11 September 2012

මෙහෙමත් මිනිස්සු

මේ දවස්වල හැමදාම වගේ හවසට හවසට වහින්ඩ පටන් අරන්. වැස්ස නම් කමන් නෑ කියමු.. ඒත් කොළඹට පොඩ්ඩක් වැස්සත් පාරවල් වල යන්ඩ බැරි තරම් ට්‍රැෆික් ! ට්‍රැෆික් මදිවට පාර අයින් වල කාණුත් උතුරලා පාර පේන්නේත් නෑ...ඒ මදිවට පාරේ අයින් වෙලා ගියහම වහන හයියෙන් ගිහින් මඩ වතුරත් ඉහගෙන යනවා...

කොළඹට වහින වැස්සේ මෙලෝ ලස්සනක් නෑ...ඔහේ චිරි චිරි ගාලා වහිනවා විතරයි. මම් මගේ ජීවිතේටම ලස්සනට වහින වැස්සක් දැක්කේ හොස්ටල් එකේ ඉන්නැද්දි... හොස්ටල් එකේ මගේ කාමරේ දොර ඇරපු ගමන් පේන්නේ හන්තාන කඳු වැටිය ! තවත් පැත්තකින් ලස්සනට මල් පිපිච්ච රොබරෝසියා ගස් ! මේ සේරම එකතු වෙලා ලස්සන චිත්‍රයක් අපේ ඇස් ඉදිරියේ මැවෙනවා...

හ්ම්.... එහෙමත් කාලයක් !!!

"මචං උබ යන්නේ කීයටද ?"

ජනේලයෙන් පාර දිහා බලාගෙන කල්පනා කර කර හිටපු මම එකපාරටම යාළුවාගේ කටහඬින් ආයෙම පියවි සිහියට ආවා.

"තව ටිහිකින් යනවා බං... " මම් පාර දිහා බලාගෙනම කිව්වා.

"හරි එහෙනම් උබ ඕන වෙලාවක වරෙං... මං දැන් යනවා. !"

"හරි... එහෙනම් හෙට හම්බ වෙමු.."

යාළුවා ගියාට පස්සේ පාඩම නවත්තපු තැනින් ආයෙම පාඩම් කරන්න ගත්තා. ඕන් නම් පැය භාගයක් විතර පාඩම් කරන්ඩ ඇති. ආයෙම පරණ කම්මැලිකම ආවා. ඊට පස්සේ කොම්පීතරේ ඕෆ් වෙන්ඩ දාලා වැඩපොලේ දොරවල් ටිකත් වහලා ලයිටුත් ඕෆ් කරලා යතුර සිකියුරිටි එකට භාර දුන්නා. පාරට ඇවිත් ගෙදර යන්ඩ බස් එකක එල්ලුනා. බස් එක පැයක් විතර කොටලා කොටලා යන්තන් ආමර් වීදියට ආවා.ආමර් වීදියට එනකොට යන්තන් වැස්ස ටිකක් තුරල් වෙලා යන්තන් කුඩු පොදයක් විතරයි තිබ්බේ.මම් ආමර් වීදියෙන් බැහැලා ඊලඟ බස් එක එනකන් හිටියා.

එතකොටම,

"මල්ලි, මට පොඩි කරදරයක් වෙලා.. වාහනේ මග හිට්ටා..පෙට්‍රල් ටිකක් ගන්ඩත් ඕන. පුලුවන් නං රුපියල් දහයක් දෙන්ඩ" මා ලඟට මනුස්සයෙක් ඇවිත් කිව්වා.

මුන්දෑ අතේ සල්ලි ටිකකුත් තිබ්බා. ඌ කියපු විදිහට පොඩි ගානකුයි මදි වෙලා තිබ්බේ. කුඩයකුත් හෙවිල්ලගෙන පෙට්රල් ගන්ඩ ගෙනාවයි කියලා හිතෙන ජාතියේ ප්ලාස්ටික් මෙගා බෝතලයකුත් අරගෙන ආපු මේ මනුස්සයා දිහා ටික වෙලාවක් බලන් ඉදලා "පවු... " කියලා හිතලා රුපියල් දහයක් උන්දෑ අතේ තිබ්බා.

මූත් "තෑන්ක්ස් මල්ලි !" කියලා රුපියල් දහයත් අරගෙන ගියා.

