20 January 2013

ආච්චිව මරන්ඩද යකෝ යන්නේ...

මං පූර්ණකාලීන බ්ලොග් පාඨකයෙක් විදිහට බ්ලොග් කියවන්න පටන් ගත්තට පස්සේ ලියන්නම හිතුනේ නෑ. හැබැයි නොලිව්වට මොකෝ මම දවසගානේ බ්ලොග් ටික නම් කියෝ ගන්නවා. අද සති අන්තයේ ගෙදර කට්ටියම ගමනක් ගිහින් මං විතරයි ඉතුරු.ඒ නිසා කම්මැලිකම යන්ඩත් එක්ක මොනාහරි කුරුටු ගාන්න ඕනේ කියලා හිතුනා.

මොනවද ලියන්නේ කියලා කල්පනා කරනකොට මට පරණ කතාවක් මතක් උනා. මතකද ඒ දවස්වල රොබින් හුඩ් කතාව ටීවි එකේ පෙන්නුවා ? මොකෑ කට්ටියට අමතක වෙන්නේ නෙහ්. :)

ඔන්න ඔය දවස්වල මං දන්න කියන පවුලක අයියෙකුයි මල්ලියෙකුයි හිටියා.උන් දෙන්නා කටත් බලියන් ඒ දවස්වල ඔය කතාව බැළුවා. මේ දෙන්නෑ ආච්චි අම්මා ඒ දවස්වල ලෙඩ ගානේ හිටියේ. යන්ඩ එන්ඩ බෑ.හැමදේම උන්දැට අතට පයට කරලා දෙන්ඩෝන.

දවසක් මුන් දෙන්නා රොබින් හූඩ් බලනකොට ආච්චි මොකද්ද මන්දා එහෙකට කතා කරනවා. කතා කරනවා කිව්වට බෙරිහන් දෙනවා. ඒ දවසේ මුන්ගේ අම්මත් කොහෙද මන්දා ගිහින්.  ආච්චි ලතෝනි තිබ්බත් මුන් දෙන්නා ටීවි එක ඉස්සරහින් නැගිටින්න ලෑස්ති නෑ.

 "මල්ලි පොඩ්ඩක් බලහන්කෝ ආච්චි කෑගහනවා !" අයියා කිව්වා.

"ඇයි උබ මටම කියන්නේ. උබ ගිහින් බලහන්කෝ." එහෙම කිව්වේ මලයා.

"ඇයි.ඒ උබේ ආච්චි නෙමේද ?"

"මගේ ආච්චි විතරක් යෑ. උබෙත් ආච්චි නේ." මලය යන පාටක් නෑ.

"උබ ගියේ නැත්තං මං අම්මා ආපුවාම කියනවා උබ ආච්චිව බැළුවේ නෑ කියලා. හරි ද ?"

"හරි හරි ඇඩ් එකක් ගියහම යන්නං යකෝ." කතාවට වශී වෙලා හිටපු මලයා කිව්වා.

ඉතින් ඊට පස්සේ කතාවේ මැදක් හරියට යනකොට කිව්වත් වගේම ඇඩ් පෝලිමක් යන්න පටන් ගත්තා.එතකොට  මලයත් පුටුවෙන් නැගිටලා ආච්චි ගාවට ගියා. මූ ආච්චි ගවට ගිහින් ටික වෙලාවකට පස්සේ ආයෙම ටීවි බලන්ඩ ආවා.ආච්චිට නින්ද ගිහින්ද කොහෙද කිසිම සද්දයක් නෑ.දැන් නන් ඉතින් කරදරයක් නැතුව රොබින් හූඩ් බලතෑකි කියලා හිතලා දෙන්නම ආයේ ටීවි බලන්ඩ ගත්තා.

 "මලේ, ආච්චි මොහොකටද බං කතා කලේ ?" අර අයියා කාරයා මලයගෙන් ඇහුවා.

"කවුද බං දන්නේ. ආච්චි හැමදේටම කෑගහන එකනේ වැඩේ." මලයා උත්තර දුන්නා.

"ඉතින් උබ ගියාට පස්සේ ආච්චිට නින්ද ගියාද ? කිසි සද්දයක් නෑ නේ යකෝ !" ආයෙම අයියා ඇහුවා.

