04 December 2017

ධර්මයුද්ධය

කාලෙකට පස්සේ සිංහල චිත්තරපටියක් බලන්ඩ හම්බ උනා. මේක සිංහල කියලා කිව්වට ඉන්දියාවේ චිත්‍රපටියක සිංහල අනුවාදය කියලා කිව්වොත් තමා වඩාත්ම නිවැරදි. ඉන්දීය සිනමාවේ භාෂා කිහිපයකින් මේ චිත්‍රපටිය තිරගත වෙලා තියෙනවා.

දැං නං ඉතිං කතාවේ නම ඉබේම මතකෙට ඇවිත් ඇති. ඔව්... මේ කියන්නෙ ධර්මයුද්ධය ගැන තමයි. මේ කතාව මුල ඉදලා අග වෙනකන්ම කුතුහලයකින් යුතුව බලාගෙන යන්න පුලුවන් විදිහේ කතාවක්.

කතාව ගලාගෙන යන්නේ මෙහෙමයි.

මේ කතාව ගෙතිලා තියෙන්නේ මනුදම්පුරයේ ජීවත් වෙන පවුලක් වටා. හරිශ්චන්ද්‍රගේ පවුල කියලා මම ඒ පවුල නම් කරන්නම්. හරිස්චන්ද්‍රගේ පවුලේ ඉන්නේ හරිශ්චන්ද්‍රයි එයාගෙ නෝනායි දූලා දෙන්නයි.

මේ සේරමදෙනා සතුටින් සාමයෙන් ඒ වගේම ඉතාම ආදරෙන් ජීවත් වෙනවා. කොටින්ම හරිශ්චන්ද්‍රට නෑයෙක් කියලා ඉන්නේ මේ පවුලේ කට්ටිය විතරයි. හරිශ්චන්ද්‍ර කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පික්චර් පිස්සෙක් !


දවසට පික්චර් දෙක තුනක් අනිවාර්යෙන්ම බලන්න අමතක කරන්නේ නෑ. ඒ වගේම හරිස්චන්ද්‍ර ජීවිතේ සේරම දේවල් ඉගෙන ගත්තේ පික්චර් වලින් කියලා විඩින් විඩේ හැමෝටම කියලා දෙනවා.

මේ ගොල්ලන්ගේ පවුලේ ලොකු දුව ක්ෂේත්‍ර චාරිකාවක් යනවා ගන්නෝරුවට. මේ යන ගමනට පිරිමි පාසලකිනුත් කට්ටියක් එනවා. මේ කට්ටිය් අතරේ ඉන්නව ටිකක් බලපුලුවන්කාර පවුලක පුතෙකුත්. එයාගේ නම ශේන් !

ශේන් ටිකක් සෙල්ලක්කාර චරිතයක්. මෙයාගේ ෆෝන් එකෙන් ට්‍රිප් එක ගිය ගෑල්ලමයින්ගේ පින්තූර ගන්නවා. මේ නිසා ගෑල්ලමයි තමන්ගේ ඉස්කෝලේ ගුරුවරුන්ට කියලා ශේන්ට තරවටු කරවනවා.

කොහොමින් හරි ශේන්ට පුලුවන් වෙනවා හරිශ්චන්ද්‍රගේ දුව ඇඳුම් මාරු කරන වෙලාවක දර්ශන ෆෝන් එකෙන් රූගත කරන්ඩ. මේ වීඩියෝ එක ශේන් පරිස්සමින් තියාගෙන ඉන්නවා. දවසක් ශේන් මේ වීඩියෝ එකත් අරගෙන හරිශ්චන්ද්‍රගේ දුව හම්බ වෙන්ඩ එනවා.

ඒ වීඩියෝ එක පෙන්නලා හරිශ්චන්ද්‍රගේ දුවව බ්ලැක්මේල් කරනවා. මේ වීඩියෝ එක මකලා දාන්නේ හරිස්චන්ද්‍රගේ දුව තමන් එක්ක ඒ කියන්නේ ශේන් එක්ක නිදි වදින්න කැමති උනොත් විතරයි කියලා.

