේ බලාපොරොත්තුව ඔබ කරදරයකට පත්වී සිටිනු දැකීමයි.
වෛද්‍යවරයෙකුගේ බලාපොරොත්තුව ඔබ රෝගී වී සිටිනු දැකීමයි.
පොලිසිය බලාපොරොත්තු වන්නේ ඔබ අපරාධකරුවෙකු වී සිටිනු දැකීමයි.
ගුරුවරයෙකුගේ බලාපොරොත්තුව ඔබ මෝඩයෙකුව ඉපිද සිටිනු දැකීමයි.
මල්ශාලා අයිතිකරුවකු බලාපොරොත්තු වන්නේ ඔබ මියගොස් සිටිනු දැකීමයි
තවද,
ඔබ සැපවත් ජීවිතයක් ගත කිරීම බලාපොරොත්තු වන්නේ හොරෙකු පමණි !!!
ප.ලි. - ඊ මේල් එකකින් ලැබුනු අදහසක්. ලද විවේකයෙන් සිංහලට පරිවර්තනය කලා. :)

අපේ තේ වෙලාව
කොම්පීතරයත් එක්ක හරි හරියට ඔට්ටුවෙවී වැඩ කරන මට තේ වෙලාව කියන්නේ සෑහෙන වටින කාලයක් ! වැඩ කරන පැය අටට වඩා තේ වෙලාවට ලැබෙන පැය කාල මට සෑහෙන සතුට ගේන කාලයක්. සමහර දවස්වලට කොයි වෙලේද තේ වෙලාව එන්නේ කියලා බලාගෙන ඉදපු දවසුත් නැතුවම නෙමේ. තේ වෙලාව කියන්නේ හරියට දෙයියන්ගේ අපට ලැබිච්ච තෑග්ගක් වගේ.
මගේ ජීවිතයේ මතක හිටිනම තේ වෙලාව ලැබුනේ මම මුලින්ම වැඩ කරපු ආයතනයේදී. ඒ ආයතනය ගාලු පාර අයිනේ තිබ්බ තැනක්. ඒ ගොඩනැගිල්ලේ උඩටම නැග්ගහම ලස්සනට මුහුද පේනවා. මාත් එක්ක අපේ තුන් හතර දෙනෙක් තේ එක හදාගෙන බිල්ඩිමේ උඩම තට්ටුවට යනවා.උඩ කිව්වේ උඩම තට්ටුව. ඒ කියන්නේ කොංක්‍රීට් ස්ලැබ් එක උඩට !
මූදු හුළං වැදි වැදි ක්‍රොංක්‍රීට් එක උඩ වාඩිවෙලා කතාවකුත් දාගෙන තේ බීපු කාලයක් ඒක ! ඒ නිසාමයි මට ඒ කාලේ හොඳටම මතක ! ඒ දවස්වල තේ එක බීලා ඉවර කරන්න අඩුම තරමේ පෑ බාගයක් යනවා. ඒ වගේ ලස්සන කාලයක් නං ආයේ එන එකක් නෑ මහිතේ.
ඒ තරම්ම නැති උනත් දැන් වැඩ කරන තැන තේ වෙලාවටත් නියමයි. මොකද අපි ඒ වෙලාවට තමා තමන්ට තියෙන ප්‍රශ්න, ආගමික ගැටලු, මතවාද එලියට එන්නේ. ඒ වගේම තමා වත්මන් රජයට විරුද්ධව කැරලි ගහන්නෙත් මේ තේ වෙලාවටයි !
කොච්චර කිරි තේ හදලා තිබ්බත් උනු වතුර පිල්ටරයෙන් ගත්ත වතුර ටිහිකට තේ කහට බෑග් එක දාලා සීනි හැදි දෙහෙකුත් හලාගෙන බොන තේ එක තරං කිරි තේ මට අල්ලන්නේ නෑ. කහට කෝප්පයත් එක්ක කාගේ හරි උනුසුම් මාතෘකාවකට වාදයකුත් එකතු උනහම ආයේ කියලා වැඩක් නෑ.
සමහරදාට අපේ කතාව මුලින්ම පටන් ගන්නේ බණ්ඩාරනායක මහත්තයා ලංගමය ජනසතු කිරීම ගැන. ඊට පස්සේ කාලයත් එක්කම ලංගමය කඩා වැටිලා පුද්ගලික බස් සේවය ඉස්මතු වීමට ඇවිත් පස්සේ පුද්ගලික බස් නවත්තලා ඒ වෙනුවට ලංගමය නගා සිටුවන්න වැඩ පිලිවෙලක් ගැන කතා වෙනවා.
ලංගමය ගොඩ ගන්නම බෑ බෑ වගේ කියලා හිතුනම වත්මන් ආණ්ඩුව බලයෙන් පහ කරන්න කතා වෙනවා. ඒකත් බැරිඋනොත් යන තැනකට කරගන්න කියලා පිං පවු ගැන කතා වෙනවා. ඔය අතර තේ එකත් අතේ තියාගෙනම ධාතූන් වහන්සේලා වැඳපුදා ගත්තු දවසුත් නැතුවම නෙමේ.
ඔය වගේ මේ ලඟදි දවසක අපි කතා කලා 2038 අවුරුද්දෙදි අපිට මුනපාන්න සිද්ධ වෙන ප්‍රශ්නයක් ගැන. ඒක 2038 අවුරුද්දේ ජනවාරි 19 වෙනිදාට අපිට මූනපාන්න සිද්ධ වෙන ප්‍රශ්නයක් ! ඒ වෙනකොට මම විශ්‍රාම ගන්නත් කිට්ටු කාලේ ! ඒ උනත් ඒක අපට මූන පාන්න වෙන ප්‍රශ්නයක් නිසා ඉදිරියේදි ගන්න ඕන පියවරවල් ගැන කතා වෙනවා.
කෙටියෙන්ම ප්‍රශ්නය මොකද්ද කියලා කිව්වොත් හරියටම 2038 අවුරුද්දේ ජනවාරි මාසේ 19 වෙනිදාට සමහර මෘදුකාංග ෆේල් වෙනවලූ. ඒකට මූලික හේතුව වෙන්නේ එදාට කොම්පීතරේ වෙලාව තියාගන්න වෙන් වෙලා තියෙන සම්පූර්ණ ඉඩ ප්‍රමාණය ඉවර වෙනවලූ.
ඉඩ ඉවර වෙලා ඊලඟ තත්පරේදි ඔරලෝසුව ආයේ අළුතෙන්ම පටන් ගන්නවා ලූ. ඒ නිසා දිනය පටන් ගන්නේ 1900 අවුරුද්දේ ඉදලාලූ. එතකොට 2038 ජනවාරි 20 වෙනුවට එන්නේ 1900 අවුරුද්දේ දිනයක් ලූ. ඔන්න ඕකයි ප්‍රශ්නේ !
කොච්චර බැරෑරුම් ප්‍රශ්නයක්ද නෙහ්... !

