05 November 2013

ලයිට් ගෙම්බා

මාස ගණනක් නොලිය ඉදලා ආයෙම ලියන්ඩ පටන් ගත්තට පස්සේ එක දිගටම ලියන්ඩ හිතෙනවා. ඒ වගේම තමා ඒ දවස්වල ලියන්ඩ හිතාගෙන ඉදලා කම්මැලිකමේ අතෑරලා දාපු ලිපිත් ටික ටික ලියාගෙන යනවා. ඒ නිසා ඉදිරි මාස දෙකක කාලයට මොන මොනවාහරි ලිපි නං අහේනියක් නැතුව තියෙයි.

ඒවා පසුවට....

අද කෑම පැයේදි කතා උනා එක එක ජාතියේ ගෙම්බෝ ගැන.එක එකා නානාප්‍රකාර දේවල් කියෙව්වා.

"ගස් උඩ ඉන්න ගෙම්බෝ ගස් ගෙම්බෝ නං ඇට උඩ ඉන්න ගෙම්බෝ ඇට ගෙම්බෝ වෙන්ඩ එපෑ.." මේ එකෙක් කියපු කතාවක් !

ඇට ගෙම්බෝ
ගස් ගෙම්බෝ
ගෙයි ගෙම්බෝ
හුළං ගෙම්බෝ
...........
ලයිට් ගෙම්බෝ !


"ඈ..... ලයිට් ගෙම්බෝ ???"  තව එකෙක් කියපු කතාවට ගොඩ දෙනෙක් විමතිය පල කලා.

"ඇයි ලයිට් ගෙම්බෝ දැකලා නැද්ද ???"

"නෑ නේ... !"

මං හිතං හිටියේ සෙල්ලම් බඩුවක් වෙන්න ඇතිය කියලා. පහලින් ඉන්නේ ඔය කියන ලයිට් ගෙම්බා... !




මෙන්න ඒ ගෙම්බාව පත්තරේටත් දාලා !
----------------------------------------------------------------------


ප.ලි. - මේ ලිපිය කලින්ම ලියලා ඩ්‍රාෆ්ට් එකේ තිබ්බ එකක්. අද (5 වෙනිදා) තමා පල කරන්නේ. :)

38 comments:

  1. ඇයි සමරකෝන් ගෙම්බෝ...

    ReplyDelete
  2. ඇයි කුමාර ගෙම්බෝ? අර උම්මා දුන්නාම කුමාරයෙක් වෙන අය...:D

    ReplyDelete
  3. ඇයි බන් අපි අර තද වුනාම කියන්නේ ...රි ගෙම්බා කියලා එවුන් කෝ ..?

    ReplyDelete
  4. මේක දැක්කට පස්සේ දැන් අපේ එව්වෝ ගෙම්බන්ට දිගටම ලයිට් ගිල්ලවයිද දන්නේ නෑ අලුත් ඩිසයින් එකක් කියලා

    ReplyDelete
  5. අනේ අම්මේ එක එක ගෙම්බෝ ගෙම්බියො ්වැහි වැහැල නේ මේ ඩිංගට

    ReplyDelete
  6. මන්ඩුක ටත් ගිය කලක්.
    ඔය අතරෙ ඉතිං එක එක ඒවා නිසා විහින් ගෙම්බො වෙච්ච උනුත් ඉන්නවා මධුවො. උන්ගෙන් තමා පරිස්සම් වෙන්න ඕන.

    ReplyDelete
  7. මධු ඇත්තටම පහු ගිය මාස 8 කොහෙද හිටියේ ....? මල් පාත්තියක් වත් දැම්මද ...?

    ReplyDelete
  8. මෙන්නො ගෙම්බෙක්

    ReplyDelete
  9. අනේ බොල ගෙම්බෝ.... ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. දැන් ලයිට් ගෙම්බා කිවුවේ ඇයි? ලයිට් ගිලිනවද?

