11 October 2011

බණ පදයක්...

පින්වතුනි...

සංයුත්ත නිකායේ දුක නිපාතයේ කියවෙනවා සතුටින් ජීවත් වෙන්න බැරි දෙන්නෙක් ගැන. එක්කෙනෙක් තමා ලැබෙන ලැබෙන දේවල් ඉතුරු කරන කෙනා. අනිත් කෙනා තමයි ලැබෙන ලැබෙන දේවල් වියදම් කරන කෙනා.

හැමදේම ඉතුරු කරන කෙනාට කොච්චර දුන්නත් මදි. ඉතුරු කරනවා.ඒ වගේම හැමදේම වියදම් කරන කෙනාට කොච්චර ලැබුනත් මදි. ඒ හැමදේම වියදම් කරනවා.ඒ නිසා අපට ලැබෙන දේවල් මධ්‍යස්ථව වියදම් කරන්නත් මධ්‍යස්ථව ඉතුරු කරන්නත් පුරුදු වෙන්නෝන.


--------------------------------------------------------------
ප.ලි.- මේ ලියමන මට කියවන්න ලැබුනේ ෆෝටෝකොපි ගහන්න ගිය තැනක බිත්තියේ අලවලා තිබිලා. කියවන්න හම්බ වෙච්ච වාර ගණන හන්දා මේක මට හොදටම මතකයි

42 comments:

  1. ඒකනෙ බුදු හාමුදුරුවොත් පංච සීලෙට පවා ඇතුලත් කරල තියෙන්නෙ "සුරා මේරය මජ්ජපමා" කියල. හැමදේම මධ්‍යම ප්‍රමාණයට, ඒ කියන්නෙ මැදුම් පිළිවෙත අනුව.

    ReplyDelete
  2. රස්සාව පටන්ගන්ට හදනකොටම බන පදේ මතක් උනු එක හොඳයි...:D

    ReplyDelete
  3. සාධු සාධු සාධු!

    ReplyDelete
  4. ඔන්න අග්‍රදායකයා ඇවිත් මුලින්ම අදහස් දක්වල ගිහින්, අනේ අම්මපා මෙහෙමත් වැඩිහිටියො. රස්සාවක් පටන් ගන්නකොට දෙන්න පුළුවන් ලොකු අවවාදයක් තමයි කවදාවත් ක්‍රෙඩිට් කාඩ් ගන්න එපා කියන එක !!!!

    ReplyDelete
  5. මම ඒ ගැන දැනගෙන හිටියේ නෑ. ස්තූතියි ඒ ගැන කියලා දුන්නට.
    …බුදු හාමුදුරුවෝ හරී ම ලස්සනට දේශනා කරනවා කෙනෙක් දියුණු වෙනවා නම් ඒ පුද්ගලයාට ඕන කරන ආර්ථික සිද්ධාන්ත ගැන. තමන්ට ලැබෙන මුදල කොටස් හතරකට බෙදලා කොටස් දෙකක් රැකියාවේ දියුණුව වෙනුවෙනුත් තව කොටසක් එදිනෙදා පරිභෝජනය වෙනුවෙනුත් ඉතිරි කොටස හදිසියක් වෙනුවෙන් ඉතිරි කරන ලෙස...

    …Observer: මේ දේවල් ඔබතුමා අනුගමනය නොකළත් විහිළුවකට ගන්න එක නම් හොඳ දෙයක් නෙවෙයි.

    ReplyDelete
  6. හොද අදහසක් අයියේ.. ඇත්තටම හැමදෙයක් ගැනම මැදිහත් සිතින් බලන එක ජීවිතේට ගේන්නේ ලොකු පහසුවක්..

    ReplyDelete
  7. ඔය දෙකෙන් මිදෙන එක තමයි මිනිස්සුන්ට කරන්නම බැරිවෙලා තියෙන්නෙත්...

    ReplyDelete
  8. මධ්‍යම ප්‍රතිපත්තිය හැමදේටම හොදා..

    ReplyDelete
  9. හොඳ ආරම්භයක්....ඒක දිගටම කරගෙන යන්න කියලා ප්‍රර්ථනා කරනවා...

    ReplyDelete
  10. ඔයාට මේක කටපාඩම් වෙන එකේ අරුමයක් නෑ. පහුගිය කාලෙම බැරිවුනු නෝට්ස්,පාස්ට් පේපර් කොපිකරගන්න ඉන්න ඇත්තෙම පොටෝකොපි අක්කා ගාවනේ.:)
    කොහොම වුනත් හොඳ අවවාදයක්.

