10 February 2025

පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය මුල්ම දවස අද වේ

 අද තරමක කාර්‍ය බහුල දිනයකි. 

වෙනදා අවදිවන වේළාවට වඩා අළුයම අවදි වූ ඈ උදෑසන තේක පිළියෙල කර මේසය මත තබා මාව ද අවදි කළාය. මාද නිදිගැට කඩමින් අවදිව තේක අතට ගෙන වෙනදා මා හිදගන්නා අසුනට බර උනෙමි.


“ඔන්න අද නං ඉක්මනට තේක බීලා ලෑස්ති වෙන්ඩෝන ඈ… නැත්නම් වෙලාවට යා ගන්න බැරි වෙයි” යැයි ඈ කුස්සියේ සිටම කීවාය.


හරි හරි…. මං ඉක්මනට තේක බීලා ලෑස්ති වෙන්ඩ පටන් ගන්නංකෝ. ඔයා ගිහින් පුතාව කූද්දන්නකෝ” යැයි පිළිතුරු දුන් මා උගුරට දෙකට තේක බී හිස් කෝප්පිය කුස්සියේ මේසය මත තැබුවෙමි.