10 February 2014

මොකද උනේ ?

මේක මේ පහුගිය ටිකේ මමයි මගේ යාළුවෙකුයි මතක් කරලා හිනා උන කතාවක්. අපි දෙන්නා හිනා උනාට එක අතකට පවු කියලත් හිතෙනවා.

මේ සිද්ධිය උනේ මමයි මගේ යාළුවායි පේරාදෙණියේ ඉන්න දවස්වල.

මමයි යාළුවායි හවස 4ට විතර දේශනයක් ඉවර වෙලා  පොතට දාපු මහපොල වාරිකයෙන් කොටසක් ගන්ඩ බැංකුවට යන්ඩ ආවා. බැංකුවට යන්ඩ නං මහවැලි ගඟෙන් එහා පැත්තට යන්ඩ ඕන. මායි ඌයි කතාවක් දාගෙන ගම්පොල පේරාදෙණිය පාර කිට්ටුවටම ආවා.

ඔන්න එක පාරට පාර එහා පැත්තේ බස් හෝල්ට් එක ගාව කට්ටිය වටවෙලා.. !

තව කට්ටියක් මොකද වෙලා තියෙන්නේ කියලා බලන්ඩ බස් හෝල්ට් එකට දුවගෙන ආවා. අපි දෙන්නත් අඩිය ඉක්මන් කරලා ඒ පැත්තට දිව්වා මොකෑ මේ කියලා බලන්ඩ. කට්ටිය සද්දයක් නැතුව වට වෙලා බලාගෙන ඉන්නවා.

කට්ටියගේ උරහිස් වලට ඉහලින් බැලුවම පෙනුනේ ගෑල්ලමයෙක් තුම්මුනින් දාඩිය වගුරගෙන කලන්තේ දාලා ඉන්නවා...

ගෑල්ලමයෙක් එයාට පවන් සලනවා. තව එක්කෙනෙක් මූනට වතුර ඉහිනවා.  තවත් එක්කෙනෙක් "පොඩ්ඩක් එහාට්ට වෙන්ඩකෝ මෙයාට හුස්මක් කටක් ගන්ඩ.." කියලා කෑ ගහනවා.

ඒ අතර කට්ටියගේ මූනු වල තිබ්බේ,

"මොකද වෙලා තියෙන්නේ... ?? " කියන ප්‍රශ්නේ !

ඔය ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නෙ ඒ ගෑල්ලමයා ගාව. ඒ නිසා අපි ඒ ගෑල්ලමයට සිහිය එනකන් කට පියාගෙන බලාගෙන උන්නා. ඔන්න  ටික වෙලාවකින් ඒ ගෑල්ලමයාට  පියවි සිහිය ලැබුනා.

"මං බස් එකක් එනකන් බලාගෙන ඉන්නකොට එකපාරම කකුලේ මොකෙක් හරි ඉන්නවා කියලා දැනුනා. බලනකොට කූඩැල්ලෙක් එල්ලිලා. ඌව දැක්කට පස්සේ තමා මට කලන්තේ හැදුනේ..." ඒ නංගි උත්තර දුන්නා.

අපිට හිනා වෙන්ඩත් බෑ.. ඒත් හිනා නොවීත් බෑ.. එක අතකට පවු කියලත් හිතෙනවා.
ඒ නංගි ගියාට පස්සේ එක එකා,

"මොකද්ද බං කූඩැල්ලන්ට ඔහොම බය වෙනවද ? "

"ඒක තමා බං.. තව පොඩ්ඩෙන් අපි ආපු වේගේට වාහනේකටවත් යට වෙනවා."  වගේ කතා කියව කියව තම තමන්ගේ වැඩ වලට යන්ඩ ගියා.

අපි දෙන්නත් බැංකුවට ආවා....

----------------------------------------------------------------------
ප.ලි. - බස් හෝල්ට් එක අයිනේ තිබ්බ තණකොළ ගොල්ලේ ඉන්නැද්දි තමා ඔය කූඩැල්ලව එල්ලගෙන තිබ්බේ...

44 comments:

  1. පොඩි ගොඩ කූඩැල්ලෙක් කකුලෙ එල්ලෙන්න ඇති,වෙන තැනක එල්ලුනා නං එහෙම හොඳට තියෙයි.
    ඔහොමයැ අපේ පැත්තේ වෙල්වල ඉන්න මීහරක් කූඩැල්ලෝ.ඒ එකෙක් දැක්කනං එහෙම ඔය කෙල්ල මැරිල වැටෙයිනේ මධු.

    ReplyDelete
  2. ඔච්චරද කතාව අඩුගානේ ඔයා ඒ ළමයාගේ ටෙලිපොන් නොම්මරේ වත් ඉල්ලගත්තේ නැද්ද

    ReplyDelete
  3. අම්මෝ ... කූඩැල්ලන්ට නම් අපිත් බයයි..

