24 July 2012

බටර් ගෑම

බටර් යනු මේදය සහිත ආහාරයකි. මාජරින් යනු බටර් හා පෙනුමෙන් සමාන තවත් ආහාරයකි. බටර් වල මාජරීන් වලට වඩා මේද අම්ල වැඩිපුර ප්‍රමාණයක් ඇත. තවද බටර් වලට වඩා මාජරීන් වල ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් ප්‍රතිශතය ද වැඩි ය.

 සියළුම කරුණු සලකා බලන කල මාජරීන් වලට වඩා බටර් ගුණදායක වේ. එසේ උවත් ලංකාවේ ජනගහනයෙන් වැඩිපුර කොටසක් ආහරයට ගන්නේ බටර් නොව මාජරීන් ය.එහෙත් බටර් ද සුලභවම භාවිතා කරනු දක්නට ලැබේ. එසේ භාවිතා කරනුගේ කෑම සදහා නොව ගෑම සදහා ය.

බටර් ගෑම සියල්ලන්ටම එක හා සමානවම සිදු කල නොහැක්කකි. ඒ සදහා මනා පුහුණුවක් හා පල පුරුද්දක් අවශ්‍ය වේ. තවද එම පුහුණුව ලක් වැසියන්ට සහජයෙන් උරුම වේ.  මේ නිසා ඔවුන් ඉදිරියේ ඇති එකම අභියෝගය වන්නේ තම සහජ කුසලතාව වැඩිදියුණු කර ගැනීම පමණෙකි.

තවද කෙනෙක් ලවා කර ගත යුතු කාර්යය අනුව ගෑ යුතු අවම බටර් ප්‍රමාණය වෙනස් වේ. කාර්යයේ බරපතලකම හා කාර්යය නිම කිරීමට වැය වන කාලය හා ශ්‍රමය වැඩි නම් ගෑ යුතු බටර් ප්‍රමාණය ද වැඩිය. කාර්යය සුළු එකක් නම් කුඩා බටර් ප්‍රමාණයකින් වැඩේ කරවා ගත හැකිය... 

නමුත් කුඩා බටර් ප්‍රමාණයක් භාවිතා කර ලොකු කාර්යයක් ඉටු කරගන්නට දක්ෂතාව ඇති අයවළුන්ද අතරින් පතර දැකිය හැකි වන අතර වැඩිමනත් දක්නට ඇත්තේ නොසෑහෙන්න බටර් උලන ජනතාව වේ. මෙවැනි නොසෑහෙන්න බටර් තවරා රාජකාරි කර ගන්නා අයවළුන්ව ඉතාම පහසුවෙන් හඳුන ගත හැකි ය.

අවසන් වශයෙන් කිවයුත්තේ යමෙක් ඔබේ ලඟට පැමිණ හෝ දුරකතනයෙන් නොසෑහෙන්න බටර් තවරන්න උත්සහ කරන්නේ හෝ බටර් තවරන්නේ නම්, ඔහු හෝ ඇය ඔබෙන් යම් රාජකාරියක් ඉටු කර ගැනීම සදහා පැමිණි අයෙක් බව සිහි තබා ගන්න....

58 comments:

  1. ඇස්ට්‍රා කියන්නෙ බටර් ජාතියක් නේද?... අපි නම් කන්නෙ ඒවා... ;)

    ReplyDelete
  2. අනේ සුදු මධුරංග මල්ලි..මේ මේ ඔයා ගොඩක් දක්ෂ නිසා මට පොඩි උදව්වක් කරන්න පුළුවන්ද?..:D

    ReplyDelete
  3. මේ පෝස්ට් එක ලියල තියෙන්නෙත් බටර් මෙතඩ් එකෙන් වගේ...!
    :D :D :D

    ReplyDelete
  4. @සාතන් :
    ඇස්ට්‍රා කියන්නේ මාජරීන් ජාතියක් අයියා. ලේබල් එක බලන්ඩ !!! :)

    ReplyDelete
  5. අනේ මට බෑ නේ හරියට බටර් ටිකක් ගා ගන්න

    ReplyDelete
  6. මං කල්පනා කලේ කාටද බටර්පාරක් ගාන්නෙ කියල.

