19 March 2012

කාලෙකට පස්සේ

දිග නිවාඩුවකට පස්සේ මොනාහරි කොටලා දාන්න කියලා බ්ලොග් එකට ගොඩ වැදුනා. පහුගිය දවස් ටිකේ මගේ උපාධි උත්සවය තිබ්බ හන්දා මේ පැත්තේ එන්ඩ උනේ නෑ. මම් හද හදා හිටපු සොෆ්ට්වෙයාර් කෑල්ලේ වැඩ ටික ඉවර වෙච්ච හන්දා මේ ටිකේ වැඩ නම් අඩුයි.

අද හවස්වරුවම කලේ අන්තර්ජාලේ තියෙන සිංහල අඩවි ටික කියව කියව හිටිය එක !

ඔර්ලෝසුවේ පොඩි කට්ට පහ ගාවටයි ලොකු කට්ට දොලහා ගාවට ආව හැටියෙම වැඩපොලෙන් පැනලා 176ක එල්ලුනා ගෙදර යන්ඩ කියලා. නාවල කැම්පස් එක හරියට එනකොට වාඩි වෙන්ඩ සීට් එකකුත් ලැබුනා. මාත් වාඩි උනා. මට එහා පැත්තේ හිටිය කොල්ලා හෙන මලක් කඩනවා !!!

කොල්ලා මල කඩන්නේ කඩ්ඩෙන් ! කඩ්ඩෙන් කිව්වට අහුලගත්ත කඩ්ඩෙන් ! මමත් කම්මැලිකමෙන් යන එකේ ඒකාගේ කතාව කන්දීගෙන ආවා. මූ කඩ්ඩෙන් කෙටුවට මොකෝ මූගේ කඩ්ඩේ සෑහෙන අඩුපාඩු තිබ්බා.

මගෙත් කඩ්ඩ එච්චර හොද නෑ. අපි පස් දෙනා කියලා කඩ්ඩෙන් කියන්ඩ ගිහින් both five of us කියලා ඇනගත්ත ජාතියේ කඩ්ඩක් තියෙන්නේ.

කොහොමින් කොහොමහරි මූ සෑහෙන කඩු පාරවල් දාලා මල් කැඩුවා.එහා පැත්තෙන් කෝල් එකට ආන්සර් කරපු කෙල්ල "අපි සිංහලෙන් කතා කරමු !" කියලා කිව්වත් මූ අහන්නේ නෑ.දිගට හරහට කඩ්ඩෙන් කොටනවා. අන්තිමේදි ඒ කෙල්ල කෝල් එක කට් කරලා නා ගන්න ගියා.

මූ ටාර් ගාලා ඊලඟ නම්බර් එක ඩයල් කලා.ටික වෙලාවක් එකිත් එක්කත් මල් කඩලා කෙල්ලව ෂේප් කරල කෝල් එක කට් කලා !

බොරැල්ල කිට්ටු වෙනකොට මූ ඊලඟ කෙල්ලට කෝල් එකක් ගත්තා.කතාවෙන් තේරුනේ ඒ කෙල්ල නම් ගමක හැදිච්ච එකියක් වගේ. ඒ කෙල්ලත් එක්ක මරදාන කිට්ටු වෙනකන් කතා කර කර ආවා. මූ බහින තැන කිට්ටු උනා මිසක්කා කෝල් වලින් ඉවරයක් උනේ නෑ.

බහින්න හදනකොට මූ මගේ මූන දිහා බැලුවා. මාත් පොඩි හිනාවක් දාලා "එල ! එල !" කියලා කිව්වා.ආයේ ඉතින් වෙන මොනා කියන්නද !

ඒ කෙල්ලෝ තුන්දෙනා ගැන පොඩි දුකකුත් හිතේ තියාගෙනම ආමර් වීදියෙන් බැහැ ගත්තා.

කෙල්ලෝ ගොඩක් එක්ක යාළු වෙච්ච කොල්ලට පොරක් කියලා කියන්නවත් කොල්ලෝ ගොඩක් එක්ක යාළු වෙච්ච කෙල්ලට බඩුවක් කියලා කියන්නවත් මගේ හිත් දුන්නේ නෑ.

