13 November 2011

මෝහනය උනෙමි

මේ සිද්ධිය වෙනකොට මම් ඉස්කෝලේ දොලහේ පංතියේ හිටියේ. එක දවසක් අපේ පංතියේ සේරම කට්ටිය එක්කගෙන ගියා වත්තල- මාබෝලේ නගර සභාවේ නගර ශාලාවට. එක්ක ගියේ මොන හේතුවටද කියලා කිව්වේ නෑ.ගියාට පස්සේ නගර ශාලාව දැක්කට පස්සේ තමයි හිතුනේ මොකක් නමුත් දේශනයකට තමා එක්ක ගියේ කියලා.

ඉතින් අපිත් වාඩිවෙලා දේශනෙ පටන් ගන්නකන් හිටියා.ඒක මනෝවිද්‍යා දේශනයක් !!!

මුලින්ම දේශකවරයා ඇවිත් උඩු හිත,යටි හිත,විඥානය, මනෝකාය ගැන සෑහෙන වෙලාවක් කියවගෙන කියවගෙන කියවගෙන ගියා. මට සමහර එවුවා ඇහුවේ නිකන් හීනෙන් කියනවා වගේ. ඒ තරමටම කතාව ටිකක් නීරසයි.

"හරි !!! මම් දැන් ඔයාලව මෝහනය කරන්න යන්නේ !!"

දේශකවරයා එහෙම කිව්වා විතරයි මයේ ඇඟත් හීතල වේගෙන ආවා !!!
මොකද මම් මෝහන වෙච්ච අය ගැන අහලා තිබ්බ කතා හැටියට එහෙම වෙන එක සාධාරණයි.

ඊට පස්සේ තමා වැඩේ !!

අපි ඔක්කෝටම හොදට පුටුවට හේත්තුවෙලා වාඩි වෙන්න කිව්වා. නිෂ්ශබ්ද වෙන්න කියලා ඇස් පියාගන්න කිව්වා. කෝමහරි මාත් ඔහොම ඇස්පියාගෙන හිටියා.

ඊට පස්සේ දේශකවරයා මොනවද මන්දා කියාගෙන කියාගෙන ගියා.

"දැන් ඔබේ සිරුර සැහැල්ලු වෙනවා !!!! ඔබව උඩට ඇඳීගෙන යනවා !! ඔවු ඔබව උඩට ඇදීගෙන යනවා !!!"

දේශකවරයා එහෙම කිව්වා.අම්මෝ එතකොට මාව එකපාරට පුටුවෙන් නැගිටුනා වගේ උනා. ඊට පස්සේ ටික ටික උඩ යන්න ගියා. කෝම හරි අඩි හය හතක් උඩට ගියහම පහල ඔක්කෝම කට්ටිය පුටුවල වාඩිවෙලා ඉන්න හැටි හොදටම පෙනුනා.මට පල්ලෙහා පුටුවක වාවිවෙලා ඉන්න මාවම පෙනුනා. ඊට පස්සේ මම් හොදටෝම බය උනා. මොකද එකපාරට පහලට වැටුනොත් එහෙම...

දැන් ඔහේ ආගිය අතේ පාවෙන්න ගත්තා.මම දන්නෙත් නෑ මම් කොහේ යනවද කියලා.පාවෙන පාවෙන සැරයක් ගානේ බය ටිකෙන් ටික වැඩිවෙනවා මිසක් අඩු වෙන්නේ නෑ.

අන්තිමේදි ආයෙමත් දේශකවරයගේ කට හඬ ඈතකින් වගේ ඇහුනා.ඊට පස්සේ තමා පියවි සිහියට ආවේ. එතකොට මයේ මුලු සරුවාංගෙම දාඩියෙන් පෙඟිලා.

ඔන්න ඕක තමා මම් විඳපු එකම එක මෝහන අත්දැකිම. අම්මෝ ආයෙම නම් මෝහනේ වෙන්න ඕනෙම නෑ !!!