"ආච්චි නිදාගත්තේ නෑ බං"

"එහෙනං සද්දයක්වත් නැත්තේ ?"

"හෙහෙහෙහෙ.... ආච්චි කොහේ කෑ ගහන්ඩ ද මං උන්දෑ කටේ කොලගුලියක් හිරකරලනේ ආවේ !" මලයා හිනා වෙවීම කිව්වා.

"හුටා ! තෝ ආච්චිව මරන්ඩද යකෝ යන්නේ ! අම්මා ආවොත් විසුමක් වෙන්නෑ. !" කියලා කියපු අයියා කාරයා ආච්චි ගාවට ගිහින් උන්දෑ කටේ හිර වෙලා තිබ්බ කොළගුලිය එලියට ඇදලා දැම්මා.

අන්තිමේදි හවස් අතේ අර අයියගෙයි මලයගෙයි අම්මා ආවට පස්සේ ආච්චිව කොල හිර කරලා මරන්ඩ ගියපු කතාව ආච්චිම අම්මටත්තෙක්ක කියලා තිබුනා. ඒ නිසා ඒ කොල්ලෝ දෙන්නට නොසෑහෙන්න ගුටි කන්න උනා කියලා තමයි ඇසින් දුටු ආරංචි මාර්ග කියලා තිබ්බේ.

56 comments:

  1. ආච්චිව මරන්න ගිය අයියා මලෝ දෙන්න මධුරංගයි මලයයි එහෙම නෙමේ මගෙ හිතේ ..:D

    ReplyDelete
  2. යකෝ මුන්ව තියන්න වටින්නේ නෑනේ

    ReplyDelete
  3. ඔය අයියයි, මල්ලියි දෙන්නා කවුද කියලා අපි නම් දන්නවා...:)

    ReplyDelete
  4. උඹලව නෑ නෑ මේකෙ මේ ඉන්න උං දෙන්නව කොටියම කන්ඩ එපැයි :D

    ReplyDelete
  5. මම නම් කියන්නේ ඒ දේට මූලික උනේ මධුරංග මල්ලියි කියල.

    ReplyDelete
  6. හයියෝ...මුන් කරන වැඩ...අපේ පවුල තව හොදයි... :)

    ReplyDelete
  7. ඔයා ජාති වාදියෙක් .ඒ නිසා ඔයාට මන්
    ආස නැහැ ..

    ReplyDelete
  8. මුන් දෙන්නා කොලු තාත්තලා දෙන්නෙක්නෙ බොල...

    ReplyDelete
  9. ඔය අයියයි මල්ලියි අතර මධුරංගයියත් ඉන්නවද දන්නෑ...

    ReplyDelete
  10. ඔතන පොඩි ටැපලිල්ලක් තියෙනවා නේද මධුරංග මලයෝ... ඔය කොල ගුලිය ආච්චිගේ කටේ එබුවේ මල්ලි නෙවෙයි අයියා නේද..?

    ReplyDelete
  11. හිටපියකෝ ම්ලිව හම්බුනාම අහන්න අයියද මල්ලිද කො ගුලිය එබුවේ කියලා

    ReplyDelete
  12. අපේ ගමේ එකෙක් වෙන්ටෑ ............. උනුත් ඔහොම්ම මයි

    ReplyDelete
  13. අයියා කවුරු උනත් මල්ලිනම් උඹලගෙම මල්ලි තමා.

    ReplyDelete
  14. අනේ ඇත්තට මෙහෙමත් ළමයි..!!

    ඇත්තටම මධුරංග පූර්ණ කාලීන බ්ලොග් පාඨකයෙක් වුනු එක ගැන මොනවද හිතෙන්නෙ...

    ReplyDelete
  15. තොපි වගේ යක්කු..

    ReplyDelete
  16. ඒ මාත් ඔය සුමේම කොලල ටියෙනවනේ.....:/දැන් තමා වැරැද්ද තේරෙන්නෙ....හැබැයි මම ප්ලාස්ටරයක් තමා ගැහුවෙ....මතක් වෙනකොට දැන්නම් පපුව දාල යනව අප්ප....:‘(

    ReplyDelete
  17. පොඩි කමටද මෙයාලා වැඩ කරලා තියෙන්නේ....

