21 February 2014

රත්නපුරාව පාරෙන් සිරිපා කරුණා කළෙමු - 4වන කොටස(අවසානය)

තේ බීලා ගිමන් හැරියා පස්සේ ආයෙම ගමන පටන් ගත්තා. හැරමිටිපානෙන් පස්සේ පොඩි බෑවුමක් හම්බ වෙනවා. ඒ බෑවුම බැස්සහම ගල්වංගෙඩිය මංසංධිය හම්බ වෙනවා. මේ හරියෙදි තමා රත්නපුරාව පාරයි කුරුවිට-එරත්න පාරයි හම්බ වෙන්නේ.
                                                                              කුරුවිට පාරයි රත්නපුරාව පාරයි
                                                                                        ගල්වංගෙඩිය හන්දියේ දී..
ගල්වංගෙඩිය හන්දියේ හම්බ වෙච්ච ගල්වංගෙඩියට කට්ටිය සල්ලි දාලාත් තිබුණා.

                                                                                                  ගල්වංගෙඩිය
මේ හරියෙදි අපිට ඉදිරියේදි නගින්ඩ තියෙන මහගිරිදඹේ ලස්සනට පේනවා. අපි මහගිරිදඹත් ඈත තියාම බලාගෙන තව ඉදිරියට ආවා.තවට් පඩි ගණනාවක් නැග්ගහම අපිට පන්සලකුත්තෙක්ක මකර තොරණක් හම්බ උනා.
                                                                                                 මකර තොරණ
මේ හරියේ ඉදන් නැග්ම ටිකක් අමාරුයි. සීග්‍ර නැග්මක් තියෙන්නේ.අපි ගල් පඩි ගණනාවක් නැගලා ආඬියාමල තැන්නට ආවා.
                                                                                           ආඩියාමලතැන්න
මෙතැනට ආඩියාමලතැන්න කියලා කියන්නේ සීතාවක රාජධානි කාළයේදි  පළවෙනි රාජසිංහ රජතුමා අරිට්ඨකීවෙන්ඩු පෙරුමාල් කියන ඉන්දියාවෙන් ආපු ආඬියාගේ කතාවට රැවටිලා සිරිපාදේ පරවේණි අයිතිය මේ ආඬින්ට ලියලා දීලා තියෙනවා. මේ නිසාම ඒ කාළයේ සිරිපා වඳින්ඩ යන වන්දනාකරුවෝ මේ ආඬින්ට බදු ගෙවන්ඩ සිද්ධ වෙලා තියෙනවා.

ආඬියෙක් කියන්නේ ගුරෙක් වගේ කෙනෙක්... 
රාජසිංහ රජතුමා  ආඬින් එක්ක එකතු වෙලා මේ කරපු දේට සිංහලයෝ සෑහෙන්න උරණ වෙලා තියෙනවා.. ඒ නිසාම මේ දෙගොල්ලන්ගේ යාළුකම සරදම් කරලා තියෙනවා.

"අතුරු මිතුරු දඹදිව තුරු
රාජ කපුරු සෙට්ටියා..."

මේ කියන ජන ක්‍රීඩාවත් ඔය  සදරම් කිරීමේ එක ආකාරයක්... !

පස්සේ කාළයේදි  මහනුවර යුගයෙදි අසරණ සරණ සරණංකර හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් සිංහලයෝ එකතු වෙලා මේ ආඬින්ව එලවන්ඩ සූදානම් වෙලා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අණ දුන්නට පස්සේ මේ කැරැල්ල දියත් කරලා තියෙනවා.

ආඬින්ව එලවන්ඩ සිංහලයෝ එකතු වෙලා එනබව දැනගන්න ලැබුන නිසා ඇතිවෙච්ච ලැජ්ජාවට ආඬින් හෙලෙන් පහලට පැනලා මැරිලා තියෙනවා. එදා ඉදන් ඒ හරිය ආඬියාමලතැන්න කියලා කියනවාලු. ආඬින් එලෙව්වට පස්සේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සිරිපාදේ භාරකාරත්වය වේහැල්ලේ ධම්මදින්න නායක හාමුදුරුවන්ට පවරනවා.

