01 February 2012

මම ආසම මේල් දෙකක් !

මේ දවස්වල එක එක වැඩබිම් වලට යන නිසා වැඩ ඇරිලා ගෙදර එනකොට සෑහෙන්න රෑ වෙනවා. ඒ ආපුවාමත් මහන්සියට වැටිච්ච වැටිච්ච තැන් වල නින්ද යනවා. මේ හින්දම රීඩර් එකේ තියෙන බ්ලොග් ටිකවත් කියවගන්න වෙලාවක් නෑ. මොනා කරන්නද රස්සාවේ හැටි තමා ! වැඩබිම් වලට යන එකෙන් කොම්පීතරයක් ලඟ කොටු වෙලා ඉන්න වෙලාව සෑහන්න අඩු වෙනවා.එක අතකට ඒක සෑහෙන්න වාසියක් ! නැත්නම් දවස තිස්සෙම කොම්පීතරේ දිහා බලන් ඉදලා හවස් වෙද්දි ඉබේටම වගේ හිසේරදයත් හැදෙනවා. දැන් නම් ඒ අවුලත් නෑ. :) වැඩ කරන අතරතුරේ අහම්බෙන් වගේ මට මේල් එකවුන්ට් එකට ලොග් වෙන්න ලැබුනා. ඒකේ මම ආස කරපු මේල් දෙකක් තිබ්බා. මෙන්න පළවෙනි මේල් එක ! ආදර්ශය - මිනිස්සුන්ව බාහිර ස්වරූපයෙන් කිසි විටකත් මනින්න එපා ! ඒ මේල් එකේ ඔච්චරමයි තිබ්බේ. දෙවෙනි මේල් එකේ තිබ්බේ ශ්‍රි ලංකාඅණ්ඩුවේ නිදහස් දිනය නිමිත්තෙන් සිකුරාදා දවසත් නබිනායක උපන්දිනය නිසා සඳුදා දවසත් නිවාඩු ය කියලා. මේ අවුරුද්දේ ගොඩක් නිවඩු වැටිලා තියෙන්නේ සෙනසුරාදා ඉරිදා දවස්වල නිසා මේ වගේ මේල් එකක් දකින්නත් ආසයි !

52 comments:

  1. අම්මෝ මමත් බලන් ඉන්නේ කවදා නිවාඩු දවසක් එයිද කියලා :D

    ReplyDelete
  2. ඇත්තම කියනවනම් මලේ ඔය දෙවනි මේල් එක මගෙත් ආසම එකක්..හික්ස්..

    ReplyDelete
  3. හිකිස්....පට්ට මේල් එක...

    ReplyDelete
  4. කැරට් ගැන නම් කතා කරන්නත් බයයි වගේ... මේ වගේ ප්‍රසිද්ද මාධ්‍යයක...

    ReplyDelete
  5. ශා.. නිවාඩු වලට මාත් අඅසයි හෆ්ෆා...:D

    ReplyDelete
  6. කැලැන්‍ඩ‍රේ හදපු එකාට හෙන ගහන්ට ඕනේ.. ;)

    ReplyDelete
  7. උඩ ෆොටෝ එකෙන් මට හිතුනේ අපි වවමු අල බහිමු වගේ දෙයක් !

    ReplyDelete
  8. එල එල ..

    අපිට ඔය නිවාඩුව ලැබෙන්නේ නෑ අප්පා . අපිට හතර වෙනිදත් වැඩ .

    ReplyDelete
  9. ඇත්ත තමා මිනිසුන්ගෙ පිටින් දකින දේ ඇතුලතින් නැහැ....

    ReplyDelete
  10. නිවාඩුමනෙ හොයන්නෙ ;)

    ReplyDelete
  11. දෙවැනි මේල් එක තමයි හොඳම මේල් එක..හි හි

    ReplyDelete
  12. මෙහේ කැලැන්ඩර් වල රතු නිවාඩුවක් දකිනවා කියන්නේ හාවා හද දකිනවා වගේ තමයි...

    පළවෙනි මේල් එකේ හොද ආදර්ෂයක් තියෙනවා..

