01 November 2013

ඇත්ත ද මේ කතාව ?

අද දවසේ කරන්ඩ තිබ්බ වැඩ ටිකෙන් සෑහෙන ප්‍රමාණයක් ඉවර කරගත්ත නිසා දැන් නං ටිකක් නිදහස්. ඒ නිසා ටිකක් විතර කම්මැලිකමක් දැනෙන වෙලාවක් මේක.එතකොට තමා ගලායන ජිවිතය බ්ලොග් එක ලියපු නදී අක්කා  කියවන්න කියලා දීපු ලින්ක් එක මතක් උනේ.

ඒක දික්කසාදය ගැන ලිපියක්..

අපේ නදී අක්කා දීපු ඔය බ්ලොග් එක  කියවගෙන යනකොට තවත් ලිපියක් හම්බ උනා. ඒකෙන් කියැවෙන්නේ ගැහැනු හා පිරිමි අයගේ මොළ විශ්ලේෂණයක් ගැන.

ඒ ලිපියේ තියෙන විදිහට,

පිරිමින්ට ගෑනු අයගේ මූනු දිහා බලාගෙන බොරු කියන්ඩ බෑ ලූ. කිව්වොත් අහු වෙනවලූ. ඒකට හේතුව ගෑනු අයගේ මොළය 70%ක් මුහුනේ ඉරියවු නිරීක්ෂණයටත් 20%ක් අංගචලනය නිරීක්ෂණයටත් (බොඩි ලැංවේජ්) හැඩ ගැහිලා තියෙන නිසාලූ. ඉතුරු 10% ක ප්‍රමාණය වෙන් වෙලා තියෙන්නේ වචන වලින් කියන දේ නිරීක්ෂණය කරන්ඩලූ.

මේ හන්දා අහු වෙන්නේ නැතුව බොරු කියන්ඩ බෑ ලු.  (හික්....හිතේ ඇති)

බොරු කියන්ඩ ඕන නං මූන දිහා බලන්නේ නැතුව කියන්ඩ කියලා එයාම කියනවා.

ඊලඟ කාරණාව තමා පිරිමි කෙනෙක්ට ප්‍රශ්න ගොඩක් ඇති උනාම ඒ ප්‍රශ්න ඔක්කොම වර්ග කරලා එකින් එක විසඳගෙන යෑමේ හැකියාව තියෙනවා ලූ. (කොලර් එක උස්සගනු කොල්ලනේ)

ගෑනු කට්ටියට  මේ හැකියාව නෑලූ .... (පවු නේ)

ගෑනු කට්ටිය ප්‍රශ්න ගොඩක් ඇති උනහම කරන්නේ ප්‍රශ්න ටික විසදුනත් නැතත් කාටහරි ඒ සේරම ටික කියලා හිත නිදහස් කරගෙන නින්දට යන එක ලූ.

ඔය වගේ කරුණු 10ක් ගැන ඇංජලීනා පිල්ලේ සඳහන් කරලා තියෙනවා.  කැමති කෙනෙක් ඉන්නවා නං මෙතන කොටලා කියවන්ඩ... ඒ සේරෝම ටික පරිවර්තනේ කරන්ඩ කම්මැලියි !!

ඇංජලීනා කියන මේ කතාව ඇත්ත ද ?
----------------------------------------------------------------------

ප.ලි. - ඊලඟ සඳුදා (4 වෙනිදා) ඉදන් ලියපු ටික පබ්ලිශ් කරනවා ඇරෙන්ඩ අළුතින් ලියන්ඩ කාලයක් නැති වෙයි.

29 comments:

  1. කොල්ලෝ ගැන නම් ආඩම්බරයි... :)

    ReplyDelete
  2. බොරුකීම කලාවක්. බොරු ඇල්ලිල්ලත් කලාවක්. ඉරියව් වෙනස් නොකර බොරු කියන්න පුළුවන් ප්‍රගුණ කරන්න ඕන

    ReplyDelete
  3. එහෙනං ඉතිං අහක බලාගෙන බොරු කියමු... කම්මැලි කමට බේත් නෑ පුතේ..

