11 August 2014

කතෝලික විවහා ලියාපදිංචිය

මේ දවස්වල මම කරන වැඩ වලින් රස්සාවට මූලික තැන දුන්නට පස්සේ ඊලඟට මහන්සි වෙන්නේ මගේ වෙඩිමේ වැඩ කටයුතු වලට. මගේ හිතේ තියෙන ආකාරයට වැඩ කටයුතු කරගන්න මට නිදහස හම්බ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සියළුම වැඩ වෙන්නේ මගේ හිතේ තියෙන ආකාරයට.

ඒක ගැන නෙමේ අද ලිපියෙන් ලියන්ඩ හිතුවේ....

අද ලිපියෙන් කියන්නේ කතෝලික අයගේ විවාහයක් ලියාපදිංචි වෙන ක්‍රියාවලිය ගැන.

කතෝලික අයගේ විවාහය ලියාපදිංචි වෙන්නේ විවහා පූජාව දවසේ දි. ඒ දවසට කලින් කරන්න ඕන ක්‍රියාපටිපාටියක් තියෙනවා. අන්න ඒක අකුරටම පිලිපදින්ඩ ඕන. ඒ ක්‍රියාපටිපාටිය ගැන තමා මම අද කියන්න යන්නේ... !

මායි අපේ මාමයි (මාමණ්ඩි නෙමේ..අපේ මාමා) දවසක් උදේ විවාහ රෙජිස්ටාර් හම්බ වෙන්ඩ ගියා.රෙජිස්ටාර් තැනගේ කන්තෝරුවට ගිහින් අපේ මාම කිව්වා,

"අපේ පුතා පල්ලියෙන් බඳින්ඩ යන්නේ. ඒකට ඕන කරන පෝර්ම් කොළ දෙන්ඩ...." කියලා.

එතකොට රෙජිස්ටාර්, මට සීල් ගහපු විවාහ දැනුම් දීමේ පෝරම් කොළයෙන් පිටපත් දෙකක් දුන්නා. සීල් කරපු පෝරම් කොළ දෙක දෙන ගමන්,

"පුතා මේ ෆෝර්ම් කොළ දෙකෙන් මුල විස්තර ටික විතරක් පුරවලා අරගෙන එන්න. අත්සන් කරන්ඩ එපා.... පෝර්ම් බාර දෙන්ඩ එන දවසට සාක්කිකාරයෝ දෙන්නෙක්වත් එක්කං එන්ඩ.. " කියල කිව්වා.

"කසාදෙට අස්සං කරන සාක්කිකාරයෝ දෙන්නවද එක්කං එන්ඩ ඕන ?" දන්නේ නැති නිසා මම ඇහැව්වා.

"නෑ පුතා.. ඒ අය ඕනැන්නේ නෑ.. අම්මයි තාත්තයි උනත් කමන් නෑ.. එක්කං එන්න. නිකන් දැනුම් දීමට සාක්කියේ අත්සන් කරන්ඩ විතරය් ඕන.." කියලා රෙජිස්ටාර් කිව්වා.

"මතක ඇතුව දෙන්නගේ උප්පැන්න කොපි දෙහෙකුයි ජාතික හැදුනුම්පතේ කොපි දෙහෙකුයි ගේන්ඩ..." කියලත් කිව්වා.

අපි තවත් එක එක දේවල් කතා වෙවී උන්නා. ඒ කතා කරන ගමන්....

"පුතා කවද්ද කසාද බඳින්නේ ?" කියලා රෙජිස්ටාර් ඇහුවා.

"ඔක්තෝම්බර් xx වෙනිදා..." මම උත්තර දුන්නා.

"එහෙනං කල් ඇති. මට පෝර්ම් බාර දීලා මාස තුනක් යන්ඩ කලින් විවාහය සිද්ධ වෙන්ඩ ඕන.. එහෙම නැත්නම් පෝර්ම් අවලංගු වෙනවා." රෙජිස්ටාර් කිව්වා.

"කොහොමත් තව මාස දෙකකින් බඳින නිසා ප්‍රශ්නයක් වෙන එකක් නෑ.." මම කිව්වා.