    ReplyDelete
  4. හපො ඔහොම ගැනුලමයි ඉන්නව.කැරපොත්තො දැක්කත් ඔහොමයි

    ReplyDelete
  5. කූඩැල්ලෙක් දැකලා ඔහොම. නයෙක් පොගලෙක් දැක්කනම් ඒ කෙල්ල මැරිලා වැටෙයිනෙ බන්.

    ගෑණු ඔහොම්මයි ශැක්… ;-)

    ReplyDelete
  6. උඹනං කියයි.. මං දන්න කියන ගෑල්ලමෙක් සිංහරාජේ බලන්න ඉංගිරිසි පංතියේ ළමයි එක්ක ගෙහුං කූඩැල්ලෙක් එල්ලිලා.. අන්තිමේදී ඒ ළමයගේ අර මොකක්ද එකත් පංතියේ උගන්නපු ටීචර්ගේ ඇගිල්ලකින් සිඳගෙන තිබුනා.. අන්තිමට කසාදෙට කලියෙන් ටීචර් වෙන්න මනමාලයට දිවුරලා කිව්වා ළමයගේ අහවල් එක කැඩුවේ තමාය.. ඒක නිසා ඒක හොයන්න එපාය කියලත්.. :D

    මේ ළමයා ඒ කතාව අහලා තිබුන කෙනෙක්ද කවුද දන්නේ.. ඉතිං සිහිය නැතිව නොයා තියෙයිද..?

    ReplyDelete
  7. කලන්තෙ හැදෙන්න තරං කූඩැල්ලන්ට බය හිතෙනවද අප්පා...? උන් කෑවම තුවාලෙ හොද වෙන්න කාලයක් යන එක තමයි අවුල. හැම ගෑනු ලමයම කූඩැල්ලන්ට බය නැතෝ.. :)

    ReplyDelete
  8. හොද වේලාවට සිහින නැති වුනේ පපුවේ අමාරුවක් එහෙම හැදුනනම් කාට කියන්නද.

    ReplyDelete
  9. අනේ මන්දා මෙහෙව් කෙල්ලෝ...

    ReplyDelete
  10. අපේ උන්දැත් කූඩැල්ලන්ට බයයි බං.හැබැයි කලන්තේ දාන්නේ නං නෑ.ඔය ට්‍රිප් එකක් එහෙම යද්දි එක පාරට සයිරන් එක වදින කොට මම දන්නවා කූඩැල්ලෙක් එල්ලිලා තමයි කියලා..

    ReplyDelete
  11. හෆ්ෆේ. නයෙක් පොලගෙක් දැක්කොත් මොනව වෙයිද? :D ඔය කියන හෝල්ට් එක අක්බාර් හෝල්ට් එකද?

    ReplyDelete
  12. හපොයි මේම හිනා වෙන්න බැරියෝ.....මධු අයියලට ඒ දවස් වල රෙද්ද හැට්ට අදින්න තිවුනේ හි...හි...හි...
    සික් විතරක් කූඩැල්ලන්ට බය නැ උන්ව දකිද්දි හිරිකිතයි...

    ReplyDelete
  13. පව් මලේ ඔය සමහර කෙල්ලෝ තඩි නයි පොලොංගුන්ට බය නෑ. හැබැයි පණුවෙක් කූඩැල්ලෙක් දැක්කම මර බයයි.
    ඒක නෙමේ අදනේ දන්නේ මලයා පේරා හිටියා කියලා. මොන ෆැකල්ටියෙද මලේ හිටියේ? කොයි කාලෙද?

    ReplyDelete
  14. කෙල්ලෝ ඉතින් මේ වගේ සත්තුන්ට බයයි අප්‍රියයි නේ..

    ReplyDelete
  15. ඕක අහුමුලු මනින්න යන නිසා බය වෙන්න ඇත්ත මචං

    ReplyDelete
  16. මොන කූඩල්ලද දන්නේ නෑ දැක්කේ...නැතුව ඇති...වෙන එකෙක් දැක්කට සිහි නැති වෙන්නේ නෑ නෙව.

    ReplyDelete
  17. අපෝ සමහර ගෑණු ළමයි ඉන්නව දැකල නෙමෙයි සමහර ඒවයෙ නම ඇහුවත් කලන්තෙ දාන. අපේ බයෝ ක්ලාස් එකක හිටපු ගෑණු ළමයෙකුට ලේ කියල කිවුවම කලන්තෙ දාල ඉවරයි.