66 comments:

  1. හි හී ඇයි බයද....

    ReplyDelete
    Replies
    1. යන්නකො මහමෙව්නාවට . වැලි පෑගුන වෙලේ ඉදල දකින අසන දේවල් වලින් මෝහනය වෙන හැටි බලන්න .

      Delete
  2. හික් හික් මේක කියවන කොට නිකන් මාවත් මෝහනය උනා වගේ දැනුන.

    ReplyDelete
  3. අඩේ විඳලා බලන්න වටින අත්දෑකීමක් නෙව? මම හිතුවේ ඕක නිකං කථාවට කියන එකක් මිසක ඇත්තටම කරන්න බෑරි දෙයක් කියලා

    ReplyDelete
  4. අපූ මම් නම් නින්දෙන් පාවෙලා තියනව, ඒ පාඩම් කරන කාලේ.මෝහනය වෙලා නම් නෑ.වෙන්නත් බයයි මොනව කියයි ද දන්නෙ නෑ හිකිz.

    ReplyDelete
  5. අපූ මම් නම් නින්දෙන් පාවෙලා තියනව, ඒ පාඩම් කරන කාලේ.මෝහනය වෙලා නම් නෑ.වෙන්නත් බයයි මොනව කියයි ද දන්නෙ නෑ හිකිz.

    ReplyDelete
  6. හික් හික්... ලොක්කා මෝහනය වේලා මෙනවා කියෙව්වද දන්නේ නෑ.. හික් හික්

    ජය....

    ReplyDelete
  7. ඔය ඇත්තමද? කතාවක් තියනවා කලාකාරයොත්, සෙබලුන්වත් මෝහනය කරන්ට ලේසී කියලා. ඉංජිනේරුවෝ ගැන නම් දන්නේ නෑ.

    ඔයාට අනික් අයව මෝහනය කරන්ට පුලුවනිද?...:D

    ReplyDelete
  8. mohanaya sambanda Dr la atharin ,lankawe inna mohanaya pilibada hodama specialist kauda,e Dr koheda ,e pilibada wistra tikak danna kenek innawa nam kiyanawada pls? mage nadayekuta ehema prathikarayak awashyai.ekai me illiima kale yahaluwane

    ReplyDelete
  9. මෝහනය වුණා කියලා ෂුවර්ද? ඕක හරියට මරණාසන්න අත්දැකීමක් වගේනේ?

    ReplyDelete
  10. හිකිස්! අපේ ඉස්කෝලෙත් තිබ්බා හැම සඳුදම සති දෙකකට සැරයක් භාවනා සීන් එකක් !අපි නම් හොඳටම බුදි!

    ReplyDelete
  11. ඔබ වත්තලද ? මගේ ගමත් වත්තල. වත්තල සාන්ත අන්තෝනි මහා විද්‍යාලයට තමයි මමත් මුලින් ගියේ.
    මට මෝහන අත්දැකීමක් ලැබුනේ කැම්පස් කාලෙ. අපිගියා එහෙම තැනකට. අපේ සෙට් එකම. ඔන්න දැන් අපි වැඩ දානවා. පොර බලන් හිටියා. මෑනට ඇල්ලුවෙ නැහැ අපේ උන්ගේ කතා. ටිකකින් අපේ දෙතුන් දෙනෙක්ව මෝහනය කලා. එකෙක් හිට්යා බල්ලෙක් වගේ ගාත් හතරෙන් පැයක් විතර. අන්තිමට මම ගියා. මොන මගේ මයිලකටවත් මුකුත් වුනේ නැහැ. මෑන්ට හෙන තරහයි. මූ කියනවා. මගේ හිත තඩ වැඩිලු. බ්ලා. බ්ලා. කොහොම හරි එදා කැම්පස් එකම බෙරුනේ මම හින්දා. නැත්නම් හෙන පරිප්පුව.