    ReplyDelete
  7. හායි මදුරංග අයියේ,ඔයා හලි හොඳයි අලේ.. ;)

    ReplyDelete
  8. ආනේ... සුටිටන් බට්ටිච්චා... මං හිතන් හිටියෙ බටර් කියලනෙ අයියො... ;)

    ReplyDelete
  9. අනේ හොඳ ලස්සන සුදු කොල්ලා වගේ කියාපන්කො මේක අග මුල..

    ReplyDelete
  10. මම අද නිවුස් බලද්දි දැක්කා නාමල් බේබි රටටම බටර් ගානවා.එයැයිගේ පියරජ උන්නාන්සේ Z කෙළවෙච්චි උන්ට සාධාරණයක් කොරයි කියලා.අනේ උන්දැගේ උපාධිය ගන්ඩ කොළා වගේ උදව්වක් කරන්ඩ පුළුවන්නං හොඳයි නේ අර අසරණ ළමයින්ට.

    මධුරංග සහෝදරයා ස්ත්‍රී පරාණයක මායම් දැක දැපනේ වැටී පසුව ඒ මායම් දමා ඇත්තේ තමාගෙන් බැලමෙහෙ ගැනීමට බව වැටහීම නිසා සන්තාපයෙන් මුසපත්වැ ලියා දන්වන වගයි!!!!

    ReplyDelete
  11. ඔහොම යං... ඔහොම යං....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  12. දැන් ට්‍රෙන්ඩ් එක බටර් ගාන එක වගේ :D

    ReplyDelete
  13. බටර් ගාගෙන වරෙන්... :ඩී

    ReplyDelete
  14. හි හි..හ්ම්ම් හ්ම්ම්..:)

    ReplyDelete
  15. මේ කතාව ඇතුලෙ නම් මොකක් හරි අභ්‍යන්තරයක් තියෙනව...

    ReplyDelete
  16. මධුරංග අයියට මොකෝ මේ එකපාර බටර් මතක් උනේ... :)

    ReplyDelete
  17. එන්ට නම් විදියක් නෑ. ෆෝන් නම්බරේ හොයාගන්ට විදියක් නැද්ද දන්නේ නෑ. :D:D:D

    ReplyDelete
  18. වැඩියම වෙන්නේ දෙන්නට දෙන්න සමෝසමේ ගාගන්න එක.. දේශපාලනේ බැලුවොත්.. කස්ටියක් සමෝසමේ මඩ ගාගන්නවා අනිත් අය බටර් ගා ගන්නවා. මේ දවස්වල සමහර පැතිවල ඉන්න චන්ද දායකයින්ගේ අධෝමුකයේත් බටර් ගෑවෙනවා. ඊට පස්සේ ඉතින්....

    ReplyDelete
  19. බටර් නේද......හ්ම්..

    ReplyDelete
  20. මමත් ගාලා තියෙනවද කොහෙද

    ReplyDelete
  21. කවුරු හරි උඹව වැහෙනකම් බටර් ගෑවද? :-D

    ReplyDelete
  22. හිකිස්!! අත්දැකීම් ගොඩාරියක් ඇත.. ඒ නිසා වෙන කිසිවක් නොපවසමි!!!

    ReplyDelete
  23. මධුරංග කාගෙන් හරි හොඳවැයින් බටර් පීප්පෙකින් නාලා තියෙනවා වගේ.

    ReplyDelete
  24. හික් !! බටර්....... මල්ලිට කවුරු හරි ස්ත්‍රී පරාණයක් බටර් ගෑව නේද මෑතකදි.

    ReplyDelete
  25. කේන්දර කොපියක් සමග විමසන්න..මේදවස් වල ලියන දේවල් දැක්කම මගුලක් කරලා දෙන්නම වෙනවා

    ReplyDelete
  26. අපිටත් ඉන්නවා බටර් ගාන එව්වෝ නම්

    ReplyDelete
  27. ගැනු ළමයින්ට තමයි ඔය වැඩේ හොදටම පුළුවන්..