    ReplyDelete
  11. කොයි දේටත් ඕක හොදා කිව්වට..ඔතනට හිත හදා ගන්න එක තමයි ඕන් අමාරුව..ඒත් අමරුවෙන් හරි එහෙම කර ගන්න පුලුවන්නම්..ලෞකික ජීව්තේ සතුටින් ගෙවන්න පුලුවන් බව සැබෑව..

    පෝය දවසේ බණ පදයක් දකින්න අවස්තාවක් දුන්නු එක බොහොම අගෙයි යාලු..

    ReplyDelete
  12. හ්ම්ම්ම්... මධ්‍යම ප්‍රතිපදාව ජීවිතේට හරිම වටිනවා.. හැම දෙයක් දිහාම මධ්‍යස්ථව බලන්න උළූවන් නම් හුගාක් හොදයි

    ReplyDelete
  13. බුදුහාමුදුරුවෝ මැදුම් පිළිවෙත දේශනා කලෙත් ඔය නිසාමනේ අයියේ... ඕනම දෙයක් අඩුවෙනුත් එපා වැඩියෙනුත් එපා...

    ReplyDelete
  14. හොඳ කතාවක්. මම දන්නේ නෑ මේක ඇත්තටම බුද්ධ දේශනාවක්ද නැද්ද කියන්න නමුත් මේකේ ඇත්තක් නැත්තෙමත් නෑ.

    ReplyDelete
  15. නියමයි.. අනුගමනය කරහල්ල...

    ජය,,

    ReplyDelete
  16. මදුරංග සුවාමින්වහන්සේගේ බන පොජ්ජ නම් පංකාදුයි ඕන්..

    ReplyDelete
  17. පෝය දවසේ බණ පදයක් කියවන්න ලැබෙන එකත් හොඳා...

    ReplyDelete
  18. මල්ලි...

    ඔයාගෙ අලුත් රැකියාවට සුබපතන්නත් බැරි වුනා... ජය !!!

    මේ අද දාල තියෙන පෝස්ට් එකත් ඔයා තමන්ටම කියල හරි හම්බ කරගන්න පටන් ගන්න යන වෙලාවෙම ඔයාගෙ හිතට ආපු එකත් වටිනව..

    ReplyDelete
  19. මට නම් ඕං අවුලක් නැහැ. මොකද මම ඉතිං දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාන ඉන්න පුරුදු වෙලානෙ ඉන්නේ. මම ඇත්තටම ලද දෙයින් සතුටු වෙන කෙනෙක්. මේක මුදල් වලට විතරක් කියපු දෙයක් නෙමෙයි. මගේ පුතා ගැන උනත් මම එහෙමයි හිතන්නේ. ඒ නිසා දුක සතුට සමව විද ගන්නවා.

    ReplyDelete
  20. ලැබෙන සේරම පොදි ගහලා වැඩක් නෑ. එයින් කොටසක් ප්‍රෙයා්ජනවත් දෙයකට යෙදවිය යුතුමයි. එතකොට තමයි..අඩු තැන පුරවන්න තව මුදල් ගලාගෙන එන්නේ.

    ReplyDelete
  21. පොඩි බන පදයක් උනත් ජිවිතේටම වටින ගොඩාක් ලොකු අර්ථයක් තියනවා කියලා දැනුනා... වෙලාවකට මටත් අමාරුම දෙයක් තමා අඩුවෙන් වියදම් කරන එක

    ReplyDelete
  22. කපීකේකීOctober 11, 2011 at 4:19 PM

    මැදහත්ව හිතන්න,කටයුතු කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි.

    ReplyDelete
  23. සමහර විට ඉතිරි කරන කෙනා ඉතිරි කරලත් වියදම් කරන කෙනා වියදම් කරලත් සතුටු වෙනවා ඇති... හැබැයි මැදුම් පිළිවෙත තමා හොඳ.... මොකද හැමෝවම සතුටු කරතහැකි නේද...

    ReplyDelete
  24. මාත් ඉතින් සාධු සාධු සාධු! කියලා සාධුකාරයක් දුන්නෙමි

    ReplyDelete
  25. අහ් යං යං මැද්දෙන් යං....

    ReplyDelete
  26. උඹව වැටෙන්නේ කොයි ගනේටද...?

    කොච්චර ලැබුනත් ඒවායින් කන එවුන් ගැන මොකද කියන්නේ.