    ReplyDelete
  12. අපරාදෙ අපි හිටියා නම් හොඳ මඩක් ගහන්න තිබ්බා. පෙර ආත්මෙ ගැන එහෙම කියල නැද්ද.

    ReplyDelete
  13. මටත් ඔහොම දෙයක් වුණා ඒ මගේ මිතුරියක් වන මනෝ වෛද්‍යවරියක් කරපු විකාරයක් නිසා. එදා යන්තං කෑගහලා තමයි බේරුනේ

    ReplyDelete
  14. අමනාප වුනත් මොකද - මං හිතන්නේ ඕක වෙන්නේ හිත දුර්වල අයටයි.

    මාත් දහයේ පන්තියේ දී විතර ගියා මේ වගේ සම්මන්ත්‍රණයකට. දේශකයා අපිට නිදිකරන් හැදුවා. මං ඇස් දෙක වහගෙන කොනෙන් බලාගෙන හිටියා මිනිස්සු ගෑනු ටික දෙනෙක් පිස්සු කරන හැටි.

    ReplyDelete
  15. මමත් හෙන ආසයි බං ඔය වගේ එව්වා විඳලා බලන්න... ​කොහේද ඉතිං අපේ ස්කෝලෙන් ඔව්වට ගෙනිච්චැයි...

    පුළුවන්නම් ඔය වගේ තැනක් ගැන හොයාලා කියපංකෝ...

    ReplyDelete
  16. කතන්දර හා එකඟයි ඒත් අයියන්ඩි ඔබට අපහාස කරනවා නෙවේ !

    අපේ ඉස්කෝලේ හිටියේ අපේ මුලු පලාතම පිලිගත්ත මනෝ විද්‍යා උප දේසක තුමෙක් තමා අංස ප්‍රධානී ගුරුවරයා ලෙසට .

    එතුමා මාව මෝහනේ කරන්න තුන් පාරක් උත්සාහ කලා .. ඒත් මමනම් නෙවේ මෝහනේ වුණේ .. ඒකෙන් කියවෙන්නේ මගේ හිත ශක්තිමත් කීව එක නම් නෙවේ .

    ReplyDelete
  17. හොඳ වෙලාවට උඹ උඩ ගිහින් නැවතුනේ. කලින් ආත්මෙට ගිහින් බෑවු බෑවු හරි උම්බෑ හරි කීවනම් ඉඳල ඉවරයි. හික් හික්

    ReplyDelete
  18. මාත් දෙපාරක්ම ට්‍රයි කලා මෝහනය වෙන්න.ඒත් හරිගියේ නෑ.

    ReplyDelete
  19. @MaRLaN :
    නැතුව නැතුව !!!!

    @ශානු :
    හික්ස් :)

    @Hishan Melanga :
    මල කෙලියයි. ඉක්මනටම පියවි සිහියට වරෝ !!! :)

    ReplyDelete
  20. මෝහනය වෙන්න ආසයි , බයයි.. හිකිස්..

    ReplyDelete
  21. @තිස්ස දොඩන්ගොඩ :
    නෑ නෑ. ඕක ඇත්තටම කරන දෙයක් ලූ. ලෙඩත් සුව කරන්න පුලුවන් ලු ඔය ක්‍රමෙන්.

    @නදී :
    ඒක නම් මටත් බය තියෙනවා. මොනා කියයිද කියලා කවුදෑ දන්නේ.

    @Gayan Rupasinghe :
    නෑ නෑ කියවන්න වෙලාවක් දුන්නේ නෑ. මෝහනය කරලා යටි හිත අවදි කරන්න පුලුවන් කියලා විතරයි කිව්වේ.

    ReplyDelete
  22. @Podi Kumarihami :
    මට එහෙම බෑ. මම් මෝහනය උනා කියලා කිව්වේ අක්කේ.

