12 February 2012

මොස්කිටෝ බැට්

මේ දවස්වල ලංකාවේ ප්‍රධාන පාරක ගියොත් බැඩ්මින්ටන් පිති අරගත්තු මිනිස්සු දකින්න හම්බ වෙනවා. ඒවා බැඩ්මින්ටන් පිති වගේ පෙනුනට ඒවට කියන්නේ මොස්කිටෝ බැට් (mosquito bat) කියලා ලූ. මදුරුවෝ ඉන්න තැනකට ගිහින් ඒ පිත්ත වැනුවම මදුරුවෝ ඒකට අහු වෙනවලු.
තෝරගන්න මාදිලි රැසකින්ම

දවසක් වැඩ ඇරිලා ගෙදෙට්ට ගොඩ වෙච්ච හැටියෙම අපේ අප්පච්චිගේ අතේ ඔය බැට් එකක් තියෙනවා දැක්කා.

"අද මාත් නාරාහේන්පිට පැත්තේ ඔයවගේ බැට් විකුණන මනුස්සයෙක් දැක්කා !!!" කියලා පිත්තේ කම්බි දැල තියෙන පැත්ත ඇල්ලුවා !!!

අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු. "චටස් " ගාලා කරන්ට් පාරක් වැදුනා. ඒ බැට් එකෙන් මදුරුවෝ මැරෙන්නේ උඩ තියෙන කම්බි දැලට එන කරන්ට් එකෙන්.ඒ කරන්ට් එක දෙන්නේ පිත්තේ තියෙන බැටරියෙන් !

මේ කරන්ට් පාර කොච්චර සැරද කියලා කියනවා නම් මගේ ඇඟිලි වල කම්බි දැල අහුවෙච්ච අහුවෙච්ච තැන් ටිකේ දිය පොක්කලම් (දිය පට්ට) ආවා. අපේ අප්පච්චි ඒ වෙලාවෙමලු බැටරිය චාර්ජ් කරගෙන ආවේ. අපේ අතට ඔහොම සැර නම් මදුරුවන්ට කොහොම ඇත්ද !

මදුරුවෙක් දැලට අහු උනොත් ඒකා මැරෙනකොටත් "චටස් " ගාලා සද්දයක් එනවා. එතකොට දැනගන්ඩ පුලුවන් මදුරුවෙක් අහු උනාය කියලා. මේ බැටරිය, කරන්ට් එකට ගහලා චාර්ජ් කරන්න පුලුවන් ජාතියේ එකක් !

මේ ටිකේ අපේ අප්පච්චියි මලයගෙයි වැඩේම ඔය පිත්ත වන වනා ඉන්න එක ! අපේ මලයා නම් මං නිදාගෙන ඉන්නකොටත් ඇඟට උඩින් ඔය පිත්ත අල්ලනවා. මූ කොහාට්ට අල්ලයිද කියලා බයේ බෑ !!!
-----------------------------------------------------
ප.ලි. -ලඟ ලඟම එන ආදරවන්තයින්ගේ දිනයට තම තමන්ගේ ආදරවන්තයාට දෙන්න තෑග්ගක් තීරණය කරලා නැත්නම් මෙන්න දිය යුතුම තෑග්ග !!!

(තමන්ගේ ගෑල්ලමයා මදුරු ගෑනු සතෙක් වගේ කුනු කුනු ගානකොට 'චටස් ! චටස් !' ගාලා පිත්තෙක් දෙකක් දෙන්න බැරුව යෑ !)

44 comments:

  1. මමත් දැකලා තියෙනවා ඒත් මෙ‍හෙම කරන්ට් තියෙනවා කියලා ඇහුවේ දැන් හි හි මම හිතුවේ අර පිඟානක තෙල් ගාලා අල්ලනවා වගේ කේස් එකක් ඇත්තේ කියලා....

    ReplyDelete
  2. කලින් මධුවා මීයෝ මැරුව මට මතකයි.. දැන් කරන්ට් අල්ලන්න ලැස්තිය..

