08 February 2014

බල්ලා කරපු වැඩේ

සෙනසුරාදා ඉරිදා දවස් කියන්නේ මම ටිකක් විතර වැඩිපුර නිදාගන්න දවස් දෙක.. ටිකක් කිව්වේ අටහමාර වෙනකන්වත්... ඒකත් ඉරිදට එච්චර උදේ වෙනකන් නිදියන්ඩ වෙන්නේ නෑ මොකද ඉරිදා උදේ පංතියක් තියෙන හන්දා.

ඒත් අද මගේ සැප නින්ද නිදියන්න උනේ නෑ. ඒකට මූලිකම හේතුව උනේ අල්ලපු ගෙදර අක්කාගේ කෑ ගැහිල්ල.. !

උන්දෑ උදේ කියලා බලන්නේ නැතුව කාටද මන්දා දෙස් දෙවොල් තියනවා. අපේ අම්මත් හනි හනිකට ගිහින් බැලුවා මොකෑ මේ වෙලා තියෙන්නේ කියලා. මාත් නිදි ගැට කඩ කඩා ගෙයි දොරකඩ ඇන තියාගෙන අම්මගෙයි ඒ අක්කගෙයි කතාව අහගෙන උන්නා.

මේකයි වෙලා තියෙන්නේ...

 ඒ අක්කා අමතර ආදායමක් ගන්න ගෙදර ඉදන් ලියුම් කවර අලවන වැඩේ කරන්නේ.කලින් දා රෑ අලවපු ලියුම් කවර ටික මිදුලේ පැදුරක් එළලා ඒ උඩට දාලා වේලෙන්ඩ. ඔය අල්ල පනල්ලේ අක්කා එහාට්ට මෙහාට්ට වෙනකන් ඉදලා කොහෙදෝ යන බල්ලෙක් ඇවිත් පැදුරේ තිබ්බ ලියුම් කවර තෙමෙන්ඩ චූ කරලා !!!

අක්කගේ මල අතේ... !

උන්දෑ එවෙලේ ඉදන් බලු සංහතියටම දෙස් දෙවොල් තියෙනවා. අපේ අම්මට ඒක ඇහිලා මොකද්ද කියලා බලන්ඩයි දුවලා තියෙන්නේ. මට ඔය කතාව ඇහුනට පස්සේ ඒ අක්කා ගැන දුකත් හිතුනා. තමගේ අතට කීයක් හරි ලැබෙන රස්සාවක් නෙ.

අපේ පැත්තේ ගොඩක් ගෑනු අය අමතර ආදායමකට කියලා කරන්නේ ගෙදර ඉදන් ලියුම් කවර අලවන එක. කවර සීයක් ඇලෙව්වොත් රුපියක් 25ක් හම්බ වෙනවා ! ගෙදර ඉදලම කරන්ඩ පුලුවන් ලේසි වැඩක් හන්දා තමා ගොඩක් අය කවර අලවන්නෙ.

ඔන්න ඊට පස්සේ තමා වැඩේ කියන්නේ.. අක්කා ටික වෙලාවකින් දුක් ගැනවිල්ල කියවලා ඉවර උනා. එතනින් එහාට්ට දෙන්නත්තෙක්ක ඕප දූප කතා කරනවා.

උදේ පාන්දර එක එක අයගේ ඕප දූප අහගන්ඩ ඕන නැති හන්දා මං ගෙයි දොරකොඩින් නැගිටලා කුස්සියට ආවා තේකක් හදාගන්ඩ... බල්ලෙක් හන්දා උදේ තේක නැති කරගන්ඩ පුලුවන් යෑ.. !

හැබැයි අර "මචං" චිත්‍රපටියේ ස්ටැන්ලි කියන විදිහට නං බලු චූ වාසනාවයිලු නෙහ්.. ! අල්ලපු ගෙදර අක්කගේ වාසනාව... !

37 comments:

  1. අපොයි ඔය පැත්තෙ ලියුංකවරයක්නං ‍හදිස්සියකටවත් ගන්න හොඳ නෑ තව ටිකක් කල් යනකං.

    ReplyDelete
  2. ලියුං කවර කෙළ ගාල අලෝන එකත් නවත්තන්නයි වෙන්නෙ

    ReplyDelete
  3. ඒත් දැන් ලියුම් කවර බිස්නස් එකට පාඩු ඇති නේද මධූ..දැන් කාලේ පාවිච්චි කරනවා සෑහෙන්න අඩුයිනේ..

