04 March 2012

සිටු කුමාරිය - 1 කොටස

ඔන්න එකෝමත් එක රටක එකෝමත් එක නුවරක ලස්සන සිටු කුමාරියක් හිටියා. මේ සිටු කුමාරිය, තමන්ගේ වයසක අම්මවයි අප්පච්චිවයි බලාකියා ගෙන ගේ දොර වැඩ කටයුතුත් කරගෙන ජීවත් උනා.

ඔන්න ඔහොම ජීවත් වෙනකොට දවසක් මේ සිටු කුමාරි සඳළු තලයේ අවට සිරි නරඹ නරඹ ඉන්නැද්දි පාරේ එහා කොනේ ඉදලා මුව මස් විකුණන මනුස්සයෙක් එනවලු. ඉතින් මේ කුමාරියට මේ මස් වැද්දා එක්ක යාළු වෙන්ඩ ආලවන්ත හිතක් පහල උනාලු.

ඉතින් මේ සිටු කුමාරි තමන්ගේ සේවිකාවට කිව්වා ඒ මස් වැද්දා මස් විකුනගෙන ආයෙමත් ඒ පාරෙන් එනකොට සිටු මැදුරට ගොඩ වෙලා යන්න එන්න කියන්න කියලා.

ගොඩක් වෙලාවට මේ මස් වැද්දා මස් ටික විකුනගෙන මේ පාරෙන්ම ආයේ යන්න එනවලු. මස් ටික විකුණගන්න බැරි වෙච්ච දාට විතරක් එහා පාරෙන් යනවලු.

ඉතින් මේ සේවිකාව, තමන්ගේ සිටු දියණිය කියපු විදිහට මස් වැද්දා මස් ටික විකුන ගෙන ඒ පාරෙන් එනකන් බලාගෙන ඉන්නවලු. ඉන්නවලු ඉන්නවලු ඉන්නවලු. ඒත් මස් වැද්දා ආවේ නෑ ලු.

සේවිකාව දුවගෙන ඇවිත් සිටු කුමාරියට කිව්වලු මස් වැද්දා මස් ටික විකුනගෙන එහා පාරෙන් ගියාද දන්නේ නෑ කියලා. ඉතින් මේ කුමාරිත් මස් වැද්දා එයා පාරෙන් යන්ඩ ඇති කියලා හිතලා එහා පාරට වෙලා මඟ රැකගෙන හිටියලු මස් වැද්දා එනකන්.

ඔන්න මේ මස් වැද්දා මස් ටිකත් විකුනගෙන ඒ පාරෙන් ආවලු. කුමාරිත් මස් වැද්දා පිටිපස්සෙන් දුවගෙන එනවලු !!!!

මස් වැද්දා පස්සෙන් ගියපු කුමාරියට මොකද උනේ කියලා දැනගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ඊලඟ කොටස ලියනකන් ඉන්ඩ වෙනවා.
---------------------------------------------------------------------
ප.ලි. - කතාව දන්න කෙනෙක් ඉන්නවා නම් මම් ඊලඟ කොටස ලියනකන් සද්ද නොකර ඉන්ඩ හොඳේ !

44 comments:

  1. ඉතුරු ටික කෝ ඉක්මනට ලියන්න බලන්න අපිට.

    ReplyDelete
  2. මස් වද්දා කුමාරිටත් මස් විකුනන්න හදන්න ඇති ෂුවර් එකටම..

    ReplyDelete
  3. අවුරුදු ගණන් ගන්නේ නැතුව ඉක්මනට ලිව්වා නම් හොදා

    සබැදියක් දෙන්ඩෝ.....
    http://sinhalaya-lokayata.blogspot.com/

    ReplyDelete
  4. සිටු කුමරියත් අන්තිමට මෙගාවක් වේද දන්නෙනෑ..:P ඉක්මනට ඉතුරු ටිකත් දන්ඩෝ........:D

    ReplyDelete
  5. අහල තියෙනවා වගේ මතකයි... ඒත් දැන් මතක නැතෝ... ඊළඟ කොටස දානකල්ම ඉන්නම්... :(

    ReplyDelete
  6. සිටු කුමාරියො "ගේ දොර වැඩ කටයුතුත් කරගෙන ජීවත් උනා" එහෙමත් ඉන්නවද...?

    ReplyDelete
  7. උඹත් පටන්ගත්තද කෑලි කඩන්න?...