මාත් මේ මනුස්සයාට යන්ඩ ඇරලා ටික වෙලාවක් ඒකා ගිය පාර දිහෑ බලන් හිටියා. එතකොටම මේ මනුස්සයා අර විදිහටම ඊලඟට හම්බ වෙච්ච එකාගෙනුත් සල්ලි ගන්නවා මම් ඈත ඉදන්ම දැක්කා.

"අරූ හැමදාම වගේ පෙට්‍රෝල් කතාව කිය කියා එක එකාගෙන් සල්ලි ඉල්ලනවා. මං නං සල්ලි දෙන්ඩ ගියේ නෑ !!!!" කියලා ඊට ටික වෙලාවකට පස්සේ ආපු තවත් මනුස්සයෝ දෙන්නෙක් කතා උනා ඇහුනා.

අන්තිමේදි මට හිතුනේ මෙහෙම බොරු කරන මිනිස්සු නිසා ඇත්තටම වාහනයක් මග හිටලා කරදරයක් වෙච්ච එකෙක්ට කවුරුවත් උදවු කරන එකක් නෑ කියලා. කෙනෙක්ගේ අනුකම්පාවෙන් අයුතු ප්‍රයෝජන ගන්න මිනිස්සු !!!!

42 comments:

  1. අර කැම්පස් හිටපු කාලේ වැස්සකට ගිහින් තෙමෙන්ට තියනවානම් ආසාවේ බෑ. ලස්සන චිත්‍රයක් තමා හිතේ ඇඳුනේ.

    කොළඹ වැස්සෙත් චිත්‍රේ නම් ඇඳුනා. ලස්සන නම් නෑ තමා.:)

    ReplyDelete
  2. උඹ වගේ බත් කන ගොඩේ හරක් තමයි ඕකුන්ට අහු වෙන්නේ... ඈ බන් ගන් කබරයෝ තෝ කවදාවත් වාහනේක ගිහින් නෑ නේද? යකෝ බයික් එකක්වත් රුපියල් 10ක් පෙට්‍රල් වලින් ස්ටාර්ට් වෙන්නෙ නෑ කියල දන්නෙ නැද්ද?... උඹ ගොන් වැඩ කරලා ලැජ්ජ නැතුව ඒක බ්ලොග් එකෙත් ලියනවා නේද? මී හරකා...බන්ඩා කොලඹ ආවහම ඔහොම වුනාලු..

    ReplyDelete
  3. මමත් ලස්සනටම වහිනවා දැක්කේ පේරාදෙණියේදි තමයි. සාමාන්‍යයෙන් මම වැස්සට කැමතිම නෑ. ඒත් එදා වැස්සත් එක්ක කහපාට මල් ගොඩාක් බිමට වැටුණා හරිම ලස්සනට. දැනුත් ඒක හිතේ මවාගන්න පුළුවන්.


    කෙනෙක්ගේ අනුකම්පාවෙන් මිනිස්සු අයුතු ප්‍රයෝජන ගන්න නිසා තමයි අද
    ඇත්තටම කරදරයක් වුණත් කවුරුවත් උදව් කරන්නේ නැත්තේ.

    ReplyDelete
  4. ඔයවගේ හාදයො ඕනතරම් ඉන්නව.

    ReplyDelete
  5. කොටුවෙත් බස් වලට නඟින ඔය වගේ එවුන් ඕන තරම් ඉන්නවා, දැන් නම් පුරුදු වෙලා. ඉස්සර නම් මමත් ඔය කුඩුකාරයන්ට රැවටිලා සල්ලි දෙනවා. දැන් නම් පෙනුමෙන් හිතාගත්තෑකි මොකෙක්ද කියලා!

    ReplyDelete
  6. තමන්ගේ ළමයි ගැන කියල බස් වලට නැගල සල්ලි කඩාගෙන කෙලින්ම බාර් ඒකට යන මිනිස්සුත් ඕනෙ තරම්. ඒත් ඉතින් බොරු කරලා ගන්න සල්ලි කවදාවත් යා දෙන නෑ.

    ReplyDelete
  7. ස්වයං රැකියාවක් විදිහට මරු......

    ReplyDelete
  8. මොනව කරන්නද, මිනිස්සුන්ගේ හැටි. හැමෝම එක වගේ නෑ.

