11 November 2016

ගෙවල් හැදිල්ල

ගෙවල් හදනවා කියන්නේ ලොකු වලක් කපලා ඒ වලට සල්ලි දානවා වගේ වැඩක්. කොච්චර සල්ලි වියදම් කලත් මදි.

මාත් පොඩිවට ගේ කෑල්ලක් හදන්න පටන් ගත්තා. මේ අවුරුද්දේ ජනවාරි 8 වෙනිදා තමා සුබ නකතින් ගෙපැල කපන්න පටන් ගත්තේ. මේ වෙනකොට ටිකෙන් ටික වැඩ කරලා ගෙයි සම්පූර්ණයෙන්ම වාගේ වැඩ ඉවරයි.

අන්තිමේදී ෆිනිෂින් වහලෙකුත් ගැහැව්වා.

අම්බෝ ඒකට තමා ලොකුම වියදම ගියේ. ලීවලට සෑහෙන ගානක් ගියා. ඉතුරු වියදම් සේරම ගියේ පේන්ට් බඩු වලටයි ෂීට් වලටයි.

ලී වලට යන වියදමයි ෂීට් වලට යන වියදමයි ඇරුනහම ලොකුම වියදම ගියේ බාස් කුලියට. අපේ පැත්තේ බාස් කෙනෙක් වහලේ වර්ග අඩියකට රුපියල් 110ක් ගන්නවා.

ඔය වැඩ සේරම ටික ඉවර වෙනකොට මම පොඩි ණය කාරයෙක් වෙලා. ඒත් ඉතින් කමන් නෑ... ගෙයි වැඩ ගොඩක් කෙරුණා නෙව.

මගේ මහන්සියෙන්ම ගොඩනගපු ගේ නේද කියලා හිතෙනකොට හිතේ ලොකු සතුටක් දැනෙනවා.

මේ අවුරුද්ද ඉවර වෙන්ඩ කලියෙන්ම කාමර කෑල්ලක් හදාගෙන පදිංචියට යන්ඩ ඉන්නේ.

කුලී ගේක ඉන්නවට වඩා තමන්ගේම ගේක ඉන්න එක කොච්චර නම් සැපක් ද ?

10 comments:

  1. ඔව්. ගෙවන කුළී එකතු කරාම වෙනම ගෙයක් හදන්න පුළුවන්. අලුත් ගෙයි ඉදිරි වැඩ සාර්ථක වෙන්න මගෙන් සුභ පැතුම්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ඇත්තටම ගෙයක් හැදීම මුදල් ආයෝජනයක් විනා අපතේ යැවීමක් නෙවෙයි. අත්දැකීමෙන් කියන්නේ. නමුත් මෙන්න මේ දේවල් වැදගත්.

    1. මම ගෙයක් හදන්නේ ඇත්තටම මට ගෙයක් අවශ්‍ය නිසාද?

    2. මට සහ මා සමග මේ ගෙදර පදිංචිවන අයට ගෙදර ඉඩකඩ ප්‍රමාණවත්ද?

    3. මගේ වත්කමට ගැලපෙන නිවාස සැලැස්මක්, මා තෝරාගෙන තිබෙනවාද?

    4. මට සහ මගෙන් පසු ඉතිරිවන පරම්පරාවට මේ නිවස නඩත්තු කිරීමට හැකි වෙන ආකාරයේ සරල එකක්ද?

    5. මේ නිවස හදන්නේ බොරු අලංකාරයට නොව, ඇත්තටම නිවසක් අවශ්‍ය නිසා නේද?

    ReplyDelete
  3. අම්මෝ ගෙවල් හැදිල්ල

    ReplyDelete
  4. නිකං බොරු විච්චූරණ කරල තමන්ට නොගැලපෙන ප්‍රමාණයේ ගෙයක් හදාගන්නවට වැඩිය තමංගෙ අවශ්‍යතාවය අනුව ගෙයක් හදාගන්නවනං ඒක අපරාදයක් වෙන්නෙ නෑ.

    ඇස්ටිමේට් කරන ගණනං වලටනං ගෙවල් හදන්න බෑ. අපේ බිල්ඩින් එකක් ඇස්ටිමේට් කළේ ලක්ෂ 15 - 18 අතර ගානකට. හදල ඉවර වෙනකොට 30 ට එහා ගිහිල්ල.

    ReplyDelete
  5. මමත් ලබන අවුරුද්දේ වැඩේට බහින්න ඉන්නේ.. හෙහ් හෙහ්

    ReplyDelete
  6. නව නිවසට සුභ පැතුම්.

    ReplyDelete
  7. අනිවා.................

    ReplyDelete
  8. වර්ග අඩියට 110 කියන්නෙ හොඳ රේට් එකක්

    ReplyDelete
  9. වර්ග අඩියට 110 කියන්නෙ හොඳ රේට් එකක්

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.