19 November 2016

ඉන්දීය සිනමාව හා ලාංකීය ප්‍රේක්ශකයා

මා දන්නා පරිදි ශ්‍රි ලංකාවේ මුලින්ම විකාශන වූ ඉන්දියානු නාට්‍යය උනේ "ශාන්ති" නාට්‍යයයි. එහි  මන්දිරා බේඩි නම් වූ ඉන්දීය නිළිය ශාන්ති ලෙස රංගනයෙන් දායක විය.  ශාන්ති ටෙලි නාට්‍යයෙන් පටන් ගත් ඉන්දීය ටෙලි සිනමාව ශ්‍රී ලාංකීය රූපවාහිනිය තුළ දළු ලා වැඩුනා යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.

ඉන් පසුව කලින් කලට විවිධ ඉන්දීය නිර්මාණ ශ්‍රී ලාංකීය ප්‍රේක්ශකයා හමුවේ දිග හැරුණි. ඉන්දීය ටෙලි සිනමාව පිළිලයක් මෙන් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක සිත්තුල ලියැලීම දුටු එවකට තිබූ රජය විදේශීය සිනමා නිර්මාණ සදහා විකාශන බද්දක් පැනවීය. මේ නිසා බොහෝ නාලිකා විදේශීය නිර්මාණ විකාශනය කිරීම අත්හැර දමන ලදී. නමුත් සමහර නාළිකා මේ බද්ද ගෙවා විදේශීය නිර්මාණ විශේෂයෙන් ඉන්දීයානු නිර්මාණ විකාශනය කරන ලදී. තමන් විශාල බදු මුදලකට යටත්ව මේ නිර්මාණ පෙන්වන බව ප්‍රේක්ශකයාට දැන්වීම සදහා වරින් වර රූපවාහිනි තිරය මත "මේ නිර්මාණය සදහා මෙපමණ රජයේ බදු මුදලක් අප විසින් ගෙවා ඇත." යනුවෙන් දිස්වීමට සලස්වයි.

කෙසේ වුවත් අවර ගණයේ විදේශීය නිර්මාණ අඩුවීමක් දක්නට ලැබුනේ නැත. මෙලෙස කලක් ගත වන විට ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ජනතාව ඉන්දීය නිර්මාණ කෙරෙහි වැඩි නැඹුරු වීමක් දක්නට ලැබුණ අතර  අද වනවිට කිසිදු ගුණාත්මක බවකින් යුක්ත  නිර්මාණයක් රූපවාහිනියේ විකාශනය නොවේ.

 මෙවැනි අවර ගණයේ නිර්මාණ වලින් ප්‍රේක්ශකයාගේ රසඥතාවය මොට වීමක් මෙන්ම කලින් කිව් පරිදි  දේශීය නිර්මාණ වල අඩු වීමක් ද දක්නට හැකි වේ.

දේශීය හෝ වේවා විදේශීය හෝ වේවා නිර්මාණයක ගුණාත්මකතාවය ඇගයිමකින් පසුව මෙවැනි නිර්මාණ විකාශන වීමට සලස්වන්නේ නම් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ට ගුණාත්මක රසවින්දනයකට මං පෙත් විවර වේ.

මා දන්නා තරමින් ජාතික රූපවාහිනියේ විකාශනය වන සියළුම දේශීය හෝ විදේශීය නිර්මාණ අධීක්ෂණ මණ්ඩලයක් මගින් අධීක්ෂණයකට භාජනය කරන ලද නිර්මාණ වේ.

සියළුම නිර්මාණ, අධීක්ෂණ මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතු අතර අනුමැතිය ලත්  නිර්මාණ රූපවාහිනියේ විකාශනය කරනු ලබන්නා සේම අනෙකුත් නිර්මාණ ඉවත් කිරීමකට ද ලක් කෙරුණි. මෙවැනි ක්‍රමවේදයක් අනිත් නාලිකාවලින් ද සිදු වන්නේ නම් එය අනාගත පරපුරේ රසවින්දනය ඉහළ නැංවීමට උපකාරි වෙනු ඇත.

2 comments:

  1. ඒකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෙ සිරස නාළිකාව ඔවුන් තමයිඔය හරයක් නැති නිර්මාණ විකාශය කරන්නපටන්ගත්තේ.දැන් ඒකපිළිලයක් බවට පත්වෙලා. ඒවා නරඹන මෝඩ (වෙන කියන්න වචනයක් නෑ)මිනිස්සුත් ඒකට සම සමව වගකියන්න ඕනෙ, මොකද ඔතන වෙන්නෙ ඉල්ලුමට සැපයුමක්. මමනං TV බැලිල්ල අතෑරල දාලා තියෙන්නෙ බලන්නෙ ජාතික රූපවාහිනියෙ මේ දිනවල විකාශය වන පැරණි ටෙලි නාට්‍ය පමණයි. (මේ දිනවල කන්දෙ ගෙදර2)එවායින් ජීවිතයට ගන්න යම් දෙයක් ආදර්ශයක් තියනවා.
    ඔවුන් පැරණි සිංහල ටෙලි නාට්‍ය විකාශය කිරීමට පටන්ගැනීම හොඳ දෙයක් නමුත් මේ ඉන්දියන් රැල්ල මැඩ පවත්වන්න ඒක ප්‍රමාණවත් මදි .රජයේ මැදිහත්වීමක් අවශ්‍යමයි.
    ඔබ කියූ ලෙසම කලින් ඔය රැල්ල යට ගියේ පැවති රජයේ නීතිරීති නිසා ඒ වගේම ස්වාධීන රූපවාහිනිය තමයි ඒකට ලොකු මෙහෙයක් කලේ මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ පබා වගේ නිර්මාණ ජනතාව අතරට ගෙන ඒමෙන්. දැන් ඔහුත් නිහඬව ඉඳිම කණගාටුවට කාරණයක්.

    ReplyDelete
  2. මිනිස් හිත් හිස්බවින් පුරවන්න මොන තරන් ලෙහෙසිද ...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.