07 August 2014

නෝවාගේ නැව

මේ අවුරුද්දේ මාර්තු මාසේ 10වෙනිදා නෝවා කියලා ඉංග්‍රීසි චිත්තරපටියක් නිකුත් උනා. ඔන්න දැන් ඒ චිත්තරපටියෙම කොපියක් අන්තර්ජාලයෙන්ම බාගත කරගෙන බලන්ඩ අවස්ථාව උදා වෙලා තියෙන්නේ. චිත්‍රපටිය නිකුත් වෙලා මාස කිහිපයකින් බලන්ඩ තියෙන එකත් මරු වැඩේ.. !

 ඒවයින් කාරි නෑ... චිත්‍රපටිය බලන්ඩ තියෙනවා නෙව.

මේ චිත්‍රපටියෙන් කියැවෙන්නේ බයිබලයේ පුරාණ ගිවිසුම කාළයේ ජීවත් වෙච්ච නෝවා කියන මනුස්සයෙක් ගැන. නෝවාගේ කාළයේදි මිනිස්සු විවිධ දුරාචාර වලට අකටයුතුකම් වලට යොමු වෙලා බොහොම අධර්මිශ්ඨ ජීවිතයක් ගත කලා.

මේ මිනිස්සුන්ගේ අධර්මිශ්ඨ වැඩ නිසා දෙවියන් වහන්සේ කෝප වෙලයි උන්නේ. මේ නිසාම මේ මිනිස්සුන්ව මහපොලොවෙන් අතුගාලා දාන්න ගංවතුරක් එවන්න දෙවියන් වහන්සේ තීරණය කරලා තිබ්බා. මිනිස්සු කොච්චර අධාර්මිකව ජීවත් උනත් නෝවාගේ පවුලේ අය ධාර්මික ජීවිතයක් ගත කල නිසා ඒ අයව ගංවතුරෙන් මරණයට පත් කරන්නේ නෑ කියන මතයේ තමයි දෙවියන් වහන්සේ උන්නේ.

ඒ නිසා දෙවියන් වහන්සේ නෝවාට කතා කරලා ලොකු නැවක් හදන්ඩ කියලා අණ කරනවා.ඒ නැවට සෑම වර්ගයකම සත්තුන් දෙන්නා බැගින් දාන්න කියලත් අණ කරනවා. මොකද ජල ගැල්මට පස්සෙත් ආයේ මිහිපිය ජීවින් ජීවත් වෙන්ඩ එපැයි.

නෝවාට කියපු විදිහට නව හදලා සත්තුත් දැම්මා.ඊට පස්සේ ලොකු ගංවතුරක් ඇවිදින් අනිත් මිනිස්සුන්ව ගහගෙන යනවා. නෝවා ඇතුලු පිරිස උන්නු නැව පාවෙලා ගිහින් අරරත් කන්ද මුදුනේ නතර වෙනවා.

ඊට ටික දවසකට පස්සේ නෝවා පරවියෙක් යවලා බලනවා ඌ ආපහු එයිද කියලාමොකද පරවියාට ගොඩ බාන්න තැනක් නැත්නම් ඌ ආපහු හිටපු තැනටම එන්න එපැයි...ඔහොම යවපු පරෙවියා ආපහු එන්නේ නෑ.. ඒ කියන්නේ ගංවතුර බැහැලා ගිහින්...

ඔන්න ඕනයි නෝවගේ කතාව.

ඔය කතාව කිව්වට පස්සේ අපේ කන්තෝරුවේ එක්කෙනෙක් වාද කලා ඔය නැවේ කතාවට සාක්කි නෑයි කියලා. අනිත් කෙනා වාද කලා නෑ එහෙම නෑ... සාක්කි තියෙනවාය කියල. තාමත් ඒ වාදේ දිගටම යනවා.

ඊට පස්සේ සාක්කි හොයාගෙන යනකොට යන්තන් එක සබැඳියක් හම්බ උනා.

පහලින් තියෙන්නේ ඒ සබැඳිය !

ඒකට ගිහින් පින්තූරු ටික බලලා එන්නකො. එහෙනං මම ගියාවේ.!!

19 comments:

  1. ආර්ක් එක කොහොමවෙතත් මහා ජලගැල්ම myth එක නම් හුඟක් සංස්කෘතීන්ගෙ තියනව.

    ReplyDelete
  2. මිනිස්සු කරපු වැරදි වලට අහිංසක සත්තුන්ටත් දෙවියන් වහන්සෙ දඩුවම් ඩීලනෙ, ජලජ ජීවීන්ට ෆේවරේශන් එකක් දීලනෙ. අසාධාරනයි.

