29 December 2012

උගුරැස්ස සාස්තරේ

මේ දවස්වල අපේ ගේ ඉස්සරහා උගුරැස්ස ගහේ ගෙඩි පිරිලා තියෙනවා. නත්තල් නිවාඩුව නිසා මගෙයි මලයගෙයි වැඩේම දවස් දෙකෙන් දෙකට උගුරැස්ස කඩන එක. ගොඩක් අය මේවට උගුරැස්ස කිව්වට අපි නම් කියන්නේ කටු ලොවි කියලා.සමහරු නම් කටු කුරුඳු කියලාත් කියනවා.

 පින්තූරය ගූගල්ගෙනි.

ඒ කොයි හැටි වෙතත් නියම පලතුරක් තමා මේක. ගෙඩිය තලලා කන තරමට රසය වැඩියි. අපේ උගුරැස්ස ගහ ගෙයි ඉස්සරහා පැලවෙලා අවුරුදූ 10ක් විතර උනත් ගෙඩි එන්ඩ පටන් අරන් තිබ්බේ මීට අවුරුදු දෙහෙකට විතර උඩදි. ඒ අපේ මල්ලි කරපු කෙමක් හන්දා. ඒ කෙම මොකද්ද කියලා මලයගෙන්ම අහලා බලමු.

"මලයෝ උබ මොකද්ද බං කටු ලොවි ගහට කරපු කෙම ?" මම් ඇහැව්වා.

"මේකයි කෙම ! උදේ පාන්දරම කතා නොකර කටු ලොවි ගහේ කඳේ  කටු ටික ඉහල ඉදලා පහලට රහින්න (කපන්න) ඕන. "

"ඊට පස්සේ " මම ඇහැව්වා.

"ඊට පස්සේ ඒ කටු ටික පාරකට හරි මිනිස්සුන්ට පෑගෙන හරියකට ගිහින් දාන්න ඕනා."

"යකෝ උබ කියන්නේ යකාගේ කතා නේ. එතකොට මිනිස්සුන්ගෙන් බැනුං අහන්ඩ එපැයි !" මම කිව්වා.

"අන්න හරි. අයියට තේරුනා. ඒ කටු පෑගිච්ච එකා අම්මා මෝ කියලා බැන්නහම තමා ගහේ ගෙඩි හැදෙන්නේ. කොටින්ම කටු ලොවි ගහේ පලවෙනි මුරේ ගෙඩි හැදුනේ එහෙමයි."

"ඉතින් උබ කොහාට්ටද ඔය කටු ගෙනිහින් දැම්මේ ?" මම ආයෙම ඇහැව්වා.

"කටු ටික පාරට දාන්න බැරි නිසා මම වත්ත පල්ලෙහාට දැම්මා

"ඉතින් කාටද ඒ කටු පෑගිලා තියෙන්නේ ?" මම ආයෙම ප්‍රශ්නයක් නැගුවා.

"අපේ තාත්තා උදේ දත් මැද මැද වත්ත පල්ලෙහාට්ට යනකොට ඒ කටු පෑගිලා නොසෑහෙන්න බැන්නා. ඒ නිසයි ගෙඩි ආවේ"

ඔන්න ඕක තමා අපේ මලයා කටු ලොවි ගහට (උගුරැස්ස) කරපු කෙම.කිව්වත් වගේ දැන් නම් ගහේ නොසෑහෙන්න ගෙඩි හැදෙනවා. :)
මේ කතාව ලියාගෙන යනකොට මට මතක් උනේ අපේ මලයා වත්තේ තිබ්බ ගෙඩි හැදිච්ච නැති අඹ ගහකට කරපු කෙමක්.

ඒකත් මේ පහලින්ම ලියන්නම්. ඒ කෙම තමා,

උදේට උදේට ලොකු පොල් පිත්තක් අරගෙන  , ඒ පොල් පිත්තෙන් අඹ ගහේ කඳට හත් වතාවක් ගහන්න ඕනා. එහෙම සතියක් දෙකක් කරන කොට ගහේ ගෙඩි හැදෙනවා.