    මගේ වැලන්ටයින් කතාව හෙට රාත්තිරියේ.. :)

    ReplyDelete
  3. ඕක නියමයි
    එකම අවුල ගොඩක් කල් පාවිච්චි කරන්න බැරි එක
    බැට්‍රිය හරි ඉක්මනට සවුත්තු වෙනවා

    ReplyDelete
  4. මල්ලි මේක බලන්න...

    http://www.freetheflash.com/games/mosquito.php

    ReplyDelete
  5. මාත් මීගමු පාරේ ඕවා තියන් ඉන්න මිනිස්සුන්ව දැකලා තියෙනවා.ඒත් අදයි දන්නේ ඔහොම සීන් එකක් කියලා.මාත් හිතන් හිටියේ බැඩ්මින්ටන් කියලා :D

    ReplyDelete
  6. ඉබේ වැනෙන එකක් වගේ තිබ්බානම් මරු! නැත්තම් ඕක වන වනා ඉන්න එපැයි! චීන්නුන්ගේ වැඩක් මම හිතන්නේ!

    ReplyDelete
  7. ඔන්න මල්ලි මමත් හුඟ කාලෙකින් මේ පැත්තේ ආව. මදුරු බැට් එක ගැන නොදන්නා අය ඉන්නවා කියල අහන්නත් පුදුමයි. ඔය පාර තොටේ හැමතැනම තියෙන දෙයක් නේ. මම නං තාම ඕක පාවිච්චි කරල නැහැ. කොහොම උනත් චිටිස් චිටිස් සද්දෙන් කරන්ට් වැදිලා මදුරුවන්ව රෝස් වෙනකොට මධුරංග මල්ලිට දුකක් හිතෙන්නේ නැද්ද ?

    ReplyDelete
  8. මදුරාවා නම් සාටර් සතා තමා ඒ උනාට ඔහොම මරණ එක නම් පව්..

    ReplyDelete
  9. අයියා 138 ඔවා ඔන තරම් තිනවා....

    ReplyDelete
  10. පලි කෑල්ලෙන් නම් කියවෙන්නෙ ඔටුවෙකුගේ සැබෑ ඉරිසියාව..
    බලමු බලමු මධුරංග මල්ලිට වැලන්ටයින් එන්නෙ කවද්ද කියලා..

    ReplyDelete
  11. පොල්තෙල් ඩිංගිත්තක් පිඟානක ගාලා වැනුවනම් ඒත් හරි...

    @නිකමා :උන් ගාව ශටල්කොක් තිබ්බෙ නැද්ද? :P

    ReplyDelete
  12. ඕවා වැලන්ටයින් එකට දෙන එක බයානකයි අයියේ......

    ReplyDelete
  13. මේක ඇවිත් දැන් අවුරුදු 4ක් විතර

    ReplyDelete
  14. විදින මුදුරුවා මැරුවට නම් කමක්නෑ කියමුකෝ..
    ඒත අහක යන උන්ට වැනුවාම උනුත් මැරෙනවා.
    එතකොට නම් ටිකක් පවු වගේ.

    ReplyDelete
  15. අයිටත් ඕවා ටික ඇරන් වැලන්ටයින් දවසට ගේ ඉස්සරහා තියන්....
    කෑගැහිල්ල නවත්තන්න මෙන්න බඩු.... මෙන්න බඩු කිය කිය... විකුණන්න.... :)

    ReplyDelete
  16. මම හිතුවේ නෑ ඒකෙ කරන්ට් එක ඇති කියල...මං හිතුවේ ගම් වර්ගයක් ගාලා ඇති කියලා..

    ReplyDelete
  17. ඉස්සර තැටියකට පොල්තෙල් ටිකක් ගාල කරපු වැඩේනෙ ඉතිං නේද?...

    ReplyDelete
  18. ඔය සාතන් ළමයා කියලා තියෙන්නේ හැබෑව. එකම කොරමේ.තාක්‍ෂණය වෙනස්.

    ReplyDelete
  19. මාත් දැක්ක ඕක මීට අවුරුදු 4 කට කලින් ලංකාවෙ,හැබැයි මම දැක්ක එක එයාල පාවිච්චි කලේ මැස්සො අල්ලන්න....මම නම් ආස නැහැ අර ඒකට සත්තු අහු වෙනකොට එන සද්දෙට..අනික පිච්චෙන ගඳකුත් එනවා..ඊඊක්ක්ක්.

