16 October 2016

සඳවතිය පායන්න

කළුවර ට අත වනන
දම්පාට හැන්දෑව
හිරු තවම හිඳිනවද ?
ළඟ පෙනෙන මානයක

කළුවරයි අද බෝම
තරු පිපුනේ නැතුවා ද ?
අද අහස අඳුරේම

කළුවරට තරු කුමකට
අඳුර දුරලන්ට
සඳවතිය පායන්න
තනිකමක් මට කොහි ද ?



කාව්‍ය සංකල්පනාව දනාගෙනි.


දනාගේ මේ කවි පංතිය කියෙව්වහම මට මතක් උනේ අලගියවැන්න මුකවැටි තුමාගේ සුභාෂිතයේ එන කවියක්. ඒකත් පහලින් ලියා තබන්නම්.

පින්මද පුතුන් සියයක් ලඳුවත් නිසරු
ගුණනැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එක පුන් සඳින් දුරු වෙල් ලොව ගණදුරු
නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු

3 comments:

  1. තනි වූ හිතට සැනසිල්ලක්
    දෙන්න කියා
    හිරු බැස ගියා සඳවතියට
    ඉඩක් තියා.........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පිළිතුරු කවියට තුති

      Delete
  2. හිරු තවම නැඟෙනවා
    පෙර පුරුදු පෙරදිගින්
    දම්පාට හැන්දෑවේ
    කළුවරත් මඟ බලයි

    තරු පිපි නැතිවාට
    ලං වුනොත් කියන්නම්
    රහසක් අහනවද
    අඳුරේම...

    සඳවතිය පායන්න
    තව ටිකක් කල් ගනී
    එතෙක් මේ තරු නුඹේ
    තනි මකාවි කළුවරේ...
    ඉන්නේපා...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.