ඔය කතාවත් මතක් කරගෙන අපි කරුණා කරන්න පටන් ගත්තා.  ඊට පස්සේ අපිට හම්බ උනේ මැල්ලමලකඳුර...මේ හරියේ වයසක ගෑනු කෙනෙක් නැති වෙලා තියෙන හන්දද මන්දා මේ නම ලැබිලා තියෙන්නේ...
                                                                                              මැල්ලමලකඳුර
හැන්දෑවේගෙන එන නිසා පලාතම මීදුමේන් වැහීගෙන යනවා. හරිම ලස්සනයි. අපි පහුකරපු හැරමිටිපාන අම්බලමත් කුඩාවට ඈතින් පේනවා. සීග්‍ර නැග්මකින් පස්සේ අපි ආවේ ඇහැල කණුව ලඟට.

සීතල හන්දම බඩගින්නකුත් දැනුනා.. බඩඩගින්නට වඩා හීතල යන්නත්තෙක්ක කෝපි එකක් බොන්න ඕන කියලා හිතුනා. ඇහැල කණුව තමා අපේ ගමන් මගේ අපිට හම්බවෙන අන්තිම නැවතුම්පොල.. ඒ නිසා අපි ඇහැල කණුව ආපන ශාලාවෙන්  කෝපි බිව්වා.

ඒත්තෙක්කම රෑට කන්න රෝස්පානුයි වඩේයි ගත්තා.

කෑම අරගෙන අපි ගෙනාපු සුදු ඇඳුම් ඇඳගත්තා. ගොඩක් වන්දන නඩ ඇහැල කණුව හරියෙදි තමා පේ වෙන්නේ... ඒ බව නන්දා මාලනී නෝනගේ "මුණි නන්දන සිරිපාද වඳිමු " ගීයෙනුත් කියැවෙනවා.

ඇහැල කණුව ළඟ නැවතී පිරුවට ඇඳලා //
අහස්ගව්ව පසුකරමින් සාදු කියලා //
මහා මලුවට විත් ගිරිදඹ නැගලා
සිරී පතුල වඳිමු නිවන් පතාලා
එම පින් සමන් සුරිඳුටත් පමුනාලා

ගොඩක් නඩ මේ හරියෙදි පන්සිල් ගත්තා.

ඇහැල කණුව කියලා කියන්නේ අඩියක් විතර උස කණුවකට. කෝඩුකාරයෝ  ඇහැල කණුවේ හුණු තවරනවා.අපි හුණු ගෙනාවේ නැති නිසා ඒක කරන්න උනේ නෑ. ඒ වගේම තමා කෝඩුකාරයන්ට ඇහැල කණුවේ ඔලුව ගහලා වඳින්න කියලාත් කියනවා. ඒ කියන්නේ විහිලුවට වාගේ.

                                                                                                  ඇහැල කණුව
නොදන්න කෝඩුකාරයෝ හිස ගහලා වඳිනවත්තෙක්ක.. අපේ කවුරුවත් ඕක දැනන් උන්නු නැති නිසා මට හිස ගහන්ඩ උනේ නෑ.. මම බේරුණා... ! :)

මෙතැන ඉදං හුළංකපොල්ලත්තෙක්ක සීග්‍ර නැග්මක් තියෙන්නේ.. හිමේ නඟිනවා කියල තමා පැරැන්නෝ කීවේ. ඒක නං සීයයට සියයක් වාගේ හරි.. වටෙන්ම හිමෙන් වැහිච්ච කඳු මුදුන් පේනවා... ඒක හරිම ලස්සන දර්ශනයක් !

මේ හරියේ නැග්ම වැඩි වාගේම සුළංකපොල්ලත් තියෙන නිසා ගොඩක් අය තුන්සරණේ කවි කියන්න ගත්තා.

