02 March 2019

රුම්මස්සල ගමන

මේ ලිපිය අද ලිව්වට මේ ගමන අපි ගියේ අදක ඊයේක නෙමේ. දින වකවානු හරියටම කියනවා නම් 2017 අවුරුද්දේ ජූලි මාසේ 29 වෙනිදා. මේකත් අපේ කන්තෝරුවේ කට්ටිය ලැහැස්ති කරපු ගමනක්. කොයි ගමන සූදානම් කලත් ගමන යන දින ලං වෙනකොට කලින් උන්නයින් බාගයක්වත් ගමන යන්න නැති වෙන එක කවුරු කවුරුත් අත්දැකලා ඇති නෙව. මේකටත් එහෙම උනා.

අන්තිමේදී මේ ට්‍රිප් එක යන්ඩ ඉතුරු උනේ තුන් දෙනෙක් විතරයි. මමයි තව දෙන්නෙකුයි විතරයි.

අපි තුන්දෙනා උදෙම්ම කොළඹින් මාතර යන කෝච්චියට ගොඩ උනා. ඒ කෝච්චිය කොළඹින් පිටත් වෙන්නේ උදේ හයට විතර. කෙලින්ම නවත්වන්නේ දකුණු කළුතර. ඊට පස්සේ අළුත්ගම > අම්බලන්ගොඩ > හික්කඩුව > ගාල්ල වගේ සීමිත නැවතුම් ටිකක විතරයි නවත්වන්නේ.

ඒ නිසා අපිට උදේ 8-9 වෙනකොට යාන්තන් ගාල්ලට ඒගන්න හම්බ උනා.


අපි ගාල්ලෙදි උදේ කෑම කාලා මාතර පැත්තට යන බස් එහෙකට ගොඩ උනා. අපේ මුලින්ම රුම්මස්සල බලන්ඩ යන්න හිතන් හිටියේ. කවුරුත් දන්නවා නේ රුම්මස්සල කියන්නේ හිමාලයේ කොටසක් ය කියලා.

රුම්මස්සල තියෙන ජන්ගල් බීච් එක බලන්න තමයි අපේ උත්සහය.අපි රුම්මස්සලට හැරෙන හන්දිය ගාවින් බස් එකෙන් බැහැ ගත්තා. ඊට පස්සේ එතැන ඉදලා ත්‍රීවීල් එකකින් තමයි රුම්මස්සලට යන්න ඕන. පාර්ක් එකේ ඉන්න ත්‍රීවීල් කාරයෝ මීටර් දාන්නේ නෑ. හන්දියේ ඉදලා රුම්මස්සලට ගානක් කියනවා. අපි කැමති උනා හෝ නැතා ඒ ගාන දීලා යන්ඩ ඕන. ආයේ ගනන් වෙනස් කරගන්ඩ බෑ. උන්ගේ අපගේ නීතී.

සුද්දෙක් එහෙම සෙට් උනොත් ඒ ගාන ඩබල් ත්‍රිබල් වෙනවා. ඒ අතින් සුද්දෝ පවු.

අපි ත්‍රීවීල් එකෙන් රුම්මස්සලට ආවා. මම පළවෙනි වතාවට රුම්මස්සලට එනකොට සාම විහාරයක් හදලා තිබුනේ නෑ. එතකොට මම ගොඩක් පොඩියි. අපේ පල්ලියේ ළමා සමාජයකින් තමයි මට රුම්මස්සල එන්න පුලුවන් උනේ. මේ රුම්මස්සල යන ගමන දෙවෙනි වතාව.

එහෙනම් පින්තූර බලලා ඉන්නකෝ.
මෙතැන ඉදලා ඈත මුහ්හුද ලස්සනට පෙනෙනවා. ඒක නම් ඇස් වලින්ම බලන්න ඕන.


විහාරයත් වැද පුදාගෙන අපි එහෙම්ම පල්ලම් බැස්සා. ඒ ජන්ගල් බීච් එකට යන්න. මේ හරියට තරුණ ජෝඩු එහෙමත් එනවා යනවා. මිනිස්සුන්ගේ ඇස් වලින් ඈත් වෙලා ආදරය කරන්න කියාපුම තැනක් තමයි රුම්මස්සල ජන්ගල් බීච් කියන්නේ. හැබැයි එහෙම එනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. මොකද එක එක අසහනකාරයෝයි එක එක මිනිස්සුන්ගෙනුයි කරදර එහෙම සිද්ධ වෙන්න පුලුවන් ඉඩකඩ තියෙනවා.


ඔය උඩ පින්තූරේ ඉන්නේ මං.

අපි තවදුරටත් පල්ලෙහාට බැහැලා මුහුදු වෙරල දිගේ ඇවිදගෙන ගියා.




මුහුදු වෙරළේ හොද හරියක් අහු උන නිසා අපි එතැනින් පැයක් විතර කරදිය නෑවා. ඊට පස්සේ අපි ආපිට ගාළු පාරට ආවා. මීළඟට අපිට යන්න තියෙන්නේ කොග්ගල මාර්ටීන් වික්‍රමසිංහ මහත්තයාගේ කෞතුකාගාරය බලන්ඩ.

එහෙනං ඊළඟ ලිපියෙන්ම හම්බ වෙමුකෝ.

3 comments:

  1. මෙතරම් නිස්කලංක රූමස්සල ගැන, දේශීය සංචාරකයින් සඳහා ලබාදී තිබෙන ප්‍රචාරය අඩු බවයි මට පෙනෙන්නේ

    ReplyDelete
  2. කියන්න සතුටුයි මමනං තාම ඔතෙන්ට ගිහිල්ල නෑ කියල.

    ReplyDelete
  3. ඔබ හරි, ඔය දාගැබ උඩට පේන ඉන්දියන් සයුරේ විව් එක නම් මල් හතයි. ඒ දාගැබත් හරිම නිස්කලංක තැනක්, ටිකක් උඩට නගින්නත් පුළුවන් නේද?

    මමත් එක පාරයි ගියේ, ෆෝන් එක වාහනේ දාල ගිහින් ෆොටෝ ගන්න බැරි උනා අනේ අපරාදෙ. :(

    මේ ලඟදි ඉන්දියන් යාලුවෙක් ගාලු ඇවිත් බලන්න යන්න තැන් ඇහුවම, මම රෙකමන්ඩ් කලේ ඔතනයි, කොටුවයි.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.