    ReplyDelete
  13. නිවාඩු ගැන කියන කොට තමා ලංකාවෙ අගේ තේරෙන්නෙ. මම නං දවස් හතෙන් ආසම දවස තමා සිකුරාදා. ඒ පහුවදා සෙනසුරාදා නිසා.

    ReplyDelete
  14. මම මේ ලඟකදි සුපර් මාකට් එකක දැක්ක කලු පාට කැරට්..ඔය දැක්කමයි එහෙම කැරට් ජාතියක්....

    ReplyDelete
  15. නිවාඩුවක් ගැනනම් ඉතින් දකින්නත් ආසයි.ලංකාවේ නිවාඩු මෙහෙට වලංගු නැහැ නේ.

    ReplyDelete
  16. මම නං සතියට දවස් දෙකහමාරක් නිවාඩු.....

    ReplyDelete
  17. පලවෙනි මේල් එක නම් ලස්සනයි. හොඳ පණිවිඩයක් දෙනවා. දෙවෙනි මේල් එකෙන් ගන්ට පුලුවන්දේ මොකක්ද? :D:D:D

    ReplyDelete
  18. අලේ නිවාඩූ... ඒත් මම ගෙදරමනේ ගොඩක් වෙලාවට ඉන්නෙ ඒක හින්දා මටනම් එච්චර අවුලක් නෑ

    ReplyDelete
  19. දෙවනි මේලයට තමයි මාත් මණාප!

    ReplyDelete
  20. උඹ දැන් කරන්නෙ සොෆ්ට්වෙයා ඩිවලොප්මන්ට්ද නැත්තං සිවිල් ද?

    ReplyDelete
  21. මමනම් මේ දෙකටම මනාපයි . අපිටත් සඳුදා නිවාඩු දුන්නා .

    ReplyDelete
  22. ඇත්තටම ස්කොලේ යන අයටයි, ජොබ් කරන අයටයි නිවාඩුව නම් කොච්චර වැදගත් ද නේද?

    ReplyDelete
  23. දෙවෙනි මේල් එක අදාල වෙන්නෙ වෙළඳ නිවාඩු තියෙන උන්ට විතරද? නැත්තං පබ්ලික් හොලිඩේ කට්ටියටත් අදාලදෝ..

    ReplyDelete
  24. ඔය පින්තුර වගේ තමයි මිනිස්සුත්.. ලොකුවට පෙනෙන්න සරු සාරෙට ඉන්න මිනිස්සුන්ගේ පොලොව යට මොකුත් නැහැ.. සාමාන්‍ය විදිහට ඉන්න හුඟක් මිනිස්සුන්ගේ ගන්න තියෙන හරය හරි ඉහලයි..

    ReplyDelete
  25. මම අයිති ඔය හා වර්ග දෙකෙන් එකකටවත් නෙමේ. මොකද ලොකු ගහකුත් නෑ, ලොකු අලයකුත් නෑ. එලොවටත් නෑ මෙලොවටත් නෑ වගේ.

    ReplyDelete
  26. ලංකාවේ ඉන්නකොට නිවාඩු හොයා හොයා දිව්වට දැන්නම් නිවාඩුවක් කියන්නේ කල්පෙකට එකක්. මෙහෙ අවුරුද්දෙම නිවාඩු දවස් 10 තියෙන්නේ. දවස් 3 ක් රාමදාන් 3 ක් ඊද් නිවාඩු විදියට ආයේ 1 දවසක් දෙනවා නිදහස් දවසට. අමතරින් නිවාඩු එන්නෙම නෑ .මොකෝ පෝය කියල නිවාඩු යෑ? ඒ උනත් දැන් ඉතින් ඒ සිස්ටම් එකට හුරු වෙලා. දැන් ලංකාවට ආවත් වැඩිය ගානක් නැතිවෙයි මම හිතන්නේ.

    ReplyDelete
  27. සිරාවටම අපිට ඔය නිවාඩුව ඔහොම නෙමේනේ තියෙන්නේ... තුන හාෆ් ඩේ.. 10 ෆුල් ඩේ..

    ඒක තමා මමත් බැලුවේ මොකද අයියා දකින්න නැත්තේ කියලා

    ReplyDelete
  28. කැරට් ගැන මිසක් වම්බොටු ගැන මුකුත් කියල නෑ නේද ?