    ReplyDelete
  28. අහහ් බටර් කතාවක්නේ අයියගේ...(හේ..හේ..)

    ReplyDelete
  29. බටර් ගානවා වගේ අපිට ...

    ReplyDelete
  30. කාගෙන්ද ඔයාගෙ ඇගේ බටර් ගෑවුනේ????

    ReplyDelete
  31. බටර් නෙවෙයි පොල්තෙල් හරි ගාලා වැඩේ කරගන්න අය ඉන්නේ දැන් නම්

    ReplyDelete
  32. ඇත්තමයි මට නම් ඔය බටර් ගෑම කරන්නම බැහැනෙ..මම ලඟකදි අපේ පොඩි අය්යට කිව්ව ''මේ අයියෙ මට පොඩි වැඩක් කරල දෙන්න ඕනෙ..'' අයිය ඇහුව එකපාරටම ''ඇයි මම ඔහෙගෙ වැඩ කාරයද?'' හ්ම්ම්..පස්සෙ මේක අම්මට පැමිණිලි කලාම එයා කිව්වෙ..''කෙනෙකුට යාප්පුවෙන් කතා කරල වැඩක් කරව ගන්න ඔයා ඉගෙන ගන්න..'' ඈ..?? එතකොට යාප්පුව කියන්නෙ බටර්ද? :(:(

    ReplyDelete
  33. ඔවා ඉතින් හැමදාම ගානවනේ අයියේ.. හී හී
    වැඩි වුනත් ලෙඩේ අඩු වුනත් ලෙඩේ

    ReplyDelete
  34. අහ් අනේ තරහ නැතුව මේ බටර් ටික උලා ගන්නවද????? කොරගන්ඩ ඕනා වැඩේ මං පස්සේ කියඤ්ඤං!!!

    ReplyDelete
  35. @රූ.... :
    ඔය තියෙන්නේ බටර් කමෙන්ට් එකක් !!
    අපේ මාර්කටින් ටීම් එකේ අයත් බටර් ගාන්ඩ දන්නෙම නැති අය.. හික්ස් :)

    @චතුරංග කසුන් :
    බටර් මෙතඩ් එකෙන්ම තමා. පොඩ්ඩයි නේ ලියලා තියෙන්නේ

    ReplyDelete
  36. @සයුරි :
    අයියෝ.. ඔහොම බෑ. බටර් ගාන්ඩ පුරුදු වෙන්ඩ ඕනා. හික්ස් :)

    @රාජ් :
    හ්ම්ම්ම්.. ඒක තමා.
    කාටද බටර් ගාන්නේ... ??

    @Pramudi :
    අයියා ?? බලාගෙන ගියහම මට ඉන්නෙම නංගිලා මල්ලිලා තොගයක් නේ.. :)
    ඔයත් බටර් ගාන්ඩ දන්නෙම නෑ එහෙනම්. :)

    ReplyDelete
  37. @සාතන් :
    විලි ලැජ්ජාවේ පන ගියා ! බටර් නෙමේ ඔවුවා මාජරීන් !!

    @හරී :
    කියන්නෙම නෑ... :)
    උබත් හරි යන්නේ මාර්කටින් වලටම තමා :)

    @දිනුක :
    ඔය කිව්වේ ඔය කිව්වේ. කෙල්ලෙක් ගැන නොලිව්වත් කෙල්ලෙක්ව ඇදබානවා නෙහ්.. :)
    හරියට හරි මල්ලි රටේ රජා ගේ ඉදන් පහලට ඉන්න ඔක්කොම මහජනතාවට බටර් ගාන එක නේ වැඩේ.

    ReplyDelete
  38. දැන් ඔයැයිට කවුද ලගදිම බටර් ගෑවේ බටර් වල අම්මා මුත්තා මතක් වෙන්නම.......හා කියමු බලන්න..ගෑනු පරානයක් බටර් ගාලා ගාලා, දතක් දෙකක් ගැලෙව්වා නේ ...???