"මනමාලි කොහේ කෙනෙක් ද ?" රෙජිස්ටාර් ඇහැව්වා.

"එයා මොරටුවේ !"

"එහෙනං ඔය දෙන්නා වසම් දෙකකට අයිති වෙන්නේ.එයාටත් කියන්න එයාලගේ රෙජිස්ටාර් ලඟට ගිහින් රෙජිස්ටර් වෙන්න කියලා."

මම හා කිව්වා !

"එහෙනං පුතා මේ පෝර්ම් දෙකත් පුරවලා උප්පැන්න කොපි දෙකයි අයිඩී කාඩ් කොපි දෙකයි අරගෙන එන්නකෝ.. එන්න කලිං මගේ නම්බරෙකට කෝල් එකක් දෙන්ඩ" කියල උන්දෑ මට කාඩ් එකක් දුන්නා.

අපි ඊට පස්සේ ගෙදර එන්න හැරුනා.

"මතකැතුව මුද්දර ගාස්තු රු. 500කුත් ගේන්ඩ.." කියලා රෙජිස්ටාර් කිව්වා. අපි හා කියාගෙන ආවා.

පෝර්ම් අරගෙන සතියකට පස්සේ ඒවා පිරෙව්වා. ඊට පස්සේ  සාක්කි කාරයෝ දෙන්නෙකුත්තෙක්ක මම රෙජිස්ටාර් ලඟට ගියා. මගේ සාක්කිකරයෝ උනේ අපේ මලයයි බාප්පයි. අපි පෝර්ම් බාර දුන්නා.

ඊට පස්සේ රෙජිස්ටාර් තව පෝරම් කොළයක් අරගෙන එයා පුරවලා සීල් කරලා අත්සන් කරලා සහතික කලා. ඒ කොළය මට දෙන ගමන්,

"පුතා මේ කොළය මනමාලිගේ රෙජිස්ටාර්ට දෙන්ඩ...ඒ රෙජිස්ටාරුත් මට දෙන්ඩ කියලා මේ ජාතියේම කොළයක් දේවි...ඒ කොළය අරගෙන මට ගෙනත් දෙන්ඩ..." කියලා කිව්වා.

ඔය විදිහට අපේ එක්කෙනාත් එයලගේ රෙජිස්ටාර් ලඟට ගිහින් පෝර්ම් පුරවලා සාක්කිකාරයෝ අත්සන් කරලා තිබුනා. එයාලගේ රෙජිස්ටාරුත් කොළයක් දීලා තිබුනා අපේ රෙජිස්ටාර්ට දෙන්ඩ කියලා.අපි ඒ කොළ දෙක මාරු කරගෙන එක් එක් රෙජිස්ටාර්ට දුන්නා.

ඒ ෆෝරම් දෙක දුන්නට පස්සේ,

"පුතා සති දෙකකින් එන්ඩ.. එතකොට මම රෝසපාට කොළයක් දෙන්නම්. ඒක ගන්න... මං දෙන ජාතියේම රෝස පාට කොළයක් මනමාලිගේ රෙජිස්ටාරුත් දෙයි.. ඒකත් අරගෙන කොළ දෙකම පල්ලියේ පාදර්ට දෙන්ඩ...." කියලා රෙජිස්ටාර් කිව්වා.

ඔය රෝස පාට කොළ දෙක ගන්ඩ තමා ලොකු ක්‍රියාපටිපාටියක් ගියේ. දෙන්නා එකම වසමේ නම් ඔය කියන රෝසපාට කොළය එකම දවසින් ගත්තෑකි. අනික රෙජිස්ටාර්ලා දෙන්නෙක් ගාවට යන්ඩ ඕනත් නෑ..

මමයි අපේ උන්දැයි ඔය කියන රෝසපාට කොළ දෙක ගත්තා. නමුත් ඒවා දැන්ම බාර දෙන්ඩ බෑ... ඒකට හේතුව වෙන්නේ අපි දෙන්නා පෝය පංති ගිහින් ඒ ලැබෙන සහතිකයේ පිටපතත් ගන්ඩ ඕන නිසා... !