    අර ඇනෝ කියපු දෙයට මට එකක් එකතු කරන්න හිතුනා,
    * රුපියල් 10 කින් පෙට්‍රල් ගන්න නම් බෑ තමා. බස් එකක ගිහින් පෙට්‍රල් ෂෙඩ් එකක් ගාවට යන්න පුලුවන්.

    මට මුලදි හිතුනේ එහෙම.
    //මොනව කරන්නද මිනිස්සුන්ගේ හැටි. හැමෝම එක වගේ නෑ// හැමෝම එක වගේ හිතන්නෙත් නෑ...........

    ReplyDelete
  9. මේකත් අර කොටියා කෑවෝ කථාව වගේ.. පිටා වල ඔය වගේ මිනිස්සු ගොඩක් ඉන්නවා.. ඇත්තටම උන් නිසා කෙළවෙන්නේ ඇත්තටම අසරණ උන මිනිහෙකුට..

    ReplyDelete
  10. අනේ අයියේ මගේ බඩ රිදීගෙන එනවා... බේත් ගන්න රුපියල් 10ක් මේල් කරහන්කෝ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. සල්ලි නැති වෙන්නේ නෑ!

    ඒ සල්ලි පොර පෙට්‍රල් ෂෙඩ් එකට නැත්තං, සිල්ලර කඩේට, නැත්තං වයින් ස්ටෝරුවට දේවි නේ.

    ආර්ථිකය රුපියල් දහයකින් ප්‍රසාරනය වුණා!

    ReplyDelete
  12. අත පය හොඳට තියාගෙන බස් එකට නගින, පාරේ ඉන්න හිඟන්නන්ට මම නම් සත පහක් දෙන්නේ නෑ. දවසක් ඔහොම මම කොටුවේ ඉන්නකොට වයසක ආච්චි කෙනෙක් බස් එකේ එන්න ඉන්න පෝලිමේ හිටියා. ළඟ ඉන්න ගෑනු කෙනෙක්ට කිව්වා, " බලන්න දුවේ මගේ අතේ තිබ්බ බෑග් එක කොල්ලෝ දෙන්නෙක් අරගෙන දිව්වා. සල්ලි පර්ස් එකයි, බෙහෙත් තුන්ඩුයි ඔක්කොම එකේ, බස් එකේ යන්න කීයක් හරි දෙනවද කියල. රැවටිච්ච ගෑනු කෙනා සල්ලි දුන්නා. ඔය විදිහටම තවත් දවසක් ඔය කියන ආච්චිම මම හිටපු පොලිමටම ඇවිත් අර විදිහටම කතාව කියල ගානක් කඩාගත්තා.

    ReplyDelete
  13. අපිව අන්ඳලා සල්ලි ගන්න එන අය නම් බොහෝමයි..ඒත් ඉතින් අපි ඇන්ඳෙන වෙලාවලුත් තියෙනවා.. පිනට දුන්නා කියලා හිත හදා ගන්නවා ඇරෙන්න මුකුත් කරන්න බෑ..

    ReplyDelete
  14. බස් වලට නගින ඔය වගේ කට්ටිය ඉස්සර අනන්ත හමුවුනා... ඒත් ගොඩක් වෙලාවට මම අතේ තියෙන සල්ලි කීය හරි දිලා හිත හදාගත්තා මූට මෙහෙම සල්ලි හම්බුනොත් එක්කෝ අහිංසක කෙල්ලෙක්ගේ කරේ තියෙන මාලෙවත් කඩන එක නතර වෙයිනේ කියලා හිතලා.....

    ලෙඩ ගැන කියලා කොල බෙදන අයට නම් මම කීයක්වත් දුන්නේ නෑ මතක ඇති කාලෙක...

    අපේ ගෙවල් පැත්තටත් ඉස්සර වහිනකොට හරිම ලස්සනයි.. දැන් නම් ඉතිං හැම තැනම ගෙවල් හැදිලා.. ඒත් කොළඹ තරම් විනාස වෙලා නෑ තාම....

    ආමර් වීදිය ගැන නම් අපෝ කතා කරලා වැඩක් නෑ වැස්ස දවසට.... ඉස්සර මරදානට එන්න කොච්චර දුක් විදිනවද... ඔෆිස් එකේ කාගෙන් හරි ලිෆ්ට් එකක් ඉල්ලගත්තොත් ගොඩ....

