06 March 2017

මාදු ගඟේ බෝට්ටු සවාරිය

ගෙවුනු සති අන්තයේදී මාත් මා සේවය කරන කාර්යාලයේ කට්ටියකුත් එක්ක පොඩි සංචාරයක යෙදුනා. අපි සංචාරය කලේ රටේ දකුණු පළාතේ පිහිටි ගංගාවක් ආශ්‍රිත ජලජ පරිසර පද්ධතියක් බලන්න. සරලව කිව්වොත් අපි ගියේ මාදු ගඟේ බෝට්ටු සවාරියක්... !

මාදු ගඟේ බෝට්ටු සවාරියක් යමුයි කියලා කාගේ කාගේත් හිත්වල මාස දෙකකට වඩා වැඩි කාළයක් තිබුනත් චාරිකාව යන්න දවසක් යොදාගන්න ලේසි පහසු උනේ නෑ. ඒකට මූලිකම හේතුව එක එක්කෙනාට තම තමන්ගේ පුද්ගලික වැඩ කටයුතු යෙදී තිබීම කිව්වොත් මම නිවැරදියි.

කොහොමින් කොහොමහරි මාස දෙකකට වඩා වැඩි කාලයකට පස්සේ අපි කට්ටිය මාදු ගඟේ බෝට්ටු සවාරියක් යන්ඩ ආවා. මම උදෙම්ම පානදුරෙන් ගාල්ල බස් එහෙක නැගලා කළුතර ආවා. අපේ අනෙක් සගයෝ ටික එන කෝච්චිය, කොළඹින් පටන් ගත්තට පස්සේ නවත්තන්නේ දකුණු කළුතර නිසා පානදුරේ උන්නු අපිට දකුණු කළුතරට යන්ඩ සිද්ධ උනා.

මායි ජනකයි පානදුරේ ඉදලා දකුණු කළුතරට ආවා. ඒ එනකොට උදේ හය විතර උනා. අනෙක් යාළුවෝ එන කෝච්චිය කළුතරට එන්නේ හයයි පනහට විතර. එතකන් අපි දෙන්නට දුම්රිය නැවතුම්පොලේ කල් මරන්න සිද්ධ උනා.
අපි දෙන්නා ආගිය තොරතුරු කතා කර කර ඉන්නකොට අපිටත් නොදැනිම වෙලාව ගතවෙලා හයයි පනහ උනා. ඒත්තෙක්කම වගේ කෝච්චිය දකුණු කළුතර දුම්රිය නැවතුම් පොළට ලඟා උනා.

අපිත් අනෙක් යාළුවෝ අතරට එකතු වෙලා දුම්රියේ ගමන් කලා. මේ දුම්රිය උදේ හතයි කාල වෙනකොට අහුන්ගල්ල දුම්රිය ස්ථානය කිට්ටුවට ආවා. ඒත්තෙක්කම ගාල්ලේ ඉදලා ආපු දුම්රියකට ඉඩ දෙන්න ඕන හන්දා අපි ගමන් කරපු දුම්රිය අහ්හුන්ගල්ල දුම්රිය ස්ථානයේ නැවත්තුවා. අපි දුම්රියෙන් බැහැලා ගාළු පාරට ආවා.


අහුන්ගල්ල - ඌරගහ බස් මාර්ගය වැටිලා තියෙන්නේ අහුන්ගල්ල දුම්රිය ස්ථානය ආසන්නයෙන්මයි. මේ පාරේ කිලෝමීටර් දෙකක වගේ දුරක් යන්න පුලුවන් නම් අපිට කොත් දූවට යාගන්ඩ පුලුවන්. කොත් දූව කියන්නේ මාදු ගඟේ තවත් එක දූපතක්. ඒ වගේ දූපත් රාශියක් මාදු ගඟේ තියෙනවා. ඒවා ගැන පසුවට කියන්නම්.

