27 June 2018

දන්සල් වැඳීමේ කළාව

වෙන අවුරුදු වල වගේ නෙමෙයි මේ අවුරුද්දේ වෙසක් පෝය තිබ්බේ අප්‍රේල් මාසයේ. ඒ නිසා මිනිස්සු සිංහල අවුරුද්ද සමරලා ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට වෙසක් පෝයත් ඇවිල්ලා.  ඔන්න ඔය සීන් එක නිසා මෙදාපාර මිනිස්සුන්ට හරියට වෙසක් සමරගන්නත් බැරි උනා.

ඒ හින්දමද කොහෙද වෙසක් එකට දන්සල් වල අඩුවක් එහෙමත් මං දැක්කා. අවුරුදු වියදම් වලින් හතේ හත වැදිලා උන්නු මිනිස්සුන්ට දන්සලකට කියලා කීයක් හරි දීගන්න විදිහක් නැති වෙච්ච එක වෙන්ඩ ඕන මූලිකම හේතුව.

වෙසක් පෝය අප්‍රේල් වලට ගිය නිසා පොසොන් පෝය මැයි මාසෙට ගියා. මිනිස්සු නම් කැ4මති උනේ නෑ මැයි මාසේ තිබ්බ පෝය, පොසොන් පෝය කියලා සමරන්න. ඒ හින්දම ඒ පෝය අධි පොසොන් පෝය වෙලා ජූනි මාසේ තිබ්බ පෝය ඔරිමජිනල් පොසොන් පෝය උනා.

හැබැයි අපරාදේ කියන්ඩ බෑ ඇදි පොසොන් පෝයටත් දන්සල් තිබ්බා. දන්සල් වලින් නම් ඒ පෝයයි මේ පෝයයි කියලා වෙනසක් නෑ. දිගට හරහට දන්සල්.

පොඩි කාලේ ඉදලම පුරුදු වෙච්ච හින්දම ද මන්දා වෙසක් පෝයටයි පොසොන් පෝයටයි මට ගෙදර ඉදලා ගෙදර බතක් කාලා ඉන්න හිතෙන්නෙම නෑ.
කොහේ හරි දන්සලකින් පැයක් දෙකක් හරි පෝලිමේ ඉදලා බත් ටිකක් හරි නූඩ්ලස් ටිකක් හරි කන්නමයි හිතෙන්නේ. ඒ හින්දම අපේ ගෙදර ඒ දවස් වලට දැලි වළඳක් ලිපේ තියන්නේ උදේට විතරයි. :)

දන්සලකින් කන එකත් එක්තරා විදිහක කළාවක්. දන්සලකින් කනවා නං අත හෝදන්නේ නැතුව බත් කන්න පුලුවන් හැකියාව ඇති කරගන්න ඕන. මොකද දන්සලේ පෝලිම කිසිම දාක ටැප් එක හරහා දාන්නේ නෑ. ඒ නිසා පෝලිමේ ඉදලා කෙලින්ම දන්සලේ කෑම බෙදන හරියට යවන්නේ. ඒ නිසා අත හෝද හෝද ඉන්න වෙන්නේ නෑ.

සමහරු නං පෝලිම කිට්ටු වෙනකොට වැටෙන් රිංගලා අත හෝදගෙන එනවා. තවත් සමහරු පෝලිමට එන්ඩ කලින්ම අත හෝදගෙන එනවා. ඒ අයට නං කිසි කේස් එකක් නෑ.

ඊලඟ කේස් එක තමා පලවෙනි වතාවේ පිඟානට දාලා තියෙන්නේ බත් ටිකයි. ඒ බත් ටිකට දන්සලේ ප්‍රධාන මෙනුවේ තියෙන වෑංජන ටිකට අමතරව පපඩම් කෑල්ලක්,බැදපු මිරිස් කරලක්, අන්නාසි පෙති බාගයක් වගේ දෙයක් ලැබෙන්න පුලුවන්.

බොහෝමයක් දන්සල් වල ප්‍රධාන මෙනුව වෙන්නේ බතුයි පරිප්පුයි සීනි සම්බෝලෙයි. ඉදලා හිටලා අඹ මාළුවක්, සෝයා මීට් එහෙමත් තියෙනවා. මොනවා නැතත් පරිප්පු නං අනිවාර්යයෙන්ම තියෙනවා.

ඔය සෙට් එකට අමතරව තමයි මම කලින් කියපු අයිටම් එක තියෙන්නේ. පලවෙනි වතාවේ බත් ටික ගිලගෙන ගිහින් ඊලඟ වතාවට බෙදාගන්නකොට අර පපඩම් කෑල්ල හම්බ වෙන්නේ නෑ. ඒ නිසා ඒවා ඉල්ලන්න ගිහිං චාටර් කන්න ඕනත් නෑ.

දන්සල් දෙන එවුන්ගේ මූලිකම පරමාර්ථය වෙන්නේ පෝලිමේ කට්ට කන සෙට් එක ඉක්මනටම ඇතුලට දාගන්න එක. ඒ නිසා ඉක්මනටම බත් ටික කාලා නැගිටින එවුන්ට දන්සල් සංවිධායකයෝ හරි කමතියි. ඒ හින්දම හිමින් කන එවුන්ට ඉක්මන් කරන්න ඉක්මන් කරන්න කියලා කියන අවස්ථාවලුත් නැතුවම නෙමේ.