පෝය පංති ගැන ඊලඟ ලිපියෙන් කියන්නම්.... 

22 comments:

  1. මධුරංගගෙ වෙඩිම ඔක්තෝබර් XX ඕකට තව X එකක් ආවනම් දවස හරි. දැන්කාලෙ ලමයි පෙම් හසුන් හුවමාරු නොකරන හින්ද දඩුවමට කරන වැඩක් වගේ. ඉස්සර මේ වගේ නීතියක් තිබුනෙ නෑනෙ.

    ReplyDelete
  2. අපේ සිංහල බුද්ධාගමේ විවාහ තරම් අච්චාරුවෙලා නෑ. මේක අගයකල යුතුයි. ආදර්ශට ගත්තට පාඩු නෑ.

    ReplyDelete
  3. මධුගෙන් බෞතිස්ම කරපු සහතිකේ ඉල්ලුවේ නැද්ද? පල්ලියෙන් ඔය කොළ වලට වඩා ප්‍රාධානත්වයක් දෙන්නේ ඒකට නේද ලංකාවේ නම්?

    ReplyDelete
  4. මෙච්චර දුකක් විදින්න ඕනද බදින්න කියල...
    දැනගන්න එකත් හොදයි... මොනව හරි... ඔව් ඉදගෙන

    ReplyDelete
  5. හෑ බදින්ඩ විදින දුකක් ! 

    ReplyDelete
  6. අපොයි ඔව් බං.. අපේ අක්කගේ කිරිසිතියානි වෙඩිමටත් ඔය සෙතේමයි..

    ReplyDelete
  7. හි හි හි මනමාලිගේ පදිංචියත් ඔයාලගේ ගෙවල් කිට්ටුව යාලුවෙක්ගෙ ගෙදරක ඇඩ්ඩස් එකක් දැන්මනම් ඔය කරදර නෑ ..... අත්දැකීමෙන් කියන්නේ ඕ යේස් ....

    ReplyDelete
  8. මචන් පුළුවන් තරම් වියදම් කරපන් වෙඩින් එකට. එතකොට තමයි මාර වෙඩින් එක කියල හැමෝම කතා වෙන්නේ. පස්සේ හිඟා කෑවත් මොකද.

    ReplyDelete
  9. මට තව පාරක් බඳින්න හිතුනා පල්ලියෙ විදිහට!! :D

    ReplyDelete
  10. බඳින්න මොකටද ආගම්?
    මොන වෙඩිමක් ද කියා සිතුණා.

    කෙසේ වෙතත් xx දවසට මගෙනුත් සුබ පැතුම්!

    ReplyDelete
  11. දෙන්න පළාත් දෙකක උනාම ඔය වැඩේ කරන්න ඕනේ නේද? රෙජිස්ටාර් ළඟ අත්සන් කරලා ඔය වගේ කොල මාරු කිරිල්ලක් මමත් කළා. අපිට පල්ලියේ සම්බන්දයක් නම් නෑ..

    ReplyDelete
  12. කසාද බඳිනව කියන එකත් ලේසි නෑ නේද ....

    ReplyDelete
  13. ඔන්න එහෙනම් ජයසිරි මංගලම් කිව්වා!!!

    ReplyDelete
  14. ආ අපිත් ගත්තා සෝස පාට කොල.....ඔය පන්තිත් ගියා හම්මේ ඒක වෙනමම නවක වදයක් බඳින්න ඉන්න අයට ......

    ReplyDelete
  15. පල්ලියේ වෙඩින් වලට මෙහේදි නම් ඕන තරම් ගිහින් තිබුනට ඉතින් ඕවා ගැන දන්න එකක් කියලයැ අපිත්..

    ReplyDelete
  16. බඳින්ට මෙච්චර කරදර වෙන්ට ඕනිද? :D

    ReplyDelete
  17. ඔය රෝස පාට කොළ මාරු කිරිල්ල අපිත් කරානේ...අපි ක්‍රිස්තියානිත් නෙමෙයි....මම හිතන්නේ දෙන්නා පළාත් දෙකක නම් සහ වෙඩින් එක ගන්නේ පදිංචි ගෙදර නෙවේ නම් ඔය කොළ සෙල්ලම කරන්ඩ වෙනවා....

