22 August 2014

අයිස් බාල්දි අභියෝගය

පහුගිය දවස්වල මූනුපොත පුරාම වගේ දකින්න හම්බ උනේ වාරියපොළ ගෑල්ලමේක් තමන්ට විහිලු කරපු කොල්ලෙක්ට අතුල් පහර දෙන වීඩියෝව. ඒ වීඩියෝ පටය සමාජ ජාල වෙබ් අඩවි වලට නිකුත් කලාට පස්සේ එක එක මති මතාන්තර අදහස් වලින් මුනු පොත පිරී ගිහින් තිබුනා.

තාමත් ඒ සිද්ධියේ උනුසුම ගිහින් නැතුවා වගේ ඒ ගැන කතා කරන අයත් මූනුපොතේ ඉන්නවා.දැන් නම් ඇත්තටම මේ සිද්ධිය අහලා අහලම එපා වෙලා තියෙන්නේ.

මේ අල්ල පනල්ලේ තමයි අයිස් බාල්දි අභියෝගය ලෝකේ පුරාම ජනප්‍රිය වේගෙන ආවේ.

මුලින්ම තරඟයේ නීති රිති මතක් කරගෙන ඉමුකෝ...

අයිස් බාල්දි අභියෝගය එහෙමත් නැත්නම් තේරෙන විදිහට කියනවා නං අයිස් බකට් චැලේන්ජ් එකට සහභාගි වෙන කෙනා මේ අභියෝගයට සහභාගි උනාට පස්සේ ඩොලර් 10ක මුදලක් ALS සංගමයට ගෙවන්න ඕන.

අභියෝගයට සහභාගි වෙන කෙනා කරන්න තියෙන්නේ අයිස් කැට දමපු වතුර බාල්දියකින් නාගන්න එක විතරයි..අයිස් බාල්දියකින් නෑවට පස්සේ ඒ කෙනාට පුලුවන් තව කිහිප දෙනෙක්ව (තුන්දෙනෙක් විතර) නම් කරන්න.

ඒ නම් කරපු තුන් දෙනා පෑ විසි හතරක් ඇතුලත අයිස් බාල්දි අභියෝගයට මුහුණ දෙන්න ඕන. මුහුණ දීලා වීඩියෝ ගත කරලා ඒ වීඩියෝ දර්ශන යූ ටියුබ්, වෙයින්,ඉන්ස්ටග්‍රෑම් වගේ සමාජ ජාල වෙබ් අඩවි වලට නිකුත් කරන්න ඕන.

අභියෝගයට නම් කරපු කෙනෙක් මේ අභියෝගය බාර ගන්නේ නැතුව මඟ අරිනවා නම් ඒ කෙනා ඩොලර් 100ක මුදලක් ALS සංගමයට දිය යුතු යි !

පිස්සු නේ ?

ඔවු ඇත්තටම පිස්සු වැඩක්...!

මේ පිස්සු වැඩේට මූලිකවම හේතුව උනේ ALS සංගමයේ අරමුදල් තර කරගන්න. සංගමය මූලිකම අරමුණ වෙන්නේ Amyotrophic Lateral Sclerosis කියන රෝගී තත්වයෙන් ලොව පුරා ජීවත් වෙන මිනිස්සුන්ව බේර ගන්න ඕන කරන පර්යේෂණ වලට අවශ්‍ය අරමුදල් රැස් කරගන්න.

ALS කියන රෝගී තත්වයෙන් මූලිකම හානිය සිද්ධ වෙන්නේ ස්නායු පද්ධතියටලු. ස්නයු පද්ධතියට හානි උනාට පස්සේ සදාකාලික අංශබාග තත්වයට ගොදුරු වීමක් සිදු වෙනවා. මේ රෝගී තත්වයට ගොදුරු වෙච්ච කෙනෙකුගේ ආයු අපේක්ෂාව අවුරුදු දෙකේ ඉදලා පහ දක්වා අඩු වෙනවලු. ඒ වගේම මේ වෙනවිටත් මේ රෝගී තත්වය නිට්ටාවට සුව කරන්න බෙහෙත් හොයාගෙන නෑලු.

දැනට මේ රෝගීන්ට දෙන බෙහෙත් වලින් කරන්නේ රෝගය උග්‍ර වීමේ සීග්‍රතාව අඩු කරන එකලු. ඒ වගේම විවිධ බෙහෙත් වර්ග අත්හදා බලමින් ඉන්නවා කියලයි ALS සංගමය කියන්නේ.

මේ නිසයි ALS සංගමය මේ රෝගය ගැන පර්යේෂණ සිදු කරන්නේ. ඒ පර්යේෂණ වලින් පස්සේ මේ රෝගය නිට්ටාවට සුව කරන්න පුලුවන් වෙන විදිහේ ඖෂධයක් සොයා ගන්නත් ඔවුන් බලාපොරොත්තු වෙනවා.