මේ නිසා ඒ ගෑල්ලමයා සෑහෙන කම්පනයට පත් වෙනවා. අන්තිමේදි අකමැත්තෙන් උනත් ශේන් කියපු වෙලාවට කියපු තැනට එන්න ඒ ගෑල්ලමයා කැමති වෙනවා. ශේනුත් වෙලාවට එතැනට එනවා.

එදා වැහිබර දවසක් !

ඒ ගෑල්ලමයා ගාවට ශේන් කිට්ටු වෙනකොටම ගෑල්ලමයගේ අම්මා එතැනට එනවා. අම්මා, ඒ කොල්ලා ඉදිරියේ බැගෑපත් වෙනවා තමන්ගේ දුවට කරදරයක් කරන්ඩ එපා කියලා.ඊට පස්සේ ශේන් අදහස වෙනස් කරනවා.

දුව වෙනුවට අම්මා නිදි වැදුනොත් දුවව නිදහස් කරනවා කියලා ශේන් අම්මගේ පැත්තට හැරෙනවා. ශේන් අම්මට කරදර කරන්න යනකොටම අර ගෑල්ලමයා ශේන්ගේ ඔලුවට පොල්ලකින් පහර දෙනවා.

කොල්ලා එතනම මැරිලා වැටෙනවා. කොල්ලගේ අතේ තිබ්බ ෆෝන් එක බිම වැටිලා කුඩු වෙනවා. කෙල්ල, හිතේ කේන්තියටත් එක්කම ෆෝන් එක කෑලි කෑලි යන්නම පහර දෙනවා.

ඊට පස්සේ අම්මයි දුවයි දෙන්නම ශේන්ගේ මිය යෑම නිසා කලබල වෙනවා.

දෙන්නා හොර රහසේම ශෙන්ව ගෝනියක ඔත්ලා වත්ත පහල වලදානවා. මෙ සිද්ධිය පොඩි දුව ජනේලයකින් බලාගෙන ඉන්නවා.

පහුවදා හරිශ්චන්ද්‍ර ගෙදර එනවා..

හරිශ්චන්ද්‍ර ආපු හැටියෙම ගෙදර අනිත් අය මේ සිද්ධිය හරිශ්චන්ද්‍රට කියනවා.

එතනින් එහාට්ට තමයි කතාව ගලාගෙන යන්නේ. හරිශ්චන්ද්‍ර නොසෑහෙන්න තමන්ගේ පවුලට ආදරෙයි. මේ නිසාම මේ සිද්ධිය  නීතියෙන් වසන් කරන්න ගන්න උත්සහය තමයි කතාවේ ඉතුරු ටික දිග හැරෙන්නේ.

කතාව බලපු නැති අයගේ රසවින්දනයට බාධාවක් වෙයි කියලා හිතලා මම මෙතනින් එහාට්ට කතාව විස්තර කරන්නේ නෑ.

මේ කතාව බලලා නැත්නම් ඔයාලත් බලන්න. හරි අපූරු කතා තේමාවක්.... !

එච්චර තාක්ෂණික දැනුමක් නැතුව උනත් මේ වගේ කතා ලංකාවේ හැදෙනවා නම් සිංහල සිනමාවට ලොකු ගමනක් යන්ඩ පුලුවන් වෙයි.

එහෙනම් මම ගියාවේ !

4 comments:

  1. ස්තූතියි. බලන්න හිතාගෙන ඉන්නෙ. මේකෙ හින්දි එකනම් බැලුවා.

    ReplyDelete
  2. බැලුවා...... හැබැයි මේක දෙමළ චිත්‍රපටයක ගෙඩි පිටින් ගහපු කොපියක්......... මට හිතෙන්නේ නං මේකට සාපේක්ස ව දෙමළ චිත්‍රපටය ගොඩක් ඉදිරියෙන් තිබුණා...... හොයාගෙන බලන්න.

    ReplyDelete
    Replies
    1. මටනම් හිතුනෙ කොපියක් උනත් දෙමළ චිත්‍රපටියට වඩා සිංහල එකේ රගපෑම් උසස් තත්වයක තිබුන කියල . විශේෂයෙන් නිලියන්ගෙ.

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.