25 comments:

  1. අර කෙල්ල නාන්න ගිය එක කෝමෙයි අයියා දන්නේ?අනුන්ගේ කතාවලට ඇහුම්කන් දෙන එක හොද නැහැ නේද? :/.උපාධිය හම්බුනාට ජයවේවා ඈ.මගේ උණුසුම් සුබ පැතුම්.

    ReplyDelete
  2. අප්පට සිරි මිනිහා මරු බුවෙක් නේ... ඔය වගේ එකෙක්ට කොහොමද පොර කියන්නේ..එහෙම කියන්න බෑ..

    ReplyDelete
  3. බොට මොකටද අනුන්ගෙ සීනි.. තමුන්ගෙ වැඩක් බලාගෙන ඔහෙ හිටු...

    ReplyDelete
  4. ඒ කෙල්ලො කතාක්‍රපුවත් උඹට ඇහුනද... ගලා යන දියෙන් දෝතක් ගත්තට ඔයවගේ කෙල්ලො අමාරුවේ දාන්නෙනං අමු සක්කිලියො..

    ReplyDelete
  5. ආදරේ ඉදිරියේ අපි බුද්ධියට ඉඩ දෙන්නැතුව හදවතට නෙ ඉඩදෙන්නෙ..

    ReplyDelete
  6. ඒ කෙල්ල කියපුවත් ඇහුනනම් අයියා හෙනම ඇන්ටනා එකක් දාගෙන ඇවිත් තියෙන්නේ.. ආදරයේදි රැවටීම මමත් අනුමත කරන්නේ නෑ..

    ReplyDelete
  7. ඔන්න කට්ටිය 176 බස් වල යනකොට බලාගෙනයි, කෝල් එකක් ගන්නව නම් අහල පහළ මධුරංග මල්ලි ඉන්නවද බලන්න. හැබැයි ඉතින් මෙයා දැං මේ බණ කිව්වට ඒ වෙලාවෙ ඒ කොල්ලට කියල තියෙන්නෙ වැඩේ හොඳයි කියලනෙ, එළ එළකියලද, පල පල කියලද කිව්වෙ හැබෑට?

    ReplyDelete
  8. පොඩි කාලේ මගෙන් වෙලාව ඇහුවම මම වෙලාව කියන හැටි මතක් උනා...පොඩි කට්ට පහේ ලොකු කට්ට දොළහේ..හි හි

    උපාධියට සුබ පැතුම් හොඳේ. ආ මේ ඔයා "එල එල" කිව්වම එයා හිතන්න ඇති ඌ පොර කියලා

    ReplyDelete
  9. එක සැරේ කිහිප දෙනෙක්ට ආදරේ කරන්නේ වලත්තයෙක් මිසක් හොඳ එකෙක් නෙවෙයි.මාසෙකට එක ගානේ කරනවානම් එකේ වෙනත් සිද්දියක්.හැබැයි ඌ වලත්තයක් නොවෙයි කියල කියන්නේ නැහැ.

    ReplyDelete
  10. ඒකත් එහෙනම් රකුසෙක්...අනේ ඇත්තට මම නම් හිතන්නෙ ඔය වගේ වැඩ කරන්නෙ එක්තරා මානසික ලෙඩක් ඇති අය..ඔය අයව හොයල නොමිලේ ප්‍රතිකාර කරන්න ඕනෙ.....පව් අහිංසක කෙල්ලො..........

    ReplyDelete
  11. මොකක්ද සොෆ්ට්වෙයා එක ඇන්ටෙනා සොෆ්ට් ද..මාර ඇන්ටනාපාරක්නේ දාලා තියෙන්නේ....

    ReplyDelete
  12. චූටි ඊරිසියාවක් වගේ එකකුත් පෙනේ.

    ඉංග්‍රීසියෙන් කඩන්නේ ඇපල්, camellia, azaleas, bluebell, silver bell, Geranium වගේ මල්. සිංහලෙන් ඉතින් වතුසුද්ද, අරලිය, සේපාලික වගේ මල් කඩනවා ඇති.:D

    ReplyDelete
  13. ඒව නං මහ බලු වැඩ...
    කොට්ටෝරුවා කෙහෙල් ගහට කොටපු දාට තමයි උගෙ හොට පැටලෙන්නෙ....

    ReplyDelete
  14. සුබ පැතුම් මල්ලියේ ඔබට , ඔබේ අධ්‍යාපනයේ ජය ඉමට ...