    ReplyDelete
  15. කොළඹ වැස්ස ගැන නම් කතා කරන්න එපා. අර කිව්වත් වගේ වහින්නා වාලේ වහින වැස්ස විතරනෙ. පේරා කැම්පස් එකේ ගෙට්ටුවකට ගිහින් තියෙනවා මම...නුවර ඉතින් කොහොමත් ලස්සන පලාතක්නෙ..

    ඔය වගේම බොරු කර කර සල්ලි ඉල්ල කොල්ලෙක් අපේ ඔෆීස් එක කිට්ටුවත් ඉන්නවා. පොරගෙ කකුලක් නෑ.කියන්නෙම බොරු කකුලක් ගන්න කියලා ..හැමදාම එක එක්කෙනාට අත පපා ඉල්ල ඉල්ල ඉන්නවා. මම ඔෆීස් එකට ඇවිත් දැන් අවුරුදු දෙකක්...ඒත් අර කකුල තාම එහෙම්මමයි...

    කෙනෙක් අත පාද්දී බොරුද ඇත්තද කිය කියා හොයනවට වඩා අත පාන කෙනෙකුට කීයක් හරි දෙන එක තමා අපේ පුරුද්ද...ඒ අපේ හැටි..එහෙමත් කෙනෙක් තමා අත පාන කෙනෙක්ට බැනලා එලවන්නේ... එහෙම සල්ලි දුන්නා කියන එක වරදක් කියලා මම දකින්නෙ නෑ.මොකද බොරුවක් කරන්නෙ කියලා අපි හොඳටම දැනගෙනනෙ සල්ලි දෙන්නේ...

    ReplyDelete
  16. ඔය ජරා කේස් එකනම් මටත් වුනා... තව ඉන්නවා බස් වල යන්න ටිකට් ගන්න සල්ලි නැතුව....

    ReplyDelete
  17. උදව්ව්වක් කියල හිතල ඔහොම කාට හරි සාලි දීල අන්තිමට ඒ මිනිහ කලේ බොරුවක් කියල දැනෙනකොට තරහ තමයි.ඒත් දුන්නට පස්සේ ඒ ගැන හිතන්න යෑමෙන් වෙන්නේ අපේ ඇඟේ ලේ පිච්චෙන 1 විතරයි!මමනම් ඔහොම ඉල්ලගෙන උන්ට දෙන්නේ නෑ!ඒත් ගොඩක් වෙලාවට අතපාන මිනිස්සුන්ට කීයක් හරි දෙනවා!:)

    ReplyDelete
  18. ඇනෝ සහ අමා

    කියවන එක හරියට නොකියවා අභූත චෝදනා නැගීම වැරදියි.
    //මුන්දෑ අතේ සල්ලි ටිකකුත් තිබ්බා. ඌ කියපු විදිහට පොඩි ගානකුයි මදි වෙලා තිබ්බේ.//
    මේ ටික දැක්කේ නැද්ද?

    හරියට යමක් කියවගන්ඩ බැරි "ගන් කබර" ඇනෝ, "ලැජ්ජ නැතුව" එනවා බ්ලොග් වල කමෙන්ට් දාන්ඩ.

    ReplyDelete
  19. ඕක දැන් කාලේ වෙන ජරම වැඩක්

    ReplyDelete
  20. හ්ම්ම්...මෙහෙමත් මිනිස්සු

    ReplyDelete
  21. කොහොමද අර ඔස්ට්‍රේලියාවෙ ඉන්න ගොන් ඉන්ජිනේරුවගෙ ආර්ථික විශ්ලේෂණය... බන්දුල පරාදයි... අපරාදෙ මූව බලෙන් හරි මෙහෙ තියාගෙන පාර්ලිමේන්තුවට යවන්නයි තිබ්බෙ..

    ReplyDelete
  22. දානයක් දුන්නම ආයෙ ඒක ගැන හොයලා තැවෙන්ඩ එපා.අපරාදේ කෙලෙස් එකතු කරගන්නවනේ.ඔන්න නොදන්න බණකුත් කිව්වා ඈ..