    ReplyDelete
  29. පට්ට අයිඩියා එකක්.... එලනේ අයියේ.

    ReplyDelete
  30. මට නම් හැමදාම නිවාඩු ඒත් තවටික දවසකින්........හ්ම්ම්ම් මතක වෙද්දීත් ඇඩෙනවා.

    ReplyDelete
  31. පින්තුරේ නම් ලස්...සනයි !!!

    ReplyDelete
  32. අප්පේ මං මෙහෙ ට ගොඩ වැදුණේ හෙන දිග කතාවක් අහන්න හිතාගෙන. මගෙ අනුමානය නිකන්ම වතුරේ ගියා, පෝස්ට් එකේ දිග දැක්කම... :D :D :D

    මේ මේල් දෙක ම ගොඩක් වැදගත් තමයි. පළවෙන් මේල් එකෙන් හොඳ ආදර්ශයක් දෙනවා. දෙවෙනි මේල් එකෙන් හිත ට සැහැල්ලුවක් දෙනවා.......

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
  33. අනේ අපිටත් අර දෙවෙනි මේල් එක එනවානම්...:'(

    ReplyDelete
  34. ක්සැන්ඩර් සහෝ කීවා වගේ ලංකාවේ ඉන්නකොට තරම් මෙහෙ නිවාඩු නෑ. මටත් අවුරුද්දටම නිවාඩු තියෙන්නේ දවස් 11යි. ඇඬෙනවා අප්පා......

    ReplyDelete
  35. කැරට් අලේ කථාව නම් මරු! කථාවක් නැතුව ම උනත් හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරනවා ෆොටෝ එක විතරක්! ඵල!

    ReplyDelete
  36. කැරට් පොටෝ එක නම් හොඳය... ඒ කතාවත් අත්ත...
    එතකොට ඔය සඳුදා නිවාඩුය කියන එක ඇත්තද...?

    ReplyDelete
  37. @වර්ණා :
    ඒකනේ. වැඩ කරා අපිනේ දන්නේ නිවාඩු දවසක අගේ !!

    @රූ.... :
    අක්කලාට නිවාඩු නැද්ද ?

    @~~තරූගේ ලෝකය~~; :
    පට්ටයිද කියලත් අහනවා !!!

    ReplyDelete
  38. @වර්ණා :
    ඒකනේ. වැඩ කරා අපිනේ දන්නේ නිවාඩු දවසක අගේ !!

    @රූ.... :
    අක්කලාට නිවාඩු නැද්ද ?

    @~~තරූගේ ලෝකය~~; :
    පට්ටයිද කියලත් අහනවා !!!

    ReplyDelete
  39. @නදුන් උයන :
    එහෙනම් කතා නොකර ඉමු අයියා. කතා කරලා අපට කේස් වැටෙයිද මන්දා.

    @හිතුවක්කාරි :
    නිවාඩු වලට කවුදෑ ආස නැත්තේ.

    @sAm (සෑම්) :
    හත්තිලවුවේ !!! ඒකා මැරිලද දන්නේ නෑ

    ReplyDelete
  40. @හිස් අහස :
    මොනා කරන්නද මල්ලි ! දුක තමයි !

    @දිනිති දීපිකා :
    මගේ බ්ලොග් අඩවියට දිනිතිව සාදරයෙන් පිලිගනිමි !!!

    @සාතන් :
    දුන්නොත් යක්කුත් එපා කියයි නේ ! හික්ස් :)

    ReplyDelete
  41. @සයුරි :
    අන්න හරි !
    අක්කට හොදට තේරිලා තියෙනවා. :)

    @Dinesh :
    ඒ කියන්නේ ලංකාව නිවාඩු අතින් පොහොසත් කියලා කියන එකනේ. සතුටුයි සතුටුයි !

    @nihal gurusinghe :
    අම්මෝ නිහාල් අයියව දැක්ක කල් !

    ReplyDelete
  42. @වින්චැට්කිරිල්ලි. :
    කැරට් බාස්කට් එකට කළුතෙල් ටින් එකක් හැලිලද දන්නේ නෑ. :)
    ඔච්චර දැක්ක එකේ අපටත් පේන්ඩ ෆොටෝ කෑල්ලක් දැම්මා නම් නරකයි !