    ReplyDelete
  4. බොහොම වටිනා කරැණු ටිකක්!!

    ReplyDelete
  5. මහා පුරුෂෝත්තමවාදී සමාජයක් නේ මේක. ඕක අනිත් පැත්තට තේරුම් ගන්න පුළුවන් නෙ ඉතින් කොල්ලෙකුට බොරුවක් වත් කියා ගන්න බෑ කියලා :)

    ReplyDelete
  6. //පිරිමින්ට ගෑනු අයගේ මූනු දිහා බලාගෙන බොරු කියන්ඩ බෑ ලූ. කිව්වොත් අහු වෙනවලූ. //

    හේතුව ඉතින් හරියට බොරුවක් කියන්ටවත් දන්නේ නැතිකමලු. ඒ වෙලාවට ගොත ගැහෙනවලු. :D:D

    //ඔක්කොම වර්ග කරලා එකින් එක විසඳගෙන යෑමේ හැකියාව තියෙනවා ලූ.//

    ඔව්. ඔව්. බෝතලයක් අතට ගත්තු හැටියේ ඔක්කොම ප්‍රශ්ණ ඉවරලු...හී හී...

    ReplyDelete
    Replies
    1. නෑ මෙයා. බෝතලේ අතට ගත්තු ගමන් ගෑනිගෙ මූන :@ තමා ප්‍රශ්නෙ ..අන්න ප්‍රශ්න.අනික්ව ප්‍රශ්නද !
      - පත්තර මල්ලි -

      Delete
  7. තැන්කූ මධුවො පොස්ට් එකට. මං මේ ප්‍රියම්බිකාවට හසු නොවෙන්න බොරු කියන ක්‍රමයක් හොය හොය හිටියෙ.
    දැන් ඉතිං අහක බලන් බොරු කියුවම වැඩේ ගොඩ.

    ReplyDelete
  8. මාර කේස් එක කියන්නේ මම ඔය කිසි විලිලැජ්ජාවක් නැතුව කෙල්ලන්ගේ මූණ බලන් අමු කෙප්ප කෙලලා තියනවේ ඈ. හැබැයි සමහරුන්ටනම් ඇත්තක් කිව්වත් මූණ බලන් කියන්න හිතෙන්නෑ. ඇහැ යන්නෙම වෙන වෙ දිහාස් වලට. ;)

    ReplyDelete
  9. හී හී අපි දෙන්නෙ අයියේ කෙල්ලොන්ට අලබෝල ගිලිනවා ආයි ඇපත් නැතිවෙන්න. හැබැයි අයියේ තාම අහුවෙලා නම් නෑ.. ඔය කතාවෙ අනිත් පැත්ත නම් ඇත්ත වගේ

    ReplyDelete
  10. බොරු කියන්න බැරි කතාවනම් ඇත්ත තමයි.. මොකො මටත් බෑනේ ඒකනම්..

    ReplyDelete
  11. සහතික ඇත්ත කාරන දෙකම

    ReplyDelete
  12. කෙල්ලෝ ප්‍රශ්න කලබල වෙලා පටල ගන්නව මිසක් විසදුමක් හොයන්නෙ නැහැ.

    ReplyDelete
  13. ඉස්සර මම බියර් වීදුරුවක් හරි තොල ගාලා ගෙදර ආපු සැනින් අපේ අම්මා කියනවා අද මොනවා හරි වෙනසක් තියෙනවා .........බිව්වා නේද කියලා...එහෙනං මේකයි කාරණේ...මම අම්මගෙන් ඇහුවා දවසක් මෙච්චර සූක්ෂම විදියට මේ කාරණේ දැනගන්නෙ කොහොමද කියලා...එයා නම් කිව්වෙ ඇස් වලින් කියලා....