අපේ බුදුන් - අපි වඳින්ඩ
පෙරළි පෙරළි - අපි වඳින්ඩ
වම් සිරි පා - අපි වඳින්ඩ
එරන් පතුල - අපි වඳින්ඩ
මැණික් පතුල - අපි වඳින්ඩ
දෙදණ නමා - අපි වඳින්ඩ
නළල තබා - අපි වඳින්ඩ

මහගිරිදඹේ අමාරුම හරිය වෙනකොට ඒ කාලේ  වන්දනාකරුවෝ මහගිරිදඹ තරණය කරන්න පාවිච්චි කරපු දම්වැල් හම්බ උනා. දම්වැල් අල්ලගෙන මහගිරිදඹ තරණය කරන්න කොච්චර නම් අමාරු වෙන්න ඇද්ද කියලත් වෙලාවකට හිතෙනවා. මේ යකඩ දම්වැල් මහා ඇලෙක්සැන්ඩර් රජතුමා දැම්මයි කියලත් සඳහන් වෙනවා.
                                                                                         මහගිරිදඹේ දම්වැල්
මේ හරියට එනකොට ඈතින් පේනවා අපි ආපු රජමාවත... සුරංගනාවියෝ හලාගෙන ආපු මල් පාරක් වාගේ ලස්සනට රජ මාවත පේනවා. අපට ඇස් වලින් පෙනෙන සුන්දර දර්ශනයම කැමරාවට ගන්නත් සෑහෙන උත්සහයක් ගත්තා.. මේ එහෙම ගත්තු පින්තූරයක්.
                                                                                                     රජ මාවත
මහගිරිදඹ තරණය කරලා අපි ඒ වෙලාවෙම වාගේ සිරිපතුලේ තුන්වරක්  නලල තියලා වැඳගත්තා... හිතට පුදූ..ම සතුටක් දැනුනේ.. සිරිපතුල වැඳලා මම එක වතාවකුයි මලයයි තාත්තයි තුන්වතාව ගානේ ඝාණ්ඨාරය ගැහුවා.... !

ඊට පස්සේ  විශ්‍රාම ශාලාවේ ඉදන් ගිමන් හැරියා...පෑ දෙක තුනක් ඉන්නකොට පහුවෙනිදා පෝය නිසා සෙනග වැඩිවෙන බව හමුදාවේ කෙනෙක් කිව්වා. ඒ නිසා අපට බහින්න වෙන බවත් කිව්වා.

දෙවනි වතාවටත් දුර තියාගෙන සිරිපා වැඳලා ආයේ වතාවක කෝඩුකාරිත්තෙක්ක සිරිපා වඳින්ඩ එනවා කියලා හිතාගෙන අපි රෑ 11ට විතර බහින්න පටන් ගත්තා.....

අපේ බුදුන් අපි වැඳගෙන
හිතේ තියන පව් ඇරගෙන
සංසාරේ කෙටි කරගෙන 
ගමට යන්ඩ යනෝ
එන මත්තෙත් කෝඩු එක්ක
බුදු පුදයට එනෝ

සෙනග වැඩි නිසා විශ්‍රාම ශාලාවල් වල ඉඩ තිබුනේ නෑ.. ඒ නිසා මගක් බැහැලා මකර තොරණ ගාව තිබ්බ පන්සලේ ශාලාවේ කොණක උදේ වෙනකන් නිදාගෙන පහුවෙනිදා අපි ගෙවල් බලා පිටත් උනා.

ඔන්න ඔහොමයි මගේ කෝඩුකාර සිරිපා ගමන කෙළවර උනේ...

37 comments:

  1. මුනි නන්ද සිරිපාද සින්දුව නන්දා මාලිනීගේ නෙවෙයි ඒක හරි පරණයි මුලින්ම කිව්වේ වසන්තා සන්දනායක.

    ReplyDelete
  2. ගිහිල්ල ම නෑ මම නම්. යන්න කැමැත්තකුත් නෑ. හැබැයි සුන්දර ගමනක් වගේ.

    ReplyDelete
  3. මේකේ මුල ඉදල කියවල එන්ටෝන.
    අර තහනම් අඩවියේ රජාත් ලියල තිබ්බ ලඟදි මේ ගැන ලිපියක් ....

    ජය!
    _____________දුලාගේ අඩවිය ලියන දුලා

    ReplyDelete
  4. මධුරංග... බොහොම ආසාවෙන් කියවපු ලිපි පෙලක්. එකක් මම මේ පැත්තෙන් සිරීපාදෙ ගිහින් නෑ. ඒ වගේම මේ හා සම්බන්ධ ජනකතා බොහොමයක් දැනගෙන හිටියේ නෑ. බොහොම රසවත්ව ලිපිය ලියලා තියනවා. ඔය 'මුනි නන්දන සිරිපාද වඳිම්' ගීතය මුලින්ම ගායනා කරල තියෙන්නේ ග්‍රේටා ජෙනට් සහ එම්.කේ.වින්සන්ට් කියලා දෙපොළක්.