    ReplyDelete
  39. @dilu (දිලූ*) :
    සාදරයෙන් පිලිගනිමි දිලු !!!

    @අඩවි රජ :
    කොහේ යන්නද හදාගත්ත පැල දාලා :)

    @Hasitha :
    ඒක ඉතින් ඒ කාලේ ට්‍රෙන්ඩ් එක නෙව..
    තාමත් ඔය බටර් ගෑවිලි නම් තියෙනවා :)

    ReplyDelete
  40. @sAm (සෑම්) :
    හික්ස්... :)
    අම්මාපල්ල මූත් කියන කතා නෙව

    @හිරුහිමාවී :
    මොකෝ හ්ම් හ්ම් ගාන්නේ ? :)

    @සපතේරු උන්නැහේ :
    අපෝ නැත. හිතුනා ලිව්වා. මුකුත්ම වෙන දෙයක් නැත. :)

    ReplyDelete
  41. @Dinesh :
    ඔය ඉන්න ගමන් එක එක සීන් මතක් වෙනවාමලේ. ඉතින් ලියනවා ඒවා

    @Podi Kumarihami :
    ද නම්බ් යූ ඩයල්ඩ් ඉස් ඉන්කරෙක්ට් !!
    ප්ලීස් චෙක් යෝ නම්බර්.. :)
    (කඩ්ඩ හරිද මන්දා)

    @සරත් ලංකාප්‍රිය :
    ඉතින් ඊට පස්සේ ස්පයිඩර් නෑනුයි සුපර්මෑනුයි හොරු ටික අල්ල ගත්තා..

    @තරුවා :
    බටර් තමා... හ්ම් :)

    ReplyDelete
  42. @අවතාර් :
    ඔය කියන්නේ ඔය කියන්නේ

    @ම :
    නෑ නෑ තාම නෑ. ගාන්න කලින් තමා පෝස්ට් කලේ

    @රස්තියාදුකාරයාගේ දිනපොත :
    මුකුත් කියන්නේ නැත්තේ හොදටම අත්දැකීම් තියෙන නිසා වෙන්ටෑ. හික්ස් :)
    අපෝ බටර් ගෑවිල්ල නම්...

    ReplyDelete
  43. @පිණිබිඳු... :
    තාම නෑ තාම නෑ.
    නාගන්ඩ කලින් තමා පෝස්ට් කලේ. :)

    @nawammawatha :
    අම්මාපල්ල.... මම මක්ක ලීවත් මේ උන්දෑ මට චීත්තයක් පටලවනවා නෙහ්.. :)

    @රත්ගමයා :
    අම්බෝ එහෙනම් ආයෙම මෙව්වා ලියන්නේ නෑ. සත්තයි !!!

    ReplyDelete
  44. @මඩිස්සලේ නිශාන් :
    ඒකනේ මල්ලි. පොඩ්ඩක් පරිස්සමින් ඉදින් මලේ ! :)

    @චමී4යූ~chami4u :
    ඔය කියන්නේ අත්දැකීමෙන්ම. :)

    @සිතුවිලි දැහැන :
    බටර් කතාවක් නේන්නම් නංගි :)

    ReplyDelete
  45. @රොබින් :
    අපෝ බටර් ගාන්නේ නෑ මම්...

    @නිසුපා :
    නිකමට හිතුන සිතුවිල්ලක් අක්කේ. :)

    @ළහිරු හිමේෂ් :
    අනිවා... අනිවා...
    මිනිස්සු ඒ තරමටම කට්ටයි :)

    ReplyDelete
  46. @වින්චැට් කිරිල්ලි. :
    ඔය ප්‍රශ්නෙට උත්තර නම් දන්නේ නෑ. නමුත් මම් මෙතුවක් කල් හිතන් උන්නේ ගෑල්ලමයින්ට තරම් බටර් ගාන්ඩ පුලුවන් ජාතියක් වෙන නෑ ය කියලා. බැලින්නම් මේ ගෑල්ලමයින්ටත් බෑ නෙව. :)

    @....ජනියා.... :
    ඒක නම් හරි මල්ලි.