    ReplyDelete
  20. වෙලාවට ලංකාවෙ නොහිටපු නිසා ඔය බැට් දකින්නෙ නැහැ....

    ReplyDelete
  21. අනේ දෙයියනේ, මෙයා ගැණු ළමයට තෑගි දෙන්න හිතාගෙන ඉන්නෙ මෙයින් එකක්ද?

    ReplyDelete
  22. අපේ තාත්තත් අන්න ගෙනත් තිබ්බා

    ReplyDelete
  23. වැඩේ පවුකාරයි තමා.. ඒත් ඒක හරිම ප්‍රයෝජනවත් ඩෙංගු එහෙම බහුල මේ කාලෙ... අපේ ගෙදරත් ඕක තියෙනවා.. මදුරුවො විතරක් නෙවෙයි, මැස්සො එහෙමත් හිටිගමන් අහුවෙනවා.. අම්මෝ උන් පිච්චෙනකොට එන ගද !

    ReplyDelete
  24. පව් අෆ්ෆා...මදුරුවෝ......

    ReplyDelete
  25. //(තමන්ගේ ගෑල්ලමයා මදුරු ගෑනු සතෙක් වගේ කුනු කුනු ගානකොට 'චටස් ! චටස් !' ගාලා පිත්තෙක් දෙකක් දෙන්න බැරුව යෑ !)//

    මේ වචන පේලීයේ ආනුභාවයෙන් බොට කෙල්ලෙක්නං බැල්ම දාන්නෙ නෑ මේ කපේට. හා බලහංකො බොරුද කියල. අත්වැ‍රැද්ද වහගන්න ඕනෙනං පළතුරුවට්ටියක් මල් මාලයක් එහෙම ලෑස්තිකරං මට කියනු ය !


    ප.ලි : ඇයි මලේ ඔය ගැජමැටික් එක විකුනන අය නටනටා නෙ පාර අයිනෙ ඉන්නෙ.

    ReplyDelete
  26. හිකිස්ස්... මරු තෑග්ග...හැබැයි භයානකයි..අර දිනේෂ් අයියා කිව්වා වගේ.. මොකද ඕකෙන් අහිතකර ප්‍රතීඵල ලැබෙන්න පුළූවන්..;)
    අත්දැකීම් ඇති ඈයෝන්ගෙන් උපදෙස් ලැබුනේ..;)

    ReplyDelete
  27. ඔයිට වඩා ලොකු ඒවා හෝටල් වල තියල තියනව මම් දැකල තියනව.අර ටියුබ්ලයිට් එකක් වගේ පත්තු වෙන්නෙ,සුදු පාට ලයිට් එකකුත් තියනව ඒකේ.

    ReplyDelete
  28. නියම තෑග්ග. මාත් ගන්න ඕන එකක් නෝනට දෙන්න ;-)

    ReplyDelete
  29. දැන් කෙල්ලො ඕව වැලන්ටයින් එකට දීල මධුරංග අයියට තමා කොල්ලොන්ගෙන් ගුටි කන වෙන්නෙ....15 කොහේ හරි හැංඟිලා ඉන්න....:D

    ReplyDelete
  30. අපේ පාරෙ එක ගෙදරකත් තිබ්බ මම දැක්ක... ඒ ගෙදර චූටි බබාට මදුරුවෝ කන්න එනකොට එළවන්න ගෙනත් තියෙන්නේ. හැබැයි දැන් ටිකක් කල්....

    ReplyDelete
  31. ඕක මචන් තදින් ඇල්ලුවාම කරන්ට් එක වදින්නෙ නෑ.මට මතකයි ස්කෝලෙ යන කාලෙ ඒක කරල බැලුවා.අපි ඔය ලාවට ඇල්ලුවාම තමා වදින්නෙ.

    ReplyDelete
  32. මාත් 2-3ක්ම ගත්තා හරි ඉක්මනට සවුත්තු වෙනවා.. දැන් නම් මදුරු දඟර තමයි..

    ReplyDelete
  33. හපෝ.. ඕකට අහු වුනාම මදුරුවෝ චිටි චිටි ගාලා පුපුරනවා.. පව් වෑඩේ..