    ReplyDelete
  5. මමත් ආයෙම සිරීපාදේ ගියා වගේ මේ විස්තර ටිකත් එක්ක..

    ReplyDelete
  6. ඔන්න මධුරංගට පිං සිද්ධ වෙන්න අපේ ඊළග සිරිපා කරුණාව පළාබද්දල හරහා යන්ට අපේ සෙට් එක කැමති වුණා... ඒකටත් මට මර ගේමක් දෙන්න වුණා... අපි නං සිරිපා කරුනා කරන්නෙ පුරුද්දකට වගේ සමහර අය යන්න හිතකුත් නෑ කීවම දුකත් හිතෙනව... මං අහල තියෙනව සිරිපා කරුණා කරන්නත් පිනක් තියෙන්න ඕන කියල... ඇත්තද මධුරංගයො... ඔයාට ජනශ්‍රැතිය ගැන සෑහෙන අවබෝධයක් තියෙන හිංදයි මෙහෙම අහන්නෙ

    ReplyDelete
  7. ඇත්තටම අපිත් ශ්‍රී පාදෙ කරුණා කලා වගේ දැනෙනවා. නියමයි මධූ. මේ කොටස් 4ම ආශාවෙන් කොයෙවුවා.

    ReplyDelete
  8. මේ ලිපි පෙල ඉතාම රසවත්ව වගේම හරවත්ව ලියල තියෙනව.
    කියෙවුවට පස්සෙ ආයෙ පාරක් යන්න තියෙන ආශාව තවත් වැඩිඋනා.

    ලංකාවෙ තියෙන සොළොස්මස්ථාන අතරින් අමාරුවෙන්ම වැඳපුදා ගන්න තියෙන්නෙ සිරීපාදේ තමයි. මහේෂ් කියල තියෙනව වගේ එතනට යන්නත් වාසනාව තියෙන්න ඕන.

    සමන් දෙවි පිහිටෙන් නැවත වරක් කරුණා කරන්න හැකියාව ලැබේවා !

    ReplyDelete
  9. ශ්‍රී පාදේනම් බොහෝ කලකට පෙර ගියා. හැබැයි කුමන පාරින්ද ගියේ කියලා තමා දන්නේ නැත්තේ. නුවර හරහා ගියානම් මතකයි.

    ReplyDelete
  10. කතා ටික කියවල රස වින්දා මධු බොහොම ස්තූතියි,පින්තූර ටිකත් ලස්සනයි,කියල තියෙනව වගේ ආයම වතාවක් කරුනාකරන්නට ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  11. කාලෙකට පස්සේ අදයි නිවාඩුවක් ආවේ බ්ලොග් කියවන්න මුල් කොටස් ටිකත් කියවලම එන්නම්කෝ

    ReplyDelete
  12. අනිත් අයත් එක්කරගෙනම මලයා වන්දනාවේ ගෙහුන් ආවා වගේ තමා ඕං...
    (කිරිකෝඩුකාරි කව්ද දන්නේ නැහැ ආයේ වන්දවන්න එක්ක යන්න හදන.. :D )

    //අපේ බුදුන් අපි වඳින්ඩ
    පෙරළි පෙරළි අපි වඳින්ඩ
    වම් සිරි පා අපි වඳින්ඩ
    එරන් පතුල අපි වඳින්ඩ
    මැණික් පතුල අපි වඳින්ඩ
    දණ නමා අපි වඳින්ඩ
    නළල තබා අපි වඳින්ඩ//

    මෙතන අන්තිම පදේට කලින් පදේ මුල වෙනස් වෙන්න ඕන... “දණ නමා“ නෙවෙයි “දෙදණ නවා“

    ReplyDelete
  13. සැහෙන්න මහන්සි වෙලා ගිය ගමනකුයි හොඳට ලියපු පෝස්ට් එකකුයි... සිරාවට අපිටත් ආයේ යන්න හිතෙනවා.. ඉර සේවේ බලන්න ඉන්න තිබ්බ නේද?