    ඔය ළමය හනිමූන් යන දවසට දකින කූඩැල්ල දැකල මොන වගේ තත්වයක් ඇතිවෙයිද කියලයි මම කල්පනා කළේ. :D

    ReplyDelete
  18. Helapa kade :
    අපොයි ඔවු.. වෑල් කරක් වාගේ ඉන්න එවුන් දැකලා ඔහොම බය වෙනවා නං හංගොල්ලෝ වගේ ඉන්න එවුන් දැක්කහම කෝම බය වේද :)

    මැලේ රාළ :
    ඉල්ල ගත්තේ නෑ නෙ :)

    තුශානි :
    බය වෙන්න උන් යක්කු යෑ.. මොකටද බය වෙන්නේ :)

    ReplyDelete
  19. Damith Gunawaredane :
    ඒක නේන්නම්.. එහෙම ගෑල්ලමයෙක් ගැන කතාවක් මම කාලෙකට උඩදි ලිව්වා.. :)

    චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    ඒක නේන්නම්... කතා කරලා වැඩක් නෑ.. :)

    මාරයාගේ හෝරාව :
    ඒක කියන්න බෑ..
    අම්මටසිරි එහෙමත් කේස් එකක් ද ? ටීචර් කොහොමහරි ඇඟිල්ල දාලා කූඩැල්ලා ගත්තු එකම මදෑ..

    ReplyDelete
  20. සිඟිති :
    ඒකනේ නෙහ්... කෑගල්ලේ අපි කූඩැල්ලන්ට බය වෙනවා යෑ.. :)

    සිහින මදාරා :
    ඒකනේ.. ඇරත් ඕක බය වෙන්ඩ කාරණාවක් යෑ

    sithuwam :
    හ්ම්ම්ම්.... පවු තමා.

    ReplyDelete
  21. Amila Prabath Samarakkodi :
    ඒකනේ නෙහ්.. :)

    දිනුක :
    අපෝ ගෑල්ලමයි සයිරන් එක දානකොට අහගෙන ඉන්නේ කෝමැයි.. දැන් නං පුරුදු වෙලත් ඇති :)

    chaminda wickramasinghe :
    අන්න හරි.. අක්බාර් හෝල්ට් එකේ යකඩ කණු කෑල්ලක් තියෙන්නේ... අන්න ඒ හරියේ.

    ReplyDelete
  22. ශානු :
    හිනා වෙන්ඩෙපා.. දානවා කූඩැල්ලෙක් ඇඟට !
    ඇයි යකුනේ කෙනෙක් කරදරයක වැටිලා ඉන්නකොට දුවලා ගිහිං බලන එක හොඳ නැද්ද ? :)

    Chandana Gunasekera :
    ඔවු.. මම පේරාදෙණියේ.. ඉංජිනේරූ පීඨයේ... 2006 අවුරුද්දේ කෙනෙක් :)
    අයියත් ඒ විශ්ව විද්‍යාලයේම කෙනෙක් ද ?

    Dinesh :
    ඒත් ඉතිං කලන්තේ දාන තරමටම බය වෙන්ඩ ඕන යෑ...

    ReplyDelete
  23. sAm (සෑම්) :
    අහු මුලු.. හික්ස් :)
    වෙන්ඩැති ...වෙන්ඩැති...

    ඉවාන් පවුලූශා :
    ඒකනේ.. ඒ කූඩැල්ලට බය නෑ.. මේ හින්නිකිතර එකාට බයයි.. පුදුම ගෑල්ලමයි !

    Praසන්ன :
    එදාට බය නොවී ඉන්න තරමට හොඳා නැත්නම් කූඩැල්ලා සෑහෙන ලේ ගොඩක් බොයි... කොහොමත් ලේ බොනවා නෙහ්.. :)

    ReplyDelete
  24. හොඳ වෙලාවට මගේ කුඩල්ලන් එල්ලෙන්නේ නැත! උන්ට මාව ඇලජික්! ඕක නිසා හන්තානේදී කාඩ් එකකුත් වැදුනා :(

    ReplyDelete
  25. මම නම් කූඩැල්ලන්ට පණ බයයි. පලාතටම ඇහෙන්ට කෑගහනවා...:)

    ReplyDelete
  26. ඔය කිව්වට කූඩැල්ලා මහා භයානක සතා. නරක තැනකට ගියානම් එහෙම

    ReplyDelete
  27. මං කියම්දෝ නොකියම් දෝ කියල හිත හිතා ආපු එක ප්‍රසන්න කියල තියන්නෙ අර..:D
    පව් ඉතින් ඒ කෙල්ල.. අපේ කොල්ලෙක් ගෙ අහවල් එක ඌ පුංචි කාලෙදි කූඩැල්ලෙක් කාල, පස්සෙ කාලෙකදි සැත්කමක් කරන්නත් වුනා.