    ReplyDelete
  15. ඔය කියන විදියට අරූ නාලා තියන නෑමට අනිවා කෙල්ලෝ 3දෙනාට හෙම්බිරිස්සව හැදිල නවතින්නේ

    ReplyDelete
  16. මුලින්ම ජිවිතේ ලබපු ජයග්‍රහණයට සුබ පැතුම් .
    දැන් ඔය කොලුවා කෙල්ලෝ තුන් දෙනාටම ආදරෙයි කියල කොහොමද දන්නේ . නිකන් යාළුවො වෙන්න බැරිද . ඉංගිරිසියෙන් මල් කඩන්න ඇත්තේ කතාව පුරුදු වෙන්න වෙන්න ඕනේ . හැබැයි කොට්ටෝරුවෙක් නම් කවද හරි කෙහෙල් ගහක් හම්බ වෙච්ච දාට ඉවරයි . ඔය අනුන්ගේ මල් කේස් වැඩක් නැහැ . දැන් ඉතින් මලය හොඳ මලක් නෙලා ගන්න කල් හරි වගේ නේද

    ReplyDelete
  17. සුභ පැතුම් මලේ... දැන් ඉතිං මධුරංග B.Sc Eng (Hons) නොවැ නේද??

    ඔය වගේ සීන් එකක් මටත් වුනා.වටේ පිටේ ඔක්කොටම ඇහෙන්නනෙ කතා කරන්නෙ.මටනම් තද වුනා.ඇයි වදේ නිදියන්නත් නෑ. කතාව බ්ලොගේම ලියලා දාන්න ඕනෙ.

    ReplyDelete
  18. ෆෝන් එකේ ස්පීකර් එකත් ඔන් කරගෙනද ඌ මල් කැඩුවේ.

    Congratulations ඩිග්‍රියට මධුරංග

    ReplyDelete
  19. හික්ස්ස්... මේක කියෙවාම මට හිතුනෙ අයියා ඇන්ටනාව දාගෙන ඇවිත් තියෙන හැටි කොහොමද කියලා.. හික්ස්ස්.. මරු...

    ඔහොම උන් පොරවල් වෙන්නෙ කොහොමද, මල සමයන්..

    ReplyDelete
  20. උපාධියට සුභ පැතුම්!

    අනුන්ගෙ කතා අහන එක හොඳ නෑ ;)

    බින්ඩි කියල තියෙනව වගේ ඉංග්‍රීසි කතාව නම් පුරුදු වෙන්නද දන්නෙ නෑ.... සාතනුත් රෝහිණී එක්ක කාලයක් කතා කලේම ඉංග්‍රීසියෙන් (හැබැයි ගෙදරදි විතරයි)...

    මල් කේස් එක ගැන නම් කියන්නෙ චාටර් කොල්ලෙක්ට ලව් කරන කෙල්ලත් වැරදියි... චාටර් කෙල්ලෙක්ට ලව් කරන කොල්ලත් වැරදී...

    ඉක්මනට බඩුවක් දාගනින් :)

    ReplyDelete
  21. කපීකේකිMarch 20, 2012 at 10:15 AM

    මේ බස් එකක යනව නම් පාඩුවෙ යන්න පුරුදු වෙන්න.ඒ කොල්ල මොනව කරගත්තත් ඔයාට මොකද.ඔහොම උන් අනන්තවත් ඉන්නව. මාර ඇන්ටනාවක්නේ අෆ්ෆෝ...:)

    ReplyDelete
  22. දැන් ඉතින් අනුන් මල් කඩනව බලන් හිටියා මදෑ.

    ReplyDelete
  23. AH thoda ara ainata wela hitapu mugalan basssa..yako kollek wage hadiyan anunnge pu..wal hoyanne natiwa...lajja weyan uba ganama..lankaawata okai kelawenna main reason ekak ubala wage eun 10 k town ekakatama ati..

    ReplyDelete
  24. ඔය ඉන්නෙ නියම පඩ ශෝ කාරයො.........

    ReplyDelete
  25. මමත් ගියානෙ පේරා වලේ නාට්‍යයක් බලන්න.අන්න එතකොට දැක්කා ඔයාලට උපාධි දෙන්න ඔක්කොම ලෑස්ති කරනවා.සුභ පැතුම් හොඳේ!!!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.