30 November 2014

මාරවිල කුරුස පල්ලියට ගිය ගමන

මේ සති අන්තයේ සෙනසුරාද දවසේ අපේ නෝනා කැමැත්තෙන් උන්නේ මාරවිල කුරුස පල්ලියට ගිහින් එන්ඩ. ඉතින් එයාගේ ආසාව හන්දා මායි අපේ එක්කෙනායි උදෙන්ම ගෙදරින් පිටත් උනා.

අපි දෙන්නා උදේ අටට විතර වත්තලට ආවා. වත්තලින් මීගමු පාරේ යන හලාවත කොළඹ බස් එකක් අල්ල ගත්තා. බස් එක පෑ දෙකක් විතර අරගෙන මාරවිලට ආවා.

කුරුස පල්ලිය ගැන කියනවා නම් ඒ පල්ලිය තියෙන්නේ මාරවිල. පුත්තලම කොළඹ පාරේ මාරවිල ටවුමෙන් බැහැලා ටික දුරක් හලාවත පැත්තට ඇවිදගෙන ආවහම මාරවිල හතරමං හන්දියෙන් වම් අත පැත්තේ පාරෙන් කිලෝමීටර් එකහමාරක් විතර යන්න ඕන. ත්‍රීවිල් එකෙ ගියොත් රුපියල් සීයයක් විතර ගන්නවා.


අවු රස්මියත්තෙක්ක පයින් යන එක අමාරු නිසා අපි දෙන්නා ත්‍රී වීල් එකේ පල්ලිය ගාවට ආවා.

පල්ලිය ඉදිරිපස පෙනුම මෙහෙමයි.
පල්ලියේ ඉදිරිපස ගහලා තියෙන පාඨය තියෙන්නේ ලතින් භාෂාවෙන්. ඒකේ තේරුම "මේ සලකුණෙන් ඔබ ජය ගනී" කියන එකලූ. ඉංග්‍රීසියෙන් කියනවා නං In this sign you will conquer. කියන එකලූ.
 
මේක පල්ලියක් උනාට මීට කලින් තිබුනේ කුරුසයේ ඇන ගහපු ජේසු තුමාගේ සුරුවමක් (පිළිමයක්) විතරයි ලූ. මිනිස්සු ඒ සුරුවම ඉස්සරහා වැද වැටිලා යාච්ඥා කලා ලු. පස්සේ කාලෙක තමයි මේ සුරුවම වට කරලා පල්ලිය ගොඩ නගලා තියෙන්නේ.
පල්ලියේ මැද ඔය තියෙන කළුපාට සිමෙන්ති තීරුවේ කිතුනු බැතිමතුන් දන ගහගෙන ඇවිදගෙන යනවා. ඒ යන ගමන් එයාලගේ ප්‍රාර්ථනාත් හිතේ තියාගෙන දෙවියන්ට ඉදිරිපත් කරනවා.
මේ පල්ලිය තියෙන්නේ කනත්තක් මැදි කරගෙන. මාරවිල කුරුස පල්ලියේ වාර්ශික මංගල්ලය පැවැත්වෙන්නේ සැප්තැම්බර් මාසේ. පහලින් තියෙන්නේ පල්ලියේ පැත්තකින් පෙනෙන කනත්ත.

මාරවිල පල්ලියේ ටික වෙලාවක් ගත කරලා අපි දෙන්නා මූද පැත්තට ආවා. ලස්සන මුහුදු වෙරලක් මාරවිලට තියෙන්නේ. හලාවත මූදු තීරයට කියන්නේ මුතු පංතිය කියලා නෙව.  මේ හරියේ ධීවර මාදැල් වලින් මාළු අල්ලනවා. අපි එනකොට මාදැල ගොඩට ඇදලා. ඒ නිසා මාදැල් අදින එකේ පින්තූරයක් ගන්ඩ ලැබුනේ නෑ..

එහෙනං පින්තූර ටිකක් බලලා ඉම්මු.

පහලින් තියෙන්නේ මූදු වෙරලට එනකොටම වාගේ තියෙන දේව මැනියන්ගේ සුරුවම (පිළිමය)
පහලින් තියෙන්නේ මූදු ගිහින් ආපු බෝට්ටු.
මූද මැද්දේ තිබ්බ ගොඩ නැගිල්ලක්. සංඥා නිකුත් කරන තැනක් වෙන්ඩෑ. සුනාමි අනතුරු දැනුම් දීමේ මධ්‍යස්ථානයක්ද දන් නෑ.. මොනා උනත් මටත් ආස උනා මූදේ බැහැගෙන ගිහිං ගිහින් ඔය පඩිපෙලෙන් නැගලා ඔය පැලට ගොඩ වෙන්ඩ.