ඔය කෙම කලා විතරක් නෙමේ ඌ ඒක විද්‍යාත්මකව පැහැදිලිත් කලා.

"මෙහෙමයි අයියේ, දවසගානේ ගහට පොල් පිත්තෙන් තඩිබානකොට ගහ හිතනවා තමන්ගේ පැවැත්මට තර්ජනයක් ඇවිල්ලා කියලා. ඒ නිසා ඉක්මනින්ම වර්ගයා බෝ කරන්න උත්සහ කරනවා.ඒ නිසයි ඉක්මනින්ම ගෙඩි හට ගන්නේ."

ඔන්න ඕන තමා උගේ පැහැදිලි කිරිම.

39 comments:

  1. බුදු පොච්චියේ මධුරංගයෝ... උඹ මේක ලියන වෙලේ මල්ලිට බ්ලොග් එකක් අටෝලා දියංකෝ... ඌනේ මෙකේ ඉන්න වටිනම එකා...

    ReplyDelete
  2. මල්ලි එල පොරක් නේ...

    ReplyDelete
  3. තාත්තගෙන් ගුටි නොකෑවා ඇති. ඔය කෙම් ගැන නම් මම දන්නෙ නෑ.ඒත් සද්දය එක්කම වැඩිපුර පල හට ගන්නවා කියලා නම් අහලා තියෙනවා. රේල් පාර අයිනෙ තියෙනෙ කෙසෙල් ගස් බලන්න. ..එතකොට ඉස්කෝල වත්තේ තියෙන අඹ ගස් එහෙම...

    අපේ ගෙදර දෙහි ගහේ ගෙඩි හැදෙන්නෙ නෑ කියලා අම්මා දෙහි අතු බර වෙන්න පොල් ලෙළි දාලා. දැන් හරියට ගෙඩි ගැදෙනවා. මඪුවගේ මලයගේ වගේ කෙමක් ද දන්නෙ නෑ :P

    ReplyDelete
  4. දෙහි ගස්වලට නං වෙනම කෙමක් තියෙන්නේ!

    ReplyDelete
  5. මේ වගේ කෙම් ක්‍රම ගැන ඇහුවමයි........
    මාරේ අයියා කිව්ව වගේ මල්ලිටත් බ්ලොග් එකක් හදා දෙන්ට වටිනවා

    ReplyDelete
  6. ඔය කෙම ඇපල් ගහකට කරලා බලන්ට ඕනි. ගෙඩි හැදුනොත් මල්ලිට ඇපල් ගෝනියක් නැවට පටවනවා. අය්යට එකක්වත් නෑ. ඇයි අපිට කකුල් උඩ තියාගෙන ටීවී බලන්ට එපා කීවනේ...:)

    ආ මේ...ඒ එක්කම ගෑනුන්ට අර මොකෙන්ද ගහන එකත් ඔය පැත්තේ කෙරෙන කෙමක් වෙන්ට ඇති නේද හී හී...

    ReplyDelete
  7. ලොකු අඹ ගස් වල එහෙම ගෙඩි එන්‌නේ නැති උනාම කඳේ යට හරියෙන් අඩියක් විතර පළල පොත්තක් රවුමටම කපලා අයින් කළාමත් ගෙඩි එනවා...රඹුටන් ගස් වලටත් ඕක හරියනවා.. පොඩි ගස්වල නම් අතු ඒ වගේ කැපුවත් හරියනවා.. එහා ගෙදර සීයා තමයි මට ඔය කතාව කිව්වේ..

    ගහන එක කෙසේ වෙතත් මම දන්න එක දෙයක් තියෙනවා.. සැප වැඩි ( පෝරා, සාත්තුව) උනාම කැලෑවට හැදෙන මල් ගහකවත් මල් එන්නේ නෑ කියලා...