    ReplyDelete
  14. බොහෝම වටිනවා මලේ! ඔක්කොම කියවන්න අද තමයි අවස්ථාවක් ලැබුනේ. ජය වේවා!!

    ReplyDelete
  15. අදයි ඔක්කොම කියෙව්වේ. නියම ගමනක්නෙ.

    අපිව දාලා ගියානෙ. :(

    ReplyDelete
  16. ඔක්කොම විස්තර කියෙව්වා. මං සිරීපාදෙ ගිහින් තියෙන්නෙ තවම එක වතාවයි, අපි ගමන පතන් ගත්තෙ රෑ කාලෙ. ඒ නිසා වට පිටාව මුකුත් පෙනුණෙ නැහැ. ඒත් පස්සෙ හිතුනා දහවලේ ගමන් අපටන් ගත්තානම් මම ආපසු හැරිලා එයිදෝ කියලත්. අතුරු මිතුරු කතාවෙ අග මුලත් දැන ගත්තා.
    අර කියාපු කෝඩු කාරි එක්ක ලබන අවුරුද්දෙ සිරිපා කරුණා කරගන්න ලැබේවා මලයාට

    ReplyDelete
  17. නියම ගමනක්. ආසාවෙන් කියෙව්ව කතාවක්. යන එක යනවමයි කියලා හිතුණා...:)

    ReplyDelete
  18. උඹට ඇයි බන් පෝස්ට් දාන්න මෙච්චර තදියමක්...පෝස්ට් දෙකක් අතර දවස් දෙක තුනක් පරතරයක් තියහංකො...පළවෙනි කොටස කියවලා අද එද්දි 4 වෙනි කොටසකුත් ඇවිල්ලා...දැනි ඉතිං හොයපන්කො ඉතිරි ඒවා......මට ඉතිං අදත් කියන්න තියෙන්නෙ එදා කියපු දේම තමා...තාමත් මම නම් ගොහින් නැත මේ ගමන....

    ReplyDelete
  19. ඉතාම ආසාවෙන් කොටස් හතරම කියෝලා ඉවර කළා .මග හමුවුන තැන් වල ජනප්‍රවාද ලියු එක ගැන හුඟක්ම තුති ..ඇලෙක්සැන්ඩර් රජතුමා ලංකාවට ආවද .
    ලිහිණි අක්කගේ කතාව ඉස්සර පොඩි කාලේ අම්ම කියා දෙනකොට මට හරිම දුකක් ඇති වුනා . අදත් එහෙමමයි. අපේ අම්ම තුන් පාරක් ගිහින් තියෙනව .අන්තිම පාර කීවාලු ආයේ නම් එන්නේ නැහැ කියල. ඊට පස්සේ යන්නම බැරි වෙලා. .අපි ගැහැණු ළමයි නිසා අම්ම වෙන අය එක්ක යැවුවෙත් නැහැ . තරුණ කාලේ නම් කොහොමත් යවන්න බයයි නේ අනුන් එක්ක. බැන්දට පස්සෙවත් යන්න බැරි වුනා .දැන් නම් ඉතින් විශ්වාසයක් නැහැ යන්න හැකි වෙයි කියල.

    ReplyDelete
  20. Kodukarith ekkama ayemath siripa karuna karanna labewa..

    ReplyDelete
  21. කොටස් හතරම කියෙව්වා.
    රත්නපුරා පාරෙන් සිරිපාදෙ වැන්දුවාට බොහෝම පිං.

    මේසන් බාසුන්නැහේත් සිරිපාද කරුණා කරලා තියෙන්නේ කිහිප වතාවයි.
    හැබැයි වනගත මාර්ග විදිහට සැලකෙන උඩමාලිබොඩ පාරෙනුත්, දෙහෙනකන්ද-මුක්කුවත් පාරෙනුත් කරුණා කරන් වාසනාව තිබිලා තියෙනවා.

    ReplyDelete
  22. Anonymous :
    තව කෙනෙක් කියලා තියෙනවා වෙන ගායිකාවකගේ නමකුත් ඒ නිසා ඒකත් බලලම හදන්න.. විසංවාදයක් මතු වෙලා :(

    කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
    අපෝ අපෝ... ඕවගේ කතාවල් නම් කියන්ඩ එපා බෞද්ධයෙක් වෙලත්... දාහක් මිනිස්සු යන්ඩ වෙන්නේ නැති නිසා දුකෙන් ඉන්නවා.. මෙයාට යන්ඩ ඕනකමක් නෑ..