    ReplyDelete
  4. බල්ලො බිම තියෙන එව්වට චූ කරන්නෑනේ බං.උං කකුල උස්සලා ටිකක් උඩ තියෙන එව්වටනේ චූ කරන්නේ?

    ReplyDelete
  5. ගිය ආත්මේ අනුන්ගේ ලියුම් හොරෙන් කඩපු පියුං කෙනෙක්ද කවුද දන්නේ ..?

    ReplyDelete
  6. දැං කාලේ ඔය පෙම් පත් අපේ කාලේ වගේ ලියුම් කවරවල දාලා තැපැල් කරන්නේ නෑනේ. එස් එම් එස් ,ඊ මේල් ආදි ක්‍රම අනන්තවත් තියෙනවානේ. ඉතිං ලියුමක් ඔය කවරේ දාලා ඇරියානම් පෙම්වතී බලයි මොකෝ මේ බලු චූ ගඳ කියලා.. හෙහ් ...හෙහ්..

    ReplyDelete
  7. ඒ කියන්නෙ ලියුම් කවර ගද්දි සුවඳ බලලා ගන්න වේවි වගේ.

    ReplyDelete
  8. සිරාවටම බල්ලෙක් කකුලට චූ කලොත් ටිකට් එකක් ගන්න කියලා කියන කතාවක් පොඩිකාලේ අහල තියෙනවා.........

    ReplyDelete
  9. කෙල ගාලා ලියුම් කවර ඇලවිම අවදානම් වගේ... අනික බල්ල හිතුවද දන්නෙ නෑ ඒව අලවල තැපැල් කරන්න තියෙන ඒව කියල

    ReplyDelete
  10. පත්තරවල තියන දැන්වීම් දැක්කම හිතෙනවා මෙච්චර ලියුම්කවර මොකටද කියලා.

    ReplyDelete
  11. බල්ල ලියුං කවර වල කොලිටිය චෙක් කරලා .. !!

    අක්කට කියපං ලොට් එකම ෆේල් කියලා..:D

    ReplyDelete
  12. අම්මෝ මම නම් අද නැගිට්ටේ දහයට. ටිකක් දවල් වෙලා කාලා ආපහු ඇඳට යන්ට තමා කල්පනාව. :)

    අල්ලපු ගෙදර අක්කා පව්නේ.

    ReplyDelete
  13. ඕක මොකක්ද ලියුම ඇතුලේ තියන කවර වලටත් වෙලාවකට ඔය දේ වෙලා තියනවා

    ReplyDelete
  14. "උදේ පාන්දර එක එක අයගේ ඕප දූප අහගන්ඩ ඕන නැති හන්දා මං ගෙයි දොරකොඩින් නැගිටලා කුස්සියට ආවා"
    අඩේ තව පොස්ට් දෙකතුනකට කරුණු කාරනානේ උබ මිස් කරගෙන තියෙන්නේ

    ReplyDelete
  15. හාකෝ.... අනේ මන්දා ඉතින් ;)

    ReplyDelete
  16. Praසන්ன :
    හොඳ වෙලාවට කඩේට එන ලියුං කවර ටික කොහෙන්ද එන්නේ කියලා සදහන් නොකර එන්නේ...හික්ස් :)

    Helapa kade :
    ටික දවසකට එහෙම නොකර ඉන්න ත‍රමට හොඳයි

    අපූර්වී :
    ඔවු අපූරු.. පාඩුයි. මිනිස්සු දැන් ලියුම් යවන්නේ නෑ නේ. දිග ලියුම් කවර වලට තමා ටිකක් හරි මාර්කට් එක තියෙන්නේ.

    ReplyDelete
  17. දිනුක :
    අනේ මන්දා බං මූ හෙන වල් බල්ලෙක්ද කොහෙද :)

    ඉවාන් පවුලූශා :
    ඒවා කියන්න බෑ බොලං... :)

    Chathuranga Priyashad :
    බෑ නේන්නම්... :)

    ReplyDelete
  18. Chandana Gunasekera :
    හික්ස් ... :)
    බලයි නේන්නම්.. ඒකනේ දැන් ටැලිග්‍රැම් හිටන් අයින් කරලා නේ තියෙන්නේ. ඒ වෙනුවට ටෙලිමේල් පාවිච්චි වෙන්නේ.

    Roshan Herath :
    අනිවා.. අනිවා.. ගඳ සුවඳ බලලා දිව ගාලත් බලන්ඩ වෙයි :)

    Amila Prabath Samarakkodi :
    අප්පටසිරි... ඒ අක්කටත් කියන්ඩ ඕන ඔය කවර වික්ක සල්ලිවලින් ටිකට් එකක් ගන්ඩ කියලා.