    උගුරුස්ස කිව්වම මගේ උගුර මොනාද වෙලා ගියා... හි හි...

    ReplyDelete
  8. දොඩම් ගස් වල නම් පොල්ලෙලි එල්ලනවා... මොනා උනත් කදිම අර්ථ දැක්වීමක් බන්... ගම්පහ ගෙට්ටුවට එන දවසටත් ඵල බරවෙලා තිබුනොත් අපිටත් ටිකක් උස්සගෙන වරෙං...

    ReplyDelete
  9. තැඹිලි ගස් වලටත් ඔය ගහන වැඩේ කලාම ගෙඩි හැදෙනවාලු... අල්ලපු ගෙදර අක්කාට ළමයි නෑයි කියලා ඒ අයියයි අක්කයි රට වටේ වෛද්‍යවරු, දොස්තරලා , කට්ටඩි හොයන් යනවා මේ කතාව ඒ අයියට කියන්ඩ ඕනි..

    ReplyDelete
  10. ඈ බං වෙනී අයියේ... එතකොට ඒ අයියා මෙච්චර තලලත් ගෙඩි ..මං කිව්වේ ළමයි නැති එකේ ආයේ එයාම තලලා වැඩැක් ඇතෑ... මොකද උමටත් හිතුනද තලන්න යන්නවත්...?

    ReplyDelete
  11. ගොඩක් ගස් වලට පොතු වටයක් කැපුවම ගෙඩි එනවා .
    0.5cm පළලට පොතු ටික කපල අයින් කරන්න.ඔතොකොට
    ගෙඩි හැදෙනවා ඊළඟ වාරේ ඉඳන්.පොතු කපද්දී මුළු ගහ වටේම
    කපන්න එපා .බාගයක් විතරයි කපන්න ඕනේ..
    මුළු වටේම කපල මන් ගස් ගොඩක් මරා ගත්ත ..(

    ReplyDelete
  12. පොතු වටයක් කපන කතාව නම් මමත් අහලා තියනවා. දෙහි ගහකින් පිට කෙනෙක්((ගෙදර නොවන කෙනෙක්) ගෙඩි කඩාගත්තාම දෙහි ගහ වඳ වෙනවලු නේද?

    ReplyDelete
  13. අහ්හ්....අපේ ගෙදරත් තියෙනවා උගුරැස්ස....පොඩි දවස් වල අපි මේස තියාගෙන ඒවා උඩ නැගගෙන ගෙඩි කඩන් කන්නේ....හික්.... කාල ඉවර වුනාම කට ගන්න දෙයක් නැහැ. කහට පිරිලා කහම කහ පාටයි....

    අම්මෝ....උගුරැස්ස කටු හෙන විසයිනේ....හෙන ලොකු කටුනේ තියෙන්නේ. ඔයාලගේ තාත්තට තරු විසික් වෙන්න ඇති....

    ReplyDelete
  14. යකෝ මධුරංගගේ යුවරජා මරුනේ
    උගුරැස්ස තලලා කද්දි රහ වැඩියි නේද?

    ReplyDelete
  15. මල්ලි කෙම් කාරායා වගේ... අපි කියන්නෙත් කටු ලොවි කියලා... කාලෙකින් කෑවේ නෑ...

    ReplyDelete
  16. මල්ලිට කියන්න බැරිද ඔය අමුතු තියරි දාලා බ්ලොග් එකක් ලියන්න කියලා..සෑහෙන ප්‍රේක්ෂකයො සංඛ්‍යාවක් හොයාගන්න පුළුවන් වේවි..

    ReplyDelete
  17. ඒ කතාව ඇත්ත,ඉස්සර අපෙ අම්මච්චිත්(අම්මගෙ අම්මා) ගෙඩි හැදෙන්නෙ නැති ගස් ගාවට ගිහිල්ලා බනිනවා මේක මහ පිරිමි ගහක් කියනවා,එතකොටත් ගෙඩි හැදෙනවා.. අම්මෝ..උගුරැස්ස මගේ ආසම පළතුර ඔව්වා කෑවාම මට දවස් 2ක් විතර යනකම්ම කතා කරන්න බෑ..