01 October 2013
ලෝක ළමා දිනය අදයි
අද ඔක්තෝම්බර් පළවෙනිදා ! වෙන විදිහකින් කියනවා නම් ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි !
මට නම් අද දවසත් වෙනදා වගේම එක දවසක් විතරයි. නමුත් ලෝක ළමා දිනය සමරන අයට නම් අද දවස සුවිශේෂි දවසක් වේවි. කොටින්ම ඉස්කෝලේ යන අයගේ ඉස්කෝල වලින් ජයටම ළමා දිනය සමරනවා ඇති.
ළමා දිනය වෙනුවෙන් මොනවහරි ලියන්ඩ ඕන කියලා හිතුනත් අදහසක් පහල උනේ නෑ තාම. අද දවස ඉවර වෙනකොට අදහසක් පහල වේවි :)
ළමා දිනය දවස නිසා දුක් විඳින ජන කොටසකුත් ඉන්නවා. ඒ තමා ඉස්කෝලේ යන ළමයින්ගේ අම්මලා තාත්තලා ! මට එහා පැත්තේ ඉන්න කෙනා උදේ හිටන්ම ළමා දිනයක් යෝජනා කරපු එකාව පතුරු ගහනවා. වටින් ගොඩින් හොයලා බලනකොට උන්දෑගේ ළමයා ඉන්න පංතියෙන් කොහේද මන්දා පාර්ක් එකකට එක්කන් යනවලු. ඒකට හැම ළමයම රුපියල් 1800 ගානේ ගේන්ඩ ඕන කියලා. ඔන්න ඕක නිසා තමා මුන්දෑගේ මේ අඳෝනාව !
ඔන්න මේ අවුරුද්දේ ඉදලා ළමා දිනය දවසට ශිෂ්‍යත්ව ප්‍රථිපල නිකුත් කරනවයි කියලා රජයෙන් කියනවා. ළමා දිනය දවසත් ළමයින්ට සතුටින් ගත කරන්න ලැබෙන්නේ නැති වැඩක් තමා වෙන්ඩ යන්නේ. :)
ඔන්න ලෝක ළමා දිනය වෙනුවෙන් මගෙනුත් තෑග්ගක්. ඒ තමා මං පොඩි දවස්වල ආසාවෙන් කියවපු මැංචෝසන් චාරිකාව පොතේ සොෆ්ට් කොපිය ! ළමයින්ට විතරක්ම නෙමේ. ඕනම කෙනෙක්ට එක වගේ මේ පොත කියවලා රසවිඳින්න පුලුවන්. මේ පොත මෙතනින් භාගත කරගන්න !
ළමයින්ට තෑග්ගක් දුන්නා නෙහ්.ඔන්න එහෙනම් වැඩිහිටි අයටත් පොතක් ! ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා ලියපු මහරජ ගැමුණු පොතේ සොෆ්ට් කොපිය ! මේ පොත බා ගන්න මෙතන ක්ලික් කරන්න.
එහෙනං අදට ඇති වගේ.

සැමරුම්
සංකල්පනා RSS සබැඳිය :
Posts (Atom)