11 November 2013

ටාර්සන්ගේ රැවුල

පහුගිය සතිඅන්තය හරිම කාර්යබහුල සති අන්තයක්. ඒකට ප්‍රධානම හේතුව මම මේ දවස්වල කරගෙන යන සාමාන්‍ය පෙළ පංතියේ ළමයි ටික මේ දෙසැම්බර් මාසේ සාමාන්‍ය පෙළ ලියන්ඩ සූදානම් වීම. ඒ නිසාම මේ ටික ප්‍රශ්න පත්තර වගේකට උත්තර ලියෙව්වා.

ඒ උත්තර සාකච්ඡා කලා... වැරදි නිවැරදි කිරීම් කලා !

ඒ නිසා බ්ලොග් පැත්ත පලාතේ එන්ඩ උනේ නෑ... ඒ නිසා ඒ ටික හිස්බඩම කියෝ ගත්තා. කමෙන්ට් කලා. මූනු පොතේ රවුමක් දැම්මා. එතකොට තමා දැක්කේ මූනු පොත පුරාම උපන් මාසේ අනුව ගතිගුණ කියැවෙන ස්ටේටස් වලින් බිත්තිය පිරවිලා. !

මාත් ගිහින් බැලුවා.. මගේ ගතිගුණයි උපන් මාසේ අනුව ලැබුන ගතිගුණයි සමානද කියලා ! මොනඃ... මගේ ගතිගුණත් එක්ක ඒවා ලඟින්වත් යන්නේ නෑ.. :)

ඊට පස්සේ වැඩ ටිකක් කරගෙන යනකොට මෙන්න අපේ ගෲප් චැට් එකේ එකෙක් අහනවා "ටාර්සන් උපන්දා ඉදලම කැලේ ජීවත් උනත් රැවුල නැත්තේ ඇයි ? " කියලා.

ඇත්ත තමා.. දන්න කාලේ ඉදන් ටාර්සන් ඉන්නේ කැලේ. ඒ උනාට එකාගේ මූනේ බේතකටවත් එක රැවුල් ගහක් නෑ.. අපේ එක එකා එක එක උත්තර දුන්නා. සමහර එවුවා ප්‍රසිද්ධ මාධ්‍යයක පල කරන්ඩත් අමාරු සම්භාව්‍ය ගණයේ උත්තර.... !

ඔය ප්‍රශ්නෙම ගුගල්ගෙන් අහලා බැලුවම සමහරු මරු මරු උත්තර දීලා තිබුනා. පහලින් තියෙන්නේ එහෙම දීලා තිබ්බ උත්තර ටිකක්.

"ටාර්සන්ට රැවුල වැවෙන්නේ නැති ලෙඩක් තිබේ."

"ටාර්සන්ගේ රැවුල ජේන් විසින් ෂේව් කරයි."

"ටාර්සන් තමන්ගේ රැවුල කටුවක හරි ගලක හරි අතුල්ලනවා."

ඔය වගේ නානාප්‍රකාර උත්තර අටෝරාසියක් තිබ්බා. ඇත්තටම ඒ දවස්වල ටාර්සන් කතාව බැලුවට ඔය ගැන වගේ වගකක්කත් හිතුනේ නෑ නෙව. :) 
වැඩ අඩු දවසක මේ වගේ මෝඩ ප්‍රශ්නයක් තිබ්බත් ඇති දවස ගෙවා ගන්ඩ.... මේ වෙනකොටත් ඒ ගැන සාකාච්ඡාව දරුණුවට යනවා... :)
උත්තර තිබේ නං පහතින් පල කරන්න !
-----------------------------------------
ප.ලි. - මේ තියෙන්නේ ගූගල්ගෙන් ලැබුනු උත්තර.. පලවෙනි ලිපිය , දෙවන ලිපිය හා තුන්වෙනි ලිපිය

25 comments:

  1. කියම උත්තරේ නං ටාර්සන් ගේ රැවුල් ක්රූ එකේ දැලිපිහි ලද්දා විසින් කපා දැමීමයි.. හික් හික්..