    @Unknown :
    මම් හොයලා කියන්නම්. අර ටීවි එකේ එන ඩොක්ට හරිස්චන්ද්‍ර කියලා නම තියෙන කෙනාව කන්ටෑක් කරන්න බැලුවේ නැද්ද

    @විසිතුරු | visituru :
    මරනාසන්න අත්දැකීමක්ද කියලා නම් කියන්න දන්නේ නෑ මලේ. මෝහනය නම් උනා.හික්ස් :)

    ReplyDelete
  23. @Sabith :
    භාවනා වලදි නම් මට හොදටෝම නින්ද යනවා.

    @වෙද ගෙදර මහ වෙදනා :
    හික්ස් :)
    තඩි හිතක් !!
    ඔවු අයියා මම් වත්තල තමා. අයියා ගියපු ඉස්කෝලේට ම තමා ගියේ.අපේ ඉස්කෝලේට ගියපු අයියා කෙනෙක්ව අදුන ගන්න ලැබීම සතුටක්.

    @තරිදු - ඇසූ පිරූ තැන් :
    ඒක ෂුවර් නෑ.

    ReplyDelete
  24. @පිණිබිඳු... :
    නෑ අක්කා. ආත්ම ගැන නම් කිව්වේ නෑ. මේ ආත්මේ තමා හිටියේ.

    @ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර :
    අම්මෝ කෑ ගහලා බේරුන එක හොදා.

    @කතන්දර Kathandara :
    ඉතින් අයියා එහෙම කොහොමද අප්පා මෝහනය වෙන්නේ. ඕක ඇත්තටම කරන්න එපැයි. හික්ස් :)
    මයේ හිත දුර්වලද දන්නේ නෑ

    ReplyDelete
  25. අපේ මොළේ හරි පුදුම විදිහකට හැදිලා තියෙන්නෙ.මෝහනය කියන්නෙ නිකං අපිට බොරු ආතල් එකක් දෙන එකක් කියලයි මමනං හිතන්නෙ.ඒක නිකං කාගෙ හරි ප්‍රබල විධානෙකට අපේ මොළේ අවනත වෙන එක විතරයි නේද??

    ReplyDelete
  26. @prasanna86k :
    ඔවුවා ඕන කරන්නේ ලෙඩ හොද කරන්න ගිය ආත්මේ මොනවද උනේ කියලා බලන්න වගේ දේවල් වලට.හම්බ උනොත් කියන්නම්

    @හිස් අහස :
    අපෝ පිස්සුද මල්ලි. ඕන දෙයක් කියහල්ලා බොලවු. මොකෑ ඉතින් අපි අපිමනේ.

    @itnishantha :
    හික්ස් :)
    එහෙම වෙයිද දන්නේ නෑ.

    @රාජ් :
    ඕක මොකද්ද මන්දා ලොකු ප්‍රොසීඩියර් එකක් අයියා. ටික වෙලාවක් ගන්නවා මෝහනය කරන්න.

    ReplyDelete
  27. @දිනුක ජයකොඩි :
    ඒක වෙන්නත් පුලුවන් මට හිතෙන විදිහට. ඒත් ඇත්තද බොරුද කියලා කියන්න නම් දන්නේ නෑ. ඔන්න මම් නම් මෝහනය උනා. එච්චරමයි දන්නේ. :)

    @Ice (අයේෂා කුලතුංග) :
    අම්මෝ වෙන්ඩ නම් එපා. මොනා කියවයිද කියලා දන්නේ නෑනේ.

    ReplyDelete
  28. අප්පා....සිරාවටම මේක උනාද? මටත් ආසයි මෝහනය වෙලා බලන්න....අර ගිය ආත්ම ගැන විස්තර හොයන්නෙත් මෝහනය කරලලු නේද? ඔයා එහෙම මුකුත් දැක්කේ නැද්ද?

    ReplyDelete
  29. මන්නම් ඔවා විස්වාස කරන්නෑ.. ඔවයින් කරන්නෙ මිනිස්සුන්ගෙ චිත්ත රෑප වෙනස් කරලා තාවකාලික උන්මාද තත්වයකට පත්කිරිම...