    ReplyDelete
  18. මල්ලිටත් කියන්නකෝ බ්ලොග් එකක් ලියන්න කියලා ඔය කෙම් ක්‍රම ගැන.

    ReplyDelete
  19. සමහර ඒ කාලේ පාවිච්චි කරපු කෙම් ක්‍රම ඔය වගේ ඒවා අහලා තියනවා....

    අපරාදේ මල්ලි කියලා දැම්මේ කියලා හිතෙනවා නේද අය්යන්ඩ්... මම කළා කියලා දැම්මනම් ඉතින් ඔක්කොම ක්‍රෙඩිට් අය්යාටනේ,,,,

    ඔන්න 27 ගම්පලාත පැත්තේ නිසා මලයන්ඩ්වත් ඇදාගෙනම එන්න හොදේ ගේට්ටුවට

    ReplyDelete
  20. ගස් ගාවට ගිහින් කතා කළාමත් ගෙඩි හැදෙනවාලු නේද ??

    ReplyDelete
  21. මලයත් මෙඩිසින් නේ කරන්නේ.පොරට කියපං මචං ඔය සබ්ෆර්ටිලිටි ක්ලිනික් එකකට සෙට් වෙන්ඩ කියලා.ෆට්ට තියරිය ඈ........

    ඔය සද්ද බද්ද වැඩි තැංවල ගස්වල ගෙඩෛ හැදෙන එක වැඩියි කියන එකට මගේ පුංචි තියරියක් තියෙනවා.මම හිතන්නේ සත්තු එනවා අඩු හින්දා ගෙඩි ගොඩක් ඉතුරු වෙනවා කියලා.

    ReplyDelete
  22. පැවැත්ම ගැන මල්ලි කිව්ව කතාව හරි. ඕක හැම තැනකම එහෙමයි. මෙන්න තවත් උදාහරණ.
    1. කන්න බොන්න හොඳට තියන රටවල් වලට වඩා දුප්පත් රටවල ජනගහන වේගය සෑහෙන්න වැඩියි.
    2. කුකුල් පාලනයේදි කරන දෙයක් තමයි ආහාර පාලනය. වැඩිපුර බිත්තර දාන්නෙ කෑම අඩුවෙන් දුන්නම. ඇති වෙන්න කෑම දුන්නොත් බිත්තර අඩුයි.
    3. ‍භෝග වර්ග වලට අනවශ්‍ය විදියට පොහොර තිබුනොත් භෝගය සරුවට හැදෙනව‍. නමුත් අස්වැන්න අඩුයි.

    හැම වෙලාවෙදිම වැඩිපුර ඵල ලැබෙන්නෙ පැවැත්මට තර්ජනයක් එල්ලවුනාමයි.
    ගෙඩි නැති ගහකට කරන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි කම්බියක් තදින් ගස වටා එතීම.

    ReplyDelete
  23. මන් හිතුවේ නැහැ මධුරංග අයියගේ හැටියට අයියගේ මලයා ඔහොම වෙයි කියලා :D.මගෙත් ආසම කෑමක් අෆ්ෆා උගුරැස්ස.අයියේ ටිකක් එවන්න බැරිද? දැන් මෙහෙ ඕවා හොයන්නත් නැහැ :(

    ReplyDelete
  24. සමහර උගුරැස්ස ගස් වල කටු තියන්නේ අලුතෙන් එන අතු වල විතරයි. ඒවායේ නම් කිසි අවුලක් නැතුව නගින්න පුළුවන්. අපේ ගෙවල් කිට්ටුව ගස් දෙකක් තිබුන. ඒවායේ හැදුනම නම් කනවා ඇති වෙන්න.