    @Maneka :
    කමක් නැද්ද මනේ... :)
    මනෙකගේ කමෙන්ට් එක තමා කමෙන්ට් එක !!! :)

    ReplyDelete
  47. @අසනි :
    අපෝ නෑ අසනි.
    මේ නිකමට හිතුන සිතුවිල්ලක්. අම්බෝ ඔයැයිව දැක්ක කල්. කොහෙද අප්පේ මෙච්චර කල් ගිහින් උන්නේ.. බ්ලොග් එකත් පාළුවට ගිහින් නෙව :)

    ReplyDelete
  48. තව පිරිසක් ඉන්නව බටර් වගේ ලිස්සල යන කට්ටියක්.

    ReplyDelete
  49. මමත් ආවා බටර් ටිකක් ගාලා යන්න .....

    මාමේ උයාගේ පලෝ කරන අය 400ක් වෙලා.
    සුභ පැතුම් හදවතින්ම.......

    ReplyDelete
  50. බටර් හදන්නෙ එළකිරි වලින් නිසා ඒවායෙ ගාන වැඩියි... මාගරින් හදන්න කිරි කොහොමවත් පාවිච්චි කරන්නෙ නෑ... එළවලු තෙල් තමයි ප්‍ර‍ධාන සංඝටකය ඒ නිසා ගාන අඩුයි...

    ඕනාවට වඩා වර්ණනාව හෙවත් බටර් ගෑම උදව්වක් ඉල්ලීමේ මුල්ම අදියර බව මගේ හැගීමයි...
    වෙලාවක කාමරේට ඇවිල්ලා අපිවත් බැහැ දැකලා යන්න එන්න...

    ReplyDelete
  51. මරු විස්තරයක් ඉදිරිපත් කරලනෙ...

    ReplyDelete
  52. මොකක් හරි අවුලක් වෙලා වාගෙ. නැත්නම් මොකද එකපාරටම බටර් මතක් වුණේ..

    ReplyDelete
  53. @අසරණයා :
    එහෙම පිරිසකුත් ඉන්නවා නේන්නම්... :)

    @බට්ටි :
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි බට්ටි දූ...
    දූත් ලෑස්ති වෙන්නේ බටර් ගාන්ඩ ද :)

    @සිරාගේ කාමරේ :
    බැහැදකින්න ලින්කුවක් නෑ නෙව. කමෙන්ට් එකේ ලින්ක් එක දිගේ එන්ඩ කිහිප විටක්ම උත්සහ කලා. ඒත් හරි යන්නේ නෑ. බ්ලොග් එකේ ලින්ක් එක නෑ නෙව.. :)

    පුලුවං නම් පහලින් කමෙන්ට් කරන්ඩ. :)

    ReplyDelete
  54. @ඉන්ද්‍රජිත් :
    ස්තුතියි... :)

    @දයානන්ද රත්නායක :
    නෑ නෑ අයියා. බටර් ගාන කෙනෙක්ව හම්බ උනා. ඒකයි :)

    ReplyDelete
  55. @ සිරා.. මමත් කලින් කිව්වේ ඕකමයි. කමෙන්ට් ඒකෙ ලින්ක් එකක් නෑ නේ. :) ඒ දේ හදාගන්න මොකද අපි ගොඩක් දෙනා අලුත් අයගේ සයිට් වලට යන්නේ කමෙන්ට් දිගේ.

    මධුරංග මලයා ලිස්සලා වැටිලා වගේ?? :D

    ReplyDelete
  56. මාගරින් ගැවොත්ද බටර් ගැවොත්ද මදුරංග අය්යාගෙන් වැඩක් කර ගන්න පුළුවන්...? :P

    ReplyDelete
  57. මම් නම් බටර් කන්න වැඩිය ආස නෑ.බටර් ගාල වැඩක් කරගන්න නම් දන්නව.:)

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.