ගෙදරදි අටයි තිහේ ටෙලි නාට්ටිය බලන ගමන් බත් කනවා වගේ හිමින් බත් කන්න බෑ. අනික බත් ටික කන අතරේ උගුරේ බත් හිර උනොත් සොරිම තමා. මොකෝ නැගිටලා ගිහින් වතුර බොන්න කියලා යෑ.

අන්න ඒකයි දන්සලකින් කන එක කලාවක් කියන්නේ.

සමහරුන්ට නම් බත් කනකොට වතුර බොන්න අවශ්‍ය නෑ. ඒ අයට මේ ප්‍රශ්නය නෑ. ඒත් සමහරු පෙරේත කමට ගිලගෙන ගිලගෙන ගිහින් හිර කර ගන්නවා. අන්න ඒ උන්දැලා කරන්න ඕන එක බත් ගුලියක් කාලා තත්පර දෙක තුනකට පස්සේ තව ගුලියක් කියන ක්‍රමයට අනුව කන එක. එතකොට ගොඩක් වෙලාවට ඉස්මොල්ලේ යන එක බත් හිරවෙන එක එහෙම එන්නේ නෑ.

තව එකක් තමා පරිප්පු වගේ දියාරු හොදි ටිකක් වැඩිපුර ඉල්ලගෙන බත් ටික අනන එකත් හොඳ ක්‍රමයක්. එතකොටත් හිරවෙන ගතිය අඩු වෙනවා. සමහරු නං කලින් ඉදලම වතුර බෝතලයක් ගෙනියනව. ඒකත් හොඳ ක්‍රමයක්. ඒත් ඉතින් කීයෙන් කීදෙනාට ද වතුර බෝතලයක් ගෙනියන්ඩ මතක් වෙන්නේ.

තව එකක් තමා තුන් වතාවකට වඩා බත් කන්න ඕන වෙනවා නං දෙවෙනි සැරේ බත් ටිකක් වැඩිපුර ඉල්ල ගන්න. එතකොට තුන් වතාවකින් එහාට්ට බත් බෙදාගන්න ඕන නෑ.

තුන් සැරයකට පස්සේ බත් ඉල්ලනකොට දන්සලේ එවුන්ට නිකන්ම චාටර් වෙනවා. එහෙම නැත්නම් හතරවෙනි වතාවට එතනදි බත් කන්නේ නැතුව ගෙදර එකෙක්ට බත් ගෙනියනවා කියලා බෙදාගෙන පාර්සලයක් හදාගෙන ගෙදර එන එකත් හොඳ පිළියමක්.

එහෙම කාලා එළියට ආවා කියමුකෝ.

ආයේ තව දන්සලකින් කන්න හිතෙන තරම් පෙරේත කමක් දැනෙනවා නං සැලෙන්න එපා. ඒකෙත් පෝලිමේ ඉන්ඩ. දන්සල් වන්දනාවේ යන්න හොඳම වාහනය තමා පුට් සයිකලය. එක දන්සලකින් කාලා මීටර් 500ක් 600ක් යනකොට ගානට බඩ බහිනවා. ඒ නැත්නම් කිලෝමීටරයක් දෙකක් යනකොට ගානට බඩ හිස් වෙනවා.

එතකොට ඉතින් ආයේ වතාවක් බත් ඩිංගක් බඩට හලාගන්ඩ පුලුවන්. සිසිල් පැන් දන්සල් නම් කියන්න දෙයක් නෑ නේ. බීලා චූ පාරක් දැම්මහම ආයෙම බොන්න බැරුව යෑ. :)

කම්මැලිකමේ ඉන්නැද්දි හිතුන දේවල් ටිකක් ඔහේ ලියලා දැම්මා. එහෙනම් මං ගියාවේ. ජය වේවා !

තමන්ට හිතෙන අදහස් තියෙනවා නං ලැජ්ජ වෙන්ඩ දෙයක් නෑ. පහලින් ලියලා දාන්ඩ. අපි කවුරුත් දන්සල් වඳින උදවිය නෙව.

7 comments:

  1. මමනං අකමැතිම දෙයක් තමයි ඔය සෙනඟ අස්සේ රිංගගෙන කට්ට කන එක.එයිට දාහෙන් සැපයි ගෙදෙට්ට වෙලා වැලක් බලන එක. පෝයට පන්සල් යෑම, පොසොන් කිට්ටුව අනුරාධපුරේ යෑම, අවුරුදු, නත්තල් කිට්ටුව ඇඳුම් කඩවලට යෑම වගේ නොකරන දේවල් කීපයක් ලිස්ට් එකේ තියෙනවා.

    ReplyDelete
  2. මටනං කාල ඉවරවෙනකල් වතුර බොන්න ඕන නැති හින්ද අවුලක් වෙන එකක් නෑ.


    ReplyDelete
  3. This published post is really nice! I love its structure... coherent like a chain... What else do I add here?

    ReplyDelete
  4. Rice served in the main menu can be cooked with papadas, fried chili peppers and half a slice of pineapple.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.