    ReplyDelete
  27. මෙව්වා දැන දැනත් හරියට ක්‍රියාත්මක කරගන්න බැරිව දුකට පත්වෙන අයත් ඉන්නවා

    ReplyDelete
  28. මම නම් කොහොමත් මට දෙයක් නොලැබුණා කියලා.. හු තිය තිය අඩන්නෙත් නෑ.. ලැබුණා කියලා උඩ පැන පැන හිනා වෙන්නෙත් නෑ.. :)))
    මම දැනගෙන හිටියේ නෑ නේ ඔයාට රැකියාවක් ලැබුණා කියලා.. එහෙනම් ඔන්න එකටත් මගේ උණුසුම් සුබ පැතුම්..:)
    @Observer- ඔන්න අංකල් වරද්ද ගෙන"සුරා මේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි" කියලා කිව්වේ සුරා සුදුව ප්‍රමාදයට හෙතුවක් වන බව මිසක් මද පමණට ගන්න කියන එක නෙවෙයි..:O

    ReplyDelete
  29. @Observer :
    මාත් ඔය සිල් පදේ අනුගමනය කරන්න ඕනා. දැනුම් තේරුම් ඇති අයනේ කියන්නේ

    @Darshana pubudu :
    ස්තුතියි

    @Podi Kumarihami :
    අපො කෝමත් බණ අහලා ඉන්න කොල්ලෝ හරි ය. :)

    ReplyDelete
  30. @පූසා :
    සාදු සාදු සා....

    @හරී - පිණිපළස :
    ක්‍රෙඩිට් කාඩ් ගන්න නම් අදහසක් නෑ අක්කා. කීයක් හරි පොතේ දාගන්න තමා උත්සහය.

    @ලහිරු :
    මාත් ඔය කතාව අහලා තියෙනවා. ස්තුතියි මතක් කරලා දුන්නට.

    ReplyDelete
  31. @ප්‍රාර්ථනා :
    අපි කොයි දේත් මැදිහත් සිතින් බලන්න ඕනා නංගි. එතකොට තමයි ඕනම දෙයක් ගානට තියාගන්න පුලුවන් වෙන්නේ.

    @``` Outsider``` :
    පොඩ්ඩක් උත්සහ කරලා බලමු අයියා. බැරි වෙන එකක් නෑ.

    @ChammA :
    අනිවාර්යෙන්ම මල්ලි !!!

    ReplyDelete
  32. @සයුරි :
    උත්සහ කරලා බලමු අක්කා. :)

    @රූ.... :
    අයියා හරියටම හරි. කෝමද බලාගෙන හිටියා වගේ කිව්වේ ? :)

    @අසනි :
    අමාරු උනත් කරන්න වෙන්නේ ඕකනේ අසනි.

    ReplyDelete
  33. @හිතුවක්කාරි :
    පුලුවන් නෙමේ. උත්සහ කරමු නංගි. අනිවාර්යෙන්ම කරන්න පුලුවන් වෙයි. :)

    @Sanjaya සිතුවිලි :
    ස්තුතියි අයියා.

    @Dinesh :
    ඒක හරි. ඕනම දෙයක් අඩුවෙනුත් නෙමේ වැඩියෙනුත් නෙමේ.

    ReplyDelete
  34. @ක්සැන්ඩර් | Xander :
    මාත් ඒක හරියටම දන්නේ නෑ. හොද අදහසක් නිසයි බ්ලොග් එකේ ලිව්වේ. :)

    @Gayan Rupasinghe :
    අනිවාර්යෙන්ම අනුගමනය කරමු !!!

    ජය...

    @සරත් ලංකාප්‍රිය :
    මේං අම්මේ මාව හාමුදුරු නමක් කරලා !!!

    ReplyDelete
  35. @සාතන් :
    එහෙනම් ඒ පිනත් මගේ ගිනුමට.

    @සපතේරු උන්නැහේ :
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි අයියා.

    @malmi :
    සරලව කීවත් වෙන අම්මා කෙනෙක්. නියමයි නේ අක්කා. එහෙම ඉන්න පුලුවන් නම් නියුඅමයි. :)

    ReplyDelete
  36. @- නිල් අහස - :
    හරියට හරි අයියා. :)

    @දේවා ගේ අඩවිය :
    මොනා කරන්නද මල්ලි. ඉතුරු කරන්නත් එපැයි. :)

    @කපීකේකී :
    අනිවාර්යෙන්ම නංගි. එහෙම තමා කරන්න ඕනා. :)

    ReplyDelete
  37. @පිස්සා පලාමල්ල :
    ඒකම තමා ඔබා මාමත් කියලා තියෙන්නේ. හික් හික් හික් :)

    @ප්‍රසංග :
    ඒ ක්‍රමේටත් සතුටු වෙනවා ඇති. :)

    @හිස් අහස :
    එහෙනම් සතුටුයි. :)

    ReplyDelete
  38. @~~තරූගේ ලෝකය~~; :
    මැද්දෙන් යන්

    @prasanna86k :
    මට තාම ගණයක් නැතුව ඉන්නේ. ජොබක් කරලම බලමු ඈ...

    @චතුමිතු :
    අන්න එහෙම තමා ඉන්න ඕනේ. හරියට හරි !!!:)

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.