20 November 2016

පොත් කියැවීම

හෝඩි පොත හැරුනකොට කුඩා කළ මා කියැවූ මතකයේ ඇති පොත වන්නේ "කඩමාලි" ය. කඩමාලි යනුවෙන් හැඳින්වෙන්නේ කුඩා දරුවෙකු විසින් පාසලේ ප්‍රදර්ශනයකට තැබීම සදහා ගෙදරින් ඉවත දමන  ලද රෙදි වලින් සෑදු බෝනික්කෙක් ය. මේ බෝනික්කා දුටු විනිසුරු මඩුල්ල ඒ දරුවාට තරඟයේ ප්‍රථම තෑග්ග ප්‍රධානය කරන ලදී.

කඩමාලිගෙන් පසුව මා විසින් අවුරුදු ඇඳුම, හොඳම පුතා, මඩොල් දූව, තුන් යහළු වික්‍රමය, බස්තියන්ගේ සොහොන ආදී වශයෙන් නොයෙක් සිංහලෙන් ලියවුණු පොත් කියෙව්වෙමි.

ඒ හැරුනු කොට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියැවී ඇති පොත් කියවා ඇත්තේ අතලොස්සකි. පාසල් අවධියේදි බ්‍රෑම් ස්ට්‍රෝකර් විසින් රචිත ඩ්‍රැකියුලා පොත කියෙව්වෙමි. එක් පසෙකින් ඉංග්‍රීසි ශබ්ද කෝෂයක් ලඟ තබාගෙන අමාරු වචන වල තේරුම් ශබ්ද කෝෂයෙන් බලමින් මා එම පොත කියෙව්වේ ඩ්‍රැකියුලා කතා මාලාවට ඇති ආශාව නිසාම ය. ඉංග්‍රීසි සාහිත්‍යය විෂය සඳහා මඩොල් දූව පොතේ ඉංග්‍රීසි පරිවර්තනයත් මා විසින් කියවා ඇති ඉංග්‍රීසි මාධ්‍යය පොත් වේ.

ඒ හැරෙන්නට මා විසින් ඉංග්‍රිසියෙන් ලියැවී ඇති කතා පොත් කියවා නැත. ඉංග්‍රීසි පොතක් ලැබුනද එහි ඇති "අමාරු වචන" නිසාම කියවීම සදහා මා තුළ කිසියම් අලස ගතියක් ජනිත කරවී ය.

නමුත් මා ඉංග්‍රීසි පොත පතද කියවිය යුතු ය.
බොහෝ පොත්පත් වල සිංහල පරිවර්තනයට වඩා එහි ඉංග්‍රීසි මුල් කෘතිය කියවීම හොඳ බව බොහෝ දෙනෙක් පවසන කරුණකි. ඒ නිසාම මාද ඉංග්‍රිසි පොත පත කියවීම කල යුතු දෙයකි.

නමුත් සිංහල පොතපතට වඩා ඉංග්‍රිසි පොතපත මිලෙන් අධිකය. ඒ නිසාම මා මුද්‍රිත පිටපත් කියැවීම අතහැර දැමී ය. ඒ වෙනුවට පී.ඩී.එෆ්. පිටපත් කියවන්නට යොමු වුනෙමි. පරිගණක තිරයක් හෝ ටැබ් තිරයකින් පොත් කියැවීම නුහුරු අත්දැකිමක් උවද කලක් ගත වන විට මා එයට හුරු වුනෙමි.

මා මේ දිනවල කුඩා කතා පොත් ටිකක් කියවන්නට යොමු උනෙමි. ජෙෆ් කිනී විසින් රචිත Diary of Wimpy Kid නම් කතා මාලාව, මා මේ දිනවල කියවන පොත් අතර වේ.

අලස කමින් කල් ගෙවන කුඩා දරුවකු වටා මේ කතා ගෙතී ඇත. කිසියම් හාස්‍යය රසයකින් යුක්තව මේ කතා පොත් පෙල ලියා ඇති නිසා කිසිදු නීරසකින් තොරව එක හුස්මට කියවීමට හැකිය.

ඔහු හා ඔහුගේ යහලුවන් එක්වී කරන හාස්‍ය මුසු සිදුවීම් ද මේ කතා පෙලට පාදක වී ඇත. ඇමරිකා එක්සත් ජනපදය තුළ වැඩිම අලෙවියක් ඇති පොත් අතර මේ පොත් පෙළට සුවිශේෂී තැනක් ලැබී ඇත.

මේ පොත් පෙල කියැවීමට කැමති කෙනෙක් වේ නම් පහත සබැඳියෙන් මේ පොත් පෙල බාගත කර ගන්න.

3 comments:

  1. ස්තූතියි.
    ජයවේවා!!!

    ReplyDelete
  2. ඉංග්ලිෂ් PDF කියවනවනම් යන්න Wayback machineමෙතෙන්ට PDF තියනවා නැවකට සයිට් එකේ උඩින්ම තියන පොතක සයින් එක ක්ලික් කරන්න. බලන්න විතරක් නෙමෙයි ඔටෝ කියවගන්නත් පුළුවන්.

    ReplyDelete
  3. ඉංග්‍රීසි පොත් කියවන්න...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.