    ReplyDelete
  14. මේක නම් ඇත්ත.අපිට තේරෙන්නේ නෑ කියලා එයාල ලස්සනට බොරු හදලා කියනවා. හැබැයි එයාල දන්නේ නෑ.පිරිමි කියන බොරු ගෑනු අපිට තේරෙනව කියලා. ඒත් නොතේරුනා වගේ සමහර වෙලාවට ඉන්න සිද්ධවෙනවා.

    ඒ වගේමයි ගෑනු අය පුංචි ප්‍රශ්නයකදී අඬා වැටුනට ලොකු ප්‍රශ්නයක් ආවම පිරිමින්ට වඩා හොදින් ඒ ප්‍රශ්නයට මූනදෙනවා. දරාගන්නවා.

    ReplyDelete
  15. ගෑනු කට්ටිය ප්‍රශ්න ගොඩක් ඇති උනහම කරන්නේ ප්‍රශ්න ටික විසදුනත් නැතත් "පිරිමියාට" ඒ සේරම ටික කියලා හිත නිදහස් කරගෙන නින්දට යන එක ලූ.

    ඊට පස්සේ පිරිමියා නිදිමරාගෙන ඒ ප්‍රශ්න ඔක්කොම වර්ග කරලා එකින් එක විසඳගෙන උදේට ගැහැණියට කියලා "තමුසේ එළිවෙනකන් අහරගෙන් ඔකද කෙරුවේ මනුස්සයෝ" කියලා අහගන්නවාලූ.

    .... (පවු නේ)

    ReplyDelete
  16. සමහර වෙලාවට බොරු අහුවුනත් පව් කියලා සද්ද නැතුව ඉන්නවලු කෙල්ලෝ. ප්‍රශ්න විසඳීම නම් මන්දා ...බුට් එකක් හම්බ වුනහම වැඩියම මුඩ් ගහන්නේ කොල්ලෝ නෙහ් .

    ReplyDelete
  17. ප්‍රශ්න විසදා ගැනීම අතින් ගෑනු අය දුර්වල නිසා වෙන්න ඇති තම ස්වාමියා හදිසියේ මිය පරලොව ගියාම වැඩිපුරම ගෑනු අය රස්සාවක් නොකල නම් රස්සාවකුත් කරගෙන, තමන්ගෙ ලමයින්වත් තනියම හදාගෙන ජීවිතේ එන ප්‍රශ්නවලට තනියමම මූණ දෙන්නෙ නේද? ඒත් භාර්යාව මිය ගිය ස්වාමිපුරුෂයො නම් තනියම රස්සාවත් කරගෙන ලමයි හදාගෙන ඉන්නව දකින්නෙ අතේ ඇගිලි ගානට..
    එතකොට අර “සෑම සාර්ථක මනුෂ්‍යයෙක් පසුපසම ඥානවන්ත කාන්තාවක් සිටී“ ද මොකක්ද කියලත් කවුරු හරි කට කහනවට වගේ කියල තියනව මයෙ හිතේ.
    අනේ මං නං තව මේකට කමෙන්ට් කරන්නෙ නෑ ඔන්න.

    ReplyDelete
  18. එකෙක්ට වත් අහුවෙන්නේ නැතිව බොරු කියන ගැනු පිරිමි (ශ්‍රී ලංකික සිංහල ) මම ඕනෑතරම් දකිනවා මෙහෙදී

    ReplyDelete
  19. පැතුම් (රයිටර් ) :
    මලයගේ ප්‍රියම්බිකාවට කමෙන්ටුව නොපෙනේවා ! :)

    රාජ් :
    කළාවක් නේන්නං !

    දේශක යා :
    බෙහෙතක්වත් තිබ්බා නං තමා හොඳ :)

    sandunsevana.blogspot.com :
    ලියපු කෙනට තමා ක්‍රෙඩිට් යන්නේ ! :)

    දිලිනි :
    සම අයිතීන් ලැබෙන සමාජයක් තියෙන්නේ... :)
    ඔයා හිතපු විදිහත් වැරදි නෑ චූටි නෝනේ..