    Sandun Dulanjana :
    ඔවු.. එයත් ගිහින් තියෙන්නේ මේ පාරෙමයි... මම ජනප්‍රවාද සේරමත්තෙක්ක ලිව්වා ඉතිං :)

    ReplyDelete
  23. තිසර :
    තව ටිකක් හොයලා ඒ නම වෙනස් කරන්නම්.. වසන්තා සන්දනායක කියලත් ඇනෝ කෙනෙක් උඩ කියලා තියෙනවා. ආසාවෙන් කියෙව්වා නම් මට සතුටක්...

    Dinesh :
    ඒකයි මගේ සතුට...

    Mahesh Rathnayaka :
    ඔවු.. එහෙම කතාවක් මම සිරිපා කරුණා කරනකොට මාමාකෙනෙක්ගෙන් අහන්ඩ ලැබුනා. අපි කලින් ආත්මවල පින් කරලා තියෙනවලු සිරිපා වඳින්ඩ..

    ReplyDelete
  24. චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    කොටස් හතරම කියවලා කමෙන්ට් 4ක්ම දැම්මට ස්තූතියි..

    Praසන්ன :
    ආසාවෙන් කියව්වා නම් මට එච්චරමයි ඕනේ.. ඒ වගේම ප්‍රාර්ථනාවටත් ගොඩක් ස්තූතියි..

    Nirmala Madushani :
    නුවර හරහා ගියා නම් හැටන් පාරෙන් තමා... නල්ලතන්නිය වගේ නමක් මතක නැද්ද ?

    ReplyDelete
  25. Helapa kade :
    ජනකතා එක්ක මගේ පෝස්ටු රසවින්ඳා නම් ඒක මට සතුටක්... ප්‍රාර්ථනාවටත් ගොඩක් ස්තූතියි.

    මැලේ රාළ :
    ඒ ටිකත් කියවලාම එන්න එහෙනම්...

    මාරයාගේ හෝරාව :
    සුදු නෝනව තමා එක්ක යන්ඩ හදන්නේ... :)
    ඔන්න වැරැද්ද හැදුවා.. මාරේ අයියව දකින දකින පාරක් ගානේ මතක් වෙන්නේ ගල් ඔය රේල් බස් ගමන.. යන්න ඕන ඒ ගමන නං...

    ReplyDelete
  26. Pathum Herath :
    ඉර සේවේ බලන්ඩ ඉන්ඩ දුන්නේ නෑ.. ඉක්මනින් බහින්ඩ කිව්වා.. පහුවෙනිදා පෝය නේ.. සිල් ගන්ඩ එන අයයි දවස් තුනක නිවාඩුවක් නිසා සෙනග වැඩිවෙයි කියලා හමුදාවේ අය පහලට එවුවා අපි ඔක්කෝලම..

    Chandana Gunasekera :
    සේරම ටික කියෙව්වා නම් ඒක මට සතුටක්....

    හරී :
    තව කට්ටියක් ඉන්නවා යනවා නම් සෙට් කරන්නම්... :)

    ReplyDelete
  27. හරී - පිණිපළස :
    ඉක්මන් ප්‍රාර්ථනාවක්... ඒක එහෙම උනොත් මම ඔයා ඉන්න රටටම තෑග්ගක් එවන එක එවනවාමයි.. :)

    Podi Kumarihami :
    ලංකාවට ආපු කාලෙක යන්ඩ... දැන්ම නෙමේ... තව අවුරුද්දකින් දෙකකින් වගේ.. පොඩ්ඩෙකුත් එක්ක..
    "සිරීපාදේ වන්දවන්න හිස ඔලියල් බැඳලා
    සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා...
    "

    සිරාගෙ කාමරේ :
    සීරිස් එකක් ලියනකොට ඔලුවට බරක් වාගේ දැනෙනවා.. ඒ නිසා ඉක්මනින්ම ලියලා පල කරනවා...