    ReplyDelete
  25. උගුරැස්ස මතක්වෙලා කෙළත් ගිලුණා.. අපෙත් තියෙනවා ගෙඩි නැති උගුරැස්ස ගහක් මේ කෙම කරන්න ඕන.. :)
    ඉස්සර කෙම් ක්‍රම අපෙන් කොයිතරම් ඈත්වෙලාද..
    ස්තූතියි බෙදාගත්තට..!

    ReplyDelete
  26. අපූ අපේ ගෙදර ගහක් තියනව ගෙඩි පිරීලා.ඒ උනාට මම් කන්න ආස නෑ උගුරැස්ස.මල්ලිටත් කියකු බ්ලොග් එකක් ලියන්න කියල විවේක වෙලාවට.මලය තමා මලයා. හික්

    ReplyDelete
  27. කියන්ඩ තියෙන ඔක්කොම උඩ ජනතාව කියලනෙ..

    දෙහි ගහේ ගෙඩි එන්න.. නම් ගහට හොඳට අවුව වැටෙන්න ඕනා.. ඒක හින්දා ගල් හරි පොල් ලෙලි හරි එල්ලන්න ඕන ගහ පාත්වෙන්න..
    ගෙඩි නැති හුඟක් ගස් යට අලියගෙ බෙට්ටක් වැළලුවාම ගෙඩි එනවලු.. මට කිව්වෙ කරලා බලපු අයියා කෙනෙක්..

    ReplyDelete
  28. සමහර දේවල් කෙම් සාස්ත්‍රයෙන් හරියන බව මමත් දන්නවා. අත්ගුණයත් බලපානවා. මොනව ළුුනත් මල්ලිගේ අදහස් නම් නියමයි.

    ReplyDelete
  29. යකඩෝ පොර නියම ගල් ආඳේක් නේ. අයියේ පොරට නැද්ද බ්ලොග් එකක් සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වා ඔක්කොටම

    ReplyDelete
  30. අඩේ.............මයෙ ආෂම කෑමක්...........^_^

    ReplyDelete
  31. අපිත් ඕවට කියන්නේ කටුලොවි කියල.. පට්ට රසයි නේ හොඳට තලල කනකොට.. මම නම් දන්න එකම කෙම අර කටවහගෙන ගිහින් කොල අත්තක් කඩල එල්ලුවහම මෙරු එන්නෙ නැති සීන් එක තමා..

    ReplyDelete
  32. ඇයි තව එකක් තියෙන්නේ උදේ පාන්දර ගහට නැගල කුණුහරුපෙන් බනින්න..

    ReplyDelete
  33. podi kumaariye gaanunta gahanne araken thamaa. wena ekakin gahanawaanam ithin oya paththe inna otuwekuta kiyalaa balanna.

    ReplyDelete
  34. අලේ මං හරි ආස පළතුරක් තමා උගුරැස්ස කියන්නේ,ගෙදර ගහක් හිටවපු කාලෙක කෙම ක්‍රියාත්මක කරලා බලන්න ඕනේ.
    මධුරංගගේ මල්ලිත් අපේ පොඩි එකා වගේමද කොහෙද උන් අපිට වඩා හෙන දියුණුයි අප්පා

    ReplyDelete
  35. මලය මරු පොරක්නේ.. අර මරයියා කිවුවා වගේ මලයටත් බ්ලොග් එකක් අටවලා දෙන්නම වටිනවා..

    ReplyDelete
  36. මලය හෙන වැඩකරුවෙක් නේ...
    තාත්ත දන්නවද මල්ලි උගුරැස්ස ගහට කරපු කෙම??

    ReplyDelete
  37. ඕවට මාත් ආසයි.පොඩ්ඩක් කහට ගතියක් එන එක තමා අවුල

    ReplyDelete
  38. මොකෝ ඉංජිනේරු මහත්තයෝ...ලියන්නේ නැත?

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.