මෙන්න මේකයි අයිස් බකට් අභියෝගයේ අරමුණ !!!

ලංකාවේ ඉරාජ් වීරරත්න, මල්ශා කුමාරණතුංග එහෙමත් මේ අභියෝගයට මුහුණ දුන්නා....ඉදිරියේදි තවත් අයත් මේ අභියෝගයට මුහුණ දේවි කියලා හිතනවා ... :)

එහෙනං මං ගියාවේ !!! ජය වේවා !

18 comments:

  1. ඩොලර් 10 ක් හොයාගන්න පුරස්නේ නැත්නං ඕකත් අභියෝගයක්ද බං...

    ReplyDelete
  2. ඩොලර් 10 ක් නේද. ඉස්සෙල්ල තරහ කාරයො තුන්දෙනෙක්ව හොයාගන්න බලමු. :D

    ReplyDelete
  3. හපොයි ඒකත් ඩොලර් වලින් නෙව...
    රුපියල් වලිං ගෙව්න කීව නං මක්ක හරිකොරන්න තිබ්බ..

    ReplyDelete
  4. //ඉදිරියේදි තවත් අයත් මේ අභියෝගයට මුහුණ දේවි කියලා හිතනවා //

    තවත් දෙශපාලකයින් එසේ කරතැයි ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  5. බුදු අම්මෝ දන්න කියන එකෙක් ඕකට ගිය නැති එක වාසනාව මගේ..

    මට ඩොලර් 100ක් ඇත්තෙත් නැහැ.. අයිස් වතුරෙන් නාන්නත් බැහැ// :D

    ReplyDelete
  6. ඩොලර් සීයක් නේද? ........ ඔන්න ඩොලර් මිලියන්වලින්වත් කතාකරා නම් ලොක්කා උනත් නාන්න කැමතිවෙයි සමහරවිට.

    ReplyDelete
  7. මළා!! ශැක් ඩොලර් 10ක් හොයා ගන්න තිබ්බා නම්!! මටත් ඉන්නවා නම් කරන්න නම් කශ්ටිය. :D

    ReplyDelete
  8. අයිස් වතුර පනිට්ටුවක් නාගන්න 1300 ගානක් ඕන එහෙනම්......

    ReplyDelete
  9. අයිස් බකට් කතාව ගැන හරියටම දැන ගත්තේ අද මේ කතාව කියෙව්වට පස්සෙ :)

    ReplyDelete
  10. පිස්සු ම තමා!

    ReplyDelete
  11. අරමුදල් රැස් කරන්න වෙන ක්‍රම නැතුවද?

    ReplyDelete
  12. ඔකෙ විස්තරයක් ඉයෙ ඨ්V චැනල් එකක ගියා.හොද ක්‍රියෙටිවු ක්‍රමයක් හොයාගෙන.

    ReplyDelete
  13. මේ දවස්වල නම් මරුවට තියෙයි අයිස් නෑවම

    ReplyDelete
  14. ඔය ලෙඩේ හදිච්ච කෙනෙක්ට තමයි මේක මුලින්ම පටන් ගන්න අදහස ඇවිල්ල තියෙන්නේ. ඔහු ගැන වීඩියෝ එකකුත් බුකියේ තියෙනවා මම දැක්ක.

    ReplyDelete
  15. ලංකාවෙ උන් මේකට සහභාගි වෙලා තියෙන්නෙ ඔය අධාර කරන උදාර අරමුණකින් නෙමයි. අයිස් වතුරෙන් නාලා හරි තමන්ගෙ ප්‍රතිරූපය නංවා ගන්න. විදේශීය අරමුණකට දේශීය ස්වරූපයක් දෙන්න උත්සාහ කරලා තිබුනෙ භාතිය ජයකොඩි පමණයි.

    ReplyDelete
  16. අයිස් වැස්සක් වගේ නම් නෑව හැකි...:D

    ReplyDelete
  17. ඇයි ලංකාවේ ඕක කරන්නේ අර බොන්න වතුර නැති මිනිස්සුන්ට වතුර ගිහින් දෙනවා කියලා නෙමෙයිද?

    ReplyDelete
  18. අයිස් බකට් නාන ගොඩක් දෙනෙක් ඒකට මඩ වතුර යොදා ගත්තා වැහි වතුර යොදා ගත්තා කියලා අනම්මනම් කියනවා. ඒ වතුර නාලා ඊට පස්සෙ හොඳ වතුරෙන් නෑවෙම නැතුව ඇති ගඳ කුණු යනකම් කියලා. පව් නේ

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.