    ReplyDelete
  3. මම ෆිල්ම් එක බැලුවා..

    ReplyDelete
  4. මම කල්පනා ක‍රේ අද කාලෙත් මහාජලගැල්මක් ආවොත් බේරෙන පවුල කවුරු වෙයිද කියලා. ඉදීද එහෙම පවුලක්.

    ReplyDelete
  5. පහුගිය එරියස් අල්ලන්නද කොහෙද එකපිට දෙකක් දාන්න ඔට්ටුද බන් .......
    ඊයේ කොමෙන්ටුවලට උත්තර දීලත් නෑ ........
    හරි ඒවා යකාට ගියාදෙන්කෝ කෝ බන් පිචර් එකේ ලින්ක් එක

    ReplyDelete
  6. පිචැර් ඒක බැලුව...
    ඒ් තරං ගතියක් අැති ෙදයක් ෙනවී...
    මංද දට නං දිෙරව්ෙවම නෑ

    ReplyDelete
  7. බලන්න ඕනි පුලුවන් වෙලාවක ෆිල්ම් එක..

    ReplyDelete
  8. හොදයිද කියන්නේ? බලන්න හිතාගෙන හිටියට බැරි උණා

    ReplyDelete
  9. කමෙන්ට් වලට උත්තර දීපියෝ.....

    ReplyDelete
  10. 2012 ෆිල්ම් එක තමා මට මතක් උනේ. නෝවා නම් බලලා නැහැ.

    ReplyDelete
  11. නෝවා... කතාව අසා..බලා ඇති වී ඇත

    ReplyDelete
  12. ෆිල්ම් එක බැළුවා.. කතාව ඇත්තද නැද්ද කියන එකනම් හිතන්න යන්නේ නෑ.. ඒත් මට තියෙන ප්‍රශ්ණේ මෙන්න මේක.. දැන් ඔය සත්තුන්ගේ හැම එකාගෙන්ම දෙන්නයිනේ නැවට ගත්තේ.. ගොඩබිමට ගියාට පස්සේ ඔය මාංශභක්ෂක සත්තු මොනවද කෑවේ එතකොට..

    ReplyDelete
  13. Pra Jay :
    ඒක හරි... ඒක නං ගොඩක් අය අහලා තියෙනවා..

    කම්මල :
    ඒක නම් අසාධාරණයි තමා...

    Pathum Herath :
    හොඳ ළමයා !! :)

    චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    ඔක්කොම මැරිලා යයි ! :)

    මැලේ රාළ :
    ඔවු ඉතින්.. කාලයක් නොලියපු ඒවා අල්ලන්නත් එපෑ..

    Mahesh Rathnayaka :
    මටත් ඒ තරම් නම් ගතියක් නෑ...

    දිනිති දීපිකා :
    හොයාගෙන බලන්නකෝ... !!

    ReplyDelete
  14. යක්ෂයා :
    බලලම තීරණය කරන්නකෝ..

    සිරාගෙ කාමරේ :
    දුන්නෝ.... !!!

    සයුරි :
    හම්බ උනොත් බලන්ඩ.. :)


    ශානු :
    මං දන්නවා ඔයා ඒ කතාව අහලා තියෙනවයි කියලා.. :)


    Dinesh :
    ඒක මම දන්නෙත් නෑ මල්ලි :)

    ReplyDelete
  15. ඕක ඉස්සෙල්ල සිංහල සබ් එක්ක දාල තිබ්බ සයිට් එකේ බලනකොට තිබ්බෙ නෑ. ආයෙ පාරක් ට්‍රයි කරල බලමු හොයාගන්න.

    ReplyDelete
  16. වටිනා බ්ලොග් වියමනකි

    ReplyDelete
  17. ‍ෆිල්ම් එක නම් බලලා නෑ.. බලන්න ඕනේ වෙලාවක ...

    ReplyDelete
  18. මොනවා උනත් පට්ට ෆිල්ම් ඒක. 2012 ෆිල්ම් එකට ටිකක් සමානයි වගේ.

    ReplyDelete
  19. දැං කාලෙ බහු මාධ්‍ය ක්‍රම තියෙන නිසා චිත්‍රපටියක් ආව ගමන් අන්තර්ජාලෙන් බලන්න පුලුවන්. හැබැයි ෆිල්ම් හෝල් එකක බලන තරම් රසවත් නැහැ කොම් එකේ බලනකොට නිදිමත හැදෙනවා

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.