    ReplyDelete
  2. ටාසන්ගේ මූණේ රැවුල එන්නේ නෑලු. එයා කියනදේ ජේන් ගනන් ගත්තේ නැත්තේ ඒකලු. :D

    ReplyDelete
  3. එඩ්ගා රයිස් ඒකට හේතුව දීල තිබුණා...ටාර්සන් ට තමුන් වානරයෙක් නොවෙයි කියල තමුන්ටම දැනෙන්න යි එයා එහෙම කරලා තියෙන්නේ. මොකද එයා දැක්ක අප්‍රිකානු මිනිස්සුන්ට රැවුල තිබිල නැහැ. තමන්ගෙයි වානරයන්ගෙයි වෙනස පෙන්නන්න ටාර්සන් ට ඕනේ වෙලා තියෙනවා. ඉතින් එයා ඔය මොකද්ද දැලි පිහියක් වගේ එකකින් රැවුල කැපුව ලු. :)

    ReplyDelete
  4. ටාසන් රැවුල කැපුවලු. නැත්නම් ජේන්ට වඳුරොයි ටාසනුයි වෙන් කරලා, අඳුන ගන්ට බැරි හන්දා... :)

    ReplyDelete
  5. ටාසන්ට රැවුල වැවෙන්නේ නැහැ එකනේ ටර්මන්ගානි කියන්නේ

    ReplyDelete
  6. මට මගේ නොවන ස්ටේටස් ටික නැවතුනේ ඔය ග්‍රහචාර ගැන කියවෙන ස්ටේටස් නිසා.

    ටාර්සන්ගේ අර ෆිල්ම් මතක් වුනා ;)

    ReplyDelete
  7. එහෙනං වැද්දොන්ගේ පපුවේ මයිල් නැත්තේ ඇයි ..?

    ReplyDelete
  8. අයියෝ මධූ උත්තරේ සිම්පල්. ඔය ටාසන් කාරයා "වීට්" පාවිච්චි කරනවා ඇති.

    ReplyDelete
  9. අපි දන්නා කාලයේදී රැවුල එන වයසක නෙවි ටාසන් හිටියේ උගේ කරදඩු උස්මහත් උනාට ඒ තරම් වයසක් නෑ...... නැත්නම් යකෝ අර පට්ට කෑලේ ජෙන් ට ළමයිනුත් හම්බ වෙන්න එපැයි .

    ReplyDelete
  10. ටාසන්ගේ යාළු වඳුරැ පෝතකයාගේ විනෝදාංශය ටාසන්ගේ රැවුල් ගස් ඇද ඇද ඉන්න එකලු. ඉතිං රෑ තිස්සේ ගහ ගහ ගලවලා රැවුල් ගහක්වත් ඉතුරැ කරන්නේ නැහැලු.

    ReplyDelete
  11. අර මාළුන්ට වතුර තිබහ හැදෙනවද ඇහුව වගේ වැඩක් නේ!

    ReplyDelete
  12. ටාසන්ගෙ හූව තියන්න මම කී සැරයක් උත්සාහ කලාද...ඒක හරිම අමාරුයි බොලං...

    ReplyDelete
  13. තියෙන ප්‍රශ්ණ මදිවට මෙයත් අහන්නේ ඔහොම එවුවම තමයි..

    ReplyDelete
  14. ටාසන් වැලේ එල්ලිලා යද්දි කෑගහන්නෙ ඇයි කියල දන්නෙ කවුද?????

    ReplyDelete
  15. දේශක යා :
    ඔවු ඒකත් වෙන්ඩ පුලුවං ! :)

    Podi Kumarihami :
    ටාර්සන් පවු නේද පොඩ්ඩි :)

    niroshini :
    උත්තරේට බොහොම ස්තූතියි නිරෝ !
    ඇත්තටම මම මේ උත්තරේ නම් දැනන් උන්නෙම නෑ.

    Podi Kumarihami ගේ දෙවෙනි කමෙන්ටුව :
    අපෝ නෑ පොඩ්ඩි. ටාර්සන් හැන්ඩි කොල්ලෙක් !

    ReplyDelete
  16. කෝරලේ මහත්තයා :
    ඒ මොක්කුද කෝරලේ මහත්තයෝ ? අදමයි ඇහැව්වේ

    sAm (සෑම්) :
    ඔය කියන්නේ වල් ටාර්සන් ගැන නේද ? මටත් මතක් උනා. :)

    ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
    කොයි වැද්දගෙද පපුවේ මයිල් නැත්තේ ?

    Chathuranga Priyashad :
    අනර්කලීගේ වීට් :)
    හික්ස්...ඔවු කියන්ඩ බෑ..