    ReplyDelete
  30. මලේ සුවර් නේද හීනෙන් බය වෙලා නෙවි කියලා..ඔය ලෙක්චර්වල නින්ද යන විදිහට මමත් සමහර වෙලාවට ඇහැරෙන්නෙ අන්දුන්කුන්දුන් වෙලා.

    ReplyDelete
  31. @Unknown
    යාලුවා කලුබෝවිල රෝහලේ..ඔවැනි ප්‍රතිකාර අවැසි අයට සායනයක් පවතවනවා..ඒ ගැන ලිපි සති අන්ත ලංකාදීප පුවත්පතේ යනවා..ඒ වගේම දෙරණ නාලිකාවේ..නිල්මිණි තෙන්නකෝන් මහත්මිය කරන සිත් ගිමන් හලෙනුත් තොරතුරු ලබා ගන්න පුළුවන්..

    ReplyDelete
  32. අපේ ඉස්කෝලෙටත් ඉතින් නිතරම වගේ එනවා ඔය වගේ දේශකයො....දේශනාවක් තියලා බර ගාණක පොතුත් විකුණගෙන යන්නෙ....

    දවසක් ආවා ප්‍රසිද්ධ දේශකයෙක්... ඊට පස්සෙ ඉතින් ඇස් දෙක පියාගන්න කියලා...හිතන්නලු නුවර එළියෙ ඉන්නෙ කියලා... අපේ උන් ඉතින් හිතනවා විතරක් නෙමෙයි සීතලට ගැහෙන්නත් ගත්තා... මෑන්ට ඉතින් මල පැනලා දේශනය ඉවර කොලා...

    ReplyDelete
  33. මට මෝහනය වෙන්න හිතෙන්නෙම නෑනේ. කොහොමහරි හොරෙන් හෙමිට ඇස් ඇරලා බලනවා මෑන් කොහොමද මෝහනය කරන්නේ කියලා...ඉතින් මොන මෝහනයක්ද.... !

    ReplyDelete
  34. හිකිස්ස්ස්.... අයිය ට නින්ද ගිහින් හීනයක් දැක්ක ද දන්නේ නෑ.... :D

    ඇත්තට ම මටත් ආසයි මෝහනය වෙලා බලන්න. හරි අපූරු අත්දැකීමක් වගේ.....

    ReplyDelete
  35. මෝහනය වෙන්න ආසාවක් ඇවිත් එක පාරක් ඔහොම එකකට ගියා
    මාවත් කෙනෙක් මෝහනය කරන්න හැදුවා
    පැය බාගයක් විතර එක එක දේවල් කළා
    අන්තිමට මටම එපා වෙලා දැන් ඇති කීවා :)

    ReplyDelete
  36. ඉස්කෝලෙ යන කාලෙ ඔය විදිය දෙයක් අපේ ඉස්කෝලෙත් කලා, හැබැයි මෝහනේ වෙලා කියපු දේවල් ඇත්ත වෙච්ච ඒවත් තිබුනා. මම නං බොරුවට ඇස් පියාගෙන හිටියෙ ......

    ReplyDelete
  37. මම 3 වසරෙ ඉන්නකොට ලංකාවෙ අපේ ඉස්කෝලෙට ආව ඔය වගේ මෝහනය කරන ඩොක්ටර් කෙනෙක්...එයා එදා ඒ හෝල් එකේ උන්න කීප දෙනෙක්ව මෝහනය කලා...එක ගෑනු ලමයෙක් ඉහත ආත්මෙ ගැන කියන්න පටන් ගත්ත..එයාල කොලඹ බොරැල්ලෙ කිව්ව උන්නෙ, අම්ම නර්ස් කෙනෙක් කිව්ව..අම්ම වැඩට ගිය වෙලාවෙ මේ ලමයව ගෙදර ලිඳට වැටිල මැරුන කියල මහා හයියෙන් අඬන්න ගත්ත..තව ලමයෙක් කුරුල්ලෙක් වගේ කෑගහ ගහ ඉගිල්ලෙන්න හැදුව..තව කෙනෙක් හතර ගාතෙන් වැටිල 'උම්බෑ..උම්බෑ' කිය කිය උන්න..........

