28 June 2014

අපි ගැරඬි වගේ වෙලිලා ඉමු.

අද නිවාඩු දවසේ දවාලට කාලා චුට්ටක් ඇහැ පියවගන්ඩ ගියා විතරයි අපේ අම්මා ගේ දෙවනත් වෙන්ඩ කෑ ගහන්ඩ ගත්තා. අම්මා එකවතාවෙම කෑ ගහන්නේ මොකෑ කියලා බලන්ඩ මාත් ඒ පැත්තට දිව්වා.

බැලින්නම් ගැරඬි දෙන්නෙක් වෙලිලා ඉන්නවා. ඔය ආදරේ කරන අයත් කියන්නේ අපි දෙන්නා ගැරඬි වගේ වෙලිලා ඉමුයි කියලා. අන්න ඒ වගේ ගැරඬි දෙන්නා වෙලිලා උන්නා.

මම උන් දෙන්නා දිහෑ ටික වෙලාවක් බලාගෙන ඉදලා ටාර් ගාලා කාමරේට දුවලා කැමරාවට බැටරි දමාගෙන ආවා. ඇවිත් සට සට ගාලා පින්තූරු කෑලි දෙක තුනක් ගත්තා. ආයේ ඉතින් කවදා කියලා දකින්ඩ හම්බ වෙන දර්ශනයක් ද...
ඔය පහලින් තියෙන්නේ එහෙම ගත්තු පින්තූර කෑලි ටික.. පින්තූර ටික බලලා ඉමුකෝ..

අපි අම්මා විතරක් නෙමේ අහල පහල අයත් මේ දර්ශනේ බලන්ඩ ඇවිත් උන්නා. සමහරු නම් කීවේ ගැරඬි පිරිමි සතෙකුයි ගෑනු සතෙකුයි මෙව්වා වෙන දර්ශනයක් කියලා.

තවත් සමහරු කිව්වේ පිරිමි ගැරඬි දෙන්නෙක් වලියක් දාගෙන කියලා.

හැබැයි ඔය අතරේ අපේ ගෙවල් ගාව හිටපු අක්කා කෙනෙක් මරු කතාවක් කිව්වා.

ඔය වාගේ ගැරඬි දෙන්නෙක් වෙලිලා ඉන්නකොට සුදු රෙද්දක් එලන්ඩ ඕනලූ. එතකොට ගැරඬි දෙන්නා ලැජ්ජාවට යන්ඩ යනවලු. හැබැයි එහෙම යන්ඩ ගියත් ඒ ගෙදර අයට සල්ලි වලින් අඩුවක් වෙන්නේ නෑලු.

ගැරඬි දෙන්නෙක් මෙහෙම වෙලිලා ඉන්නකොට සුදු රෙද්දක් එලන එකෙන් සල්ලි ලැබෙන්නේ කොහොමද කියලා මට තාම හිතාගන්ඩ බෑ..

ඔය දර්ශනය බලාගෙන උන්නු අය කිව්වේ ඔය ගැරඬි දෙන්නා ගෙට ඒවිය ඒ හන්දා බූමිතෙල් ටිකක් දාන්ඩය කියලා. මම නම් ඒ වාගේ පවුකාර දේවල් කරන්ඩ ගියේ නෑ..

ඔය වගේ දේවල් වලට අකුල් හෙලුවහම ලබන ආත්මේ කම් සැප අහිමි වෙනවාය කියලා කතාවකුත් තියෙනවා නෙව. ඔවු ඔවු බලු පූට්ටු වලට ගල් ගැහුවා වාගේ තමා.. :)

එහෙනං අදට කතාව ඉවරයි. ඊලඟ ලිපියෙන් හමු වෙමු !

25 comments:

  1. බූමි තෙල් ගහන එක නම් පට්ට අපරාධයක්.. මං දන්න තරමින් සතා ඉවරයි

    ReplyDelete
  2. කැමරාව ගේන්න මතක්වෙලා ෆොටෝ ටිකක් ගත්ත එක නම් වටිනවා කට්ටියටම බලන්න...

    ReplyDelete
  3. අහක යන ගැරඬින්ට භූමිතෙල් හලන්නෙ මොකටද.

    ReplyDelete
  4. සමහරු නම් කීවේ ගැරඬි පිරිමි සතෙකුයි ගෑනු සතෙකුයි මෙව්වා වෙන දර්ශනයක් කියලා.