    මැලේ රාළ :
    අනේද කියන්නේ නෙහ්.. ජේන් ඒ කාලේ ස්ටිල් වර්ජින් ඉන්ඩ විදිහක් නෑ නේ :)

    ReplyDelete
  17. sandunsevana.blogspot.com :
    ඌ නං පුදුම වඳුරෙක් නෙ... තියන්ඩ වටින්නේ නෑ ඕකුන්ව !

    දිලිනි :
    ඒක නෙමේ... මාළු වතුර බොන නිසා තමා ටැංකීයේ වතුර අඩුවෙන්නේ...

    සිරාගෙ කාමරේ :
    කවුරුහරි පොඩි එකෙක්ට කියහං ඇට දෙකේ එල්ලෙන්ඩ කියලා. එතකොට හූව තියන්ඩ ලේසියි !

    Dinesh :
    අමාරු ප්‍රශ්නයක් නං අතෑරලා දාමු මලේ !

    රාජ් :
    ටාර්සන් වැලේ එල්ලිලා යනකොට චීටා එල්ලිලා යන්නේ ටාර්සන්ගේ වැලේ.. එතකොට ටාර්සන්ට ඉබේම කෑ ගැස්සෙනවා !

    ReplyDelete
  18. රාජ් :
    ඒකට උත්තරේ නම් අපි ඉස්කෝලේ යද්දී ඔටෝග්රාෆ් වල ලිව්ව පිස්සු කවියක තියෙනවා:
    Tarzan, Tarzan, in the Air, Tarzan Lost his underwear
    Tarzan say "me don't care. X will buy me another pair."

    ඔතන X තැනට ඔටෝග්රාෆ් එක අයිති කෙනාගේ නම තමයි දාන්නේ.. මෙතෙන්දි අපිට ඔයාගේ නම උනත් දාන්න පුළුවන්.

    :D :D

    @මධුරංග
    හපොයි දෙවියනේ!!! :D

    ReplyDelete
  19. ටාසන් කතා පෙලේ මුල්ම කතාවේදීම ඔය පර්ශ්නේ විසදනවා ... ටාසන් පොඩි එකා තනියම නෙවේ කැලේට එන්නේ අම්මා තාත්තා එක්ක .. ඒ අය පොඩි ගස් උඩ ගෙයක් හදනවා .. ඒ ගෙදර සැහෙන බඩු මුට්ටු තියනවා පිහි .. මුණ බලන කන්නාඩි .. පවා .. ටාර්සන් ව කළු වදිරිය පැහැරගෙන ගියාට පස්සේ කාලෙක එයා අපහු මේ අඩවියට එනවා .. එතනදී තමාගේ පියාගේ පොටෝ එකක් දැකලා තමගේ රූපයත් ඒ වගේ නිසා එයා රැවුල කපනවා ...

    ReplyDelete
  20. පොඩ්ඩක් ඉදහන් අයියේ බීලා එන්නං...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  21. මට නම් ටාර්සන් ගැන විතරක් නෙවේ වෙන ඒවා ගැනත් ඔය වගේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා... මගේ විස්තරය හරියට හරි මධු ගීක් එකේ තිබුණ...

    ReplyDelete
  22. නිකමටවත් හිතිලා තිබ්බ නැති ප්‍රශ්නයක් උත්තරත් එක්කම දැන ගතතා හෙහ් හෙහ් ...

    ReplyDelete
  23. niroshini :
    බොහොම ස්තූතියි නිරෝ... ඔන්න ඒ හේතුවත් දැනගත්තා... බලාගෙන ගියහම නිරෝ කියන්නේ සෑහෙන දැනුං තේරුං තියෙන කෙල්ලෙක් නෙව.

    sameera :
    මම ටාර්සන් මුල කොටස් කියවලා නෑ මචං.... :(

    අඩවි රජ :
    පොඩ්ඩක් හිටහං මාත් එන්නං !


    SilentSahan :
    මගේ විස්තර ටික නං වැරදියි !

    Pathum Herath :
    එහෙනං දිගටම එන්ඩ ඈ...:)

    ReplyDelete
  24. ටාසන් කැලේ හිටියට පොඩි සැලුන් එකක් දාගෙන හිටියේ ජේන් ගේ ඉල්ලීම පිට

    ReplyDelete
  25. දයානන්ද රත්නායක :
    ඒකත් වෙන්ඩ පුලුවන්... නැත්තං කොහොමද රැවුල සම්පූර්ණයෙන්ම කපා දාලා ඉන්නේ :)

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.