    ReplyDelete
  38. හලේ මාත් හරි ආසයි බං මෝහනය වෙන්න. ඔය ඉතින් ලස්සන කෙල්ලෙක් එහෙම දැක්කම නම් ටිකක් විතර එහෙම වෙනවා.:)

    ReplyDelete
  39. මාත් මෝහනය වුනා. මගේ අම්මෝ මට තාමත් ඒකෙන් මිදෙන්න බැරිවුනා. මාව මෝහනය කලේ අපේ මනුස්සයා. දෙයියෝ සාක්කි මේ මිනිහගේ දැපනෙට මාත් මෝහනය වුනානේ.

    විහිළු නෙමෙයි මලේ ඔය මෝහන කතාව මාත් අහලා තියනවා. අත්දැකීම් නැහැ. හැබැයි. ඔය උඩ පාවෙන කතාවෙන් කියවෙන්නේ අපේ මනෝකාය ගැන නේද? හැබැයි ඒක එතරම් හොද නැහැ කියලත් අහලා තියෙනවා. මොකද අයිතිකාරයෙක් නැති සිරුරකට භූතයෙකුට ලේසියෙන්ම ඇතුල් වෙන්න පුළුවන් කියන කතාවක් මම අහලා තියෙනවා. අනෙක් අතට ඔය උඩ පාවෙන මනසද මොකද්දයි අපේ පණ නැති සිරුරයි සම්බන්ධ වෙලා තියෙන්නෙ නූලක් වගේ දෙයකින් කියලත් අහලා තියෙනවා. මම වැරදි නම් නිවැරිදි කරන්න.

    අර උඩින් අහලා තිබුනා කවුද මෝහනය කරන ඩොක්ටර් කෙනෙක් ගැන. මුලින් මනෝ වෛද්‍යවරයෙක් මුණ ගැහිලා කාරණාව කිවුවා නම් තමයි හොද?

    ReplyDelete
  40. ඔය වගේ අත්දැකීම් මගෙ මිනූ නංගට තියෙනවා..හැබැයි ඒ එයාගෙ ශල්‍යකර්ම සිදු උන වෙලාවකදී..ඒ ගැන විස්තරයක් පස්සෙ ලියන්නම්...

    ReplyDelete
  41. මොකෝ බයද කරපු හොර වැඩ හව්වෙයි කියලා. හික්ස්..

    ReplyDelete
  42. අඩේ,... මටත් ආසයි මෝහනය වෙලා බලන්න,.. මරු අත්දැකීමක්නේ ඒකත් බලාගෙන යනකොට,.

    ReplyDelete
  43. අනේ මමත් ආසයි මෝහනය වෙන්න .. කෝ එහෙම ආසවටවත් මෝහනය වෙලා නැහැනේ :p

    ReplyDelete
  44. මට නම් ඔහොම අත්දැකීම නෑ.හැබැයි.ඔයිට වඩා ලොකු අත්දැකීම් තියන අය දන්නව.

    ReplyDelete
  45. මටනම් ඔය වගේ අත්දැකීමක් නෑ.. ඒත් එහෙම දෙයකට මූණ දිලා බලන්න ආසයි.. හැබැයි තනියම..

    ReplyDelete
  46. මේ මදුරංග බොස්... බය උනාම මේක වෙන්නෑනෙ මම දන්න හැටියට
    @ කතන්දර - නෑ වැරදියි- මොහනය කරන්න අමාරුම කට්ටිය තමයි හිත දුර්වලයි කියල සම්මත අය! මොලේ තියන මිනිහෙක් මෝහනය කරන්න එච්චර අමාරු නෑ!
    (handbook of clinical hypnosis -Dr.H. B. Jayasinghe)

    ReplyDelete
  47. මමත් ආසයි බං උඩ ඉඳන් මම දිහා බලන් ඉන්න... මම නම් තාම මෝහනයවෙලා නෑ....

