26 November 2011

මගේ ජීවිතය

සීතල කුටියක පහස විඳ
කැරකෙන පුටුවක වැතිර හිද
අඟල් දාහතකට මුළු ජීවිතය පුද
තිරයට එපිට ලොවක් තියෙනවද?



----------------------------------------------------------------------
ප.ලි.- මේ දවස්වල මගේ හිතේ තිබුන අදහසක් !!!! පරිගණකය, ජීවිතය කරගෙන ඉන්න එකත් නියම අත්දැකීමක් !!!

ප.ප.ලි. - ඔන්න මේ පින්තූරේ ඉන්නේ මම නම් නෙමේ. මට නම් පරිගණකය ඉස්සරහා නින්ද යන්නෙම නෑ.

50 comments:

  1. ඕක තමා මල්ලි අපේ ජීවිත කතාව... ගෙදර ගියේ වෙලේ ඉඳන් ලැපී... යනකං පී.සී....

    ReplyDelete
  2. හ්ම්ම්
    යන්න එපිට ලෝකයට''
    දල්වන්න නෙත් දසුන් අහසට
    සීමාන්තික අගල් 17 ට ඔබ්බෙන්
    විදින්න කැටිවූ සුන්දරත්වය.....

    ReplyDelete
  3. //පරිගණකය, ජීවිතය කරගෙන ඉන්න එකත් නියම අත්දැකීමක් !!!//
    ඒක නම් සහතික ඇත්ත...

    ReplyDelete
  4. අනේ මන්ද මගේ ජීවිතෙත් වැඩිහරිය ගෙවන්නෙත් ඔහොම තමයි..
    අනිත් අයගෙත් එහෙම වෙන්නැති .

    ReplyDelete
  5. ම්ම්ම්ම්..... ඔව්නෙ අයියා..හුගාක් දෙනෙක් ජීවිතය කරගෙන තියෙන්නෙ කම්පියුටර් එක තමා..මේ මටත් වෙන ජීවිතයක් නැති තරම්...:)

    ReplyDelete
  6. හික්z නෙට් තියනව නම් පැය 24ම ඉන්න පුලුවන් මැශින් එක ඉස්සරහ.:)

    ReplyDelete
  7. මමත් ඔහොමම තමයි අයියේ,.. ගෙදර ඉන්නකාන් කොම්පීතරේ ඉස්සරහ,. කරන වැඩකුත් නෑ,. වෙලාව යනවා දන්නෙත් නෑ,..

    ReplyDelete
  8. පුද කලත් පැය ගනන් අඟල් දාහතරකට
    සිර වුනත් මුළු දවස සීතල කුටියකට
    කැරකුනත් පුටුව මත ගෙවෙන තෙක් මුළු දවස
    දෙන්නට එපා ජීවිතය සිතක් නැති කොම්පීතරේට

    ReplyDelete
  9. කන්නෙ බොන්නෙවත් නැද්ද බං ඕකම බදාගෙන ඉන්නෙ....

    ReplyDelete
  10. හ්ම්.... අපිනම් ඔයිට වඩා ටිකක් විතර වාසනාවන්තයි...:))

    ඒත් වැඩිය ඕක දිහාම බලා ඉන්න එපා මල්ලි ඇස් දෙකක් කඩෙන් ගන්න වේවි.

    ReplyDelete
  11. මට බයායි...ඕන් තව මාසයක් හමාරක් ගෙවුනු තැන මන් ඔය කවියම...හොරෙන් ගිහින් මගේ බ්ලොගේ දානවා හරිය..නොකිව්වයි කියන්න එපා...

    ReplyDelete
  12. හරියටම හරි..අපිටම කියාපු සිතුවිල්ල.. :D

    ReplyDelete
  13. ෂා මල්ලි ඔයාගෙ පොටෝ එක ලස්සනයිනෙ. :)

    ReplyDelete
  14. සීතලෙන් සීත වුන
    17 කාමරේ
    තිරෙන් එහාටත් එබී බලන්නට
    තියෙනවා ලෝකයක්
    ආශ්චර්යයෙන් සපිරුණු,

    බලන් නෙතු විසල් කොට
    අසන් දෙසවන් තියුණු කර
    කුහකයින්, අධමයින්ගෙන් පිරුණු
    සුවිශාල - සෞභාග්‍යමත් ලෝකයක්..!!!!

    ReplyDelete
  15. අනේ මන්දා! මගේ ජීවිතෙත් ඔහොම වේවිද? ............