    ReplyDelete
  11. ඕක තමයි වෙන්නේ අනවශ්‍ය දේවල් කටේ දාගන්න ගියාම. ගෙම්බා හිතුවද දන්නේ නෑ කලාමැදිරියෙක් කියලා....
    මමත් ලියපු කවි පංතියක් තියෙනවා "ජීවිතයට පාඩමක්" කියලා ගෙම්බන්ව උපමාවට අරගෙන ලියපු. මධූට වෙලාවක් තිබුනොත් කියවන්න.

    ReplyDelete
  12. මාත් ඉස්සර හරි ආස කතාවක් තමයි මන්ඩුක භවන කියන්නෙ.. ඒකෙ ඉන්නවා කතාකරන ගෙම්බෝ.

    ReplyDelete
    Replies
    1. @ amila chathuranga

      මණ්ඩුක භවනේ එක ගෙම්බනේ හිටියේ....

      Delete
  13. අර මොකක්ද නිසා ගෙම්බෙක් වෙන්න එපා කියලත් කියනවනේ.. ඒ මොන ගෙම්බද දන්නෑ නේ......

    ReplyDelete
  14. අපි ඉස්කෝලෙදිනම් සමහර කොල්ලො කරන වැඩ දැක්කාම කිව්ව, _ම්බක් හින්ද ගෙම්බෙක් වෙන්න එපා බන් කියල.

    ReplyDelete
  15. මොනා උනත් නියම වෙලාවේ ගත්ත පින්තූරයක් කියලා කියන්න පුළුවන්..

    ReplyDelete
  16. ඇයි හැල ගෙම්බෝ... කොහෙන්ද මේ ලයිට් ගෙම්බා හොයාගත්තේ. මට පේන්නා එයා ලයිට් එකක් ගිලල වගේ.

    ReplyDelete
  17. ලයිට් එකක් ගිලල නේද?

    ReplyDelete
  18. ඇයි ගෙම්බෝ විතරක් ? කෝ ගෙම්බියෝ..........?

    ReplyDelete
  19. දිලිනි :
    ඔවු අප්පා.. :)

    දේශක යා :
    ඒ මොකාද ඒ... ???

    පොඩ්ඩි :
    ඔන්න එකෝමත් එක කාලෙක ගෙම්බෙක් හිටියා... (පොඩ්ඩිට එයාගේ ගෙඹි කුමාරයා මතක් වෙලා)

    ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
    ඒක අමතක උනා නෙහ්... :)

    මැලේ රාළ :
    ඒකත් මරු ඩිසයින් එක.. පෙනේද මූ ලයිට් එකක් ගිලලා ඉන්න අපූරුව. :)

    ReplyDelete
  20. දේශක යා :
    ඒක නේන්නං දේශකයෝ... :)

    Chathuranga Priyashad :
    මේ ගෙම්බා නං කට හින්දම නහින්ඩ යන ගෙම්බෙක්..

    SilentSahan :
    අපෝ නෑ.. පහුගිය ටිකේ පාත්තිය හැදුවා.. දැන් යාන්තමට මලක් පැලවීගෙන එනවා.. :)

    Damith Gunawaredane :
    කෝ..කෝ.. කොහෙද ?

    ReplyDelete
  21. අඩවි රජ :
    මූට රාජ සම්පත් පෙනිලා තියෙන ගෙම්බෙක්..

    සිහින මදාරා :
    පෙනේද චූටි නෝනා මූ ලයිට් එක ගිලලා ඉන්න අපූරුව !

    sandunsevana.blogspot.com :
    ලින්ක් එක ගන්න තිබ්බා නං තවත් ලේසියි... මං හොයලා බලන්නම්. :)

    amila chathuranga :
    ගෙම්බෝ නෙමෙයි. එක ගෙම්බයි ඉන්නේ :)

    රන්දු :
    ඒක නං ඇත්ත තමා... :)

    SilentSahan :
    ඒකනේ. එක ගෙම්බයි උන්නේ.

    රසා :
    උඩ එකෙකුත් කියලා තිබුනා ඔය කතාව ! :)

    ReplyDelete
  22. Dinesh :
    ගත්තේ කවුරු උනත් පින්තූරේ පට්ට ය !

    පුංචි :
    ඇයි මට ගෙම්බා කිව්වේ මං කැත ද ? :)
    ලකියෝ මෙතනින් සිංදුව අහමු.

