01 October 2011

ළමා දිනය

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි.

ඉස්සර මම ඉස්කෝලේ ඉන්න දවස්වල නම් ළමා දිනය දවසට උදේ රැස්වීම වෙලාවේ පොඩි උත්සවයක් තියනවා. නැටුම් ගැයුම් එහෙමත් තියලා ලොකු සර්ගේ එපාම කරපු කතාවකුත් තියෙනවා. ලොකු සර් වෙනදා වගේම ප්‍රේමදාස මහත්තයා ස්ටේජ් එකට නැග්ගා වගේ ඇඟිලි තුඩු වලින් ඉස්සි ඉස්සි කතා කරනවා.

උත්සවේ ඉවර උනාම කට්ටියම පංති වලට යනවා. ටීචර් ඇවිත් රෙජිස්ටරේ නම් මාක් කරලා යන්න යනවා. අපි එවෙලේ ඉදන් ඉස්කෝලේ ඇරෙනකන් සෙල්ලම් කරනවා. ඔන්න ඔහොමයි එදා දවස ගෙවෙන්නේ.

ඔන්න වෙනදා වගේම රූපවාහිනි ආයතන වලින් ජයටම ළමා දිනය සමරන්න යන්නේ.එක රූපවාහිනි ආයතනයකින් මොකද්ද මන්දා වර්ල්ඩ් එකක උත්සවයක් ලෑස්ති කරලා. මම් හිතුවේ ඇතුල්වීම නොමිලේ වෙන්නැති කියලා. යාන්තමට හින්නිකිතර සයිස් අකුරු වලින් ඇතුල්වීම රු. 100ක් කියලා ගහලා තියෙනවා.

ඒ වගේම තමා සතුටු උයන්වල පැකේජ් වල හිටන් ගානත් අඩු කරලා. වෙනදා වගේම කාර් වලින් එන කම්පියුටර් ගේම් ගහන ඉන්ටර්නෙට් පාවිච්චි කරන ළමයින් එකට එකතු කරගෙන සතුටු වෙන්නත් පුලුවන්.

ගම් වල ඉන්න ළමයින්ට නම් සතුටු උයන් වල සෙල්ලම් කරන්න තව කාලයක් බලන් ඉන්න වෙයි. ආයේ ඉතින් ඒ ළමයින්ට සතුටු උයන් ඕනේ යෑ ඔය ඕන් තරම් තියෙන්නේ වෙල් යායවල්. නිකන් අපරාදේ ජල ක්‍රිඩා කරන්න එක එක ලෝක වලට යන්න ඒ අයට යන්න සල්ලි වියදම් කරන්න ඕනෙත් නෑ.

මට නම් හිතෙන්නේ ළමයින්ට ළමා දිනයක් ප්‍රකාශයට පත් කරනවා වෙනුවට ඒ ළමයින්ට නිදහසේ ළමා කාලය ගත කරන්න දුන්නා නම් හරි. නැත්නම් එදාටත් අර වැලන්ටයින් දවස වගේ මුදලාලිලා පෝසත් කරන්න තමයි වෙන්නේ.

40 comments:

  1. සුබ වැඩිහිටි දිනයක් වේවා මධුරංග අයියේ!

    ReplyDelete
  2. "මට නම් හිතෙන්නේ ළමයින්ට ළමා දිනයක් ප්‍රකාශයට පත් කරනවා වෙනුවට ඒ ළමයින්ට නිදහසේ ළමා කාලය ගත කරන්න දුන්නා නම් හරි. නැත්නම් එදාටත් අර වැලන්ටයින් දවස වගේ මුදලාලිලා පෝසත් කරන්න තමයි වෙන්නේ"
    මේ කතාව නම් සහතික ඇත්ත...

    ReplyDelete
  3. ඔයාගේ කතාව හරියටම හරි. ළමා දිනයක් තියලා ළමයින් විශේෂයෙන් සිහිකරනවා කියන්නේ ඇත්තම කිවුවොත් ළමයින්ගේ ළමා ලෝකය මහ උන් උදුරගෙන කියන එකයි.

    ReplyDelete
  4. සුබ ළමා දිනයක් වේවා මල්ලි :))

    මේක කියෙව්වම මට මතක් උනේ "තිරය ඇරෙනවා" සින්දුව

    දෙපා සැලෙන මුත් බෙර පද තාලෙට
    කරලිය හිමි නැති අපේ ළමයි
    හේනට කුඹුරට ගත සවි දිය කර
    කරලිය අබියස බලා හිඳියි

    ReplyDelete
  5. මගේ ළමයට මං අද චිප්ස් දුන්නා!

    ReplyDelete
  6. කසු. වගේ මමත් අපේ බබාට චිප්ස් දෙන්න ඕනෙ!!!