    ReplyDelete
  23. හිත හොඳින් කරපු දානයක් කියලා හිතන්න.. දානයක් දෙද්දී ඒක දෙන්නේ කාටද කියලා හිතන්න එපා..
    දැන් වෙලා ඉවරයිනේ.. අනිත් දවසේ දෙද්දී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න

    ReplyDelete
  24. @ පොත් ගුල්ලා...
    මගේ අතේ සල්ලි නැතුව කාඩ් එකෙන් ගන්න තැනක් නැති වෙලා, කරන්නම දෙයක් නැති වෙච්ච වෙලාවක මම කරේ කාරෙකට පෙට්‍රල් 3000ක ගහලා මැනේජර්ට ඇත්ත සීන් එක කියලා මගේ අයි ඩි එක ඌට දීල ගෙදර ඇවිත් පහුවදා සල්ලි ගිහින් දීපු එකයි..
    රැවටෙන එක මෝඩයාගෙ ගතියක්... සල්ලි වලට වෙනදෙය ගැන සැකනම් කරන්න තියෙන්නෙ සල්ලි නොදී ඉන්න එක...
    වාහනයකට පෙට්‍රල් ගහන්න රුපියල් 10ගානෙ එකතු කරන්නෙ හොරෙක් කියලා නොතේරෙන්න උඹ වගේ පොත් ගුල්ලෙක්ම වෙන්න ඕනි...

    ReplyDelete
  25. ගිය සෙනසුරාදා,

    පොඩි එකේ ඇවිත් කන්න නැහැ කියල සල්ලි ඉල්ලුවා. මම 10ක් දුන්නා. මූ ඊට පස්සෙ අහපි තව නැද්ද කියලා. මට මල පැන්න. බලනකොට පොර කලෙක්ෂන් දානවලු එහෙම කියල. අනික් ෆුට් බයික් එකේ ආවේ..

    :)

    ReplyDelete

  26. ඔය වගේ මිනිස්සු අනන්තයි මධුරංග. මට නම් ඇත්තටම තරහ යනව. ඒත් මම දවසක් මේ වගේ හොර මිනිස්සු ගැන දාපු බ්ලොග් පෝස්ට් එකකට ගොඩක් අය කිවුවෙ දෙන චේතනාව හොඳ නම් කමක් නෑ දුන්නට කියලනෙ. ඒ නිසා මමත් ඒකම අද කියන්නම්.

    ReplyDelete
  27. අනේ....මයේ කැම්පස් එක.ඒ වැස්සට තෙමුනත් සැපයි!

    ReplyDelete
  28. To 1st Anonymous

    ඔයා මධුරංග ලිවුව එක හරියට කියවල නෑ. එයා කියල තියෙන්නෙ රු 10න් පෙට්‍රල් ගහන්න පුළුවන් කියල නෙමේ.
    "මුන්දෑ අතේ සල්ලි ටිකකුත් තිබ්බා. ඌ කියපු විදිහට පොඩි ගානකුයි මදි වෙලා තිබ්බේ" කියල.

    ReplyDelete
  29. ඕවගේ සිද්ධි ගැන කතා කර වැඩක් නැත.:/

    ReplyDelete
  30. මිනිස්සුන්ගේ හැටි ඔහොම තමයි ඉතින්..

    ReplyDelete
  31. පේරා වැස්ස ගැන ලස්සනට හිතේ ඇඳුනා... ඒ කාලේ ආයේ එන්නේ නෑ නේද?

    හැබැයි කොළඹත් ලස්සනට වැහි වැටෙන තැන තියෙනවා මල්ලි. මම ඉස්කෝලෙදි දැක්ක වැස්ස තමා මට මතක හිටින ලස්සනම වැස්ස. අපේ ඉස්කෝලේ බෝ ගහක් තියෙනවා ලොකු. ඕ ලෙවල් කරද්දී අපේ පන්තිය තිබුනේ බෝ ගහ ළඟම...වහින කොට බෝ කොළ අස්සෙන් එන හිරිකඩේ තෙමෙන්න අපි පොර කනවා! තව ගොඩක් සුන්දර මතක තියෙනවා වැස්ස ගැන ඒ කාලේ..

    සමහර විට අපේ ජීවිතේ ලස්සන කාලවලදී අත්විඳින්න වෙන හැම දෙයක්ම ලස්සනට පේනවා ඇති...