    ReplyDelete
  8. මට නිකන් අහලා තියෙනවා තියෙනවා වගේ මතකයක් තියෙනවා..සද්ද නොකර ඉන්නම්කෝ ඊළග කෑල්ළ දානකම්.. :D

    ReplyDelete
  9. මෙහෙම කථා භාග එහෙම මීට පස්සෙ දානව එහෙම නෙවෙයි ගොයියො !!!ඇයි වදේ කවද වෙනකම් බලන් ඉන්න කියලද අපි,

    ReplyDelete
  10. ඊට පස්සෙ මස් වැද්දයි කුමාරියි සිටු මැදුරට ගිහින් සතුටින් ජීවත් උනාලු.

    ReplyDelete
  11. හපොයි.. බලමුකෝ වෙන දේ...

    ReplyDelete
  12. අනේ මේ සිටුකුමාරිලටත් මස් වැද්දො පස්සෙ යනව මිසක් වෙන වැඩක් නැති හැටි....

    ReplyDelete
  13. සිටු කුමාරියවත් මස් කලාද දන්නේ නෑ වැද්දා...

    ReplyDelete
  14. පස්සෙන් දුවපු කුමාරිය පස්සෙ මස් කොක්කෙ එල්ලිලා හිටියලු. [ඊළඟ කොටස]

    ReplyDelete
  15. මස් වැද්දා කුමාරිව අරන් ගිහින් මස් කලාද දන්නෙ නැහැ අප්පා......

    ReplyDelete
  16. මුව මස් කාපු කාලයක් මතක නෑ බං..

    ReplyDelete
  17. මෙගා නාට්‍යක කෑල්ලක් වගේ...
    හරිම ටිකයි ලියලා තියෙන්නේ..:(

    ReplyDelete
  18. මං මේක අහලා තියෙනවෝ...... ජාතක කතාවක්නෙ...

    ReplyDelete
  19. ඊට පස්සෙ මස් වැද්දයි සිටු කුමාරියි සතුටින් ජීවත් වුනාලු........

    ReplyDelete
  20. මස් වැද්දෙක් උනත් ගෑණියෙක්ට අහු උනොත් ආයෙ උගෙ අවසානෙ තමයි බං.

    ReplyDelete
  21. දාන්නකො ඉක්මනට ඉතුරු ටිකත්...

    ReplyDelete
  22. මස් වැද්ද සිටු කුමරියවත් මස් කලාද දන්නෙ නෑ....අනේ පව් කුමරිය.....
    වැද්දෝ ගැලපෙන් නෑනෙ සිටු කුමරියට.....සිටු කුමරිය ලොකු කරදරේක වැටෙයි වගේ....

    ReplyDelete
  23. මං හිතුවෙම මේ මධුරංග මලයා ලියන්න ගත්ත සින්තටික් කතාවක් වෙන්න ඇති කියල. මගේ බලාපොරොත්තු සිං සිං ගාල සුං වුණා නේ මේක දැකල. මොකද භාග කඩලා?

    ReplyDelete
  24. ඉතිං ඊට පස්සෙ..........

    ReplyDelete
  25. සිටු කුමාරිට මොකද උනේ, මස් වැද්දා මස් වික්කද??? අපි බලමු මේ විරාමයෙන් පස්සෙ!!!!!!!!

    ReplyDelete
  26. අයියෝ මෙයාට දෙන්න හිතෙනවා හොම්බට හැටක්

    ReplyDelete
  27. @හරී

    මුව මස්??? වගේද කිබුල් මස්? :P

    ReplyDelete
  28. කෝ දැන් ඉතිරිය තාම ලීවේ නැද්ද

    ReplyDelete
  29. මල්ලි හෙට නිවාඩුවක් දාලා ඉක්මනට මේක ලියපං....

    ReplyDelete
  30. මන්නං මේ ස්ටෝරිය දන්නවා .. කමන්නෑ උඹ අතින් පයින් දාලා කතාව කියන හැටිත් මම අහං ඉන්නම්කෝ ..

    එල

    ReplyDelete
  31. මට ෂුවර් කට්ටිය දැන් උඹව මස් කරනව බොල..

    ඉක්මනට දාපිය. !

    ReplyDelete
  32. සිටු කුමාරි මස් වැද්දව මස් කොරයිද?? දාමුකෝ ඊලගත් මොකක් වෙයිදැ බලන්න

    ReplyDelete
  33. ආ... දැන් නෙ පලවෙනි කොටස කියෙව්වෙ.. කෝ ඊළඟ එකෙන්ම බලමුකෝ.. මතක නෑ ඉතිරි ටික..

    ReplyDelete
  34. @න දී :
    ඔන්න ලිව්වා. දැන් ඉතින් කියවන්ඩ තියෙන්නේ :)

    @සයුරි :
    ඊලඟ කොටසත් බලලම ඉන්න කෝ. :)

    @මඩිස්සලේ නිශාන් :
    හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට ! පොඩ්ඩක් ඉවසලා හිටින් මලේ.