මූදු වෙරලේ පෑ එකහමාරක් විතර ගත කරලා අපි හලාවත ටවුමට ගියා.ටවුමේ පොඩ්ඩක් ඇවිදලා මුන්නේශ්වරම් පැත්තේ යන්ඩ කියලා හිතුවා. ඒත් අපේ එක්කෙනා කකුල් කඩිත්තුව හැදිලා කියලා කෙඳිරි ගෑව නිසා ඒ ගමනට විරාමයක් තියලා ගෙදර ආවා. ආයේ දවසක මුන්නේස්වරම් ගිහින් එහෙම්මම පඬුවස් නුවර ඇත්තෙත් ගිහින් එන්ඩ බැරුව යෑ..

එහෙනං මං ගියාවේ.. ජය වේවා !

34 comments:

  1. තක්කෙටම අර අට්ටාලේ මොකක්ද දන්නේ නැනේද

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඒක නං දන්නේ නෑ..

      Delete
  2. කුරුස පල්ලිය කියල නම හැදිල තියෙන්නේ මුලින් කුරුසයක් තිබ්බ නිසා වෙන්නැති නේද? මොනව උනත් අර දන ගා ගෙන යන දේවල් වගේ ඒවනම් මෝඩ චූන් කියල හිතෙනවා.. මුන්නේශ්වරම් ගියාම අපිවත් මතක් කරල පඬුරක් දාපන් එහෙනම්.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. දන ගාගෙන යන එක ඉතින් එක එක අයගේ විස්වාස නෙව. ඔය දේවාල වල කටු ගහගෙන යන්නේ, ගිනි පාගගෙන යන්නේ.. :)

      Delete
    2. එහෙනම් මුන්නෙස්වරම් කියන්නෙත් බොරුවක් නෙමෙයිද බං 😂😂

      Delete
  3. දණ ගහගෙන යන කතාව දැක්කාම මතක් වුණේ කතරගම පැත්ත. එහෙන් මෙහාට ආපු නැත්නම් මෙහෙන් එහාට ගිය එකක්ද දන්නේ නෑනේ.

    ලස්සණ පැත්තක්. 'අපේ එක්කෙනාගේ' කකුල් රිදුණා නම් වඩාගෙන යන්ට තිබුණා නේ...:P

    ReplyDelete
    Replies
    1. ඒක නං දන්නේ නෑ. කවුරු හරි කරගෙන ආපු දෙයක් වෙන්ඩෑ..
      අපේ එක්කෙනාව වඩාගෙන බස් එකට ගොඩ කලෑකි. ඒත් වඩාගෙන ඇවිදින්නේ කෝම ? :O

      Delete
  4. දවසක යන්න ඕනේ කියලා හිතුනා.. ලස්සන තැනක්..

    ReplyDelete
  5. අන්න ජීවිතේ..ඒකාකාරීතවයෙන් මිදිල ජීවිතේ විඳිනවා කියන්නෙ මේකට තමයි.

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි මගෙත් අරමුණ.. ඒත් අපේ එක්කෙනා වැඩිය ඇවිදින්ඩ කැමති නෑ නෙව. :)

      Delete
  6. වටිනා ලිපියක්................ අත්දැකීම් අපිත් ඒක්ක බෙදාගත්තාට තුති........

    ReplyDelete
    Replies
    1. කියවලා සටහනක් දැම්මටත් ස්තූතියි.

      Delete
  7. අට්ටාලේ හදල තියෙන්නෙ මාළු බෝට්ටු වලට සිග්නල් දෙන්න කියල තමයි මම අහපුවහම කිවුවෙ . උඩ අටවල තියෙන්නෙ ට්‍රෝලර් එකක කැබින් එකක්ලු.
    මිනී වලවල් උඩ ඉදන් කෑම කන , පොඩි උන් වලවල් උඩ සෙල්ලම් කරන තැනක් තමයි කුරුස පල්ලිය.
    පල්ලිය ඉස්සරහ තියන අච්චාරු කඩේ වන්දනා කලේ නැතෙයි.

    ReplyDelete
    Replies
    1. ආහ්.. අච්චාරු කඩේට ගියා.. ඒකට නොගිහින් කොහොමද..

      Delete
  8. මාරවිල පහු කරගෙන ගිහින් තිබ්බට කවදාවත් නතරවෙලා බලලා නැහැ..අපි නොදු‍ටු දේ අපි යන එන මාවත්වලම කොච්චට්‍ර ඇත්ද ?