    ReplyDelete
  7. මධුරංග අයියා....ඇත්ත ඇති සැටියෙන්ම කතා කරලා තියෙනවා......සුපිරි........

    ReplyDelete
  8. කපීකේකිOctober 1, 2011 at 10:27 AM

    අපේ බබාගෙ ඉස්කෝලෙ ඊයේ ළමා දිනය වෙනුවෙන් උත්සවයක් තිබ්බ.බබාලට තෑගිත් හම්බවෙලා තිබ්බ.එයා නම් ඉස්කෝලේ ඇරිලා ආවේ ගොඩක් සතුටින්.

    ReplyDelete
  9. ඔබ සමග 100% එකඟයි මල්ලී

    ReplyDelete
  10. අර මුදලාලිලා පෝසත් කරන කතාවනම සහතික ඇත්ත අයියා...
    අයියාට සුභ වැඩිහිටි දිනයක් වේවා..!!!!! ;)

    ReplyDelete
  11. "මට නම් හිතෙන්නේ ළමයින්ට ළමා දිනයක් ප්‍රකාශයට පත් කරනවා වෙනුවට ඒ ළමයින්ට නිදහසේ ළමා කාලය ගත කරන්න දුන්නා නම් හරි. නැත්නම් එදාටත් අර වැලන්ටයින් දවස වගේ මුදලාලිලා පෝසත් කරන්න තමයි වෙන්නේ"

    හිතට තදින්ම දැනුනා..

    ReplyDelete
  12. ළමා දිනය කියලා සතුටු වෙන්නෙ එකම පන්තියක ළමයි විතර වෙන්න ඇති. එහෙම දෙයක කිසිම විශේෂයක් නැතුව අද දවසෙත් ගෙදරට කන්න බොන්න දේවල් හොයන්න මෙහෙකාරකම් කරන, ගිනි අවුවෙ පිච්චි පිච්චි හේන් කොටන, පාරවල් ගානෙ සිඟමන් යදින, තවත් වෙලාවක කාගෙහරි සාක්කුවකට අත දාලා පර්ස් එක අරන් දුවන ළමයි කොයි තරම් නම් ඇත්ද?? ඒ ළමයින්ට දවසක් කෝ??

    ReplyDelete
  13. අක්කලා අයියලා, ඔක්කොමට වැඩිහිටි දිනයක් වෙවා..!

    ReplyDelete
  14. "මට නම් හිතෙන්නේ ළමයින්ට ළමා දිනයක් ප්‍රකාශයට පත් කරනවා වෙනුවට ඒ ළමයින්ට නිදහසේ ළමා කාලය ගත කරන්න දුන්නා නම් හරි. නැත්නම් එදාටත් අර වැලන්ටයින් දවස වගේ මුදලාලිලා පෝසත් කරන්න තමයි වෙන්නේ."
    මේ කතාව සහතික ඇත්ත. අද කාලේ ළමයි ටියුෂන් වලටයි අනික් බාහිර දේවල් වලටයි යටවෙලා අම්මලාගේ අප්පච්චිලගේ හීන වලට දුවන යන්තර වෙලා. ඉතින් එහෙව් ළමයින්ට දෙන්න පුළුවන් හොඳම දේ ළමා දිනයක් නෙවෙයි මේ තරගකාරී ලෝකේ ළමයෙක්ට ළමාකමට සෙල්ලමක් කරන්න දුවන්න පනින්න අවස්ථාවක්... හැමදාම ..

    ReplyDelete
  15. අපි වගේ පොඩි ළමයිට දිනයක් තියෙන එක කොයිතරම් හොඳද :)

    ReplyDelete
  16. අපිටත් අද පාටියක් තිබුනා....!

    ReplyDelete
  17. @විසිතුරු | visituru :
    වැරදියි වැරදියි. සුබ ළමා දිනයක් වේවා කියලා කියන්න. :)

    @චතූ...... :
    ඒක නම් හරි.

    @malmi :
    ඒක හරි අක්කේ. අපට වඩා දැනුම් තේරුම් තියෙන කට්ටිය නේ අක්කලා.

    ReplyDelete
  18. ළමා දිනය, ළමා දිනය කියලා එක දවසකට රෙදි උස්සං කෑ ගහනවට වඩා හැම දවසක්ම එක වගේ සළකන්න අපේ මිනිස්සුන්ට බැරිද අප්පා.මිනිස්සුන්ට ලව් කරන්න තියෙන්නෙ එක දවසයි.හරක් නොමරන්න සහ නොබී ඉන්න තියෙන්නෙ එක දවසයි.ඔහොම බැලුවාම ලෝකෙ හැම ඉලව්වකටම දවසක් දාලා තියෙන්නෙ උන්ට අනිත් දවස්වලට අම්මවවත් මතක් වෙන්නෙ නැති හින්දා වෙන්නැති( ලෝක මව්වරුන්ගේ දිනය....)