    ReplyDelete
  35. @හිරු :
    කොටස් දෙකකට වඩා කතා නම් ලියලම නෑ. ඊලඟ කොටසින් ඉවරයි !

    @Shani :
    හිටින් හිටින් ඊලඟ කොටසින් මතක් කරලා දෙන්නම් :)

    @තාරා :
    දැන් නැති උනාට ඉස්සර නම් ඉන්න ඇති. හික්ස් :)
    ඔයාටත් තියෙන ප්‍රශ්න ! :)

    ReplyDelete
  36. @සාතන් :
    කියවන්ඩ ලේසි නිසයි කෑලි කැඩුවේ :)

    @ChammA :
    අන්න හරි !
    හොඳ පුතා ! සද්ද නොකර ඉන්න. :)

    @හරී - පිණිපළස :
    කට්ටියට කියවන්ඩ ලේසි වෙන්න කතාව කඩලා ලියලා මම් අහගත්තු කතා ටිකක් ! ආයේ නම් කතාව කඩන්නේ නෑ. :)

    ReplyDelete
  37. @කිරිපුතා :
    සිටු මැදුරට ආයේ ආවේ නෑ ලු. :)

    @ප්‍රාර්ථනා :
    හිටින් හිටින් ! ඉතුරු ටික ලියනකන් :)

    @සපතේරු උන්නැහේ :
    අනේද කියන්නේ !
    අම්බෝ සපත්තු අයියා සෑහෙන කාලෙකට පස්සේ දැක්කේ.

    ReplyDelete
  38. @Dinesh :
    අපෝ එච්චර වස මස් වැද්දෙක් නෙමෙයි ඒකා !

    @Observer :
    අපි නම් ඔවුවට කියන්නේ පොල් ලෙලි ගහනවා කියල. හික්ස් :)
    මේ මාමා නම්....

    @වින්චැට්කිරිල්ලි. :
    එච්චර දුක් වෙන්න දෙයක් නෑ දරුවෝ. එහෙම කලේ නෑ.

    ReplyDelete
  39. @හරී :
    මේකාට දොළදුකද මන්දා. මසක් මාළුවක් මතක් කරන්ඩ බෑ නෙව :)
    මුවෝ පවු බං !

    @රූ.... :
    මෙගා ලිවීම මගේ ඩික්ෂනරියේ නෑ නෙව.

    @හිතහොඳ පිස්සා :
    හරියට හරි !

    ReplyDelete
  40. @නිසුපා :
    ෂ්ෂ් ෂ්....... සද්ද කරන්ඩ එපා. තව කෑල්ලක් තියෙනවා ලියන්න.

    @නවම් :
    කටට පහේ කාසියක් ඔබන්ඩ හිතෙනවා කියපු කතාවට !

    @~~තරූගේ ලෝකය~~; :
    ඔන්න ලිව්වා ඉතුරු ටික !

    ReplyDelete
  41. @Damith Sriyantha :
    ඔය ප්‍රශ්න සේරෝටම උත්තර ඊලඟ කොටසින් බලාපොරොත්තු වන්න.

    @ක්සැන්ඩර් | Xander :
    නෑ මේක ජාතක කතාවක් !
    මගේ ලඟ නෑනේ සින්තටික් කතා. හික්ස් :)

    @සොඳුරු මිනිසා :
    පොඩ්ඩක් හිටින් !

    ReplyDelete
  42. @දිනුක :
    විරාමය අවසානයි ! නැවතත් කතාවට එමු

    @වර්ණා :
    එකක් දෙකක් නම් කමක් නෑ.... අම්බෝ හැටක් !

    @මඩිස්සලේ නිශාන් :
    හික්ස් :)
    ඒක නේන්නම්.

    ReplyDelete
  43. @සුදු හංසි :
    ලිව්වා.... ලිව්වා.... බලන්නකෝ

    @prasanna86k :
    අයියා කියනවනම් නොකර බෑනේ. හික්ස් :)

    @හිස් අහස :
    ටැංකූ මලේ !

    ReplyDelete
  44. @sAm (සෑම්) :
    මස් කරන්න කලින් ලියලා දැම්මා ඕං !

    @ගැමියාගේ පත් ඉරුව :
    සිටු කුමාරි ? මස් වැද්දව ? මස් කරන්න ? අම්බෝ ! මේකි යකාගේ කුමාරියක් නේ.

    @හිතුවක්කාරි :
    ඔන්න ඊලඟ එකත් ලිව්වා. කියවන්න තියෙන්නේ. :)

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.