    ReplyDelete
  16. ඊයෙත් අදත් වගේ ම හෙටත් මගේ ජීවිතෙත් කොම්පීටරේ ඉස්සරහ ම ගෙවිලා යාවි, ඒකෙන් අයින් වෙන්න නම් ආසයි, ඒත් බැරිවෙයි මම හිතන්නේ...

    ReplyDelete
  17. අම්මෝ..... මාත් කාලයක් ඔය වගේ ජීවිතයක් ගත කෙරුවා.....
    ඒකෙත් අමුතුම ජොලියක් තියෙනවා තමයි....
    ඒත් අවට ලෝකය වෙන දේවල් ගැන දැන ගන්න නැති වෙනකොට නම් දුකයි....

    ReplyDelete
  18. හූ..හූ... අපිනම් පැය 10ක් විතර අඟල් 23ක් ඉස්සරහ ඉන්නේ... හූ..හූ...

    ගැලවීමක් නැතෝ....

    ReplyDelete
  19. මගෙත් ඇස් පොට්ට වෙන දවස වැඩි ඈතක නෙමෙයි.. හි හි..

    ReplyDelete
  20. මටත් කවියක් ලියන්න ඔනෙ..
    වැසුනු පියන්පත්
    නිල් පැහැයෙන් දිදුලන ඩොංගලයේ ආලෝකය
    කියන්නේ කුමක්ද?
    මුණුපොතේ මහේෂාක්‍ය බවින් මිදි
    ආපසු හැරෙන්නට නොහැක..
    ක්‍රෙඩිටි ඉවරවන තුරැ
    හිදිමි බලා..
    ලොව දෙස නෙත් අයා..
    කඳුලු අසල බොඳ වීයන...

    මම නංගියෙක් හෆ්ෆා....
    ජය!

    ReplyDelete
  21. හැම කෙනෙක් ලගම ෆෝන් එකක් ඇත්තාක් මෙන් දැන් දැන් හැම එකෙක් ළඟ ම ලැපක් ද ඇත. අළුත ඉපදෙන පොඩි වුන් ටත් මාස 6 පිරෙන විට සෙල්ලම් ලැපක් ලැබේ. උන් හිතන්නේ ලැප යනු මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් කියාය. "ආහාර, ජලය, වාතය සහ කොම්පිතරය"

    ReplyDelete
  22. මගේ ජීවිතේනම් ඔහොම වෙලා ඉවරයිද කොහෙද....අනාගතෙත් ඒකෙන් මිඳෙන්න ලැබෙන එකක් නෑ...වෙන්න මහත්තයත් අයි ටී කාරයෙක් වෙච්චී.... අනේ ඉතින්...

    ReplyDelete
  23. අපිට නම් හොඳට නින්ද යනවා :))

    ReplyDelete
  24. ගූගල් දෙයියන්ට පිං සිද්ද වෙන්න මටනම් පුලුවන් ඉන්න.. හැබැයි ගොඩක් වෙලා ඉද්දි ඇස් රිදෙනවා මගේ. ඒ ඇරෙන්න වෙන නම් අවුලක් නෑ.. ඒත් අයියගේ කතාවකම් සම්පූර්ණ ඇත්ත..

    ReplyDelete
  25. අනේ ඇත්තටම මේකෙන් බේරෙන්න විදියක් කියන්නකො අයියේ........අපේ ලොකු අයිය නම් කිව්වෙ වෙලාවක අරන් වීසි කරනව කියල බැල්කනියෙන් එලියට....ඉතින් එතකොට මම වෙන එකක් ගන්නවනෙ අප්පා......

    ReplyDelete
  26. අඟල් දාහතකට ජීවිතේ පූජා කරාම තිරයට එපිටින් ලෝකයක් නෑ තමා.
    මම ඉස්සල්ලාම හිතුවේ පින්තූරේ ඉන්නේ මධූ කියලා...:D

    ReplyDelete
  27. මගෙ නම් අඟල් 14

    ReplyDelete
  28. මම 15.6" :D. ගොඩක් අය රස්සාවේදී මොකක් හරි දේකට හිර වෙනවා තමයි. කරන්න දෙයක් නෑ ඉතින්.

    ReplyDelete
  29. ඔන්න මගේ උත්තරේ පොස්ට් එකක් විදියට දැම්ම..

    http://xandaraya.blogspot.com/2011/11/blog-post_27.html

    ReplyDelete
  30. හපොයි මධුරංගයෝ..මක්කැයි මේ කොම්පීතරයෙක් බදාන....??? හිකිස්.... බණ කියන මාත් එහෙම තමා ඕං....