    @අසරණයා :
    අසරණයා ඉන්නෙත් රටින් පිට ද ?

    @ඔබ නොදු‍ටු ලොවක් :
    අන්න මරු ! නිවාඩු තියෙන රටක් ! ඒ කොහෙද ?

    ReplyDelete
  43. @Podi Kumarihami:
    හැමදේම ආදර්ශ හොයන්ඩ යන්න එපා අක්කා.

    @අපේ කනියා :
    මාත් කාලයක් ගෙදර හිටියා. ඒ කාලේ නම් පට්ට !

    @රාජ් :
    අන්න හරි ! මෙන්න රටක් වටින මිනිස්සු !

    ReplyDelete
  44. @පැණි දොඩම් :
    මම සොෆ්ට්වෙයාර් කොරන්නේ නෑ. නෙට්වර්කින් තමා කරන්නේ. ඒ නිසා ක්ලයන්ට් සයිට් යනවා !

    @Gimhani :
    අක්කගේ කමෙන්ට් එකක් දකින්නත් ආසයි.
    මේ ටිකේ බිසී වෙන්ටෑ.

    @Ice (අයේෂා කුලතුංග) :
    ඉස්කෝලේ යනකාලේ එපා උනාට ඒ කාලේ තමා ජීවිතයේ ෆන් කාලේ !

    ReplyDelete
  45. @පිණිබිඳු... :
    ඔහෙලටත් අදාලයි ඉංජිනේරු නෝනේ ! :)

    @සරත් ලංකාප්‍රිය :
    අන්න හරි අයියා. ඒක තමයි මේ සිත්තරෙන් දීලා තියෙන ආදර්ශේ.

    @දූපත් වැසියා :
    මොකක් හරි එක ගොඩකට පනිමු !

    ReplyDelete
  46. @ක්සැන්ඩර් | Xander :
    මම් හිතන් උන්නේ ඔය පැතිවලට සිකුරාදා නිවාඩු ය කියලා.

    @දේවා ගේ අඩවිය :
    ඒ කියන්නේ බැංකුත් නිවාඩු කියන එකනේ.
    ඔන්න පිණිබිඳු. ඔහේලටාත් නිවාඩු ලැබෙයි !

    @Observer :
    බටු කිව්වම මට එක එක කතා මතක් උනා. මාමටත් කතා මතක් උනාද ?

    ReplyDelete
  47. @ජනියාගේ සයිබර් ලෝකය. :
    ඔක්කොම ක්‍රෙඩිට් එක යන්නේ සිත්තරේ ඇඳපු එකාට !

    @නිකමා :
    එතකොට තමා නිවාඩු වල අගේ තේරෙන්නේ :)

    @Shani :
    ඔය ඇත්ත්...තමද !!!

    ReplyDelete
  48. @මහි :
    දිග පෝස්ට් ලියලා ඔහෙලගේ කාලේ කන්නේ මොකෑ. :)

    @නිසුපා :
    අක්කලාට සඳුදත් නිවාඩු නැද්ද ?

    @ගොඩයා :
    බලාගෙන ගියහම අපට තමා සෑහෙන්න නිවාඩු තියෙන්නේ.

    ReplyDelete
  49. @ලහිරු :
    ඇයි නිවාඩු වලට ඔච්චරම අකමැති ?? :)

    @බීටා :
    නැතුව නැතුව !!!
    සඳුදත් නිවාඩු ය !

    ReplyDelete
  50. දෙවැනි මේල් එක වගේ ඒවා තමයි ගොඩක්ම වටින්නේ නේද?

    ReplyDelete
  51. මදුරංග අයියේ මේ ඔක්කොම පොස්ට් විවෙකයක් ආපු ගමන් කියවල කමෙන්ට් කරන්නම් ටක්කෙටම...

    ReplyDelete
  52. මහින්ද මාමටත් මොකෝ අත දිග ඇරලා නිවාඩු දෙනවා.අපිත් ආසයි තමයි.ඒත් ඉතිං කොහොම මෙහෙම ආශ්චර්යට යයිද මන්දා.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.