    ReplyDelete
  9. ආයෙ ඔය පැත්තෙ ආපු වෙලාවක බලන්න ඕන එහෙනං.
    මම හලාවත ආපු වෙලාවක මුන්නේස්වරමටනං ගිහිල්ල තියෙනව.

    අර අට්ටාලෙ සුනාමියක් ආවොත්නං ඉතුරු වෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. සුනාමියක්ම ඕන නෑ.. මුහුදු කුණාටුවක් ආවත් ඇති මහිතේ. පෙනේද පැත්තකින් අලවෙලා තියෙන හැටි !

      Delete
  10. අර මූද මැද අට්ටාලෙනං අට්ටාලයක්ම තමා..
    මාරවිල කියල හැදෙන්නෙ අනතුරු වැඩි විලක්වත් තිබුන හින්ද වෙන්න ඇති නෙහ්.. :P
    බොහොම කාලයක ඉඳං පල්ලියක් ඇතුලට ගිහිල්ල බලන්න ආසාවක් තියේ..ඒ වුනාට තාම යන්න බැරි වුනා..

    ReplyDelete
    Replies
    1. මාර විල කියන නම හැදිච්ච හැටි කිව්ව එකත් මරු ඈ.. මම හිතන් උන්නේ මාර ගස් තිබ්බ විලක් හින්දා කියලා.. හිහ් හිහ් හි...:P

      Delete
  11. කුරුස පල්ලියේ මංගල්ලේ තියෙන්නේ ජූලි මාසේ කියලයි මට මතක තිබුනේ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා... සැප්තැම්බර් එකෙත් මංගල්ලයක් තිබ්බා..

      Delete
  12. kurusa palliya gena liuwata sthuthi. mama marawila kenek. palliye ithihase gena liyapu pothak issaraha kadawala thiyenawa. Kithunuwan vishwasa karanne methana haskam wena thenak lesatai, hungak aya asaneepavalin hodawena, prasna visadena thenak. bara walata danagagena yanne, eyalage vishwase.

    ReplyDelete
    Replies
    1. ආයේ ගිය වෙලාවක ඒ පොත ගන්ඩ ඕන. ස්තූතියි විස්තර වලට !

      Delete
  13. ලංකාවෙ ඉන්නවා නම් හැම සිකුරාදම කුරුස පල්ලිය වරදින්නෙ නෑ,,ඔතන ආගම් බේදයක් නැතුව මිනිස්සු විශ්වාසයෙන් එන පල්ලියක්,,මම හිතන්නෙ අන්යාගමිකයින් වැඩියෙන්ම එන පල්ලියක් අපේ රටේ තියන..

    ReplyDelete
    Replies
    1. සිකුරාද උදේ 11ට පූජාවක් තියෙනවාලු.

      Delete
  14. මුතු පන්තිය කියල කියන්නෙ හලාවතට ටිකක් එහා ආනවිලුන්දාව කිට්ටුව තියෙන දූපතකට.

    ReplyDelete
    Replies
    1. ආහ්... මට යාලුවෙක් කිව්වේ මුතු පංතිය කියන්නේ එහේ මූදු වෙරලය කියලා. මම කතාව අප්ඩේට් කරන්නම්.

      Delete
  15. කුරුස පල්ලියේ කියන්නේ ගොඩක් හාස්කම් ප්‍රාතිහාර්ය තියෙන තැනක්..

    ලංකාවේ තියෙන වටිනා සිද්ධාස්ථානයක්..

    කොහොම නමුත් මදුරංග අයියා එහෙනම් අපේ ඒරියා ඒකට ඇවිත් අපිට නොකියාම ගිහින් වගේ :p

    ReplyDelete
    Replies
    1. ආයේ ආපු වෙලාවක ඔයාලෑ ගෙවල් පැත්තටත් ඇවිල්ලා යන්ඩ එන්නංකෝ... !

      Delete
  16. අපිත් නිතර යන... මමත් කැමති පල්ලියක්... මතක සටහන් බොහොමයි...

    ReplyDelete
    Replies
    1. එලාවක ඒ මතක සටහන් ටික මතක් කරමු.. !

      Delete
  17. me link eke thiyenne mama Kurusa palliya gena asiyanu katholika puwath sevayata liyapu warthawak
    http://www.ucanews.com/story-archive/?post_name=/2008/09/25/catholic-miracle-shrine-attracts-multitude-of-buddhists-hindus-catholics&post_id=49223

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.