    ReplyDelete
  19. @සයුරි :
    අක්කටත් සුබම සුබ ළමා දිනයක් වේවා. මොකෝ ඉතින් අක්කලා අපි කියලා මහ ලොකු එවුන් යෑ. :)

    @කතන්දර Kathandara :
    පොටෑටෝ චිප්ස් ද ?

    @Sanjaya සිතුවිලි :
    අයියට දවසත් අමතක වෙලා. හික්ස් :)

    ReplyDelete
  20. @හරී - පිණිපළස :
    බබාට ගේන චිප්ස් ටිකක් අපටත් එවන්න ටීචර්. අපිත් ඕවා කන්න ආසයි.

    @මකුළුවා..... :
    කියන්න තියෙන දේ කියන්න එපැයි මල්ලි.

    @කපීකේකි :
    ඔයාලෑ බබා තාමත් සෙල්ලම් කණ්ඩායමේද ? නැත්නම් මොන්ටිසෝරි ගියාද

    ReplyDelete
  21. @Gimhani :
    සතුටුයි අක්කේ.

    @හිතුවක්කාරි :
    නෑ නෑ. සුබ ළමා දිනයක් වේවා කියලා කියන්න. මම් තාම පොඩි එකා.

    @අසනි :
    ඒකනේ අසනි. මොකෝ මේ දවස්වල දකින්න නැත්තේ ?

    ReplyDelete
  22. @හංසි :
    නංගි ගේ කතාව ගොඩක්ම හරි නංගි. මේ දවස ටික දෙනෙකුගේ දවසක් මිසක් හැම ළමයාගේම දවස නෙමෙයි.

    @රහස් පරික්ෂකයා :
    මල්ලිටත් එසේම වේවා. !!!

    @ක්සැන්ඩර් | Xander :
    කතාව ඇත්ත අයියේ. ළමයින්ට එයාලගේ ළමා කාලයයි ඕන කරන්නේ. නැතුව ළමා දිනයක් කියලා එකක් නෙමේ.

    ReplyDelete
  23. @``` Outsider``` :
    ඒක තමා අයියා. අයියලාගෙයි අපෙයි දවස.

    @prasanna86k :
    අපට පාර්ටි නෑනේ. :(

    ReplyDelete
  24. සුභ ළමා දිනයක්ම වේවා.. අය්යගේ කථාව සමග 100%ක්ම එකග වෙමි

    ReplyDelete
  25. සිරාවට ඇත්ත කියල තියෙන්නේ.. බලන්න පරක්කු උනා මචන්... අද උදේ ඉදන් හාඩ් ඩිස්ක් එකත එක්ක ඔට්ටු උනා නොවැ.. හෙහ් හෙහ්
    ජය...

    ReplyDelete
  26. මධූගේ කතවට මම එකඟයි.....

    කාකා වගේ චිප්ස් අරන් දීලා ඇඟ බේරගන්න තාත්තලා මොනතරම් ඇතිද ? හික්ස්

    ReplyDelete
  27. වර්ථමාන අද්‍යාපන ක්‍රරම ළමා ලෝකෙ කාල තියෙන්නෙ.. ඔය මගුල තේරුම් නොගත්ත අම්මල තාත්තල තමන්ගෙ කීර්තිය ප්‍රසංසාව ආරක්ශා කරගන්න ආත්මාර්ථකාමී සිතුවිල්ලෙන් උන්ගෙ ළමා ලෝකය කාල දානවා.. දැන් කවුරු රෙදි උස්සගෙන ආවත් කතාව එච්චරයි .. ළමයට හොදක් කරන්න අනාගතේ කාලකන්නියෙක් වෙන එකෙන් වලක්වන්න... ඕව ඔක්කොම වැල් බයිල... ලෝකෙ මිනිසා හිතන්නෙ තම්න් ගැන විතරයි.. මගේ අම්ම තාත්ත උනත්.. මම උනත් එච්චරයි..

    ඒකට හිත හදාගන්න අපි එක එක දින නම්කරල එදාට ඒක සමරණවා.. අඩුම ගානෙ රැල්ලට යන්නෙ නැතුව ළමයින්ට ළමයිනම වෙන්න දෙන්න කියලයි ළමාදිනේදි අම්මල තාත්තලගෙන් ඉල්ලන්න තියෙන්නෙ... ඌ මාහා උගතෙක් කරත් වැඩක් නෑ ඌ ඒ උගත් කමෙන් පරමාණූබෝම්බයක් හදනවනම්.. ඊට වඩා හොදයි ඌ කුලී වැඩක් කරල හරි බඩ වියත රකගනීවි.. එහෙම එකෙක් හදනවට වඩා ඌට උගන්න්නෙ නැතුව ඉන්න..