    ReplyDelete
  32. මොකද බන් මේකෙ එතනම රිප්ලයි කරන්න බැරි?

    මම නම් උන්දැලාට අහුවෙන්නේ නෑ බන්.. මම නම් ගොඩක් වෙලාවට උන්ව ගණන් ගන්නේ නෑ.. නැත්නම් මෙහෙම අහනවා 'ඔයා ගිය සතියෙත් ආවා නේද?'.. එහෙම ඇහුවාම හොරෙක් නම් ඌ වාෂ්ප වෙනවා හොයාගන්න බැරිවෙන්න..

    මට සිද්ධියක් මතක් වුනා දවසක් මම කොහෙද යනකොට හිඟාකන සෙට් එකක් අතරින්ම යන්න වුනා... 'අනේ මහත්තයො' කිය කිය ඉල්ලනවා.. හි..හි.. මගෙ අතේ රුපියලක්වත් තිබුනේ නෑ.. බලන් යනකොට මම උන්ටත් වඩා හිඟන්නෙක්...

    හැබැයි උඹ ටිකක් කල්පනා කරන්න ඕනා.. වාහනයක් තියෙන එකෙක් පෙට්‍රල් නැතිවුනා කියලා ඔය වගේ හිඟාකකා යයිද? කීයටවත් වෙන්නේ නෑනෙ බන්.. සල්ලි නැත්නම් එක්කො ඌ කෝල් කරලා කාටහරි සල්ලි අරන් එන්න කියයි.. නැත්නම් ශෙඩ් එකත් එක්ක ගණුදෙණු බේරාගනී.. දහය දහය හිඟන්නෙ නෑ කීයටවත්..

    ReplyDelete
  33. පේරාදෙණිය සරසවියේ වසන්තය වගේම වස්සානයත් හරිම සුන්දරයි..ඇත්තට එහෙම කාලයක්..දැන්නම් හීනයක් වගේ..

    සල්ලි ඉල්ලගෙන යන අය ගැන මටත් ගොඩක් අත්දැකීම් තියනවා ඒත් කොච්චර රැවටුනත් ඇත්තටම රැවටෙන්නෙ සල්ලි දුන්න අපි නෙවි..ඒක ගැන නම් මට සුවර්..

    ගියසතියෙ දවසක එක සීයා කෙනෙක් මට ඇවිත් කියනවා දුවේ මම කුරුවිට ඉඳන් ආවේ ආපහු යන්න ඕන උදේ ඉදන් කාලා නෑ..කෑම එකක් අරන් දෙන්න පුළුවන්ද කියලා..
    ළඟ තිබුනු හෝටලේකට ගිහින් එයාලට සල්ලි දීලා සීයට කෑම කන්න කියලා මම ආවා..ඒ එක වෙලාවක් ඇත්තටම බඩගින්නෙ ඉන්න මනුස්සයෙකුට පිහිට වෙන්න පුළුවන් වුනු..

    ReplyDelete
  34. මමත් කැමතිම දෙයක් තමයි වැස්ස.ලස්සනට ලියලා තියනවා. ඔය ආමර් වීදිය පැත්තෙ ඉන්න ටිකට් විකුණන අයයි,ලෝකේ නැති කතන්දර කියලා සල්ලි ඉල්ල ගන්න හදන අයයි මටත් සෑහෙන්න මුණ ගැහිලා තියනවා.ඔය වගේ අය නිසා වෙන්නේ ඇත්තටම කරදරයක වැටුණු කෙනෙක්ටවත් උදව් කරන්න හිතෙන්නෙ නැති එක.

    ReplyDelete
  35. @ඇනෝ...ඔයා කටමැත දොඩවලා.. මධුරංග අයියා ගමෙන් නගරෙට ආව..ඒක නිසා ඌ ගොඩේ ද?
    "උඹ වගේ බත් කන ගොඩේ හරක් තමයි ඕකුන්ට අහු වෙන්නේ"
    කතාවනම් හොදයි ඒත්... මධුරංග අයියා දැනගත්ත එයා අහුවුණා කියල. උබ කොළබනම් , උබ තාම දන්නෑ උබ නොදැන කී දෙනෙකුට අහුවෙලාද කියල.. මධුරංග ගෙයි උබගෙයි ගොඩේකම පේන්නෙ එතැනින් ඇනෝ. උබ පරාදයි බං.ලැජ්ජයි ඇනෝ....