    ReplyDelete
  20. මන් නම් දන්න එකම දේ නෝනලාගේ දහන්ගැට වලට මහත්තුරු ෆුල් සූට් අඳිනවා.. ඕනේ ලොක්කෙක් ගැහැණියක් ළඟ දණින් වැටෙනවා...

    ReplyDelete
  21. Podi Kumarihami :
    අනිවාර්යෙන්ම මං දන්නවා ඔයා කොහෙන් හරි කොණක් අල්ලගන්නවා කියලා..හික්. :)

    Chathuranga Priyashad :
    ඔන්න මං එහෙම නෑ ඕං... :)

    Anonymous :
    අන්න හරි පත්තර මල්ලි !

    තරුවා :
    උබ නං පුදුම කොල්ලෙක් ය.. මේවාට මං මොනවා කියන්නද හිතා ගන්න නැරි ය.. :)

    ReplyDelete
  22. ....ජනියා.... :
    බලාගෙන කොයි වෙලේ හරි අපටත් දිරච්ච ලණුවක් කන්ඩ වෙයි... පරිස්සමින් ඉදිමු.

    Dinesh :
    ඔන්න අහු උනා හොරේ !

    Damith Gunawaredane :
    හ්ම්.. ඒක නේන්නං :)

    sAm (සෑම්) :
    විසඳුම අපි හොයලා දෙනවා නෙහ්..

    සිරාගෙ කාමරේ :
    ඒවා නං අතටම අහු වෙනවා.. ඔන්න මං නං දවස් දෙක තුනක්ම අහු නොවී බේරුනා.

    ReplyDelete
  23. පුංචි කුමාරිහාමි :
    ඔයා හරි.. ගෑනු කෙනෙක්ට ඕනම ප්‍රශ්නයක් විඳදරාගෙන ඉන්න පුලුවං හැකියාවක් තියෙනවා. හොඳම උදාහරණය තමා අම්මා. අම්මලා උහුලන දුක් කරදර තාත්තා කෙනෙක්ට තිබ්බා නං එක්කෝ පිස්සු හැදෙනවා. එක්කෝ දමලා ගහලා ගිහිං !

    ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
    පවු නේන්නං...උබත් මාර මාර එවුව හොයන්නේ නෙහ් :)

    Bindi :
    අපොයි ඔවු.. බූට් කෑවම නං එපා වෙනවා...

    ReplyDelete
  24. සිඟිති :
    කේන්ති ගිහින්.,... ඕනම ප්‍රශ්නයක් විඳ දරාගෙන ඉන්න පුලුවන් හැකියාව ගෑනු අයට තියෙනවා ළමයෝ.. ඒක තමා ඒ අයගේ ධෛර්යය කියන්නේ.. ඒ හැකියාව නිසා තමයි හැමදේම බලා කියාගෙන ඉන්නේ.
    පිරිමි කෙනෙක්ට ඔය හැකියාව නෑ.. ඒනිසයි ගෑනු කෙනෙක්ගේ සරණ පතන්නේ.

    මැලේ රාළ :
    කොහෙත් එකයි... !

    ReplyDelete
  25. SilentSahan :
    ඒ කතාවත් ඇත්ත සහන්... :)

    ReplyDelete
  26. සිරාවටම ඇත්ත නේ මම හොරෙන් බොනකොට අපේ උන්දැට තේරෙනවා මම බොනවා කියන එක.

    ReplyDelete
  27. ගැළපෙන ගෑණීයෙක් තෝරගන්න එක තමයි අමාරුම වැඩේ :(

    ReplyDelete
  28. කෝරලේ මහත්තයා :
    අඩේ කෝරලේ මහත්තයා බොන එකෙක්දෑ.. එලනේ..
    වෙලාවක සෙට් වෙමු !

    YASITH (dot) NET :
    අනිවාර්යෙන්ම... ඒක තමා අමාරුම කේස් එක !

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.