    ReplyDelete
  18. //හැබැයි නොලිව්වට මොකෝ මම දවසගානේ බ්ලොග් ටික නම් කියෝ ගන්නවා.//

    මට ඒකවත් කරන්න වෙන්නෙ නෑ මලේ.... :(

    අපොයි තව ටිකක පරක්කු වුනා නම් ආච්චි.....

    ReplyDelete
  19. හික්ස්.. ඔය අයියායි මල්ලියි කවුද කියලා දැන් මුළු බ්ලොග් අවකාශෙම දන්නවානෙ.:D

    ReplyDelete
  20. ආච්චි පවු ඕයි
    මෙව්වා කල එවුන්ට සහ ගහන්න ඕනේ ;)

    ReplyDelete
  21. ආයේ අහන්න දෙයක් නෑ.. ඔය අයියා මධු අයියම තමා..

    ReplyDelete
  22. පිස්සු පීකුදු.. :ඵ්

    ReplyDelete
  23. අයියයි මල්ලියි කවුද කියලනම් සුවර්. හැබැයි ඕක කරේ මල්ලි වෙන්න බෑ. අයියා වෙන්ටෝන.

    ReplyDelete
  24. පිස්සු නැත්තන් සෝක්

    ReplyDelete
  25. මලයා හරි සිම්පල් අයිඩියා කාරයෙක් නෙව. බඩ පැලෙනවා යකෝ... අනුනුගේ මගුල් නෙමෙයි මෙන්න මේ විදියට මක්කවත් ලියපං..

    ReplyDelete
  26. මරු අයියයි මල්ලියි.. අරින්න තිබුණෙ මග්ගොනට බාලාපරාධ් කාරයෝ දෙන්නා.

    ReplyDelete
  27. ලියන්න කම්මැලි වෙලාද .

    ආච්චිගේ හුස්ම ටික ගියේ නැතුව ඇති.

    ReplyDelete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. අයියා වගේ ම නැතෑ මලයත්... හ්ම්ම්ම් මමත් පූර්ණ කාලීන බ්ලොග් පාඨකයෙක් වන්නට තීරණය කළෙමි!

    ReplyDelete
  30. හපොයි.... මුන්ව තියන්න වටින්නේ නෑනේ.....

    ReplyDelete
  31. මමත් පූර්ණකාලීන් බ්ලොග් පාඨකයෙක් වේගන එනවා.හරි යන්නෑ මේ වැඩේ.මොකක් හරි ලියන්ඩ ඕනැ.

    ReplyDelete
  32. අයියා කව්ද කියලා මම දන්නවා මගේ හිතේ :)

    ReplyDelete
  33. අයියයි මල්ලියි කිවුවට මේ මධුරංග අයියම කරපු වැඩක් වෙන්න ඇති.. :-p

    ReplyDelete
  34. දෙවියනේ මෙහෙමත් ළමයි.....

    ReplyDelete
  35. හේ හේ මධු අයියේ මට හිතාගන්න පුළුවන් අයියායි මල්ලිගෙයි තරම. මුණ දැක්කම පෙන්නෙ හරි අහිංසක කොල්ලෙක් වගේ.

    ReplyDelete
  36. කවුද දන්නේ නෑ මේ අයියයි මල්ලියි...:D

    ReplyDelete
  37. අයියයි මල්ලියි ගැන හිතාගත්තෑකි මේ වැඩෙන්..

    ReplyDelete
  38. අපෝ...ලියන්නෙ නැතුව ඉන්න එපා අයියේ... අපරාදේ... :(

    ReplyDelete
  39. අනේ මෙහෙම මුණුපුරෝ දෙන්නෙක් ලබන්න හරි වාසනාවන්ත ආච්චිඅම්ම කෙනෙක්..P

    ReplyDelete
  40. ඉතින් අයියගේ ආච්චිට අවුලක් උනේ නෑනේ ;)

    ReplyDelete
  41. පව් ආච්චි!
    අයියයි මල්ලියි ගැන හිතා ගත්ත හැකි.