    ReplyDelete
  28. Bindi :
    එහෙම හිතන්ඩෙපා.. ඔයිට වඩා වයසක අයත් සිරිපාදේ වඳිනවා. ඒ නිසා සිරිපාද වාරයක් අල්ලලා ලංකාවට එන්න. ඇවිත් පොඩි අයත්තෙක්ක සිරිපා කරුණා කරන්ඩ..

    gayan sanjeewa :
    ප්‍රාර්ථනාවට ගොඩක් ස්තූතියි යාළුවා !

    පෙදරේරුවා නොහොත් මේසන් බාස් :
    උබ හරි වාසනාවන්ත කොල්ලෙක් නෙහ්... මමත් ආසයි ආයේ වතාවක් ඒ පාරවල් වලින් කරුණා කරන්ඩ. :)

    ReplyDelete
  29. සෑහෙන කාලයකට කලින් මාධ්‍යවේදියාත් දෙපාරක්ම කරුණා කලා..

    ReplyDelete
  30. මරේ මරු. කෝඩු එක්ක එනවා කිව්වනම් දැන් යන්නම වෙනවා. මමත් අවු..2 කට විතර කලින් ඔහොම කියලා දැන් කෝඩු නම් හරි තාම සිරිපාදේ තමා යන්න බැරි උනේ.

    ඒක නෙමේ අර තුන් සරණේ කියන්නේ "බුද්ධං සරණේ සිරස දරාගෙන...." කවි වලට නේද?
    "අපේ බුදුන් අපි වඳින්න" කියන්නේ මහ ගිරි දඹේ නගිද්දී..වේග රිද්ම විදිහට.

    ReplyDelete
  31. godak pin mallita. mama thama gihin nehe. giya wage danuna me lipiya kiyewwama

    ReplyDelete
  32. apith me sathiye siripa karuna karanna inne aiye.... oyage lipi walata godak pin...

    ReplyDelete
  33. attama kiwwoth gamana nam athi sundarai...bt dan e paare padi pelawal hadala nisa kalinta wada mahansiya wadie kiyala tama pahala game kattiya kiwwe... habei niwi sanasille yanna puluwan wenne rathnapuren tamai... bcz hatton walin giyoth senaga wadi sat & sun dawaswala padiyaka winadi 5k withara inna wenawa... ataram senaga....rathnapura paredi nam api padi uda nigattath ekka....

    ReplyDelete
  34. නොදන්නා කමටයි අහන්නේ. මන් තා එක වතාවක්වත් සිරිපාදේ කරුණා කරලා නැහැ. තනියම කරුණා කරන්න හොඳ නැද්ද. දන්නා කවුරු හරි කියනවද?

    ReplyDelete
  35. එරත්න පාරෙන් අඩවිකන්ද හරහා සිරිපා මළුවට

    http://sirilakasarisara.blogspot.com/2014/05/pilgrimage-to-mt-samanala-via-erathna.html

    ReplyDelete
  36. 2015/02/10 මම තනියෙම සිරිපාදේ කරුණා කරා සමන් දෙවියන්ගේ පිහිටෙන් ...
    මධ්‍යම රාත්‍රියේම ඒ පාරෙන්ම ආපසු අවා හැබයි එනකොට සමන් දෙවියෝ මට තනියම යන එක අවදානම් සහිත බැවින් මම වගේම තවත් තනියෙම යන කෙනෙක් හොයලා දුන්නා රෑ එනකොට ධර්මරාජ පඩි වල ඉඳන් 1km විතර යනකන් විදුලිය නෑ හඳ එලියවත් නෑ යාන්තම් මගේ පුංචි ෆෝන් එකේ ටෝච් එලිය පිහිටෙන් අපිට ආලෝකය ලැබුනා
    ඊටපසු උදැසන 6.15 ට පමණ පලාබද්දල රජමහ විහාරය ට ලඟා උනා .
    ඔබත් මේ ගමන යනවනම් මතක ඇතුව විදුලි පන්දමක් ,කුඩයක් අරන් යන්න .
    සැබවින්ම හාස්කම් වලින් පිරුණු සුන්දර ගමනක් !!

    ReplyDelete
  37. නියමයි. කෝඩුකාරි එක්ක ගියැයි ඊළඟ වතාවෙ..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.