    මධු මල්ලිට යි මනමාලි නංගිටයි සුභ පැතුම්! මේ දවස් වල බරටම වැඩ ඇති!

    ReplyDelete
  18. කම්මල :
    දිනය දැම්ම කියන්නේ නැති නිසයි ඔය එක්ස් අකුරු ටික දැම්මේ.. :)

    Manosh Sandaruwan :
    මේකත් අච්චාරුවක් වගේ මට නම්... :)

    Il mondo di una povera pazza :
    මගෙන් ඒවා ඉල්ලුවේ නෑ...

    Mahesh Rathnayaka :
    ඔවු ඒකනේ මම ඉදගෙන මේ ටික තේරුම් කලේ :)

    සිහින මදාරා :
    මේ ක්‍රියාපටිපාටිය ඔය දෙන්නට නම් කරන්න වෙනවා සිකුරුයි !
    දිනේශ් ගාල්ලේ.. ඔයා කොළඹ !

    දේශක යා :
    අක්කා ක්‍රිස්තියානි ද ?


    මැලේ රාළ :
    ඒක නම් නියම ක්‍රමයක් නේ... කවුද ඉතිං ඕවා දන්නේ :)

    ReplyDelete
  19. Jeevana Fernando :
    වෙඩිමට නම් කොහොම වෙතත් හෝම් කමින් එකට නම් මම වියදම් කරන්නේ නෑ.. එච්චර ලොකුවට වියදම් කරලා ණය වෙන්න ඕන නෑ නේ...

    චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    හෑ... එහෙමත් හිතෙන මිනිස්සු ඉන්නවා එහෙනං :)

    කතන්දර කාරයා :
    ගෑල්ලමයා කතෝලිකනේ කකා.. මොනවා කරන්නද : මොකෝ බ්ලොග් එකට උනේ ?නැවැත්ත්වා ද ?

    Pathum Herath :
    ඔවු පලාත් දෙකක් නිසයි ඔය කරදරේ කරන්න වෙන්නේ.. නැත්තං ඕන නෑ.

    තුශානි :
    ලේසි නෑ නේන්නම්... ඔය රෙජිස්ට්‍රේශන් කරන විදිහ... තව ගොඩක් දේවල් බලන්න තියෙනව නෙහ්..

    ReplyDelete
  20. කුරුටු ගෑ ගී පොත :
    තැන්කියු තැන්කියි !!!

    ශානු :
    මාත් පංති ගියා... ඒක මරු නේ.. නවක වදයක් කියන්නේ ? ශෝක් පංති ටිකක්..හිහ් :)

    Dinesh :
    ඒකනේ මල්ලි...
    හැබැයි මේ ටික නම් ඔය දෙන්නටත් පොදුයි මම හිතන්නේ.. දිස්ත්‍රික්ක දෙකක් නෙ.

    Podi Kumarihami :
    නැතුව නැතුව... උස්සගෙන ගිහිං ගෙදර තියාගත්තා නං මේ කරදර නෑ නේද පොඩ්ඩි ? :)

    ηiRσ :
    සුබ පැතුම් වලට ස්තූතියි !
    ඔවු දිස්ත්‍රික්ක දෙකක් නිසා ඒ දේවල් ටික කරන්න ඕන කවුරු උනත්

    ReplyDelete
  21. //අපි දෙන්නා පෝය පංති ගිහින් ඒ ලැබෙන සහතිකයේ පිටපතත් ගන්ඩ ඕන //

    මොකක්ද බං මධුවෝ ඒ සහතිකේ..?

    ReplyDelete
  22. දෙන්න වසම් දෙකකනං කොයි ආගම උනත් ඔය දේ කරන්න වෙනව. අර මැලේ රාළ කියල තියෙන දේ තමයි ඕකට කරන්න තියෙන්නෙ. අපි කළෙත් ඒකම තමයි.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.