20 April 2019

බොල්ගොඩ ගඟේ හිරණ තොටුපොළ

හිරණ තොටුපළ යැයි කීවද අද වන විට මෙය තොටුපොළකට වඩා පාළමක් සහිත මං සංධියක් බවට පත්වී ඇත. එහෙත් අපේ ගමේ මැදිවිය ඉක්මවූ ගැමියන් පවසන්නේ එකල බොල්ගොඩ ගඟ හරහා හිරණේද පාළම් පාරුවක් තිබූ බවයි.

එහෙත් අද ඒ පාළම් පාරුවට නැවතීමේ තිත තබා මේ වනවිට බොල්ගොඩ ගඟේ ඉවුරු දෙක යාකර හිරණේදී යකඩ පාළමක් ඉදිකර ඇත.


අළුබෝමුල්ලේ සිට කැස්බෑව දෙසට යාමට ඇති කෙටිම මාර්ගය වැටි ඇත්තේ හිරණ පාළම හරහා බැවින් මසකට දෙතුන් වතාවක් මා හිරණ පාළම පසු කර යමි. ඒ යන හැම මොහොතකම හිරණ පාළම මත කෙටි වේලාවක් ගත කර එහි සුන්දරත්වය විඳීමට අමතක නොකරමි.


බෝහෝ සති අන්ත වලදී විවහා වීමට සිටින යුවල් පාළම මත ඡායාරූප ගත කරනු දකින්නට පුලුවන. හරිත පැහැයෙන් යුතු වට පිටාවක් සහිත පාළම මත සිට පෙනෙන දර්ශන තලය නිසා ඡායාරූපකරණයේ යෙදෙන්නන්ට අපූරු තෝතැන්නක් හිරණ පාළම සපයයි.

බොල්ගොඩ ගඟ හරහා හිරණේ දී බැඳි පාළම නිසා පානදුරත් කැස්බෑවත් එකිනෙක යා කළාක් මෙනි ය. හිරණ පාළම නොතිබෙන්නට පානදුරේ සිටින අයෙකුට කැස්බෑවට යාමට නම් බණ්ඩාරගම හරහා කැස්බෑවට ආ යුතු ය. එසේත් නැත්නම් මොරටුව හරහා පිළියන්දලට පැමිණ කැස්බෑවට ආ යුතු ය.

මේ පාරවල් දෙකම දැන් පවතින හිරණ හරහා යන ගමනට වඩා දුරෙන් වැඩි ය. එබැවින් හිරණ පාළම ජන ජීවිතයට පහසුවක් සපයයි.

හිරණ පාළම දෙස හිරණ බෝධිය පැත්තෙන් බලන විට අපූරු දර්ශනයක් මවයි.

මෙම අපූරු දර්ශනයද සමහර දින වල මා ස්වල්ප වේලාවක් බලා සිටිමි. හිරණ පාළම පසු කර හිරණ බෝධිය එසේත් නැත්නම් කොප්පල බෝ සමිදු දෙසට එන පාර වැටී ඇත්තේ අපූරු කඩලාන පරිසර පද්ධතියක් මැදිනි. මේ නිසා මේ පාරේ  හිරණ පාළමේ සිට හිරණ බෝධිය වෙතට යන කොටසද අපූරු දසුන් මවන පරිසර පද්ධතියකි.

නමුත් මේ කොටස මිනිසුන්ගේ නොමනා ක්‍රියා නිසා සීග්‍රයෙන් කැලිකසල එකතු වෙමින් පවති. මෙය අප විසින් නොකළ යුතු ක්‍රියාවකි.

අනාගත පරපුරට පරිසරය ආරක්ෂා කිරීමට නම් මෙවැනි අවිධිමත් කසල බැහැර කිරීම නොකළ යුතු ය.

6 comments:

  1. //එහෙත් අපේ ගමේ මැදිවිය ඉක්මවූ ගැමියන් පවසන්නේ එකල බොල්ගොඩ ගඟ හරහා හිරණේද පාළම් පාරුවක් තිබූ බවයි//

    පාලම් පාරුවක් තිබුණා එත් මේ මෑතකදි තමයි හිරණ පාලම ඉදිකලේ. පාලම ඉදිකර වසර 9ක් පමණ වෙනවා. පාලම විවෘත කරන තුරුත් පාලම් පාරුව කි‍්‍රයාත්මක වුනා.

    ReplyDelete
  2. 70 දශකයේ අග අපිට බයිසිකල් වල පානදුර යන්න තිබුන පහසුම පාර .සමහර කාලවල පාලම් පාරුව අලුත් වැඩියාව නිසා ගොඩට අරන්. එතකොට තියෙන්නේ අඟුල විතරයි.එ කාලෙට වාහන ගෙනියන්න බෑ. ඒ කාලේ කිදෙල්පිටිය හන්දියේ සිට තොටුපළ දක්වා පාර පාළුයි.ගෙවල් ටිකයි තිබුණේ. ඔය තොටුපළ හරියේ තමයි 88/89 කාලයේ ත්‍රිමාවිතානව මහල දාල තිබුනේ.මතක ඇති කාලයක් තොටුපළ රේන්දය කලේ හිරණ පැත්තේ තියෙන පලවෙනි ගෙදර කෙනා. හැමෝම එයාට කියන්න විදානේ උන්නැහේ කියල.

    ReplyDelete
    Replies
    1. පද්ත්‍මසිරි රිමා විතාරන,ඩී.බී.බන්ධුවර්ධන සහ තවත් අයෙක් පැහැර ගත්තෙ රත්නපුරේදි.... ඔලුවට පරාල ඇණ ගහල මරපු මිනී හමුවෙලා තිබුනෙ වැල්ලවාය ගොවිපොලක තිබිලා.... ඒ මිනීමරුවා අද කා එක්කද ඉන්නෙ....?

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ලස්සන පැත්තක් වෙන්න ඇති.
    ජයවේවා!!!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.