    ReplyDelete
  31. මගේ ජිවිතේත් දවසින් පැය 24න් 16-18ක් අතර සමහර විට ඊටත් වඩා මම ඉන්නේ නම් කොම්පිතරේ එක්ක තමා... ඉතින් ඒකෙන් ගැලවිමක් නම නැ මට නම්

    ඒ වගේම මම ඒකට ගොඩාක් ආසයි

    ReplyDelete
  32. 17න් එහා ලෝකයක් ඇත්තේම නැද්ද මන්දා
    කොතනට ගියත් අන්තිමේ එතනම තමා

    හරියට "වයසට ගියත් හවසට ගෙදර වගේ.."
    (කාගෙ හරි කමක් නෑ පින්තූරෙ එල )

    ReplyDelete
  33. මගේ ජීවිතෙත් ඕක එක්කමයි ඒත් මට කවදාවත් ඒ ජීවිතේ අපා වෙලා නෑ .. මම නම් පරිගණකේ පිහිටෙන් එදා වේල හොයාගන්න එකා මට මෙන දේටත් වඩා ඒක වටිනවා ‍

    මම හිතුවේ මේ මධුරංග අයියන්ඩි කියලයි

    ReplyDelete
  34. @prasanna86k :
    මාත් එහෙමයි අයියා. මම් නම් ලැප වෙනුවට ඒකත් පීසීම තමා

    @වර්ණා :
    නංගිගේ කවිය ලස්සනයි. මේ අඟල් 17න් එහා ලස්සන ලෝකයක් ඇති.

    @අකීකරු හිත :
    පරිගණකය කියන්නේ හොද යාලුවෙක්.

    ReplyDelete
  35. @Gimhani :
    අනිත් අයගේ නම් කියන්න දන්නේ නෑ අක්කා. මගේ ජීවිතේ නම් එහෙමයි.

    @හිතුවක්කාරි :
    නංගිත් කම්පියුටර් ඩිග්‍රි එකක් නේ කරන්නේ. ඒ නිසා එහෙම තමා.

    @නදී :
    මගේ ඩොංගල් එකේ ඩේටා ටික සින් සින් ගාලා ඉවර වෙනවා දන්නෙත් නැතුව !!!

    ReplyDelete
  36. @ප්‍රාර්ථනා :
    කොම්පීතරේ ලඟ ඉන්නකොට වෙලාව යනවා තේරෙන්නෙම නෑ.

    @රූ.... :
    ගොඩක් උත්සහ කරනවා අක්කේ. ඒත් ජීවිතය කොම්පීතරය වෙනවා.

    @ප්‍රසංග :
    කන බොන එක කරනවා. ඒත් කොම්පීතරේ ලඟ ඉන්න වෙලාව ගොඩක්ම වැඩියි.

    ReplyDelete
  37. @නිසුපා :
    පුලු පුලුවන් හැම වෙලාවකම මේකෙන් ඈත් වෙලා ඉන්න තමයි උත්සහ කරන්නේ. අක්කා නම් සයිට් වැඩ වලට හරි යනවා.

    @අසනි :
    මගේ බ්ලොග් එකේ ඕන දෙයක් තියෙනවනම් ගන්න. ඒත් මම් වගේ හැම තිස්සෙම මේ කොම්පීතරේ ජීවිතේ කරගන්න එපා යාළු. :)

    @ChammA :
    මල්ලිත් කොම්පීතර් නේ කරලා තියෙන්නේ. අපි ඔක්කොම එක බෝට්ටුවේ.

    ReplyDelete
  38. @``` Outsider``` :
    මේ මම නෙමේ අයියා. නෙට් එකෙන් උස්සපු ෆොටෝ එකක්.

    @malmi :
    අම්මෝ එහෙනම් මම් අඟල් 17හේ තියයෙන් ඔලුව උස්සලා ලෝකය දිහා බලන්නෙම නෑ.

    @විසිතුරු | visituru :
    අනිවාර්යෙන්ම වෙයි වෙයි.

    ReplyDelete
  39. @ලහිරු :
    අන්තීමට ඒක තමා වෙන්නේ. අයින් වෙන්න බැරි තරමටම අපි ඒ ජීවිතේට ආස කරයි.

    @මහි :
    හැමදේම ගානට තියාගෙන ඉන්නවා නම් එහෙම වෙන්නේ නෑ කියලා වෙලාවකට හිතෙනවා නංගි.