    @මධුරංග.. ලස්සන සිද්ධියක් අයියා..මුලු ලංකාවෙම අය කොළබ ඉන්නවනේ...ඒ අතරෙ ඔය වගේ කොන්ද පණ නැති උනුත් ඉන්නව. දවසක් මම ගාලු එනකොට කොලුලුපිටිය හරියෙන් බස් එකට නැග්ග පොරක් කියනව (හොදට ඇදල සග එහෙම දාල හිටියෙ)" මම airport එකේ වැඩ කරන්නෙ.. මට දරුවෙක් ඉන්නව.සාස්තරේකට කිව්ව දරුවට අපලයි.උබ හිගා කාපන් කාල ඒ සල්ලි වලින් දානයක් දීපන් කියල". he heee.... අනේ ඉතින් මූ හිගා කනව.. කවුද ඉතින් දන්නෙ !! අර උඩ ඇනෝ වගේ එකෙක්ද කියල

    ReplyDelete
  36. මේකට වාහනයක් තියෙනවා නම් පාරට බහින්න කලින් දැනගන්න එපායැ පෙට්‍රල් නෑ කියලා. මේවගේ කාක්කෝ ඕනෙ තරම් පිටකොටුවෙදි හමුවෙනවා.

    කිසිම උදව්වක් කරන්න නරකයි.

    ReplyDelete
  37. @ රූ....,

    අපි ට්‍රිප් එකක් ගිය වෙලාවකත් ගෑණු කෙනෙක් එතනට ආවා.. එයාගෙ දරුවො දෙන්නටයි එයාටයි කන්න නෑලු.. දරුවන්ට දවල්ට කන්න ගෙනියන්න බත් ගන්න සල්ලි ඉල්ලනවා.. අපි උයපු ඒවලින් බත් පාර්සල් තුනක් ගැටගහලා දෙන්න ගියාම ගෑණි කියනවා ගෙදර යද්දි හවස් වෙනවලු.. ඒක හින්දා සල්ලි දෙන්නලු..

    අර මනුස්සයා අතට සල්ලි නොදී කඩේට දුන්න එක හොඳයි... ඒත් කියන්න බෑ මිනිහා පුරුද්දට වේල හොයාගන්න ක්‍රයක් වෙන්නත් පුලුවන්...

    ReplyDelete
  38. ඔය වගේ අය අනන්තවත්. බොරුකාරයො වැඩි වෙන තරමට ඇත්තටම අසරන මනුස්සයෙකුටවත් සල්ලි දෙන්න හිතෙන්නෙ නෑ.

    ReplyDelete
  39. රුපියල් දහයක් හින්දා අවුලක් නැහැ ලොකු ගානක් කඩාගත්තා නම් තමයි අවුල.

    ReplyDelete
  40. හිඟන්නෝ දැන් හරිම ක්‍රියේටිව් නේද? හිඟා කන්න නවතම ක්‍රම සහ උපක්‍රම පාවිච්චි කරන්නේ. මම නම් ඉතින් ඔය පේරාදෙණිය කැම්පස් ඒක මානෙම නේ ඉන්නේ.:)

    ලස්සනම වැස්ස තමයි මල් වැස්ස. බර වතුර බින්දු වේගෙන් ඇවිත් පොලවේ හැපිලා මලක් වගේ විසිරෙන ඒ වැස්සට පොඩ් මල් එහෙම කඩාගෙන වැටෙනවා.. මල් එක්ක වහින වැස්සක් වගේ ටිකක් දුරට. ඕක බලන්න පුළුවන් මෙඩිකල් ෆැකල්ටිය ළඟ රොබරෝසියා ගස් ටික ළඟ වගේම පේරාදෙණියේ මල්වත්තේ කෙළවර තියන රොබරෝසියා ගස් කිට්ටුවත්..

    ReplyDelete
  41. මාර හිගන්නො දැන් බලන් ගියාම... කාලෙකින් බ්ලොග් එකට ලොග් වුනේ...මගෙ පාස්වර්ඩ් වැරදියි කිය කිය තිබුණ...ආයෙත් දිගටම එනව මධුරංග..මග ඇරිච්චත් බලනව හොදද...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.