    ReplyDelete
  48. මෝහනය වුණා කිව්වම මම බැලුව මේ ගෑණු ළමයෙක්ව වත් දැකලද කියල...

    ReplyDelete
  49. අනේ ඉතින් ඔන්න මටත් ආස හිතුනා මොහනය වෙලා බලන්න.. ඒත් අහලා තියනවා ඇත්තද දන්නේ නැ මොහනය කරලා අතරමගදි නැවතුනොත් (බාල කාලේ වගේ) හැසිරෙන්නේ ඊට පස්සේ එහෙමමලුනේ... නේද?

    ReplyDelete
  50. අය්යා එහෙම ඇත්තටම මෝහනය උනාද???
    අනේ මන්දා ඔය වගේ දේවල් ගැන මම වැඩිය දන්නේ නම් නැ ඉතින්

    ReplyDelete
  51. අයියා ඔහොම කියන්නෙ මෝහනය උන නිසානෙ. ඒ උනාට මම නම් ආසයි මෝහනය වෙන්න. කොච්චර උනත් අමුතුම අත්දැකීමක් නේ.

    ReplyDelete
  52. නෝ කොමෙන්ට්ස්. වෙච්ච දෙයක්වත් වෙයි කියල හිතන දෙයක්වත් නෙවෙන නිසාත් බුද්ධිමය සංවාදයකට නොයමි.

    ReplyDelete
  53. MOHANA KARAYA ANGODA KENEKDA

    ReplyDelete
  54. ස්වයංමෝහනය කියල ටෙක්නික් තියෙනවා නේද ? මමත් ඒක නම් කරලා තියෙනවා.. පුදුම විදියට ඒකෙන් ශරීරය සැහැල්ලු වෙනවා දැනෙනවා.. නමුත් මේ වගේ කවුරුවත් මෝහනය කරපු අත්දැකීමක් නම් ලබලා නැහැ..

    ReplyDelete
  55. ඔයින් ගියා මදැයි. ප්‍රශ්න දෙක තුනක් අහලා ඒවාට උත්තර දෙන්න සෙට් වුණා නම් කොහොම තියෙයිද ???

    ReplyDelete
  56. වෙන්ඩ බෑ..
    මම නම් විශ්වාස කරන්නේ නෑ...ඔය හීනයක්ද කොහෙදැ දැකලා තියෙන්නේ..

    ReplyDelete
  57. this is bullshit, this doesnt look like hypnosis. but it sounds like an OBE ( Out of Body Expirience) i am a Certified Hypnotist.

    ReplyDelete
  58. මමත් වත්තල St Anthonys එකට තමයි ගියේ... අඳුන ගන්න ලැබීම සතුටක්.

    ඔය මොහනය කරන තැනකට මම ගියා වැඩේ ඇත්තද බලන්න... සමහර අය මොහනය වෙනව...තවත් අය එහෙම වෙන්නෙ නෑ... මාවත් මෝහනය කරන්න හැදුව ඒත් උනේ නෑ.

    ReplyDelete
  59. Someone essentially help to make severely articles I would state.
    That is the first time I frequented your website page and so far?
    I surprised with the research you made to make this particular publish extraordinary.
    Great process!

    Visit my web blog pay day uk

    ReplyDelete
  60. මෙහනය කරන ‍doctor කේනෙක්ගේ 4n නම්බරයක් හොයලා දේන්නකො

    ReplyDelete
  61. මෝහනය කරනවා කියන්නේ අපේ යටි සිත අවදි කිරීමක් වගේද??අර කියපු ස්වයං මෝහනය වෙන විධිය කවුරු හරි කියනවද......

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.