    සිතුවිලි සිතූ :
    ගිලලා නේන්නම් චූටි නෝනේ !

    YASITH (dot) NET :
    ඒක ඊලඟ පෝස්ට් එක !

    ReplyDelete
  23. මට හිනා ගියේ වෙන කතාවක් මතක්වෙලා මේක දැක්කම.. ටීචර් කොල්ලගෙන ඇහුවළු මේ ලමයා කියන්න බල්ලෝ ජාති දෙකක් කියල.. කොල්ල කිව්වළු ටීචර් හුලං බල්ලො සහ හුලං නැති බල්ලෝ කියල..

    ReplyDelete
  24. මට මුලින්ම හිතුනෙත් ඡායාරූප ශිල්පියට හිතුන දේමයි. නමුත් ඒ මනුස්සයා පින්තූරත් අරගෙන, ගෙම්බවත් බේරගෙන.

    ReplyDelete
  25. යකඩෝ ඔය ලයිට් ගෙම්බෝ පාවිච්චි කරලා ජාතික විදුලිබල පද්ධතියට මුකුත් සේවයක් කරගන්න බැරි වෙයිද දන්නේ නැ නේද

    ReplyDelete
  26. හුටා කමෙන්ට් එක දැක්කට පස්සේ පින්තුරේ මීටර් උනේ...

    ReplyDelete
  27. අනේ මේ වගේ අහිංසක ගෙම්බන්වනෙ අර විද්‍යාව කරන උන් සිහිනැති කරලා දෙකට පලන්නෙ...

    ReplyDelete
  28. මටත් කටට ආවේ එකපාරටම දෙයක් ඒක කියල වැඩක් නැහැ රන්දුවා එක මට කලින් කියල තියෙන නිසා

    ReplyDelete
  29. හික් හික් ලයිට් දාන ගෙම්බෙක් දැක්කමයි

    ReplyDelete
  30. meka ehema pitinma gembi puranayakne!!!!

    ReplyDelete
  31. අම්මටසිලි. බල්බ් එක වෙනඅවට හෝල්ඩරේට හයි කරන්න ඕනි

    ReplyDelete
  32. අපෝ...යි මං නං ගෙම්බන්ට බයයි. පොඩි කාලෙ බත් කවන්න ඕන නිසා තාත්තා ගෙම්බො කෑවොත් අතේ පුරුක් හැලෙනව කියල මාව බය කරල තාමත් මං අම්බානක ගෙම්බන්ට බයයි. මේ දවස්වල දුවන්නත් බැරි නිසා රෑට නං එලියට බහින්නෙ කලාතුරකින්ම තමයි.

    ReplyDelete
  33. සරත් ලංකාප්‍රිය :
    ඒ කතාවත් නරකම නෑ... :)

    Henry Blogwalker :
    එහෙම හිතෙන එකත් එක අතකට හොඳයි නෙව. නැත්නම් මෙහෙම පින්තූර කවදා දකින්න කියලා යෑ..

    පැතුම් (රයිටර් ) :
    එහෙම බෑ.. මුන්ට විදුලිබලය සපයන්න ඕන.. ආහ්.. හොඳ වෙලාවට පහු වෙලා හරි දැක්කේ :)

    සිරාගෙ කාමරේ :
    ඒකනේ සිරා.. අපේ මලයත් ඔය පවුකාර වැඩේ කොලා නෙ

    ReplyDelete
  34. කෝරලේ මහත්තයා :
    උදෙන්ම අවදි වන කුරුල්ලා පණුවා අල්ලා ගනී !

    නදී :
    මාත් එහෙමයි...

    malmi :
    ඒක නේන්නම් මල්මි අක්කේ.. කෝ ඔයා ලියන්නේ නැද්ද ?

    තරුවා :
    පවු බොලං... !!

    ReplyDelete
  35. සිඟිති :
    මොකෝ මේ දවස්වල දුවන්න බැරි ? ළමේක්වත් හම්බ වෙන්ඩ ඉන්නවද මන්දා...හි..හි..හි..

    සයුරි :
    ඔවු.. ඌ බලුප් එක ගිලලා !

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.