14 April 2015

සුබ නව වසරක් වේවා

ලබන්නාවු
සිංහල හින්දු නව වසර
සාමය සතුට පිරි
සුබ නව වසරක් වේවා !


8 comments:

  1. දෙමළ අවුරුද්ද සහ සිංහල අවුරුද්ද වෙනම හදුනාගමු

    සිංහලයන්ගේ, අවුරුද්ද දෙමළ ජනයා ද පැවැත්වීම පිළිබඳ අපගේ විරුද්ධතාවක් නැත. අවුරුදු චාරිත්‍ර නැකැත් බැලීම්වලින් තොරව වුව ද පවත්වන තරමට ඔවුන්ට සිංහල ජනයා සමග එක්විය හැකි ය. එහෙත් අවුරුදු උත්සවයේ සම්භවය දෙමළ ජනයාට දීමට කිසිම සාධකයක් නැත. සිංහලයන් අවුරුදු උත්සවය පවත්වන ආකාරයට දකුණු ඉන්දියාවේ අප්‍රියෙල් මස උත්සව නො පැවැත්වේ. අද ලංකාවේ දෙමළ ජනයා අප්‍රියෙල් මස යම් ආකාරයක උත්සවයක් පවත්වන්නේ නම් ඒ සිංහලයන්ගේ ආභාසයෙනි.

    හින්දු බැතිමතුන්ගේ සූර්ය උත්සවය ජනවාරි මස යෙදී ඇත. තෛපොංගල් නමින් හැඳින්වෙන ඒ උත්සවය සූර්යයා ධනු රාශියේ සිට මකර රාශියට සංක්‍රමණය වීම සමගත් සූූර්යයා අපට සාපේක්‍ෂව පොළොව වටා යන ගමනේ දී උත්තරාර්ධ ගෝලයට හැරීම සමගත් සම්බන්ධ වෙයි.

    මම දන්න විදියට එකදාස් නවසිය 30 ,40 ගණන් වල , සිංහල අලුත් අවුරුද්දට නිවාඩු දෙනකොට දෙමළ අයකිව්වලු එයාලටත් නිවාඩු ඕන කියල. ඊට පස්සේ සුද්දා මේකට දෙමල අයවත් ඇද්ද ගන්න සිංහල-හින්දු අලුත් අවුරුදු නිවාඩුව දීලා. ඔතන අවුලක්
    www.sinhaladepaya.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඔය වගේ සීරියස් දෙයක් මට මතක හැටියට කියලා පටි රෝල් අරින්න බෑනෙ..එහෙම දෙයක් තියේ නං කෝ ඒ ලියකියවිල සහ ලේඛන ගැන විස්තර... බොරු පට්ට කෙබරයක් සිංහල ජාතිය උඩදාන්න යොදාගන්න එකට මම නම් කැමති නැහැ... අනික ඕක සිංහල දමල බැරිනං මුස්ලිං අය්ත සැමරුවාම අපිට ඇගේ වදින්නෙ නැහැනේ... මේක අපේම අපේම කියලා බදාගෙන මරාගන්න ඕනි නෑනෙ..

      Delete
  2. බ්ලොග් ලියන මදුරංගටත් ලැබූ අවරුද්ද වාසනා වේවා..

    ReplyDelete
  3. මධුරංගටත් පවුලෙ හැමෝටමත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    අවුරුදු නිවාඩුවට කොහේහරි ඇවිදින්න යන්න ලැහැස්ති කරගත්තෙ නැත්ද?

    ReplyDelete
  4. ඔබටත් එසේම වේවා

    ReplyDelete
  5. සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  6. මධුටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  7. ඔබටත් පවුලේ හැමෝටමත් සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.