    ReplyDelete
  28. අපිට ඉතින් තවත් එක දවසක් පමනි . අපේ ගමේ පොඩි උන්ට ගානක්වත් නෑ . මේ පලාතට ඔය ළමා දින් එන්නැද්ද අප්පේ .

    ReplyDelete
  29. අර මුදලාලිල පෝසත් කරන කතාවනම් ඇත්ත මධුරංග... ගොඩක් අය හැමදේකදිම කරන්නෙ මේ වගේ බොරු වැඩ නේද...

    ReplyDelete
  30. @දිනුක ජයකොඩි :
    කතාව හරි. කොයි දේවත් දවසකින් කරන්න බෑ.

    @දේවා ගේ අඩවිය :
    මල්ලිටත් සුබම සුබ ළමා දිනයක් වේවා.

    @Gayan Rupasinghe :
    දැන් ඒ අවුලත් හරි ද. අම්මෝ අර එකපාරක් අකුණක් ගහපු මැශින් එක නේද ඔය.

    ReplyDelete
  31. @දිල් :
    දිල් අක්කට ස්තුතියි. :)

    @පොඩි මෑන් :
    කියන්න තියෙන දේ කෙලින්ම කියලා තියෙනවා. උගතෙක් වෙලා සමාජයට විපතක් කරන දරුවෙක් හදනවට වඩා හොදයි ඒ දෙමවුපියෝ දරුවෝ නොහදා ඉන්න එක.

    @හිස් අහස :
    ඔවුවා ඕන් නෑ මල්ලි. උබලට හොද ළමා කාලයක් තියෙන්නේ. ඒවාට උබේ පෝස්ට් සාක්ෂි.

    ReplyDelete
  32. @ප්‍රසංග :
    ඒක නම් එහෙම තමයි.

    ReplyDelete
  33. අයියගේ කතාවට මමත් එකගයි.. පොඩි එවුන්ට පොඩි කාලේ නිදහස දෙන්න ඔන කැමති දෙයක් කරන්න.. අපිට ඒ කාලේ තිබුනා වගේ.. ඒත් දැන් යන්තම් ඉස්කෝලේ 2-3 පන්තියට එනකොට සිස්සත්තෙට උස්සන් යනවා... වෙලාවකට ඒ පොඩි එවුන් දැක්කම මාරම දුකයි....

    ReplyDelete
  34. ළමා දිනය කියලා වෙන ම දවසක් තියෙන එක මාත් අනුමත කරන්නේ නෑ. එහෙම වෙනම දවසක් තිබ්බත්, ඒකේ නියම සතුට නොවිඳ හැමදාම වගේ එදාටත් දුක් විඳින අසරණ ළමයි අපේ රටේ කොච්චර ඉන්නවද? ඔවුන් වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. හැබැයි ඒක එක දවසක ට විතරක් සීමා නොවිය යුතුයි.....

    ReplyDelete
  35. කතා කරන්න එපා ඔය යස්ස දිනේ ගැන...

    ReplyDelete
  36. @Dinesh :
    අපොයි ඔවු. අපි නම් පහේදි තමා සිස්සත්තෙට පංති ගියේ. දැන් මෙහෙ පැත්තේ ළමයි තුන වසරේ ඉදන්ම සිස්සත්ත පංති යනවා.

    @මහි :
    නංගි ගේ කතාව මම් අනුමත කරනවා. දුක් විඳින ළමයි කොතෙකුත් ඉදිද්දි අනිත් ළමයි මෙහෙම ළමා දින දාගෙන සතුටු වෙන එක වැරදියි.

    @සීතල අයියා :
    අර මොකෝ ඒ ??? :)

    ReplyDelete
  37. ඔය දින සැමරිල්ල නිකන් මෝස්‌තර තමයි. හැබැයි බලන්න කකාගේ පුතාට චිප් හම්බ වුනේ ඔය දිනේ හින්දනේ . සමහර විට අසරණ ළමයින්ට තෑග්ගක් හෙම ලැබෙයි, SOMETHING IS BETTER THAN NOTHING කියල කියන්නේ එකනේ .

    ReplyDelete
  38. අනේ මං දන්නෑ, ඇතුවත් බැරි නැතුවත් බැරි දිනයක් වෙලා, ළමා දිනය.

    ReplyDelete
  39. ලමයින්ගේ නිදහස කියන එක නැති වෙලා ගොඩක් කල් මල්ලි, ඒක දැන් හදන්න ලේසි නැහැ ........

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.