ඒ ළඟම කඩේකින් උදේ කෑම අරගෙන අහුන්ගල්ලෙන් බලපිටිය පැත්තට බස් එකක ඇවිත්  අපි මාදු ගං පාලම ලඟින්  බැහැගත්තා. අහුන්ගල්ලේ ඉදලා බලපිටියට කිලෝමීටර් තුනක විතර දුරක් තියෙනවා. මාදු ගං පාලම ගාව ඉදලා අපි පොඩ්ඩක් ගාලු පාර දිගේ ආවා.

මාදු ගං පාළම කිට්ටුව බෝට්ටු කාරයෝ එක පොදියට ඉන්නවා. ඒ අය සංචාරකයෝ ඩැහැ ගන්න මාන බලමිනුයි ඉන්නේ. අපිත් ඒ අයගෙන් කෙනෙක්ට අහු උනා. අහු උනාය කිව්වේ ඒ අයගෙන් කෙනෙක්ගේ බෝට්ටුවක සංචාරය කරන්න තීරණය කලා.

බෝට්ටුවේ අයිතිකාරය, මාදු ගං තොටුපොළ දිහෑවට අපිව එක්කගෙන ගියා.

 අපි මේ සංචාරය කරන්න යන්නේ ලංකාවේ තුන් වෙනි රැම්සා තෙත් බිම !

" හෑ... මොකද්ද මේ රැම්සා තෙත් බිමක් කියන්නේ ? " මගේ හිත මගෙන්ම ප්‍රශ්න කරන්න ගත්තා.

මොකද මම මගේ අතීජාත රූමාලාගේ දිහෑ ගියහමත් රැම්සා තෙත් බිමක ඇවිද්දා. ඒකා ඉන්නේ කොළඹ - පුත්තලම් පාරේ ආනවිලුන්දාව කියන ගමේ. එදා මම රූමාත් එක්ක ඇවිද්දේ ආනවිලුන්දාව අභය භූමියේ.

ඒකත් මේ කියන රැම්සා තෙත් බිමක් !

මාත්තෙක්ක කාල තරණය කරන්න කැමති කෙනෙක් ඉන්නවා නං 1971 අවුරුද්දේ පෙබරවාරි මාසය වෙනකන් කාලයේ ආපස්සට යමු. ආපස්සට ගිහින් ප්ලේන් එහෙක නැගලා ඉරානයේ රැම්සාර් නගරය වෙත ගමන් කරමු...

හරි... අපි එහෙනං රැම්සාර් නගරයේදී හමු වෙමු... !

6 comments:

  1. මාදු ගගේ මාත් ගිය අවුරුද්දෙ ගියා. අර මාළුවන්ට කියලා කකුල් කව්වගන්න තැන නම් මරු.

    ජයවේවා!!!

    ReplyDelete
  2. මත ඒක පාරක් ගියා ඔය මාදු ගගේ තියෙන දුපතකට පාලමෙන්

    ReplyDelete
  3. අයියෝ..පින්තුර ටිකකුත් තිබුනානම් :(

    ReplyDelete
  4. කැම්පස් ඉන්න කාලේ අපිව එක්කන් ගියා....ගාල්ලේ ඉඳන් ඇල්පිටිය පැත්තට යන පාරකින්. අපි ගිය තැන මාදු ගඟ ගැන කියලා දෙන සෙන්ටර් එකක් තිබ්බා. ගමේ කට්ටිය එකතුවෙලා තමයි පවත්වාගෙන යන්නේ. community based management කියන්නේ....අන්න එහෙම වැඩක්. එතන නැවතිලා ඉන්නත් පහසුකම් තියනවා. ගඟ අද්දර අළුත් තාලෙට පරිසරෙත් එක්ක එකතු කරලා හදපු ගොඩනැගිල්ලක්... කෑම බීම ඔක්කොම හදල දෙන්නේ ගමේ අය.....මං හිතන්නේ ලොකු ගානක් යන්නෙත් නෑ....

    ReplyDelete
  5. මිල ගනන් එහෙම කොහොමද?? බෝට්ටුවෙන් යනකොට ????

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.