    ReplyDelete
  19. දයානන්ද රත්නායක :
    ඒක කියන්ඩ බෑ... ආයේ කෙල ගානවාත් බොරු :)

    කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
    ඒක නේන්නම්.. ඔයාවත් ආගන්තුකයට ලියුම් ලියන්නේ නෑ නේ.. ඇස් ඇම් ඇස්, කොල් එහෙමනේ දෙන්නේ :)

    පත්තර මල්ලි :
    හා.. කියන්නම් පත්තර මලයෝ.. !

    ReplyDelete
  20. පොඩ්ඩි :
    //ඇඳට යන්ට තමා කල්පනාව. :)

    ඒ තරම්ම ඇඳ සුන්දරද.. හික්ස් :)
    හාකෝ.. හාකෝ.. බැඳපු අළුත නෙහ්..

    යක්ෂයා :
    අප්පටසීරි... එහෙනම් මේක ඒ හැටි දෙයක් නෙමේ..

    Damith Gunawaredane :
    හ්ම්ම්... ඒකනේ

    ReplyDelete
  21. මැලේ රාළ :
    ලියනවා නං ඒ අක්කගේ වැඩ ගැන බ්ලොග් එකක් ලියන්ඩ තරම් කාරණා තියෙනවා.

    සිහින මදාරා :
    ඇයි අනේ ලැජ්ජවෙන්නේ... :)

    ReplyDelete
  22. බල්ලට පැම්පර්ස් එකක් ඇන්දුවා නම් මොකෝ...

    ReplyDelete
  23. මේ දවස් වල බල්ලෝ පුදුම විදියටනෙ සයිබරේ එවුන්ට වද දෙන්නෙ..ලගකදී අපේ හැලපෙ අයියටත් ලොකු වදයක් දීල තිබුන..හි හි

    ReplyDelete
  24. බල්ලෝන්ටත් ඉතිං ලස්සන දෙයක් දැක්කොත් පෙන්නන්න බැහැනේ

    ReplyDelete
  25. හෙහ්, හොද වෙලාවට ලංකාවෙන් මට ලියුම් එන්නේ නැත්තේ..

    ReplyDelete
  26. සිරාගෙ කාමරේ :
    ඒක අමාරුයි.. බල්ලෝ කීයක් කියලද ඈ..

    රජ වීදියේ උමේෂ් :
    බල්ලන්ගෙන් අපල කාලයක්ද කොහෙද.. සෙත් සාන්තියක්වත් කරන්ඩවේද මන්දා...

    Tharindu Ramesh Ketipearachchi :
    ඒකනේ කියන්නේ... !

    Dinesh :
    ඇඩ්‍රස් එක දුන්නොත් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ලියුං කෑල්ලක් එවන්ඩ පුලුවන්... ඕන ද ? :)

    ReplyDelete
  27. ලියුං කවර ගන්න එක ටික දවසකට නවත්තන්ඩ ඕන නැත්තං තව එකක්..හිහිහිහි

    අදයි මේ අහ ආවෙ.. ඔන්න බ්ලොග් රෝලටත් ඔබා ගත්ත එන්නං ඉතිං ආයෙ

    ReplyDelete
  28. ඕකට බල්ලට බැනල වැඩක් ඇතැයි. වේලෙන්න තිව්වනං හරි නෙව. අස්සට දාල දුන්න බලු සෙන්ට් එකත් එක්ක

    ReplyDelete
  29. බල්ලා හිතන්න ඇති මෙව්වා වේලිලා වැඩියි පොඩ්ඩක් තෙමන්න ඕනේ කියලා

    ReplyDelete
  30. Mahesh Rathnayaka :
    හෙහ්.... කොහොමත් දැං ලියුං කවර බිස්නස් එක පාඩුවට දුවන්නේ..
    මගේ අඩවියට සාදරයෙන් පිලිගනිමි !

    රාජ් :
    එහෙම තමයි අන්තිමේට කරන්නේ :)

    කෝරලේ මහත්තයා :
    එහෙම හිතුවද දන්නේ නෑ... :)
    මොකෝ කාලයක් දකින්න නොහිටියේ ???

    ReplyDelete
  31. මටත් ඔය ලියුම් කවර අලවන වැඩේ සෙට් කරල දේකෝ

    ReplyDelete
  32. Nice work see http://tiny.cc/i659ax

    ReplyDelete
  33. ස්ටැන්ලි නෙමේ නේද ඒක කියන්නේ ? මිනිහාගේ යාළුවා සුගත් නේද කියන්නේ ඒ කතාව ?

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.