    තවත් සමහරු කිව්වේ පිරිමි ගැරඬි දෙන්නෙක් වලියක් දාගෙන කියලා.

    හරියටම අහගන්න එපායැ බන්..

    ReplyDelete
  5. //ඔය ආදරේ කරන අයත් කියන්නේ අපි දෙන්නා ගැරඬි වගේ වෙලිලා ඉමුයි කියලා.// මම නම් අහල නෑ එහෙම කියනවා :-))

    ReplyDelete
  6. උඹට අහල පහල අක්කට කියන්න තිබුනේ සුදු රෙදි ඕන් නෑ දැං පරක්කුයි අක්කෙ වෙන්ඩ ඕන හරිය මේ වෙද්දි වෙලා ඇති කියලා .. චැහ් !!!

    ReplyDelete
  7. ඇයි දෙයියනේ ගැරඩින්ටත් ඉන්ඩ දෙන්නේ නැති හැටියක්....පුංචි කාලේ මාත් ඔය දසුන නරඹලා තියෙනෝ.....භූමිතෙල් ගැහැව්වම මොකද වෙන්නේ

    ReplyDelete
  8. සුදු රෙදි එලන්නේ අර පෝරුව උඩදි දෙන සුදු රෙදි මතක් කරලා වෙන්ටෑ...:D

    මගෙ නම් ඇඟ හිරි වැටිලා ගියා...

    ReplyDelete
    Replies
    1. වෙන මොකුත් හිරි වැටුනේ නැද්ද ඔයාගේ.

      Delete
  9. ඇක්ස්...
    මම නං ගැරඩිංට නෙවී එකම එක සරුපයෙක්ටවත් මනාප නෑ...
    අයි හේට්

    ReplyDelete
  10. ඇගේ නොගෑ වෙන්ඩ භූමිතෙල් ටිකක් ලගකට හැලුව නම් \ඇති උන් යනව,

    ReplyDelete
  11. අපේ මිදුලෙත් මේ දවස්වල උන් ඉන්නව.:(

    ReplyDelete
  12. garadi dennek ethunamath post daana ratak wela ne meka dan.. :P

    ReplyDelete
  13. ගැරඩින්ට භූමි තෙල් හලලා පව් පුරවාගන්න ඕනේ නෑනේද?? කොහොම වුණත් රූප ටිකනම් පංකාදුයි....

    ReplyDelete
  14. උඹ ගෙට වෙලදෙ හිටියේ බං මේ ටිකේ.. හැක්..

    ReplyDelete
  15. හැක්. වැඩිහිටියන්ට පමණයි දර්ශණයක් නිසා අපි නම් බැලුවෙ නැහැ ඕන්. :D

    ReplyDelete
  16. //ඔය ආදරේ කරන අයත් කියන්නේ අපි දෙන්නා ගැරඬි වගේ වෙලිලා ඉමුයි කියලා.//
    මෙයා කියන ඒවා ද කොහෙද..! :D අපි නම් ඔහොම කියනවා අහලවත් නෑ :D

    ReplyDelete
  17. උන්ටත් ඔහොම දේකට නිදහසක් තියෙන්න එපැයි අයියේ..

    ReplyDelete
  18. අපොයි මට පෙන්නම බැරි ජාතිය තමා ගැරඩි./

    ReplyDelete
  19. ගැරඩියෙක් වගේ කියන සිංදුවකුත් තිබුණා..

    ජය වේවා!!!

    ReplyDelete
  20. මං කවදාකවත් දැකල නෑ මෙහෙම දෙයක්.. ඔන්නොහෙ අහල නං තියනවා. ඔය මාතෘකාව දැක්කම මට මතක්වුනේ අර මංගලජය කපු මහත්තයාගේ දුවට රොඩ්නි වර්ණකුල කියන කතාවක්.. :) මොකක් වුනත් පින්තුරු ටික නං වටිනවා.

    ReplyDelete
  21. අනේ සර්පයොන්ගෙත් ආසාවනේ ඒවට කරදර කරන්න හොද නැහැ නේද?

    ReplyDelete
  22. එතකොට ඔය වගේ කපල් වල පොටෝ ගත්තම ලබන ආත්මේ මොකක් වෙඉද? :D

    ReplyDelete
  23. mona comment karannada danne na ????????????

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.