    ReplyDelete
  34. ඕක ටිකක් පරණ ගැජට් එකක්. මට මතකයි දැනට අවුරුදු 3 කට විතර කලින් MC එක හරියේ ඕව තිබ්බා විකුනන්න. කට්ටිය අතේ තියාගන කෑගැහුවේ මොස්කිටෝ පටාස් කියා කියා.

    ReplyDelete
  35. අපේ ගෙදරත් ඕකක් තිබුනා :)
    දඩ දඩ කියලා බිත්ති වලටම ගහලා එක කැඩුනා..
    ඇයි මදුරුවෝ බිත්තියේ වැහුවම තමයි ගහන්නේ ඒකෙන දඩාස් ගාලා

    ReplyDelete
  36. හ්ම්...අපේ පැත්තෙ වැඩිය මදුරුවො නෑ, ඒ හින්දද කොහෙද ඕක විකුනන්නෙ මැස්සො මරණ රැකට් එකක් කියල.

    ReplyDelete
  37. කජු ලෙලි ටිකක් අඟුරු කබලක දාලා තිබ්බා නම් හතර මායිමේ එකක් මදුරුවෙක් එන්නේ නෑ .. ඔන්න කෙල්ලොන්ට දෙනවානම් තෑගි කෙලින්ම කජි ලෙලි ටිකක් දුන්නා නම් වැඩේ හරි

    ReplyDelete
  38. වියලි පොල්ලෙලි ගිනිතියන ගමන පරණ රබර් සෙරප්පු කැල්ලක් ඒ ගිනිගොඩට දැම්මොත් දවස් 4 මදුරෝවෙක් තියා වවුලේක්වත් එන්නේ නැහැ.

    ReplyDelete
  39. මට අපි හිටපු ගංගොඩවිල වනාතපාරේ බෝඩිම මතක් උනා ඒක අතක් වනුවාම මදුරුවෝ හය හත් දෙනෙක් අහුවෙනවා. ඒ කාලේ බැටුත් නෑ කොයිලුත් නෑ අපේ ඇඟවල්වල උන්ට බොන්න කියල ලෙයකුත් තිබ්බේ නෑනේ..

    ReplyDelete
  40. ඒකෙ දැල් දෙකක් හරි තුනක් හරි තියනවා බං. ඒ දැල් දෙකක වැදුනොත් තමයි මැරෙන්නේ. අපේ බෝඩිමටත් එකෙක් උස්සගෙන ආව. මදුරුවෝ හොය හොය ගිහින් ෂොට් එක දෙන්නේ ඒ දවස් වල. මම නම් ප්‍රාණඝාතයෙන් තොර නිසා මම කරන්නේ මැරිච්ච උන් අල්ලලා අරක මැදට දානවා.:) අපි ඕක චාජ් කරලා කෙසෙල් ලෙල්ලකින් ක්‍රිකට් ගැහුවා දවසක්.:) ඒක ආතල් වැඩේ චට පට ගාල වදිනකොට. ඕක ගෙනාපු එකාගේ තාත්තා ඕක ගෙදරට ගෙනාපු දවසේ පාර දිගටත් මදුරුවෝ මර මර ගියාලු.:D

    ReplyDelete
  41. මම දැක්ක cricket world cup එකේ announcer කෙනෙක් ඕකකින් චටස් චටස් ගාල මැස්සො මරනව!!

    ReplyDelete
  42. හික්...පාර අයිනෙ ඉඳන් ලස්සන අයියලා බැඩ්මින්ටන් ගහන්න ඒවා විකුණනවා කියලා කට්ටිය කීවා

    ReplyDelete
  43. හි ..හී ඔය වැඩේම මටත් දවසක් වුනා. මම අපේ නැන්දලගෙ ගෙදර ගිය දවසක එහෙ ඔයින් එකක් තිබුනා.මමත් ගොනා සේ ඕක ඇල්ලුවා.මාව යාර ගානක් පිටි පස්සට විසි වුනා.අපි මදුරුවො චටාස් ගාල ගහල මරනවානම් තම දුටු තැන.ඒත් ඒකට අහුවෙලා චිරිස් ගාලා උන් මැරේන් විදිය දැක්කම මටනම් දුක හිතුනා

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.