    ReplyDelete
  42. උඹල දෙන්නගේ හපන්කම් නේද? අකුරක් නෑර විස්තරේ කියල තියෙන්නේ ඔය අපුරුවට

    ReplyDelete
  43. අයියා කාරයා නම් අපි දන්න කෙනෙක් වෙන්ටෑ. අපෙ අප්පෝ ආච්චි....!!!!!

    ReplyDelete
  44. මේ අයියයි මලයයි මධුරංගයි එයාගෙ මලයයි නම් වෙන්නම බෑ...

    ReplyDelete
  45. හික්ස්... හිතාගන්න පුළුවන් කවුද මේ අයියයි මලයයි කියලා...

    ReplyDelete
  46. බුදු අම්මේ...මෙහෙමත් අයියයි මල්ලියි දෙන්නක්...

    ReplyDelete
  47. මල්ලි ගිය නිසා කොල ගුලියක් ඔබලා ආවා..මේ අයියා ගියා නම් ෂුවර් එකටම කොහොල්ල ගුලියක් තමයි ඔබලා එන්නේ..මොකද ඉතිං අපි දන්නවලු ඒ අයියා කවුද කියලා...

    ReplyDelete
  48. අනේ යකෝ අය්ය මලෝ ගෙ වැඩ!

    ReplyDelete
  49. ඔබගේ මගේ හෝ අන් අයගේ දේශපාලන මතය කුමක් උවත් මේ රජයේ පාලන ක්‍රමයට අපි පාක්ෂික හෝ නොවන එක කුමක් උවත්, මේ රට විනාශයට ඇදදැමු කොටිත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන උන්ට කඩේ යන එක මේ රටට සැබවින් ආදරේ කරන කෙනෙකුට ඉවසන්න අමාරුයි නේද?
    මේ බ්ලොග් අවකාශයේ තිරිසනුන් කිහිප දෙනෙකු පුහු වීරයන් වෙන්න දගලන්නේ කොටින්ට පස්ස නවාගෙන අල්ලනගමන්, මාද මේ රජයේ වැඩපිළිවෙලට තදින්ම විරුද්ද මුත් මේ දක්වා බ්ලොග් වල විරයන්සේ බොරු විවේචන කර පිම්බෙන්න ගොස් නැත, එසේ වීමට දගලන, මේ රටට විරුද්දව කොටින්ට කඩේයන මාතලන් වැනි තිරිසනුන් අපි බ්ලොග් අවකාශය තුල දැන්ම හුදෙකලා කර නොදැම්මොත් ඉදිරියේදී අපට අපේ බ්ලොග්තුල උන්ට කමෙන්ට් එකක් හරි දාන දුන්න එක ගැන දුක් වෙන්න දවසක් එනවා අනිවාර්යයි.. ඔබ වැනි සන්වේදීන් එදාට හඩනු නොඅනුමානයි .
    එසේනම් දැන්ම මේ පාහරයා,
    ඔබේ ෆ්ලොවර්ස් අතරින් ඉවත් කර
    මේ පා හරයාගේ කමෙන්ට්ස් පබ්ලිෂ් කිරීමෙන් වැලකි
    ඔහුගේ අඩවියට ඇතුල් වීමෙන් වැලකි
    පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව සිතා මෙවන් තිරිසනුන් අතුගා දැමීමට සහය වන්න..

    ** දේශිහිතයිශි බ්ලොග් කියවන්නෙක් **
    (රාජපක්ෂ රජයට කඩේ යන්නෙක් නොවන )

    ReplyDelete
  50. මුන් දෙන්නව කනපිට ගහන්න එපෑය.. ඔය අයිය මලෝ ජෝඩුවෙන් එකෙක් මේ බ්ලොග් එක ලියනවාදෝ කියල හිතෙනවා.. අනේ මන්ද, මට මේ දවස්වල එක එක විකාර හිතෙනව අප්ප.... :P

    ReplyDelete
  51. අද තමා ආවෙ මේ පැත්තෙ.
    හපොයි..!! තව පොඩ්ඩෙන් මලගෙයක් නේ

    ReplyDelete
  52. හැබෑට මධූ අයියට මක්කෙයි වුනේ? කසාදයක් වත් බැන්දද?

    ReplyDelete
  53. මොකද බොල ලියන්නැත්තෙ... :D

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.