13 October 2017

නදීතෙර කුංචනාදය

මම ඉස්කෝලේ යන දවස්වල අසාවෙන් කියවපු පොතක් කියවන්ඩ ලැබුනා. මේ පොතේ නම මට අමතක වෙලයි තිබුනේ. මූණු පොතේ පොත් කියවන අය ගෲප් එකේ කතා බහකදි මේ පොත ගැන කියවුනා.

ඊට පස්සේ මට මේ පොත ආයෙම කියවන්න ආසාවක් ආවා.

ඒ ආසාව නිසා මම මේ පොත් ග්‍රන්ත වෙබ් අඩවියෙන් මිලදී ගත්තා.


පොතේ නම තමයි "නදීතෙර කුංචනාදය" !

ලියලා තියෙන්නේ කැමිලස් වනිගසූරිය කියලා මහත්තයෙක්. සූරිය ප්‍රකාශනයක්.

පොත ගැන කෙටි විස්තරයක් කරනවා නම් ත්‍රිකුණාමලය අවට වනගත පරිසරය ගැනයි හේන් ගොවිතැන ගැනයි මේ පොතේ ලියවිලා තියෙනවා. කොටින්ම කතුවරයගේ වනගත අත්දැකීම් ගැනයි මේ පොත ලියවිලා තියෙන්නේ.

අල්ල-කන්තලේ මාර්ගය ගැන අල්ලෙයි වැව ගැන එහෙම ලියවිල තියෙන හරි අපූරු පොතක්. මේ පොතේ පරිසර වර්ණනාව නම් කියලා වැඩක් නෑ.

ඉඩක් ලැබුනොත් කියවලා බලන්න.


3 comments:

  1. ග්‍රන්ථ එකේ තියෙනවා නම් ගෙන්න ගන්න පුළුවන්නේ ස්තුතියි ඔත්තුවට

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.