    @පැණි දොඩම් :
    අපි අපිටම හූ කියා ගන්නවා වගේ.

    ReplyDelete
  40. @Ice (අයේෂා කුලතුංගා:
    කූලින් ග්ලාස් දෙකක් පාවිච්චි කලා නම් හරි. මාත් එවුවා පාවිච්චි කරනවා. නැත්නම් ඇස් බේරගන්නවා බොරු.

    @ඹාලු ෆිට් එක :
    ඕ ඕ. මම් හිතුවේ මලයෙක් ය කියලා. කාරි නෑ කාරි නෑ. ඔන්න මම් ඔයාගේ බ්ලොග් එකේ පෝස්ට් ඔක්කොම කියවලා ඉවර කලා.

    @සයුරි :
    කතාව සහතික ඇත්ත ය. දැන් හැදෙන එකාලට අනිවාර්යෙන්ම ලැපක් තිබේ ය.පොඩි කාලේ හිටන්ම එවුන් කොම්පීතර් ගේම් පවා දන්නේය.

    ReplyDelete
  41. @දිල් :
    වෙන්ඩ මහත්තයාත් අපේ ෆීල්ඩ් එකේ එහෙනම්. මරු යෑ. මරු යෑ.

    @Hasitha :
    අපි නිදා ගත්තොත් ජොබ් එකෙනුත් එලියට දානවා සුවර් !!!

    @Dinesh :
    අම්මෝ ගොඩක් වෙල ඉන්න එපා මල්ලි. ඇස් වලට හොද නෑ. කූලින් ග්ලාස් දෙකක් පාවිච්චි කරන්න මලේ.

    ReplyDelete
  42. @වින්චැට් කිරිල්ලී. :
    අයියටම හරියන නංගි කෙනෙක්. හික්ස් :)

    @Podi Kumarihami :
    මම නෙමේ කියලා අක්කා දන්නවනේ. මම ඔච්චර කෙට්ටු එකෙක් නෙමේ.

    @රාජිත අනුරාධ***රජී-සන්නස.... :
    ඒත් ඉතින් කොම්පීතරයක් ඉස්සරහා නේ බොලවු.

    ReplyDelete
  43. @Kasun :
    රස්සාවෙන් විතරක්ම නෙමෙයි. ජීවිතයෙත් මොකක් හරි දේකට අපි හිර වෙනවා.

    @ක්සැන්ඩර් | Xander :
    ඕං මම් කියෙව්වා. අම්මෝ ඒ අතින් අයියට වඩා අපේ ජීවිත වාසනාවන්තයි.

    @Maneka :
    මේ මනෙකා නම් මරු !!! මට බණ කියන්නේ. හික්ස් :)

    ReplyDelete
  44. @දේවා ගේ අඩවිය :
    අපිත් ඉතින් එකම බෝට්ටුවේ නේ මල්ලි. ඒකෙන් ගලවීමක් නෑ.

    @Suri :
    පින්තූරේ නෙට් එකෙන් ගත්ත එකක්.

    @හිස් අහස :
    අපි ඉතින් එදා වේල හොයාගන්නේ මේකේ උදව්වෙන් නේ. මම නම් මේකට වැඳලා වැඩ පටන් ගන්නේ.

    ReplyDelete
  45. වරෙන් යන්න මහ මුහුදේ නාන්න..... //

    ReplyDelete
  46. අනේ මටනං කන්න බොන්න නැතත් ලැප් එක නැතුව නං ඉන්න බෑ බෑමයි....ආයෙ බොරු මොකටද..??? පැයකට දෙකකට හරි ලැප් එක ඩවුන් කියන්නෙ ඒක හදාගන්නකල් උස්ම හිර වුණා වගේ අප්පා... :(((

    ReplyDelete
  47. රහකුත් තිනවා..... හැබැයි වෙලාවකට එපාම වෙනවා

    ReplyDelete
  48. මම නම් 19...මමත් මේක ඉස්සරහ මොකාද එකා වගේ දවස තිස්සෙම මේක දිහා බලන් ඉන්නවා..

    ReplyDelete
  49. ඇයි මිනිස්සු යාන්ත්‍රික වෙලා, ඉස්සර වගේ හේනක් කුඹුරක් කරගෙන ඉන්න කොට කොච්චර සහනයක් හිතට දැනෙනවා ඇද්ද .......

    අනේ කාලේ වනේ වාසේ ........

    ReplyDelete
  50. හෆොයි තාම ජොබ් නොකලත් මාත් ඔහොම්මම තමයි....

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.