    ReplyDelete
  28. කූඩෑල්ලෙක්ව ඈදල ගෑටයක් ගහන්න ට්‍රයි කරල තියනවද?

    ReplyDelete
  29. ගෑල් ළමයි ඔහොම්මමයි..

    ReplyDelete
  30. හපොයි..මට අප්‍රියම සතා කුඩැල්ල... :-(

    ReplyDelete
  31. කුඩැල්ලන් ට බය නැති කෙල්ලෙක් නම් මම දැකලම නැද්ද කොහෙද.. හැබැයි කලන්තේ දානවා කියන්නේ නම් බොන්න ඕනේ තරම් බයක්.. හෙහ් හෙහ්

    ReplyDelete
  32. හයූ ... ආව දවසෙම හිනා ගොඩඩඩඩඩායි...
    මම අදමයි මේ කමෙන්ට්ස් ලියන්නේ....
    මාත් ඔයි තරම්ම කූඩෙල්ලෝන්ට බය කෙනෙක්...
    හිතන්නවත් බැ කාලෙක පේරාදෙණි යන්න උනත් යන්නෙ නෑ. කූඩැල්ලෝ... ඕ...ඕ...

    මගෙ බ්ලොග් පි‍ටුවේ කූඩැල්ලෝ නෑ. ඇවිත් යන්න. :D

    ReplyDelete
  33. පවු බන්...සතා පොඩි උනත් කෙල්ල අම්බානක භය වෙන්න ඇති...මමත් පොඩි කාලෙ හරිම භයයි ඔය සතාට....

    ReplyDelete
  34. niroshini :
    අඩේ මරුනේ.. කුඩැල්ලෝ එල්ලෙන්නේ නැති පංචස්කන්ධයක් ! :)

    Podi Kumarihami :
    කූඩැල්ලා නිකන්ම වැටෙනවා ඇති.. :)
    පවු ඒ කූඩැල්ලා.. සදාකාලිකවම බිහිරි වෙනවා ඇති

    යක්ෂයා :
    හ්ම්ම්... ඒකනේ ඒකනේ.. :)


    Chandana :
    ඇයි අපේ එකෙක්ගේ අහවල් එක කාලා මල වාගේ පිපිලා ආවා...

    ReplyDelete
  35. Pra Jay :
    නෑ.. පවු කියලා හිතලා එහෙම කරන්නේ නෑ. ගලවලා විසික්කා කරනවා.

    රජ වීදියේ උමේෂ් :
    ඔවු.. ඔහොම්මම තමා.. !

    දිනිති දීපිකා :
    හෙහ්.. කූඩැල්ලන්ටත් එහෙම හිතෙනවැති. මිනිස්සුන්ව අප්‍රිය ඇති.

    ReplyDelete
  36. Pathum Herath :
    ඔවු.. නිකන් නෙමේ.. ඒකිය කියලා බෝතලයක් ගෙන්නගෙන අපි බොන්න ඕන නාහෙන් කටින් එනකන්ම...

    Adhithya Maahansi :
    ඔන්න මාත් ගොඩ උනා ඔයාගේ බ්ලොග් පිටුවට.. කූඩැල්ලෝ හිටියත් කමන් නෑ.. මම උන්ට ලේ ටිකක් දීලා නිකා හිටිනවා :)

    සිරාගෙ කාමරේ :
    දැං බය වෙන්ඩ දෙයක් නෑ නේ.. බය වෙන්ඩ තරම් ලොකු සතෙක් නෙමේනේ.

    ReplyDelete
  37. අපෝ කූඩැල්ලෙකුට ඔච්චර බය වෙනවද මොනවද හලෝ ශික්

    ReplyDelete
  38. nice work click and see http://tiny.cc/tpz5ax

    ReplyDelete
  39. ඒ ළමයාගේ ගම් පළාත කොහෙද :P

    ReplyDelete
  40. Hello, I enjoy reading all of your article. I like to write a little comment
    to support you.

    Feel free to visit my webpage :: Cures For acne

    ReplyDelete
  41. I am truly pleased to glance at this web site posts which carries plenty of helpful facts, thanks for providing such data.


    Here is my homepage; Bambi

    ReplyDelete
  42. Rosemary essential oil has a history of being used to improve scalp circulation and three drops can be mixed with a tablespoon of distilled
    witch hazel and applied to the scalp as a massage treatment.
    There are also centers that specialize in hair loss patterns
    offering individual treatment program courses and informing female patients in the battle to stop this growing
    affliction. Being aware of the fact that different factors may be responsible for hair
    loss in different people, this brand offers a variety of products.

    ReplyDelete
  43. Hi my friend! I want to say that this post is awesome, great
    written and come with approximately all significant infos.
    I would like to see more posts like this .

    Here is my web blog ... dragon ball z battle of Gods stream

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.